
රෙස්පෙට් ස මෙතෙක් කතා සාරාංශය

MCC ගිවිසුම ගැන නැවත සමාලොචනය කරනවා. ගිවිසුම 70%ක් හොදයි.
ආශ් අම්ම රෙස්පෙට් ස... ඔව් එක 70%ක් හොදයි.

MCC ගිවිසුම අත්සන් කිරීමට තාම තීරනයක් නැ.
වාව් ස. රෙස්පෙට් ස. ඔක අත්සන් කරන්න එපා. හොද නෑ.

සයින්දමරුදු සදහා වෙනම නගර සභාවක් ගැසට් කිරීම සිදු වේ.
රෙස්පෙට් ස....ආදරෙයි ස....සුළු ජාතිකයන් ගැනත් හිතුව මෙහෙම නායකයෝ ලෝකේ බිහිවෙන්නේ නෑ....දැන් ඉතින් කල්මුණේ මුස්ලිම් කොංග්රස් එවුන් නටලා හමාරයි...

සයින්දමරුදු ගැසට් පත්‍රය අවලංගු කරයි.
රෙස්පෙට් ස...මාරයි ස....කොහොමත් ඔය තම්බින්ට වෙනම සභා දෙන්න ඕන නෑ...මෙහෙම කොන්ද පණ තියෙන නායකයෙක් තමා අපිටත් ඕන.

කොරෝනා ලෙඩ්ඩු 28 ක් හිටියා කියලා රට වහන්නේ නෑ. පිට රටින් එන අය නිරෝධායනය කරන්න ඕන වෙන්නෙ නැහැ.
රෙස්පෙට් ස...ඒක තමා වෙන්න ඕන...මේ එක එකා කිව්වට රටවල් වහන්න පුලුවන්ද ? මේ UNP කාරයෝ JVP කාරයෝ දන්න රෝගයක් තියෙනවද ?
අනික මේ පිං බිමට ඔය ලෙඩ රෝග එන්නේ නෑ...ජාතියේ පිනට පහල වූ නායකයා..

ගුවන් තොටුපොල සහ වරාය වසා දමා රට පුරා පොලිස් ඇදිරි නීතිය පනවයි.
මාරයි ස...ලෝකේ මොන රටේද ඔහොම කෙලින් තීරණ ගත්තේ ...ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටවත් බෑ මෙහෙම වැඩ කරන්න... බලාපියව් අපේ නායකයාගේ කොන්ද ..

ආරක්ෂිත හේතූන් මත දඹුල්ල , කැප්පෙටිපොල සහ බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථාන වසා දමයි.
සුපිරි ස...පට්ට ස...අන්න එහෙමයි පියවර ගන්න ඕන...ඔය එළවලු ටික විකුණ ගන්න බැරි උනා කියලා මැරෙනවද ?? ඊට වඩා ලෙඩේ බරපතල නැද්ද ?

රජය විසින් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරයි.
මාරයි ස...රෙස්පෙට් ස...ඔන්න තීන්දු...ආර්ථික මධ්‍යස්ථාන වහලා ගොයියෝ අමාරුවේ දාන්න හදපු උන්ට දැන් ඉතින් තරු විසිවෙයි.

ලෝක වෙලදපොලේ බොර තෙල් බැරලයක මිල පහලට
බැරල් එකක මිල පහල ගියා කිව්වා මිස තෙල් මිල පහල ගියා කිව්වේ නෑනේ...අනික මොන යකාද ලංකාවේ බැරල් වලට තෙල් ගෙනියන්නේ...කෑන් , බූලි , බෝතල් වලට තෙල් ගන්නවා මිස...
අනිත් එක බොර තෙල් පහල ගියාට හොද තෙල් පහල ගිහින් නෑ...බොලව් බලාපියව් අපේ ස ගේ කොන්ද
තෙල් අඩු කලොත් අපෙ එව්න් හැම තැනම යයි.

තෙල් මිල අඩුනොකරෙ. පරිප්පු සහ සැමන් මිල අඩු කෙරෙ.
අන්න නායකයෝ ....දුප්පතාගේ දුක හදුනන නායකයෝ...මේ රටේ දුප්පත් මිනිහට සැමන් ටින් එකක තියෙන වටිනාකම තේරෙන අපේ නායකයා...අඩුවට සැමන් පරිප්පු කාලා ඉතුරු සල්ලි වලින් තෙල් ගහන්න පුලුවන්.
රෙස්පෙට් ස...

සැමන් සහ පරිප්පු මිල නැවත ඉහල දමයි.
හැමදාම ඕවා අඩුවට දෙන්න ඕනයෑ...අනික ඔය සැමන් හැමදාම කන්න හොද නෑ...ඌෂ්ණයි...පරිප්පු උනත් වැඩිපුර කෑවම බඩ බුරුල් වෙනවා...රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන හිතලා ස ගත්ත තීරණයක් ...මැරිලත් පැයක් යනකල් ආදරෙයි ස...

පොලිස් ඇදිරි නීතිය ඉවත් කරයි
නියමයි ස...අපි තමා කොරෝනා තුරන් කල එකම රට...මේවා හැමදාම වහගෙන ඉන්න ඕනද ...රෙස්පෙට් ස....

පොලිස් ඇදිරි නීතිය නැවත පනවයි.
අන්න දැක්කද කෙලින් තීරණ ගන්න නායකයෝ...මේ එක එකාට පාරවල් ගානේ මගුල් නටලා රටම ලෙඩ කරන්න දෙන්න බෑ....රෙස්පෙට් ස...ආදරෙයි පැලෙන්න ස...

රට ලූණු කිලෝවක් රුපියල් නවසීයට වැඩිවෙයි.
ආදරෙයි ස...මාරයි ස...ඉස්සර චිකන් ඩෙවල් එකේ තිබුණේ බොම්බයි ළූණු එක්ක මාළු මිරිස් විතරයි....දැන් ළූණු නෑ ...චිකන් විතරමයි....මෙන්න නායකයෝ...

හෝමාගම ලංකාවේ දැවැන්තම ක්‍රිකට් පිටිය ඉදි කිරීමට පටන් ගනියි.
පට්ට ස...වර්ල්ඩ් කප් එක කොහොම හරි ලංකාවේ තියමු...අනික ක්‍රිකට් පිට්ටනි කොච්චර හැදුවත් මොකෝ...තව දහයක්වත් හදමු ස...මෙන්න දුර දකිනා නායකයෝ... විපක්ෂයේ ඉන්නවද මෙහෙම නායකයෝ...

හෝමාගම ක්‍රිකට් පිටිය ඉදිකිරීම නවතා දමයි.
රෙස්පෙට් ස...නියමයි ස...මේ වෙලාවේ ගන්න උවමනාම තීරණයක් ස...මෙහෙම කෙලින් තීරණ ගන්න නායකයෝ මේ සිරි තුන් තලේම නෑ ස....

පරිප්පු , සැමන් , ගෑස් , ඇපල් ඇතුළු ආනයනික භාණ්ඩ රැසකට බද්දක් පනවයි.
අන්න දැක්කද ...දැක්කද...දේශිය ගොයියා නගා සිටුවන්න දුර දැක්මක් තියෙන නායකයෝ...වෙන අයට තියෙනවද මෙහෙම දැක්මක්...නෑනේ නෑනේ...දැන් ඉතින් දේසීය ගොයියට තමංගේ නිස්පාදන වලට කිසි කිසි ගාලා අතට සල්ලි එන්නේ....
Quoted from FB..