අන්තරේට ලිං මැඩියෝ ගාන උන් ලිදේ😹.මේවට දීපල්ලකෝ උත්තර?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    I don't know about other countries, but as far as I know in the UK, you have to pay for the university, even though it's a government one.
    However, you can get a student loan, which you need to repay when you start to earn more than £25K per year. There is NO FREE Higher Education in Most of developed countries
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    එතකොට ඔය රටවල් එකකවත් International students ල ඔය යුනිවසිටි වල සල්ලි ගෙවල MBBS, Nursing etc ඉගෙන ගන්නෙ නැද්ද :unsure:
     
    • Like
    Reactions: Janithsl88

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ෆුල් දනවාදී රටවල් වලත් උපාදි කඩ නෑ කියලා පෙන්නන්න හැදුවේ බන්


    ෆුල් දනවාදී රටවල් වලත් උපාදි කඩ නෑ කියලා පෙන්නන්න හැදුවේ
    ------ Post added on Aug 15, 2023 at 2:35 PM
    itin ponnayo mehe samaja wadii ne
     
    • Haha
    Reactions: todd2231048

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    උපාධි දංසැල් නියාමනය කරනු , උපාධි දංසැල තුල විනය තද කල යුතුයි, විනය විරෝධි සිසුන් ඉවත් කිරීම , සිරගත කිරීම , සමාජ සේවා කාර්‍යට දැමිය යුතුයි
    උපාධි දන්සැල් තුල මුදලට උපාධි විකිණීම අහෝසි කරණු
    උපාධි දංසැල් වල උපසංකෘතින් ෆෙඩරල් පාලනයන් අහෝසි කොට රටේ වයවස්ථාවට අදාල නීතියට අනුගත විය යුතුයි
    උපාධි දංසැල් වල වධකාගාර අහෝසි කල යුතුයි
    හෙන ඇරියස් එකක් තියනව වගේ🤣
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    I don't know about other countries, but as far as I know in the UK, you have to pay for the university, even though it's a government one.
    However, you can get a student loan, which you need to repay when you start to earn more than £25K per year. There is NO FREE Higher Education in Most of developed countries

    Once, a professor of one of these universities (I think Manchester) gives an interview and says that their budget surpasses the entire budget of the education ministry of Sri Lanka and that they earn that money through student fees from local as well as foreign students from Commonwealth nations.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    itin pako lankawe real name eka sri lanka prajathanthawadi samajawadi janarajaya
    Samjawadi na yako oke tibbata buruwa

    I don't know about other countries, but as far as I know in the UK, you have to pay for the university, even though it's a government one.
    However, you can get a student loan, which you need to repay when you start to earn more than £25K per year. There is NO FREE Higher Education in Most of developed countries
    Student loan nisa usa walata wela tiyana de blpn.
    ------ Post added on Aug 15, 2023 at 2:56 PM

    එතකොට ඔය රටවල් එකකවත් International students ල ඔය යුනිවසිටි වල සල්ලි ගෙවල MBBS, Nursing etc ඉගෙන ගන්නෙ නැද්ද :unsure:
    Na
    ------ Post added on Aug 15, 2023 at 2:57 PM
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මේ කරන්නේ අර රුපියලේ අගය අඩු වැඩි වෙන්නේ කොහොමද රුපියල එදත් සත සීයයි අදත් සත සීයයි වගේ කතාවක්. ඒ රටවල ඔය රාජ්‍ය විශ්ව විද්‍යාල වැඩ කෙරෙන විදිහයි මෙහෙයි වෙනස්. සරලව කිව්වොත් ඔය විදේශ සරසවියේ සල්ලි ගන්නවා, ඒ වුනාට මෙහේ සල්ලි ගන්නේ නෑනේ ඒ තරමට. ළමයා පොත් ගන්න, කන්න වියදම් කරනවා තමයි,. ඒ වුනාට පන්ති ගාස්තු ගෙවන්නේ නෑනේ. ලමයි ‍තෝර ගන්න විදිහත් වෙනස්. දැන් ලංකාවෙත් රජයේ විශ්වවිද්‍යාල වල ඒ තරම් සල්ලියක් අරන් නම් උගන්වන්නේ ඔය අරන් එන කතාව පිළි ගන්න පුළුවන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කවුද? ළිං මැඩියෝ

    පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ යෝජනාව ඉතා නූතන යෝජනාවක් ලෙස සාකච්ව්හා වෙමින් ඇත.ඔවුන්ට අනුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිවන්නේ හැටේ දශකයේ මිනිසුන්ය.මේ වගේ යල් පැනපු අදහස් තියන මිනිස්සු ඉන්නකන් කොහොමද රටක් සංවර්ධනය කරන්නෙ?.මේ විදිහට හිතුවොත් ලංකාවට කවදාවත් දියුණු රටක් වෙන්න බෑ.ලෝකෙ ගැන අප්ඩේට් නැති මිනිස්සු තමයි අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධ.ලංකාවෙ වගේ නෙමෙයි දියුණු රටවල හැමතැනම පෞද්ගලික විශ්වවිද්‍යාල.මේ විදිහෙ කතා ගොඩක් අපිට අහන්න,දකින්න හම්බවෙනව.මේ අදහස්වල පොදු අරමුණ තමයි, අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධවන සංවිධාන හෝ පුද්ගලයන් "ළිං මැඩි" හෙවත් යල් පිනූ අදහස් ඇති අය ලෙස ලෙස තහවුරු කිරීම.

    නමුත් අපටනම් ළිංමැඩියො කියන්න වෙන්නෙ අධ්‍යාපනය විකිණීමට විරුද්ධ අයට නෙවෙයි, පක්ෂ අයට.මොකද අධ්‍යාපනය පෞද්ගලීකරණය කරපු බොහෝ රටවල දැන් නිදහස් අධ්‍යාපනය පිහිට විය යුතුයි කියල සාකච්චා වෙනව.ජර්මනිය සියළුම විශ්වවිද්‍යාල නිදහස් අධ්‍යාපනය ලබා දීමට මීට වසර කිහිපයකට කලින් තීරණය කළා.මාස තුනකට විතර කලින් මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙ උපකුලපති නැවත ඕස්ට්‍රේලියවෙ නිදහස් අධ්‍යාපනය ස්තාපිත කළ යුතු බව කියල ළමයි එක්ක අරගලයට එකතු උනා.නවශ්‍රීලන්ත අගමැතිනිය මැතිවරණයෙදි පොරොන්දු උනා නිදහස් අධ්‍යාපනය නවශ්‍රීලන්තය තුල ස්ථාපිත කරන බවට.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යුරෝපය පුරා දැනුත් අරගල ක්‍රියාත්මක වෙනව.ඒ නිසා අධ්‍යාපනයෙ වගකීමෙන් බොහෝම කලින් රජය නිදහස් උන රටවල අද සාකච්චාව ඒක.මේ උදාහරණ කීපයක් විතරයි.ඒ නිසා ළිංමැඩියො වෙන්නෙ මේ දේවල් දන් නැති අය.ඒ නිසා අපි කියන්නෙ ඔයාල Update වෙන්න කියල.

    අනිත් කරුණ තමයි ගුණාත්මක අධ්‍යාපනයක් ඇති බව පිළිගැනෙන නමුත් ගෙවල ඉගනගන්න වෙන රටවලත් තියන විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල නෙවෙයි.ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම තියන විශ්වවිද්‍යාල සියල්ල රජයේ විශ්වවිද්‍යාල.ඒව ලයිසියම්,ගේට්වේ,සයිටම් වගේ ලාභ හොයන ආයතන නෙවෙයි.ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල කිසිවක් ලාභ ලබන පෞද්ගලික විශ්වවිද්‍යාල නෙවෙයි.ඒව පුණ්‍යායතන(Charity )විදියට තමයි පවත්වගෙන යන්නෙ.ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ් හාවඩ්,මොනෑෂ් වගේ විශ්වවිද්‍යාල කිසිවක් ඔය ලංකාවෙ පටන් ගන්න හදනව වගේ ව්‍යාපාර(Business) නෙවෙයි.ඒව රාජ්‍ය විශ්වවිද්‍යාල.

    පහතින් තියෙන්නෙ හොඳ උදාහරණයක්.ලොව හොඳම සෞඛ්‍ය සේවා ශ්‍රේණිගත කිරීම් ඇති රටවල හෙද විශ්ව විද්‍යාල වල අයිතිය.රැල්ලට ප්‍රයිවට් කැම්පස් ඕන කියන කවුරුත් මේ විස්තර දන් නැහැ.

    1. ඩෙන්මාර්කය - රාජ්‍ය 5, පුද්ගලික 0
    2. නෝර්වේ - රාජ්‍ය 4, පුද්ගලික 0
    3. ස්විට්සර්ලන්තය - රාජ්‍ය 7, පුද්ගලික 0
    4. ෆින්ලන්තය - රාජ්‍ය 5, පුද්ගලික 0
    5. නෙදර්ලන්තය - රාජ්‍ය 9, පුද්ගලික 0
    6. ජර්මනිය - රාජ්‍ය 20, පුද්ගලික 0
    7. කැනඩාව - රාජ්‍ය 17, පුද්ගලික 0
    8. ස්වීඩනය - රාජ්‍ය 7, පුද්ගලික 0
    9. ප්‍රංශය - රාජ්‍ය 19, පුද්ගලික 01 (ලාභ නොලබන - කතෝලික පල්ලිය යටතේ)
    10. සිංගප්පූරුව - රාජ්‍ය 3, පුද්ගලික 0
    11. නවසීලන්තය - රාජ්‍ය 4, පුද්ගලික 0
    12. එංගලන්තය - රාජ්‍ය 16, පුද්ගලික 01

    මෙම රටවල් මානව සංවර්ධන දර්ශකයේ(HDI) ඉහළම අගයන් ගන්නා රටවල්.ලෝකයේ බලවත් රාජ්‍යක් ලෙස නැගී එමින් සිටින ඉන්දියාව මෙම දර්ශකයට අනුව 132 ස්ථානයේ සිටියදී ලංකාව 73 වන ස්තානයේ පසුවෙනව.ආර්ථිකයෙන් නට්ටං වෙලා තියෙද්දිත් ලංකාව 73 ඉන්නෙ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය නිසා.සමහරු යෝජනා කරන්නෙ ඉන්දියාවෙ වගේ හන්දි ගානෙ උපාධිකඩ දාන්න කියල.හන්දිගානෙ ඇති උපාධිකඩ නිසා ඉන්දියාවෙ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවට වෙලා තියන විපත මෑත ආපු චිත්‍රපට ගණනාවකම තියනව.මෙම කරුණු නිසාත් අපට කියන්න තියෙන්නෙ උපාධි කඩ ඇතිකිරීමේ යෝජනාව තමයි යල් පිනූ යෝජනාව කියන එක.ඒ යෝජනාව කරන අය තමයි ලෝකෙ යන සංවාදය දන්නෙ නැති ළිං මැඩි.අපි කියන්නෙ නූතන ලෝකයේ දැවෙන ඉල්ලීම සහ අවශ්‍යතාව.

    - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය -

    මේකේ රට ඉන්න උන් බැන්නා නේ මට පව් බන් උබලා.උබලා ඉන්න රටවල් ගැනවත් උබලා දන්නේ නෑ🤣
    ඔතන තියන ඒව වැරදියි යකෝ? ලිං මැඩියෙක්ද ඕක ලිව්වෙ? :lol:

    අනික රජයේ උන පලායට නිකන් උපාධිය දෙන Universities කීයක් ඔතන තියනවද කියපන් බලන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    හෙන ඇරියස් එකක් තියනව වගේ🤣
    අනික්වා හදන්න කලින් එයාල හැදිල එන්න ඕනේ. නැත්තම් බටහිර වගේ මුලින් පෞලිකරණය කරලා හැදුනට පස්සේ රජයට පවරා ගන්න ඕනේ. හැමදාම කෙකර ගෑවට කිසිම නිශ්පාදනයක් සොයාගැනීමක් නෑ ලෝක මට්ටමේ ලංකාවේ විශ්ව විද්යාල වලින්
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,154
    113
    ඉතින් බං IESL එකෙනුත් AL පාස් උන්ට ඉන්ජිනේරුවෙක් වෙන්ට පුලුවන්නේ උන්ගේ කෝර්ස් කරලා. එහෙම එකේ දොස්තරලා ත් pvt කැම්පස් කරලා අවාම මක් වෙනවද....

    ගාවර්මන්ත් only නම් ඔක්කොම govrt වෙන්ට ඕන.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    1. ඩෙන්මාර්කය - රාජ්‍ය 5, පුද්ගලික 0
    2. නෝර්වේ - රාජ්‍ය 4, පුද්ගලික 0
    3. ස්විට්සර්ලන්තය - රාජ්‍ය 7, පුද්ගලික 0
    4. ෆින්ලන්තය - රාජ්‍ය 5, පුද්ගලික 0
    5. නෙදර්ලන්තය - රාජ්‍ය 9, පුද්ගලික 0
    6. ජර්මනිය - රාජ්‍ය 20, පුද්ගලික 0
    7. කැනඩාව - රාජ්‍ය 17, පුද්ගලික 0
    8. ස්වීඩනය - රාජ්‍ය 7, පුද්ගලික 0
    9. ප්‍රංශය - රාජ්‍ය 19, පුද්ගලික 01 (ලාභ නොලබන - කතෝලික පල්ලිය යටතේ)
    10. සිංගප්පූරුව - රාජ්‍ය 3, පුද්ගලික 0
    11. නවසීලන්තය - රාජ්‍ය 4, පුද්ගලික 0
    12. එංගලන්තය - රාජ්‍ය 16, පුද්ගලික 01
    මේ රටවල් වලින්,

    අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්ණ බල මණ්ඩල තියන රටවල් මොනවද ?
    හැකියා රහිත උපාධිදාරී සංගම් තියන රටවල් මොනවද ?