අනාගතය දුටු මහා ප්රාඥයා - 5
ලියනාඩෝ ඩා වින්චිගේ නිර්මාණ සහ සොයාගැනීම් සම්බන්ධව පළවන පස්වන ලිපිය ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.මේ ලිපිය ඔස්සේ ඔහු සැලසුම් කල හරස්දුන්න ගැන සාකච්ඡා කරනු ඇත.
මෙය ගල් විසි කිරීමට තැනූ කැටපෝලයකට සමානය.මෙය ක්රියාත්මක වන්නේ ඉස්කුරුප්පු ගියරයකිනි.ඒ නිසා යාන්ත්රික වශයෙන් එය වාසියක් වෙනවා සේම මිනිසුන් දෙදෙනෙකුට හරස්දුන්න පසුපසට ඇඳීමට හැකිය.අඳින ලද දුන්න මුදා හැරීම එහි තිබෙන අඟුලට මිටියකින් පහර දීමෙන් හෝ තේඩාව ලිහා දැමීමෙන්/කපා දැමීමෙන් කල හැකිය.එම ක්රම දෙකම ඔහු සැලසුම් කර තිබෙන බව ඔහුගේ සටහන දෙස බැලීමේදී පෙනේ.
මෙම දුන්න නිර්මාණය කර තිබෙන්නේ අතුරගුළු ලා හැකි තහඩු යොදාගෙනය.ඒවා ලීයෙන් තනා තිබේ.මෙය ලැමිනේශන් කිරීමේ පුර්වජයා ලෙසද සැලකිය හැකිය.මේ නිසා දුන්න කොකා ගැස්සවීමේදී සුනම්යතාවයක් ලබා දුන් අතර එහි පොලා පැනීමේ හැකියාවද වැඩිවිය.මෙම දුන්න මගින් විවිධ වර්ගයේ ප්රක්ෂිප්ත මුදා හැර තිබේ.බොහෝවිට මෙම දුන්න යොදාගෙන ඩා වින්චි සොයාගත් පොකුරු බෝම්බ මුදා හරින්නට ඇති.
ඩා වින්චිගේ හරස් දුන්න ඔහුගේ මුල් සටහන අනුව නිර්මාණය කරන්නට ඉන්ජිනේරුවන් කණ්ඩායමක් ක්රියා කලහ.නමුත් එය ඇද්ද පසුව ඇතිවන අධික ආතතිය නිසා කැඩී ගොස් තිබේ.නමුත් පසුව ඔවුන් දෙවන දුන්නක් අත්හදා බලා තිබේ.
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-

ඩාවින්චිගේ හරස් දුන්න

හරස් දුන්නේ සැලැස්ම දැක්වෙන මුල් සටහන
හරස් දුන්න නිර්මාණය කිරීම
මෙම දුන්න නිර්මාණය කර තිබෙන්නේ අතුරගුළු ලා හැකි තහඩු යොදාගෙනය.ඒවා ලීයෙන් තනා තිබේ.මෙය ලැමිනේශන් කිරීමේ පුර්වජයා ලෙසද සැලකිය හැකිය.මේ නිසා දුන්න කොකා ගැස්සවීමේදී සුනම්යතාවයක් ලබා දුන් අතර එහි පොලා පැනීමේ හැකියාවද වැඩිවිය.මෙම දුන්න මගින් විවිධ වර්ගයේ ප්රක්ෂිප්ත මුදා හැර තිබේ.බොහෝවිට මෙම දුන්න යොදාගෙන ඩා වින්චි සොයාගත් පොකුරු බෝම්බ මුදා හරින්නට ඇති.
ඩා වින්චිගේ හරස් දුන්න නැවත නිර්මාණය කිරීම
ඩා වින්චිගේ හරස් දුන්න ඔහුගේ මුල් සටහන අනුව නිර්මාණය කරන්නට ඉන්ජිනේරුවන් කණ්ඩායමක් ක්රියා කලහ.නමුත් එය ඇද්ද පසුව ඇතිවන අධික ආතතිය නිසා කැඩී ගොස් තිබේ.නමුත් පසුව ඔවුන් දෙවන දුන්නක් අත්හදා බලා තිබේ.
කාලතුවක්කුවල දියුණුව නිසා වර්තමානයේදී මෙවැනි අවි යල්පැන ගොස් තිබේ.
Da Vinci's Demons ටෙලි කතා මාලාවේ එන ඩා වින්චිගේ හරස් දුන්න
ඊළඟ ලිපියේ පටන් ඩා වින්චි ගුවන ජයගන්නට තැනූ නිර්මාණ ගැන සාකච්ඡා කරනු ඇත.
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-

bump