අද ලිලිපුට්ටන් වූ යෝධ කොදෙව්වන්

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අද ලිලිපුට්ටන් වූ යෝධ කොදෙව්වන්

    80 දශකයේ මැද භාගයේ එක්තරා දිනයක එම පන්දු වාර 50 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වුණේ ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයන් ලෙස සැලැකුණු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතරය.

    තරගය පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
    තරගයේ උච්චතම අවස්ථාවට ඒ වන විට තරගය පැමිණ තිබුණු නිසා මුළු ක්‍රීඩාංගණය පුරාම ඔල්වරසන් ලබා දෙමින් ක්‍රීඩා ලෝලීන් පී්‍රති ඝෝෂා පළ කළේ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය පළ කරමිනි.

    පාකිස්තානයට ජය ගැනීම සඳහ අවශ්‍ය වී තිබුණේ තවත් ලකුණු 5කි. එය ලබා ගැනීමට ඔවුන්ට ඉතිරිව තිබුණේ එක් කඩුල්ලක් පමණි. ඔවුන්ගේ කඩුලු 9ක්ම ඒ වන විට දවා ක්‍රීඩාගාරයට යැවීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ සහ පන්දු රකින්නෝ සමත්ව සිටියහ.
    තරගය අවසන් කිරීමට තවත් එක් පන්දු වාරයක් ඉතිරිව තිබියදී 49 වැනි පන්දු වාරය යවමින් සිටියේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමේ අති දක්‍ෂ පන්දු යවන්නකු වූ කර්ට්නි වෝල්ෂ්ය.
    පන්දුව එවීම සඳහා දිවගෙන විත් පන්දුව යැවීමට පෙර පන්දු යවන්නාගේ අන්තයේ සිටි පිතිකරු තම සීමා ඉර පසුකර අඩි කිහිපයක්ම ඉදිරියට ගොස් තිබුණේ ඉක්මන් ලකුණක් කරා වේගයෙන් දිව යෑමටය.

    මෙය දුටු කර්ට්නි වෝල්ෂ් පන්දුව නොයවා කඩුල්ල අසලට ගියේය. පිතිකරු සීමාවෙන් අඩි කිහිපයක්ම ඒ වෙනකොටත් ගොස් සිටි අබ්දුල් කදීර් සිතුවේ කඩුල්ල බිඳ දමා තරගයේ ජයග්‍රහණය කොදෙව් කණ්ඩායමට ලබා ගැනීමට කර්ට්නි වෝල්ෂ් කටයුතු කරනු ඇත කියාය.
    කඩුල්ල අසලට පන්දුව රැගෙන ගිය කර්ට්නි වෝල්ෂ් කඩුල්ල බිඳ හෙළනවා වෙනුවට කළේ පිතිකරු සීමා ඉරෙන් ඒ වන විටත් පිට සිටි අබ්දුල් කදීර්ට කතා කිරීමය.
    "මං සෙල්ලම් කරන්නේ ක්‍රිකට්. අපිට ඕන නම් දැන් තරගය දිනන්න පුළුවන්. එහෙම දිනලා වැඩක් නැහැ. ඒක නිසා කරුණාකරලා ආපහු ඔය වැඩේ කරන්න එපා. එහෙම කළොත් මං කඩුල්ල කඩලා ඔයාව අවුට් කරනවා" කර්ට්නි වෝල්ෂ් ප්‍රකාශ කළේය. එවැනි ප්‍රතිචාරයක් වෝල්ෂ්ගෙන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අබ්දුල් කදීර් තම සීමාව වෙත පිය නැඟුවේ වෝල්ෂ් වෙත කෘතඥ පූර්ව සිනහවක් පළ කරමිනි.

    ඊළඟ පන්දුවට එක් ලකුණක් සඳහා පිතිකරුවන් පැති මාරු කර ගැනීමෙන් අනතුරුව පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වූයේ අබ්දුල් කදීර්ටය. අබ්දුල් කදීර් දක්‍ෂ දඟ පන්දු යවන්නකු වුවද කර්ට්නි වෝල්ෂ්ගේ මීළඟ පන්දුවට අබ්දුල් කදීර් එල්ල කළේ අති දැවැන්ත හයේ පහරකි. කර්ට්නි වෝල්ෂ්ගේ පන්දුවට අබ්දුල් කදීර්ගෙන් එල්ල වූ එම දැවැන්ත ප්‍රහාරයත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් එම තරගයේ ජයග්‍රහණය හිමිවූයේ පාකිස්තානු කණ්ඩායමටය.
    අබ්දුල් කදීර් සීමාව පැනපු අවස්ථාවේදී දවාගත්තා නම් තරගයේ ජය හිමිවන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ටය. නමුත් වෝල්ෂ්ගේ මහත්මා ගතිය නිසා කොදෙව්වන්ට අත්වූයේ පරාජයයි.

    එම තරගයෙන් පාකිස්තානය ජය ගත්තද මුළු ක්‍රිකට් ලෝකයම කතා කරන්නට වූයේ කර්ට්නි වෝල්ෂ්ගේ මහත්මා ගතියයි. වෝල්ෂ්ගේ එම ක්‍රියාව පසසමින් මුළු ලෝකයෙන්ම ඔහු වෙත සුබ පැතුම් ගලාගෙන ආවේය. මෙය බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමේ නිහතමානීත්වය කැපී පෙනුණු එක් අවස්ථාවක් පමණි. ඔවුන්ගේ මහත්මා ගුණය පෙන්නුම් කෙරෙන තවත් නිදසුන් බොහෝමයක් ක්‍රිකට් ලෝකය තුළ ඇත. අදටත් ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම් අතරෙන් මහත්මා ගුණය පිරි නිහතමානීම ක්‍රිකට් කණ්ඩායම වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම හඳුන්වන්නේ ඒ නිසාය.

    මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව ඇත. සෝබර්ස් - තිසේරා ටෙස්ට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයකි. එම තරගාවලිය වෙනුවෙන් ශී්‍රමත් ගාෆීල්ඩ් සෝබර්ස් මෙවර ශ්‍රී ලංකාවට පැමිණීමද විශේෂත්වයකි. සෝබර්ස් වෙනුවෙන් විශේෂ උපහාරයක් ප්‍රදානය කිරීමට හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ක්‍රියාකිරීම අගය කළ යුතු ක්‍රියාවකි. සෝබර්ස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් මෙවැනි උපහාරයක් ප්‍රදානය කිරීමට තිබුණේ මීට පෙරය. නමුත් ගාමිණී දිසානායක මහතා වැනි ක්‍රිකට්වලට දැඩි ලෙස ආදරය කළ කෙනකු ක්‍රීඩා විෂය හෝ ක්‍රිකට් විෂය වෙනුවෙන් පෙනී සිටියා නම් සෝබර්ස්ට උපහාර පුද කරන්නේ 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමටත් පෙරය. නමුත් පමාවී හෝ අර්ජුන රණතුංගට සර් ගාෆීල්ඩ් සෝබර්ස් මතක් වීම ඉතා වටිනේය.

    1983 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ගාෆීල්ඩ් සෝබර්ස් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සඳහා පුහුණු සැසියක් පැවැත්වීමටය. මේ සඳහා ගාෆීල්ඩ් සෝබර්ස්ට ආරාධනා කරනු ලබන්නේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් ක්‍රියා කළ ගාමිණී දිසානායක අමාත්‍යවරයාය. ගාමිණී දිසානායක අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේ කළ සංචාරයකදී ගාෆීල්ඩ් සෝබර්ස් හමු වූ අවස්ථාවේදී දීර්ඝ වශයෙන් කතා කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම පිළිබඳවය.

    කෙතරම් කාර්යබහුල වුවත් ගාමිණී දිසානායක අමාත්‍යවරයාගේ ආරාධනාව පිළිගනිමින් සෝබර්ස් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට තිබූ ආදරය නිසාය. එම පුහුණු සැසියේදී අර්ජුන රණතුංග ඇතුළු ක්‍රීඩකයන් රැසකට සුවිශේෂී ප්‍රයෝජනයක් අත් වූ බව නොකියාම බැරිය. විශේෂයෙන්ම පිත්ත හැසිරවීමේදී අර්ජුනගේ අත් දෙක මඟින් පිත්ත අල්ලන විදිය සහ එය හසුරුවන ආකාරයත් පිළිබඳව සෝබර්ස් ලබාදුන් උපදෙස් අර්ජුනගෙ පිතිකරණය සාර්ථක කර ගැනීමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය. සෝබර්ස් නොසිටින්නට තමන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දිගටම රැඳී නොසිටින්නට බොහෝදුරට ඉඩ තිබුණු බව අර්ජුන රණතුංග ප්‍රකාශ කරන්නේ ඒ නිසාය.

    ගාෆීල්ඩ් සෝබර්ස්ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම 1967 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පළමු පෙළේ ජාත්‍යන්තර තරගයකට සහභාගි වීමටය. එය ටෙස්ට් තරගයක් වුවද එවිට ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමි වී නොතිබුණු නිසා එය හැඳින්වූයේ පළමු පෙළේ ජාත්‍යන්තර තරගයක් ලෙසය.
    බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම 1966 දෙසැම්බර් මාසයේ ඉන්දියාවට පැමිණෙන්නේ තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමටය. 3 - 0 කින් එම තරගාවලිය ජයග්‍රහණය කළ ප්‍රබල කොදෙව් කණ්ඩායම 1967 ජනවාරි මාසයේදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේය.
    එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැඳින්වූයේ ඛ්ඥරතධද දචබඪධදචත ජපඪජඬඥබ බඥචථ වශයෙනි. එහි නායකත්වය දැරුවේ මයිකල් තිසේරාය. බොරැල්ල වනාතමුල්ල ඕවල් ක්‍රීඩාංගණයේදී (පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය) පැවැති එම පළමු පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් වීම විශේෂත්වයකි. "සෝබර්ස් - තිසේරා" වශයෙන් මෙවර ටෙස්ට් තරගාවලිය නම් කිරීමද එම නායකයන් දෙදෙනාට කරන ලද උපහාරයකි.

    1975දී පැවැති පළමු වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ සිට ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර එක්දින ජාත්‍යන්තර තරග පැවැති අතර එම රටවල් දෙක අතර ටෙස්ට් තරග ආරම්භ වන්නේ 1993 වසරේ සිටය. ඒ කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයත් සමඟය. දෙරට අතර ඊ - 20 තරග ආරම්භ වන්නේ 2009 වසරේ සිටය. 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ඊ - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනාගන්නේ කොදෙව්වන්ය. අනුශූරයන් වන්නේ ශ්‍රී ලංකාවයි. තරගය ජය ගැනීමෙන් අනතුරුව ක්‍රිස් ගේල් ඇතුළු කොදෙව්වන් ක්‍රීඩාපිටියේ රඟ දැක්වූ ගැන්ගම් නර්තනය ක්‍රීඩා ලෝලීන්ගේ මතකයෙන් පහසුවෙන් මැකී නොයනු ඇත. එදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් තමන්ගේ දුක යම් තරමකින් හෝ ඉවසා ගත්තේ් ක්‍රිකට් ලොවේ මහත්වරුන් වූ කොදෙව්වන් ශූරතාව දිනාගත් නිසාය.
    1975 වසරේ ප්‍රථම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්, 1979 වසරේ දෙවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ කොදෙව්වන් 1983 වසරේ තෙවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අනු ශූරයන් බවට පත්වන්නේය.

    60, 70, 80 දශකවල ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයන් වූ කොදෙව්වන් ක්‍රම ක්‍රමයෙන් ඇදවැටෙන්නට පටන් ගන්නේ 90 දශකය ආරම්භ වීමත් සමඟය.
    ක්ලයිව් ලොයිඩ්, විවියන් රිචර්ඩ්ස්, ඩෙස්මන් හෙන්ස්, ගෝඩර් ගි්‍රනිච්, රිචී රිචඩ්සන්, ජොයෙල් ගානර්, ඇන්ඩ් රොබට්ස්, මැල්කම් මාර්ෂල්, මයිකල් හෝල්ඩිං වැනි පතාක යෝධයන්ගේ සමුගැනීමත් සමඟ කොදෙව් ක්‍රිකට් බලඇණිය ඇද වැටෙන්නට වූ අතර පසු කාලයේදී බ්‍රයන් ලාරා, ෂිවනාරීන් චන්ද්‍රපෝල්, කර්ට්ලි ඇම්බේ‍රා්ස් වැනි ක්‍රීඩකයන්ට සිදුවූයේ බොහෝදුරට හුදෙකලා සටන්වල නියැළීමටය. කොදෙව් දූපත්වල පාසල් කාලයේ පටන් බොහෝ දෙනකු ධාවන තරගවලට සහ බාස්කට් බෝල් තරගවලට වැඩි වශයෙන් යොමු වීම කොදෙව් ක්‍රිකට් බලකඳවුර බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූ බව දන්නේ ටික දෙනෙකි. ක්‍රිකට් දක්‍ෂතා අතින් කොදෙව් යෝධයන් ලිලිපුට්ටන් වුවත් තවමත් මහත්මා ගුණය හා නිහතමානීත්වය අතරින් කොදෙව්වන් තවමත් ක්‍රිකට් ලෝකයේ යෝධයන්ය. ඊට හේතුව ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාව වශයෙන් හඳුන්වනු ලබන නිසාය.


    සියලු හිමිකම් මුල් රචකයා සතුවේ

    Big Bird: West Indies legend Joel Garner was one of the most feared bowlers in the world in 1979
    Joel%20Garner%20of%20the%20West%20Indies%20bowling%20during%20the%20World%20Cup%20Final%20at%20Lords%20in%20London%20in%20Jun%201979


    Fearsome four: West Indian fast bowlers Andy Roberts, Michael Holding, Colin Croft and Joel Garner in 1981

    West%20Indian%20fast%20bowlers%20Andy%20Roberts,%20Michael%20Holding,%20Colin%20Croft%20and%20Joel%20Garner%20in%20February%201981


    High five: Courtney Walsh took an astonishing five wickets for just one run against Sri Lanka in December 1986
    West%20Indies%20bowler%20Courtney%20Walsh%20after%20his%20devastating%20spell%20of%20fast%20bowling%20against%20Sri%20Lanka,%20during%20which%20he%20took%205%20wickets%20for%201%20run,%20in%20Sharjah,%203rd%20December%201986


    Ambrose attacks: Curtly Ambrose celebrates dismissing Mike Atherton in March 1998
    West%20Indies%20fast%20bowler%20Curtly%20Ambrose%20celebrates%20after%20dismissing%20the%20England%20captain,%20Michael%20Atherton,%20LBW%20for%2013%20runs%20in%20the%20second%20innings%20of%20the%206th%20Test%20match%20at%20the%20Recreation%20Ground%20in%20St%20John's,%20Antigua,%2024th%20March%201998


    IndiaTv0f047f_West_Indies_cel6598.jpg
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    fire in babylon කියලා චිත්‍රපටියක් තියෙනවා, බලපන්... ලිලිපුට්ටන් වගේ හිටපු කොදෙව්වන් ගලිවර්ලා උනේ කොහොමද කියලා ලස්සනට බලාගන්න පුළුවන්
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    pissuda yakooo adatath T20 weerayo WI tama..asian wela turn wena pitch haduwe asian ewunta waasi wenna....oya case eka nisa tama cricket walapallata watune...:eek::eek: turn & flat pitches...:(:(
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    fire in babylon කියලා චිත්‍රපටියක් තියෙනවා, බලපන්... ලිලිපුට්ටන් වගේ හිටපු කොදෙව්වන් ගලිවර්ලා උනේ කොහොමද කියලා ලස්සනට බලාගන්න පුළුවන්

    tnx wewa
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    කාලෙකින් කියෙව්ව හොඳ පොස්ට් එකක් මචන්
    මෙතන තියෙන්න ඇත්තෙ මොකක්ද "එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැඳින්වූයේ ඛ්ඥරතධද දචබඪධදචත ජපඪජඬඥබ බඥචථ වශයෙනි"
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කාලෙකින් කියෙව්ව හොඳ පොස්ට් එකක් මචන්
    මෙතන තියෙන්න ඇත්තෙ මොකක්ද "එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැඳින්වූයේ ඛ්ඥරතධද දචබඪධදචත ජපඪජඬඥබ බඥචථ වශයෙනි"

    thanks machan

    ethana thibune mathaka widiyata "ceylon cricket team"
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ලිපියක්

    එත් දැන් කොදෙව් ටීම් එකේ ඉන්න ගොඩක් එවුන් සල්ලි පස්සෙ දුවන එවුන්
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මම ඩොකියුමන්ටරි එකක් බැලුව. එන්ගලන්තෙ බොලර්ස්ලයි වෙස්ට් ඉන්දියන් බොලර්ස්ලයි අනිත් පිලේ උන්ගෙ ඔලු කුඩු වෙන්න තරගෙට බෝල දානව. මහත්මා ගති කැලේ.
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: