මේ ගැන ගිය වෙන නූලක දාපු පෝස්ට් එකක්..
මේකෙ දාල තියෙන චන්ඩි කතා මේ වගේ අවස්ථාවකදි කොච්චර ප්රායෝගිකයිද කියලනං මම දන්නෑ.
හැබැයි, මේ මිනිස්සුන්ට වදින පාරවල් වල හැටියට දුවාගන්නවත් පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්.
මේ ජාතියෙ පොල් අඩි පාරවල් දෙක තුනක් ඔලුවට වැදුනොත් මමනං එතනම වැටෙයි.
ඉස්කෝලෙ කාලෙ කොච්චර ගුටි ඇනගෙන තිබුණත් මේ වගේ බර පාරවල්නං වැදිලම නෑ..
මුං කිසි බයක් හැකක් නැතුව මරන්නම බලාගෙන ගහන්නෙ.
අපිනං මිනිහෙක්ට කණේපාරක් ගැහුවත්, පසු විපාක ගැන හිතල කණ බේරල කම්බුල ඒම් කරල ගහන්නෙ...
මුං ගහන විදිහෙන් පේනව හිරගෙවල් වල යන එක මුන්ට කිසි ගානක් නෑ කියල. අනික පොලීසිත් මුන්ට සපෝට්.
මේ සිද්ධිය දැක්කම මට හිතුන දේ, පාරක වාහනයක් අරන් ගියත්, යන්න එන එකා පිස්සෙක් වගේ එනවනං පාර ඉඩ දීල, අහක යන උන් එක්ක පැටලෙන්න බැනගන්න යන්නෙ නැතුව, අනෙක් උන් කුණුහරුපෙන් බැන්නත් වචනයක් කතා නොකර එන එක ඇඟට ගුණයි කියල..