මචං, මම frequent traveller කෙනෙක්. ඔයා trip ගිහින් කිසිම experience එකක් නැති පාටයි. පොඩි එකෙකුත් එක්ක යන නිසා මම උදව් කරන්නම්. මුලින්ම දැනගන්න දෙසැම්බර් වල ඊසාන දිග මෝසම පටන් ගන්නවා. ත්‍රිකුණාමලේ යන එක පොඩ්ඩක් හිතල බලන්න. ඔයාට වැස්සෙ තෙමිල එපා වෙයි.
ඔයා personal vehical එකක යනව කියල හිතල මම කියන්නම්.
1. අනුරාධපුරේ යනව නම්, උදේ කෑමට එහෙට යන්න ටාගට් කරල උදේ 3.30ට 4.00ට වත් පිටත් වෙන්න ඕනෙ.
2. Mango Mango restaurant එක හොඳයි උදේ කෑමට. නැත්නම් Nuga Sewana Hotel එක.
3. උදේ කෑමෙන් පස්සෙ අටමස්තාන වඳින්න පුලුවන්. (ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය, ලංකාරාමය, ජේතවන ස්තූපය) අටමස්ථාන වලට අයිති නොවන තැන් ගොඩක් තියෙනව අනුරාධපුරේ බලන්න. (ඉසුරුමුණි විහාරය හා කෞතුකාගාරය, රන්මසු උයන, වෙස්සගිරිය, රත්නප්‍රාසාදය, සඳකඩපහණ, සමාධි පිලිමය සහ කූට්ටම් පොකුණ, ගල්පාලම, විජයබා මාලිගය, ඇත් පොකුණ,) - වැදගත්ම දේ මේ ඔක්කොම එකදවසින් නම් බලන්න බෑ. අඩුම දවස් 2ක්වත් ඕනෙ. දවස් 3ක් තියෙනව නම් වඩා හොඳයි.
4. රෑ කෑම සහ උදේ කෑම නවතින තැනින්ම ගන්න කියල මම කියන්නෙ.
කට්ටිය කියල තියෙනව වගේ මිහින්තලේ නම් යන්න එපා. මිහින්තලේ කියන්නෙ දවසක් ඉඳල බලන්න පුලුවන් තරම් තැන් ගොඩක් තියෙන වෙනම ට්‍රිප් එකක්. ඕනෙ නම් අහන්න, මම කියල දෙන්නම්. මිහින්තලේ බලනව නම් ත්‍රිකුණාමලේ යන අදහස අතහරින්න.
හරි, ඔයාට ත්‍රිකුණාමලේ යන්නම ඕනෙ නම්, වැස්සට සූදානම් වෙලා යන්න.
බලන්න තියෙන්නෙ,
1. කෝනේශ්වරම් කෝවිල, ෆෙඩ්රික් කොටුව, රාවණ කැපුම හෙවත් lovers leap, වෙල්ගම්වෙහෙර, කන්නියා උණුවතුර ළිං, සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය, ඔර්ස් හිල් යුධ හමුදා කෞතුකාගාරය.
2. නැගෙනහිර ප්‍රදේශයේ නාවික හමුදා විධාන මූලස්ථානය සහ චීන වරාය - මේ දෙකට නම් කලින් අවසර ගන්න ඕනෙ. ඒ ගැන විස්තර ඕනෙ නම් අහන්න. කියල දෙන්නම්.
3. මාබල් බීච්, සේරුවාවිල, නිලාවේලි මුහුදු තීරය, පරෙවි දූපත, Trincomalee War Cemetery
මේකෙත් ඔක්කොම බලන්න නම් අඩුම දවස් 2ක්වත් ඕනෙ. එක දවසයි නම් තියෙන්නෙ, මෙන්න මේ ටික විතරක් බලන්න,.
1. කෝනේශ්වරම් කෝවිල, ෆෙඩ්රික් කොටුව, රාවණ කැපුම හෙවත් ලොවෙර්ස් ලේප් (මේ ඔක්කොම තියෙන්නෙ එකම තැන)
2. නිලාවේලි මුහුදු තීරය, සහ Trincomalee War Cemetery - cemetery එක තියෙන්නෙ නිලාවේලි යන පාරෙමයි. නිකන් බලාගෙන යන්න තියෙන්නෙ.
මාබල් බීච් රිසොර්ට් එකේ නැතුව නිලාවේලි පැත්තෙ හෝටලයක් බලන්න.
අවසානෙට කියන්න තියෙන්නෙ, මේව බලල ඉවර වෙනකොට ඔයාට හොඳටම මහන්සියි. පොලොන්නරු යන එක නම්, බොරුම වැඩක්. සේරුවිල, සෝමාවතිය, දිබුලාගල කියන්නෙ පට්ට කට්ටක් කාල බලන්න ඕනෙ තැන්. වැස්සොත් නම් කොහොමත් යන්න එපා.
පොලොන්නරුවෙ වෙන දවසක හරි ගියොත් කියන්න තියෙන්නෙ, ගල් විහාරය විතරක් වැදලා එනවයි කියල තියෙන්නෙ ඔයාගෙ නොදැනුවත් කම නිසා. පොලොන්නරුවෙ බලන්න තියෙන තැන් ඔක්කොම තියෙන්නෙ එක පොකුරට. විස්තර ඕනෙ නම් අහන්න. මම කියා දෙන්නම්. කෑමට නම්, පොලොන්නරුවෙ අඩු ගානට හොඳ තැනකට තියෙන්නෙ Chillies Lathpandura Restaurant තමයි. මේ ඔක්කොම ගිහින් සෆාරි යනවයි කියන්නෙ නිකන් joke එකක් විතරයි සහෝ. ඒ නිසා ඒගැන නොකිය ඉන්නම්.
වැදගත්ම දේ, ඔයා drive කරද්දි පැය දෙකකට වරක් වාහනේ නවත්වල විවේක ගන්න. නැත්නම් මහන්සියට නින්ද යන්න බලනවා. පොඩි එකෙකුත් එක්ක යන නිසා පරිස්සමෙන් ගිහින් වරෙන්.