අපිට සුදුසුම ආයෝජන මොනවාද !

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් අමතර ආදායම් විදියට පොඩි වැඩ දෙක තුනක්ම කරනවා. කොරෝනා කේස් එකත් එක්කම ගෙදර ආවට පස්සේ තමයි අමතර ආදයාමක් එන මොකක් හරි කරන්න ඕන කියල හිතුවේ. අපේ ගෙදර අක්කර තුන හාමාරක් විතර තියෙනවා. ඒකෙන් අක්කර දෙකක් විතර කුරුඳු දාලා තියෙන්නේ. ඉතුරු ඉඩ ටිකේ තමයි මගේ වැඩ වලට ගත්තේ.
    මුලින් කරේ පර්චස් 60 විතර කහ දාපු එක. ඒකට කහ බීජ කෘෂි කර්ම කාර්යාලයෙන් කිලෝ පහක් විතර හම්බුන ටිකයි, ඒ වෙනකොටත් කහ ගලවපු අපේ මාමා කෙනෙක්ගෙන් ඉතුරු ටික ගත්තා. මුලින්ම වලවල් කපලා, වේලිච්ච පොල් ලෙලි & කොළ රොඩු දිරාපත් උන පස් දාලා තමයි බීජ පැල කරේ. කොහොමත් මේ වෙනකොට පැල 500 විතර තියෙනවා. අපේ ගෙවල් පැති වලට ''නිතරම'' වගේ වහින නිසා වතුර දාන එක ගැන ලොකු අවුලක් නෑ. ඒ නැති උනත් හෝස් එක අල්ලලා වතුර දාන්නත් පුළුවන්.
    අනිත් ඉන්වෙස්ට්මන්ට් එක තමයි, මේ අවුරුද්දේ ජනවාරි වගේ shiba inu එකෙනුයි, Safemoon එකෙනුයි කොයින්ස් අරන් දැම්මා. ඒකත් මේ වෙනකොට හොඳට ප්‍රොෆිට් තියෙනවා, especially Shiba එකෙන්.
    ඊට පස්සේ පොල් කඩලා එකතු කරලා ඒවා ඩිසී විදියට විකුන්නා. පලවෙනි සැරේ ගෙදර අයට පොර ටෝක් දීලා පොල් ගෙඩි 500 විතර හොයන්න සෙට් උනා. ගෙඩි 200 වගේ හොයන කොට ඇඟට පට්ට අමාරුයි. ඒත් ඉතින් පොර ටෝක් දුන්න නිසා එදා දවස පුරාම ඒ පොල් ටික හෙව්වා. ඊට පස්සේ නම් කුළීකාරයෙක්ට කියලා තමයි, ගෙඩියකට රුපියල් දෙකක් දීලා පොල් ටික ඔයාගත්තේ. ඒ දවස් වල dc පොල් කිලෝ එකක් රුපියල් සීයටත් වැඩියි. දැන් නම් රුපියල් අසූ ගානක් වෙන්නේ.
    මේ තුන තමයි ආදායමක් විදියට මම මැදිහත් වෙලා කරපු දේවල්. මීට අමතරව තව අයිඩියා දෙකක් තියෙනවා ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න. එකක් තමයි විසිතුරු මාළු වර්ගයක් ඇති කරලා විකුනන එක. අනිත් එක තමයි, දැනට තියෙන හිස් ඉඩමක කැවෙන්ඩිශ් කෙහෙල් වගා කරන එක. ඒ වැඩ වලට මේ දවස් වල තව තොරතුරු හොයනවා. කැවෙන්ඩිෂ් කෙසෙල් වැඩේ නම්, ඒ කෙසෙල් දැනට පිටරට යවන සමාගමක් තියෙනවා. ඒ සමාගමත් එක්ක ගිවිසුමකට ඇවිත් තමයි වැඩේ කරන්න තියෙන්නේ. මගේ පැත්තෙන් දෙන්න ඕන වෙන්නේ ඉඩමයි, කුළී වැඩ කරන අයයි විතරයි. සමාගම පැත්තෙන්, කෙහෙල් පැල, පෝර, තාක්ශණික උපදෙස් දෙනවා. මගේ පැත්තෙන් ඔක්කොම වියදම් ඇතැරියට පස්සේ, අක්කරයකින් ලක්ෂ අටක විතර ලාභයක් එනවා(දැනටමත් කැවෙන්ඩිෂ් වගා කරපු කෙනෙක් තමයි කිව්වේ).
     
    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63

    1. DC කොහේටද දෙන්නේ?
    2. අඩුම kilo කියක් දෙන්න ඕනෙද?
    3. Companykta දෙනවනම් දිගටම දෙන්න ඕනේ ඇති නේද?
     
    • Like
    Reactions: wpmanoj

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    1. DC කොහේටද දෙන්නේ?
    2. අඩුම kilo කියක් දෙන්න ඕනෙද?
    3. Companykta දෙනවනම් දිගටම දෙන්න ඕනේ ඇති නේද?
    1. පොල්, කුරුදු , ගම්මිරිස්, ඉරටු වගේ දේවල් ගන්න ප්ලේසස් තියෙනවා. අපේ හෝම්ටවුන් එකෙත් එහෙම ගන්න තැනකට තමයි දෙන්නේ.
    2. එහෙම එකක් නෑ. තමන් ලග තියෙන තරමක් දෙන්න පුලුවන්.
    3. ඔව්. ඒ කම්පැනියත් එක්ක මෙන්න මෙච්චර කාලෙකට ගිවිසුම් ගත වෙනව කියල අත්සන් කරල තමයි වැඩේට එන්න ඕන. ඒ කාලය ඇතුලත ඒ කෙසෙල් ඔක්කොම දෙන්න ඕන අර සමාගමට විතරයි. සාමාන්‍යයෙන් කැවෙන්ඩිෂ් කෙසෙල් ගහකින් අවුරුදු පහලොවක් විතර ඵලදාව ගන්න පුළුවන්.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මාර්තු වගේ තමයි හිටවන්නේ නේද?
    ගොඩක් වෙලාවට මාර්තු ඉදන් මැයි වෙනකම්ම බීජ දානවා. සමහරු ඔක්තෝම්බර් වලදී දානවා මහට එන වැස්ස අල්ලලා. වතුර දාන්න පුවවන් නම් කන්නයක් අල්ලන්න අත්‍යාවශ්‍යම නෑ. මම හැම මාසෙම පැල ටික ටික වගේ දාන්නෙ. අස්වැන්න වෙනසක් ආවෙ නම් නෑ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Bankuwe neme ban pora inne Vancouver
    උඹ වෙලාවට කිව්වෙ නැත්තන් එලකිරි සෙට් එක හිතන් හිටියෙ මිනිහ මහජන බැංකුවෙ සිකුරිටි බුවා කියල
     
    • Haha
    Reactions: janaka_jr

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    උඹ වෙලාවට කිව්වෙ නැත්තන් එලකිරි සෙට් එක හිතන් හිටියෙ මිනිහ මහජන බැංකුවෙ සිකුරිටි බුවා කියල
    මේ ජයන්ත උක්වත්ත බැංකුවේ ඉඳන්..!:P
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Freelancing කරනකොට ණය දුන්නෙ මොන බැන්කුවෙන්ද? බැන්කුවෙන් නම් කීවෙ Freelancers ලට දෙන්නෙ නෑ කියල...Fix Deposit එකක් hold කරන්නෙ නැතිව Credit Card එකක් වත් දෙන්නෙ නෑ කියල කීවෙ..
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Freelancing කරනකොට ණය දුන්නෙ මොන බැන්කුවෙන්ද? බැන්කුවෙන් නම් කීවෙ Freelancers ලට දෙන්නෙ නෑ කියල...Fix Deposit එකක් hold කරන්නෙ නැතිව Credit Card එකක් වත් දෙන්නෙ නෑ කියල කීවෙ..
    ණය ?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    " ග්රැපික් ඩිසයින් අධායම් මදි නිසා ප්රෝග්රැමින් ෆ්රීලාන්ස් පටන් ගත්තා. කට්ටක් කාලා ලක්ෂ දෙකක් විතර හොයා ගත්තා. මාසෙකට 75000 ක විතර ස්ටෙඩි ඉන්කම් එකක් මාස කීපයක්ම ආව නිසා අවුරුදු 15 ක් ලෝන් එකක් ගහල පොඩි ඉඩම් කෑල්ලක් ගත්තා. "

    මේක ගැන ඇහුවෙ
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    " ග්රැපික් ඩිසයින් අධායම් මදි නිසා ප්රෝග්රැමින් ෆ්රීලාන්ස් පටන් ගත්තා. කට්ටක් කාලා ලක්ෂ දෙකක් විතර හොයා ගත්තා. මාසෙකට 75000 ක විතර ස්ටෙඩි ඉන්කම් එකක් මාස කීපයක්ම ආව නිසා අවුරුදු 15 ක් ලෝන් එකක් ගහල පොඩි ඉඩම් කෑල්ලක් ගත්තා. "

    මේක ගැන ඇහුවෙ
    ගන්න ඉඩමම බැංකු ඇපය කලා. අපේ අයියට තාත්තා ව්‍යාපාරිකයො. බැංකු එක්ක අවුරුදු ගණනන් වැඩ කරන කට්ටිය. බැංකුවෙ හැම කෙනාම අදුරනව. ඇපයට අත්සන් කලේ හොද බැලන්ස් ශීට් එකක් තියන කට්ටිය. සාමාන්‍යයෙන් මැනේජර් ෆිට් එකක් නම් මොකුත්ම ඕන නෑ. පාරෙ යන එකෙක් ඇපයට අත්සන් කලත් ඇති.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    උබලා දන්න වැඩිය කවුරුත් නොහිතන පොඩි ගානකින් හදාගන්න පුලුවන් passive income මොනවද? මං දන්න එකක් කියන්නං අපේ ගෙවල් පැත්තෙ පොඩි එකෙක් කරන එකක් කෑම්පිං ටෙන්ට්, BBQ drill, කෑම්පිං ලයිට් වගේ කෑම්පිං අයිටම් රෙන්ට් කරනවා.සෙට් එකටම උට 70000ක් වගේ ගිහින් තියෙන්නෙ.ලොකු ඉන්කම් එකක් නැතත් මාසෙට 10000ක් 15000ක් වගේ සෙට් වෙනවලු(ඉන්වෙස්ට් කරලා තියන ගානෙ හැටියට නිකං ඉදලා හම්බෙන මේ ගාන මදෑ 😂).ඉස්සරහට DSLR කැම් එකක් , go pro එකක් එහෙමත් අරං රෙන්ට් එකට දෙන්නලු ඉන්නෙ බුවා එතකොට නං 25ක් 30ක් මාසෙට ඒකෙන් රෝල් වෙයිලු.මොකද දැන් ගොඩක් උන්ට ට්‍රිප් එකේ ආතල් එක ගන්නවටත් වඩා ඕන හොද ෆොටෝ වීඩියෝ ටිකක් අරං බුකියෙයි ඉන්ස්ටා එකෙයි වනාගන්නනෙ 😂

    මේ වගේ තව පොඩි ගානක් ඉන්වෙස්ට් කරලා කරන්න පුලුවන් පැසිව් ඉන්කම් මොනවද උබලා දන්නෙ?
     
    කවුරුත් එච්චර හිතන්නෙ නැති තැන්වල තමයි සල්ලි තියෙන්නෙ.

    මම අලුතින් පටන් ගත්ත එකක් තමයි පිච්ච මල් වවන එක. පිච්ච වවල මොකටද කියල හිතෙනව ඇති. ඒ උනාට පිච්ච මලක් රුපියල් 10 තොග මිල. සිල්ලර මිල 15. කැළණිය පන්සල ලග කඩ වලට දවසකට පිච්ච මල් පෙට්ටි 10 ක් වගේ ලැබෙන්නේ. එක පෙට්ටියක මල් 20 -30 අතර ප්‍රමාණයක් තමයි එන්නේ. පෙට්ටියක මිල 150 ඉදන් 300 අතර වෙනවා. උදේ 6 ට ලැබෙන පිච්ච 6.30 වෙද්දි ඉවරයි. ඒක ගන්නත් කලින් කියල තියන්න ඕන. ඉල්ලුම ඉහලයි සැපයුමක් ඇත්තෙම නෑ. මම පිච්ච වගා කරන්න පටන් ගත්තා. මේ වෙද්දි පදුරු 50 ක් දාලා තියෙනවා. එක පදුරකින් මල් හැදෙන කාලෙට මම මල් 150 කඩල තියෙනවා. හැමදාම වතුර පෝර දාලා බලා ගන්න ඕන. වතුර වැටෙන්න ඔටෝමේටඩ් සිස්ටම් එකක් මම හදලා තියෙන්නේ. පොහොර සතියකට සැරයක් දානවා.

    මම තවම විකුනන්න පටන් ගත්තේ නෑ. මොකද කන්ටිනියු සප්ලයි එකක් දෙන්න මදි. මල් 500 ක් හැමදාම කඩන්න පටන් ගත්ත ගමන් විකුනනවා. මේක ගෙදර ඉන්න කෙනෙක්ට කරන්න සුපිරිම ව්‍යාපාරයක්. පැසිව් ඉන්කම් එකකට වඩා ප්‍රයිමරි බිස්නස් එක විදියට කරන්න පුළුවන් වැඩක්. ලෝකෙ මොන ප්‍රශ්ණ ආවත් මිනිස්සු ආගම වෙනුවෙන් වියදම් කරන එක නවත් වන්නේනෑ. ප්‍රශ්ණ වැඩිවෙන්න වැඩිවෙන්න ආගම වෙනුවෙන් කරන වියදම් වැඩිකරනවා. ව්‍යාපාරය ස්ටෙඩි. නමුත් කිසිම සැපයුමක් නම් නෑ.

    1640621460229.png