සමාජවාදය රුසියාවෙත් නැහැ බන්.. දැන් උඹල මේ උත්සහ කරන්නේ විශ්වවිද්‍යාලය ඇතුලෙ සමාජවාදය ස්ථාපිත කරන්නද??? ඒක විහිලුවන්ක් කියන දේ ඔයාලට හෝදපු මොළ වලට තේරෙන්නේ නැහැ..
ඔයා ඇතුළු සියලුම දරුවන් එයාලගේ දෙමාපියන් කැම්පස් එකට එවල තියෙන්නේ ඉගෙනගෙන රටට වැඩදායී පුද්ලයින් සහ සාර්ථක පුද්ගලයින් කරන්න.. ඔයාල රටට වැඩක් කරා වෙන්නේ උද්ගෝෂණ කරලා කියලනම් එක ලොකු වැරදීමක් සහෝදරයා.. පුද්ගලයින් තනි පුද්ගලයෙක් විදිහට සාර්ථක වෙලා තමයි රටට හෝ ජන සමාජයට වැඩක් කරන්න උත්සහ කරන්න ඕන.. උදාහරණයක් විදිහට කියනවනම් සිද්ධාර්ථ කුමාරයා සකල ලෝක සත්වයාම පෙළපාලි හදාගෙන බුදු වෙන්න ගියේ නැහැ.. තනියම ගිහින් බුදු වෙලා තමයි ලෝක සත්වයා දුකෙන් මුදවන්න ඉදිරිපත් උනේ..
මම කියන්නේ නැහැ ඔයාල රටේ ප්‍රශ්න ගැන නොදැන අන්දයෝ විදිහට ජීවත් විය යුතුයි කියලා.. ඔයාල දෙමාපියන්ගෙන් සහ රජයේ දීමනා වලින් යැපෙන ගමන් රටේ ප්‍රශ්න ගැන ෆෝකස් කිරීමෙන් රටට යමක් ලැබෙනවා කියල ඔයාල හිතනවානම් එක විහිළුවක්.. මොකද ඔයාලගේ විශ්වවිද්‍යාලය කියන ආයතනය ඇතුලෙම ඔයාලට විසඳගන්න ප්‍රශ්න ගොන්නක් තියෙද්දී ඔයාල රට හදන්න යන එක විහිළුවක් නෙවෙයිද???
පුද්ගලික විශ්විද්‍යාල වල ළමයින් තමුන් දෙමාපියන්ගෙන් භාරත්තු වගකීම අකුරට ඉටු කරන්න උත්සහ කරන කාණ්ඩයක්.. එයාල එයාලට උගන්වන්න වියදම් කරන දෙමාපියන්ගේ කාලය, ශ්‍රමය, ධනය නාස්ති කරන්නේ නැතුව අඩුම කාලයකින් තමුන් කැම්පස් එකට ඇතුල් උන මුක්ය පරමාර්ථය ඉෂ්ටකරගෙන සාර්ථක පුද්ගලයින් විදිහට රටට සහ තමුන්ට වැඩක් කරගන්න පුළුවන් විදිහට එලියට එන්නයි උත්සාහය.. මම ඉස්සෙල්ල උඩදී කිව්වා වගේ individually මිනිස්සු සාර්ථක වෙද්දී රටක අමුතුවෙන් හදන්න කියල දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.. එත් ඔයාල කරන්නේ ඔයාලගේම දෙමාපියන්ගේ සහ රජයේ මුදල් වලින් යැපෙන ගමන් තමුන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් අද්යාපනික මට්ටමෙන් ඉහලට යන්න තියන කාලය පිටකොටුවේ ඉස්ටේසම ඉස්සරහ අව්වේ වේලිලා නාස්ති කරලා දාන එකයි..
ඔයාල පුද්ගලික විශ්වවිද්‍යාල වල උපාදි ප්‍රමිතියකින් තොරයි කිව්වට රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් එලියට එන ළමයි සාපේක්ෂව ගත්තොත් පුද්ගලික විශ්වවිද්‍යාලයේ උපාදිය තියන එකා ඔයාලට වඩා වැඩි වැටුපකට රැකියාවක් කරලා යාලට කලින් සාර්ථක පුද්ගලයින් වෙනවා.. හොඳින් හිඉතල බලන්න අන්තිමේ ඔයාලගේ උපාදිය අරන් එලියට එන කී දෙනෙක් රැකියා ඉල්ලලා කිටුවේ ඉස්ටෙෂන් එක ඉස්සරහ පිකට් කරනවද කියල.. එත් පුද්ගලීක විශ්වවිද්‍යාලයකින් එලියට එන කෙනා කොතන හරි පොඩි ජොබ් එකක එල්ලිලා අවුරුදු 5න් විදායක ශ්‍රේණියට නගිනවා.. ඔයාලගේ උපාදි අරන් එලියට එන කෙනා මැරෙනකම් ආණ්ඩුවේ කන්තෝරුවක ලිපිකරු... දැන් කොතනින්ද ඔයාලගේ පෞරුෂත්ව වර්ධනය ළමයින්ගේ ජීවිත ඇතුලට ප්‍රායෝගිකව බලපාල තියෙන්නේ..???
ඔයාල හිතනවානම් මේ කියන්නේ කුහකමින් කියල එතන තමයි ඔයාලට වරදින තැන පුතා.. මේ ලියන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දියවෙලා යන තරුණ ජීවිත ගැන අනුකම්පාවෙන්.. ඔයාල රටට වැඩක් කරා කියන්නේ ඔයාල ඉගනගෙන රටේ දල දේශීය නිෂ්පාදිතයට යමක් එකතු කරපු දවසටයි.. දෙමාපියන්ගෙන් යැපෙන ගමන් උද්ගෝෂණ කරලා, කැරලි ගහල , පිකට් කරලා රටවල් හදන්න බැහැ .. ඉස්සෙල්ල තමුන් ස්වාදීනව නැගී හිටින්න...