කවුද? ළිං මැඩියෝ
පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ යෝජනාව ඉතා නූතන යෝජනාවක් ලෙස සාකච්ව්හා වෙමින් ඇත.ඔවුන්ට අනුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිවන්නේ හැටේ දශකයේ මිනිසුන්ය.මේ වගේ යල් පැනපු අදහස් තියන මිනිස්සු ඉන්නකන් කොහොමද රටක් සංවර්ධනය කරන්නෙ?.මේ විදිහට හිතුවොත් ලංකාවට කවදාවත් දියුණු රටක් වෙන්න බෑ.ලෝකෙ ගැන අප්ඩේට් නැති මිනිස්සු තමයි අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධ.ලංකාවෙ වගේ නෙමෙයි දියුණු රටවල හැමතැනම පෞද්ගලික විශ්වවිද්‍යාල.මේ විදිහෙ කතා ගොඩක් අපිට අහන්න,දකින්න හම්බවෙනව.මේ අදහස්වල පොදු අරමුණ තමයි, අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධවන සංවිධාන හෝ පුද්ගලයන් "ළිං මැඩි" හෙවත් යල් පිනූ අදහස් ඇති අය ලෙස ලෙස තහවුරු කිරීම.
නමුත් අපටනම් ළිංමැඩියො කියන්න වෙන්නෙ අධ්‍යාපනය විකිණීමට විරුද්ධ අයට නෙවෙයි, පක්ෂ අයට.මොකද අධ්‍යාපනය පෞද්ගලීකරණය කරපු බොහෝ රටවල දැන් නිදහස් අධ්‍යාපනය පිහිට විය යුතුයි කියල සාකච්චා වෙනව.ජර්මනිය සියළුම විශ්වවිද්‍යාල නිදහස් අධ්‍යාපනය ලබා දීමට මීට වසර කිහිපයකට කලින් තීරණය කළා.මාස තුනකට විතර කලින් මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙ උපකුලපති නැවත ඕස්ට්‍රේලියවෙ නිදහස් අධ්‍යාපනය ස්තාපිත කළ යුතු බව කියල ළමයි එක්ක අරගලයට එකතු උනා.නවශ්‍රීලන්ත අගමැතිනිය මැතිවරණයෙදි පොරොන්දු උනා නිදහස් අධ්‍යාපනය නවශ්‍රීලන්තය තුල ස්ථාපිත කරන බවට.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යුරෝපය පුරා දැනුත් අරගල ක්‍රියාත්මක වෙනව.ඒ නිසා අධ්‍යාපනයෙ වගකීමෙන් බොහෝම කලින් රජය නිදහස් උන රටවල අද සාකච්චාව ඒක.මේ උදාහරණ කීපයක් විතරයි.ඒ නිසා ළිංමැඩියො වෙන්නෙ මේ දේවල් දන් නැති අය.ඒ නිසා අපි කියන්නෙ ඔයාල Update වෙන්න කියල.
අනිත් කරුණ තමයි ගුණාත්මක අධ්‍යාපනයක් ඇති බව පිළිගැනෙන නමුත් ගෙවල ඉගනගන්න වෙන රටවලත් තියන විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල නෙවෙයි.ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම තියන විශ්වවිද්‍යාල සියල්ල රජයේ විශ්වවිද්‍යාල.ඒව ලයිසියම්,ගේට්වේ,සයිටම් වගේ ලාභ හොයන ආයතන නෙවෙයි.ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල කිසිවක් ලාභ ලබන පෞද්ගලික විශ්වවිද්‍යාල නෙවෙයි.ඒව පුණ්‍යායතන(Charity )විදියට තමයි පවත්වගෙන යන්නෙ.ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ් හාවඩ්,මොනෑෂ් වගේ විශ්වවිද්‍යාල කිසිවක් ඔය ලංකාවෙ පටන් ගන්න හදනව වගේ ව්‍යාපාර(Business) නෙවෙයි.ඒව රාජ්‍ය විශ්වවිද්‍යාල.
පහතින් තියෙන්නෙ හොඳ උදාහරණයක්.ලොව හොඳම සෞඛ්‍ය සේවා ශ්‍රේණිගත කිරීම් ඇති රටවල හෙද විශ්ව විද්‍යාල වල අයිතිය.රැල්ලට ප්‍රයිවට් කැම්පස් ඕන කියන කවුරුත් මේ විස්තර දන් නැහැ.
1. ඩෙන්මාර්කය - රාජ්‍ය 5, පුද්ගලික 0
2. නෝර්වේ - රාජ්‍ය 4, පුද්ගලික 0
3. ස්විට්සර්ලන්තය - රාජ්‍ය 7, පුද්ගලික 0
4. ෆින්ලන්තය - රාජ්‍ය 5, පුද්ගලික 0
5. නෙදර්ලන්තය - රාජ්‍ය 9, පුද්ගලික 0
6. ජර්මනිය - රාජ්‍ය 20, පුද්ගලික 0
7. කැනඩාව - රාජ්‍ය 17, පුද්ගලික 0
8. ස්වීඩනය - රාජ්‍ය 7, පුද්ගලික 0
9. ප්‍රංශය - රාජ්‍ය 19, පුද්ගලික 01 (ලාභ නොලබන - කතෝලික පල්ලිය යටතේ)
10. සිංගප්පූරුව - රාජ්‍ය 3, පුද්ගලික 0
11. නවසීලන්තය - රාජ්‍ය 4, පුද්ගලික 0
12. එංගලන්තය - රාජ්‍ය 16, පුද්ගලික 01
මෙම රටවල් මානව සංවර්ධන දර්ශකයේ(HDI) ඉහළම අගයන් ගන්නා රටවල්.ලෝකයේ බලවත් රාජ්‍යක් ලෙස නැගී එමින් සිටින ඉන්දියාව මෙම දර්ශකයට අනුව 132 ස්ථානයේ සිටියදී ලංකාව 73 වන ස්තානයේ පසුවෙනව.ආර්ථිකයෙන් නට්ටං වෙලා තියෙද්දිත් ලංකාව 73 ඉන්නෙ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය නිසා.සමහරු යෝජනා කරන්නෙ ඉන්දියාවෙ වගේ හන්දි ගානෙ උපාධිකඩ දාන්න කියල.හන්දිගානෙ ඇති උපාධිකඩ නිසා ඉන්දියාවෙ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවට වෙලා තියන විපත මෑත ආපු චිත්‍රපට ගණනාවකම තියනව.මෙම කරුණු නිසාත් අපට කියන්න තියෙන්නෙ උපාධි කඩ ඇතිකිරීමේ යෝජනාව තමයි යල් පිනූ යෝජනාව කියන එක.ඒ යෝජනාව කරන අය තමයි ලෝකෙ යන සංවාදය දන්නෙ නැති ළිං මැඩි.අපි කියන්නෙ නූතන ලෝකයේ දැවෙන ඉල්ලීම සහ අවශ්‍යතාව.
- අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය -
මේකේ රට ඉන්න උන් බැන්නා නේ මට පව් බන් උබලා.උබලා ඉන්න රටවල් ගැනවත් උබලා දන්නේ නෑ