අන්ද පියා සහ චූටි දුව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ මේකේ කියන්න අදහස් කරන දේ තෙරුම් අරගෙන නෑ.මිනිස්සුන්ව දුප්පත්කමෙන් මුදාගන්න පුලුවන් වෙන්නේ සන්වර්ධනයෙන් විතරයි ඒක ගැන විවාදයක් නෑ.එත් මෙතන කතාවෙන්නේ තමන් දවස තිස්සේ මහන්සිවෙලා හොයාගත්ත මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් තමන් නොදන්නා පොඩි ලමෙයෙකුගේ සතුට වෙනුවෙන් වැය කරපු දුප්පත් හිත හොද මිනිසුන් කිහිප දෙනෙක් ගැන .
    අනික මම හිතන්නේ මේක රිච්ලයිෆ්ම ලියපු එකක්.මීට කලිනුත් රිච්ලයිෆ් මේ වගේ කතාවක් ලියලා තිබ්බා

    කිසිම දැක්මක් නැති දේශපාලකයින්ගෙන් පිරිලා තියෙන පාර්ලිමේන්තුවක් තියෙන රටක උඹ අන්තිම ජේදයෙන් කියලා තියෙන එක වෙයි කියලා හිතන එක හීනයක්

    අමාරුවෙන් හරි එක තමයි බන් මේ කරන්න වැලි කන්නේ. මම කාටවත් සල්ලි දෙන්න එපා කියනවා නෙමයි එක තේරුම් ගන්න.

    ඒ මිනිසුන්ව හැල්ලු කරනවත් නෙමයි බන්. කල්පනා කරලා බලපන් කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද හැම මිනිහටම දෙන්න පුලුවන්ද ? දුන්නත් කොයි කාලයක් දෙන්න පුලුවන්ද ?? හැමදාම ඒ ළමයි සතුටින් තියන්න පාරක් නේද අපි හදන්න ඕනි බන්. ගුණ යහපත් මනුස්සයෝ කියක් හරි දෙනතාක් සතුට තියෙයි ගුණ යහපත් මිනිසුන් ටත් නැති උනාම ?? මොකද වෙන්නේ එතකොට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෝස්ටුව ආයිත් කියවන්න. මේ හිගන්නෙක් ගැන නෙමේ කියල තියෙන්නෙ. තම හැකියාවකින් යම් මුදලක් හොයන අය. බටනලාවක්, ගිටාර් එකක්, ඩෝලයක්, ඕගන් එකක් ගහල සින්දුවක් කියම අය හිගන්නො වෙන්නෙ නෑ. තමන් හැකියාවක් තියෙන දේ කරල මුදලක් හොයනව. එහෙම බැලුවොත් service එකක් දෙන හැමෝම හිගන්නො.. ගුරු වෘතිය පවා. :)
    ඔයාගෙ කමෙන්ටුව ගැලපෙන්නෙ නෑ. :no:

    උබ කියපු වචනයේ තේරුම හරි. එතන මම වැරදි. එත් පාරේ සින්දු කියන මනුස්සයෙක් හෝ මොන හරි පාරේ විකුණන අන්ද මනුස්සයෙක් අසරණයි නේද?? ඒ අසරණකම සිද්දවෙන්නේ අයි ? එහෙම වෙන එක හදුවම් නේද ඒ මිනිසුන්ට සතුටු.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඇස් වලට කඳුළු ආව බන්.

    බෙල්ලන්විල පන්සල ඉස්සරහ කාර් පාර්ක් එකේ ගේට්ටුව අයිනෙ ඉන්නව අන්ධ තාත්ත කෙනෙකුයි වයස අවුරුදු 11ක විතර පුතෙකුයි. ඒ පැත්තෙන් යනව නම් පුළුවන් නම් උදව් කරන්න බලන්න. අහිංසක දරුවෙක්.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    චගු;19114902 said:
    ඇස් වලට කඳුළු ආව බන්.

    බෙල්ලන්විල පන්සල ඉස්සරහ කාර් පාර්ක් එකේ ගේට්ටුව අයිනෙ ඉන්නව අන්ධ තාත්ත කෙනෙකුයි වයස අවුරුදු 11ක විතර පුතෙකුයි. ඒ පැත්තෙන් යනව නම් පුළුවන් නම් උදව් කරන්න බලන්න. අහිංසක දරුවෙක්.

    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකට..:)
    බෙල්ලන්විල ඉන්න අයවත් මට ලාවට වගේ මතකයි..:(

     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    rich life you have a rich heart.. Tfs bro පිනක් කරන්න හිතුවත් ඒක ලොකු පිනක් මචං.. පසුතැවෙන්න දෙයක් නැහැ මේ අපි අතරම ඉන්න ජිවිත සහො.. අනිත් දවසේ දෙපාරක් හිතන්නැතුන් උදව් කරපන්. උබට කවුරුත් කිසි දෙයක් කින්නෙ නැහැ .අපි උබව අගේ කරනවා ඒ වගේම මං දන්නවා උබේ හිතත් උබව අගේ කරයි :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    rich life you have a rich heart.. Tfs bro පිනක් කරන්න හිතුවත් ඒක ලොකු පිනක් මචං.. පසුතැවෙන්න දෙයක් නැහැ මේ අපි අතරම ඉන්න ජිවිත සහො.. අනිත් දවසේ දෙපාරක් හිතන්නැතුන් උදව් කරපන්. උබට කවුරුත් කිසි දෙයක් කින්නෙ නැහැ .අපි උබව අගේ කරනවා ඒ වගේම මං දන්නවා උබේ හිතත් උබව අගේ කරයි :)

    ගොඩක් ස්තූතියි මචන් මේ තරම් ධිරිමත් කරල කමෙන්ට් එකක් දැම්මට...:)
    දෙපාරක් හිත හිත හිටිය නිසාම තමයි කලකිරීමක් ඇති උනෙත්..:(