අනාගතය දුටු මහා ප්‍රාඥයා - 5

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අනාගතය දුටු මහා ප්‍රාඥයා - 5

    we78s2G.jpg

    ලියනාඩෝ ඩා වින්චිගේ නිර්මාණ සහ සොයාගැනීම් සම්බන්ධව පළවන පස්වන ලිපිය ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.මේ ලිපිය ඔස්සේ ඔහු සැලසුම් කල හරස්දුන්න ගැන සාකච්ඡා කරනු ඇත.




    ඩාවින්චිගේ හරස් දුන්න

    මෙය ගල් විසි කිරීමට තැනූ කැටපෝලයකට සමානය.මෙය ක්‍රියාත්මක වන්නේ ඉස්කුරුප්පු ගියරයකිනි.ඒ නිසා යාන්ත්‍රික වශයෙන් එය වාසියක් වෙනවා සේම මිනිසුන් දෙදෙනෙකුට හරස්දුන්න පසුපසට ඇඳීමට හැකිය.අඳින ලද දුන්න මුදා හැරීම එහි තිබෙන අඟුලට මිටියකින් පහර දීමෙන් හෝ තේඩාව ලිහා දැමීමෙන්/කපා දැමීමෙන් කල හැකිය.එම ක්‍රම දෙකම ඔහු සැලසුම් කර තිබෙන බව ඔහුගේ සටහන දෙස බැලීමේදී පෙනේ.

    fBUMgCl.jpg
    හරස් දුන්නේ සැලැස්ම දැක්වෙන මුල් සටහන​





    හරස් දුන්න නිර්මාණය කිරීම​

    මෙම දුන්න නිර්මාණය කර තිබෙන්නේ අතුරගුළු ලා හැකි තහඩු යොදාගෙනය.ඒවා ලීයෙන් තනා තිබේ.මෙය ලැමිනේශන් කිරීමේ පුර්වජයා ලෙසද සැලකිය හැකිය.මේ නිසා දුන්න කොකා ගැස්සවීමේදී සුනම්‍යතාවයක් ලබා දුන් අතර එහි පොලා පැනීමේ හැකියාවද වැඩිවිය.මෙම දුන්න මගින් විවිධ වර්ගයේ ප්‍රක්ෂිප්ත මුදා හැර තිබේ.බොහෝවිට මෙම දුන්න යොදාගෙන ඩා වින්චි සොයාගත් පොකුරු බෝම්බ මුදා හරින්නට ඇති.

    oLCqAHB.jpg





    ඩා වින්චිගේ හරස් දුන්න නැවත නිර්මාණය කිරීම

    ඩා වින්චිගේ හරස් දුන්න ඔහුගේ මුල් සටහන අනුව නිර්මාණය කරන්නට ඉන්ජිනේරුවන් කණ්ඩායමක් ක්‍රියා කලහ.නමුත් එය ඇද්ද පසුව ඇතිවන අධික ආතතිය නිසා කැඩී ගොස් තිබේ.නමුත් පසුව ඔවුන් දෙවන දුන්නක් අත්හදා බලා තිබේ.

    uNReVi7.jpg



    කාලතුවක්කුවල දියුණුව නිසා වර්තමානයේදී මෙවැනි අවි යල්පැන ගොස් තිබේ.​

    5cUF1qQ.jpg
    Da Vinci's Demons ටෙලි කතා මාලාවේ එන ඩා වින්චිගේ හරස් දුන්න​




    ඊළඟ ලිපියේ පටන් ඩා වින්චි ගුවන ජයගන්නට තැනූ නිර්මාණ ගැන සාකච්ඡා කරනු ඇත.​



    Source:Leonardodavincisinventions.com

    -HarshaLulzSec-
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    tfs bro :) rep denna ba kynne...

    mekema mul threads wala dammoth hodai machan dakke nathi unta bala ganna
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා ගේ ලිපි අතිශය හරවත් සහ රසවත් බවත්, වලි, වලි සහ වලි ම පමණක් සමහර විට තිබෙන එළකිරියට මේවා අතිශය පෝෂ්‍යදායක බවත්, ඒ පිලිබද ව මාගේ ප්‍රසාදය පළ කරන බවත් දන්වා සිටිමි!
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔබතුමා ගේ ලිපි අතිශය හරවත් සහ රසවත් බවත්, වලි, වලි සහ වලි ම පමණක් සමහර විට තිබෙන එළකිරියට මේවා අතිශය පෝෂ්‍යදායක බවත්, ඒ පිලිබද ව මාගේ ප්‍රසාදය පළ කරන බවත් දන්වා සිටිමි!

    :yes::yes::yes:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඔබතුමා ගේ ලිපි අතිශය හරවත් සහ රසවත් බවත්, වලි, වලි සහ වලි ම පමණක් සමහර විට තිබෙන එළකිරියට මේවා අතිශය පෝෂ්‍යදායක බවත්, ඒ පිලිබද ව මාගේ ප්‍රසාදය පළ කරන බවත් දන්වා සිටිමි!

    :yes::yes:
    11.gif
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ඩාවින්සි කියන්නෙ සුපිරිම මොලකාරයෙක්, කලාකාරයෙක්...
    Da Vinci's Demons එකත් මරු ටීවි සීරීස් එක. :)