උඹල ඉක්මන් එකෙත් ඇඩ් දානවද බං?
මමත් දානව. දාන්නෙ පාන්දරම. උදේ 8-9 වෙනකොට ඉක්මන් එකේ උන් කෝල් කරනව.
සර් ඇඩ් එකක් දාල තියෙනව. ඒක පබ්ලිශ් වෙන්න නම් මෙච්චරක් ගෙවන්න ඕන කියල.
මම ඉතින් ගොඩක් වෙලාවට දාන්නෙ වාහන විකුණන ඇඩ් නෙ.
මම කියනව ආ ඒකට ගෙවන්නත් ඕනද? මම ඉක්මන් එකේ විතරයි ඇඩ් එක දැම්මෙත්. දැන් මේ ඒක දැකල කට්ටියක් ඇවිල්ල වාහනේ බලනවත් එක්ක කියල.
ඉතින් අර ඉක්මන් එකේ එකා කියනව සල්ලි ගෙවනකම් ඇඩ් එක නම් පබ්ලිශ් වෙන්නෙ නෑ කියල. මම කියනව ඒක නම් දන්නෙ නෑ. ඉක්මන් එකෙන් දැකල තමා මෙයාල ආවෙ කිව්ව කියල.
ඉක්මන් එකේ එකා ඉතින් ආ හරි සර් හරි කියල කලබලෙන් ෆෝන් එක තියෙනව.
උන් ඊට පස්සේ උන්ගේ අයි ටී එකේ උන් එක්ක මරා ගන්නව ඇති ගෙවන්නෙ නැතුවත් අන්න ඇඩ් පබ්ලිශ් වෙලා කියල.
ආතල්
