අද තෝව පෙති ගහනවා
ජිනේ කියන්නේ පැය 24ම වෙරි පිට ඉන්න පොරක් කියලා. මෑන්ගේ ගේ තිබ්බෙත් කඩවල් තිබ්බෙත් ටවුන් එකේමයි. බස් ස්ටැන්ඩ් එක කිට්ටුව තමයි ගෙදර තිබ්බේ. දවසක් ජිනේ ලොක්කා හවස් වරුවක තවත් පොරක් එක්ක සෙට් වෙලා බාර් එකෙන් දෙක තුනක් ඇනගෙන ඉතුරු ටිකට ජිනේ මුදලාලිගේ ගෙදරම සෙට් වෙලා. කොහොමහරි ඩබලටම හොඳ ගාණට වැදීගෙන එද්දි මොකක් හරි එකකින් බිරින්දෑවරු ගැන කතාවක් ඇදිලා.
ඔය කතාව ටිකක් දුර දිග යද්දි අර ජිනේ මුදලාලිත් එක්ක බිබී හිටිය එකා අතින් මුදලාලිගේ ගෑනි ගැනත් මොකක් හරි කියවෙලා. කීවේ මොකක්ද කියලා නම් හරියට ආරංචි උනේ නෑ. මොකක් හරි අවුල් සීන් එකක් කියවෙලා.
ඒ කතාව කීවට පස්සේ ජිනේ මුදලාලිත් අවුල් මූණක් දාගෙන ගෙට ගියාලු. ගිහින් මේ යකා මාළු කපන තඩි පිහියක් අරගෙන ආවලු. ඇවිල්ලා
” මොකක්ද යකෝ තෝ කීවෙ මගේ ගෑනි ගැන. අද තෝව පෙති ගහනවා ”
කියලා අරූ පස්සේ පන්නන්න ගත්තලු. මම කලිනුත් කීවනේ ජිනේ කියන්නේ බීල මොලේ කර්පට් උන පොරක් කියලා. කාටවත් සතපහකට විශ්වාස නෑ මෑන්ව. කොච්චර එකට කෑවත් බීවත් ජිනේ ලොක්කා කරන වැඩ ගැන ෂුවර් නෑ. ඒනිසා අරූත් පණ එපා කියලා දුවන්න ගත්තලු. කොහොමහරි අපේ යාළුවා එවෙලේ ඉදලා තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එකේ. ඌ කියනවා බලන්න වටින සීන් එකලු. අරූ සරමත් උස්සගෙන බස් ස්ටෑන්ඩ් එක වටේ දුවනවලු ” අනේ බුදු මහත්තයෝ මාව මරන්න එපා ” කිය කිය. ජිනේ ලොක්කත් අරූ පස්සේ පන්නනවලු එකසිය ගාණට. කොහොමහරි ඩබලම වට 3ක් 4ක් දුවලා බස් ස්ටෑන්ඩ් එක වටේට. දුවාගන්න බැරි ගාණට හති වැටුනට පස්සේ ජිනේ ලොක්කා නැවතුනාලු. නැවතිලා
” ඇති බං දීවා. ඔහොම නැවතියං මට තව දුවන්න බෑ, උඹ බය උනාද?” කියලා ඇහුවලු.
අරූ ඉදන් ” මුදලාලි කුණුහරුප කතා කරනවා. සරමේ චූ නොගිය එක විතරයි. මොනවද මුදලාලි මේ මිනිස්සු හිනස්සන වැඩ කරන්නේ.ප්රශ්නේ අපි දෙන්නට කතා කරලා විසදගන්න තිබ්බනේ ” කීවලු.
ජිනේ ලොක්කා කියනවලු ” එකනේ බං කොහොමද මගේ ඇක්ටිං පාර උඹ හිතුවේ ඇත්තටම මම උඹව මරන්න හදනවා කියල නේද? කොහෙද චාන්ස් එකක් ලැබුනේ නෑනේ. එහෙම උනානම් මම අද හොඳ නළුවෙක්. වරෙන් වරෙන් තව අඩියක් ගහන්න දුවලා වෙරිත් හිඳුනා” කියලා.
බස් ස්ටෑන්ඩ් එකේ හිටපු උන් බඩ අල්ලන් හිනාවෙනවලු සීන් එකට. බැලින්නම් ජිනේ ලොක්කා කරලා තියෙනනේ පොඩි ජෝක් එකක්.
අරූ ඈත ඉදන්ම වැඳලා ” අනේ බුදු මුදලාලි මහත්තයෝ මහත්තයම ගහන අඩියක් ගහ ගන්න ” කියලා යන්න ගියාලු.
source
REP & Comment දල යන්න අමතක කරන්න එපා