මොකක් හරි දෙයක් වෙන බව ඇත්ත. කිසිම දෙයක් සිද්ද වෙන්නේ නැතුවට වඩා ඒක හොඳයි නේ! නමුත් වැඩක් පිළිවෙලට කරනවා නං මිනිහට ගම වටේ ඇවිදින්න ඕන නෑ. මිනිහට කරන්න ඕන තරන් වැඩ තියනවා office එකට වෙලා. අරමුණ වෙන්න ඕන මැටි කර්මාන්තය දියුණු කිරීම. නැතුව සිල්වාට මැටි හාරන්න මේ ඉඩම දෙන්න. සරත්ට ගල් කඩන්න අර ගල සතියෙන් දෙන්න කියන එක නෙවේ නේ.. එහෙම කොහොමද කර්මාන්තයක් දියුණු වෙන්නේ? සිල්වායි සරතුයි දියුණු වෙයි. එකෙන් කර්මාන්තයක් ගොඩනැගෙන්නේ නෑ නේ? කර්මාන්තයක් දියුණු කරන නං, එකට කරන්න ඕන ඔක්කොම කරන්න තියෙන්නේ තමන්ගේ office එක අතුලේදිමයි. වැඩ හරියට යනවද බලන්න නිකන් ඇවිදලා බලන එක මිනිස්සු එක්ක කතා බහ කරන එක වෙනම කතාවක්.