https://sinhala.srilankamirror.com/news/පාස්කු-ප්‍රහාරය-ගැන-ජනාධ/
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්යක්ෂ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා (01) පැවති උත්සව අවස්ථාවකදී සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් මේ බව සඳහන් කලේය.
මෙම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අතර පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ප්‍රකාශ වුව ද මේ වන විට එය අතුරුදන් වී ඇති බවත් සිරිල් ගාමිණී පියතුමා මෙහිදී පවසා සිටියේය.
ආරංචි මාර්ගවලට අනුව ප්‍රහාරය පිළිබඳ සැබෑ සාක්ෂි සහ අනෙකුත් තීරණාත්මක තොරතුරු වාර්තාවෙන් හෙළි වූ බව ඔහු මෙහිදී අවධාරණය කලේය.
මෙම කරුණු හෙළිදරව් වී නව රජයෙන් නිසි පරීක්ෂණයක් සිදු කළහොත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු සිරගත වනු ඇති බවද පියතුමා මෙහිදී සඳහන් කලේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ නායක සහරාන් සමඟ සන්නිවේදනයේ යෙදී සිටි ‘ අබුහින්ද් නැමැත්තා 2019 ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු බවද මේ වන විට තහවුරු වී ඇති බවය.