අපිට සුදුසුම ආයෝජන මොනවාද !

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කතාව කියන්න කලින් මුලින්ම කියන්නම මම බිලියන් ආයෝජකයෙක් නෙවෙයි වගේම එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. මහන්සි වෙලා හම්බ කරපු සල්ලි විවිධ ඒවට ආයෝජනය කරපු කෙනෙක්. ඒ නිසා එලකිරි සර්ලාගෙන් පිහිටයි අවසරයි.

    අද කථාව මම මෙතෙක් කල් ජීවීත කාලෙම කරපු විවිධ ආයෝජන සහ ඒවායේ සාර්ථකත්වය වගේම අසාර්ථකත්වය. මේවා යමකට ආයෝජනය කරන්න ඉන්න කෙනෙකුට යම්තාක් වැද ගත් වේවි.

    මම මුලින්ම ආයෝජනය කරේ 2008 - 09 වගේ කාලේ. උසස් පෙල ලියනවා එතකොට. බොහෝම පොඩියට ෆ්රීලාන්සින් කරේ. මාසයකට ජොබ් එකක් දෙකක් වගේ තමයි කෙරුනේ. මොකද ඒ ලෙවල් මැත්ස් කරන එකෙකේට කොච්චර වැඩ තියනවද අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොම හරි මාසෙකට 10000 ක විතර ඉන්කම් එකක් ආවා. එකෙන් 80% ක් විතර පංති කාඩ් වලට ගමන් වියදමට යනවා. ගෙදරින් සල්ලි ගත්තෙ නෑ මම. මාස කීපයක් එකතු කරල කොහොම හරි 25000 ක් විතර හැදුනා. ඒක තමයි අධ්‍යාපනයට අමතර දේකට ආයෝජනය කරේ. ඒ දවස් වල ෆෝන් එකක් 7500 ක් වගේ වෙනවා. යාළුවෙක් ගෙන් තොග මිලට ෆොන් 4 ක් අරන් විකුණුවා. ඒක එච්චර සාර්තක උන ආයෝජනයක් නෙවේ. ගත්තු යාළුවෙ සල්ලි දුන්නෙ මාසෙකට 1000 - 2000 වගේ එකෙක් දුන්නෙම නෑ. ඒ වැඩේ හබක්.

    ඊට පස්සෙ ආයෝජනය කරේ උසස් පෙලට පස්සෙ. ෆ්රීලාන්ස් ග්රැපික් ඩිසයින් ඒ දවස්වල කරේ. මාස දෙකක් විතර වැඩ කරල 50000 ක් විතර හොයා ගත්තා. ඒ කෙන් මගේ කම්පියුටර් එක අප් ග්රේඩ් කරා. අදටත් ඒ පීසී එක යකා වගේ වැඩ. සාධාරණ සල්ලි.

    ග්රැපික් ඩිසයින් අධායම් මදි නිසා ප්රෝග්රැමින් ෆ්රීලාන්ස් පටන් ගත්තා. කට්ටක් කාලා ලක්ෂ දෙකක් විතර හොයා ගත්තා. මාසෙකට 75000 ක විතර ස්ටෙඩි ඉන්කම් එකක් මාස කීපයක්ම ආව නිසා අවුරුදු 15 ක් ලෝන් එකක් ගහල පොඩි ඉඩම් කෑල්ලක් ගත්තා. ගන්නකොට පර්චස් එකක් ලක්ෂ 1.2 මේ වෙනකොට පර්චස් එකක් ලක්ෂ 15 න් උඩ. මම කරපු සාර්ථකම ආයෝජනය ඒක. පොඩි මෝඩ කමක් කරා. අවුරුදු 15 කට ගෙවන්න තිබුනට මම ඒක අවුරුදු 6 කින් වගේ ගෙවල දැම්මා. පොලිය අඩු වෙලා පොඩි ලාබයක් ආවා. ඒත් මට තිබ්බේ වාරිකය ගෙවාගෙන යන ගමන් වෙන ඉඩමක් ගන්න. මම ඉක්මනට ගෙව්වෙ මට සල්ලි ලැබෙන්නෙ ප්රොජෙක්ට් ඉවර වෙන පිලිවෙලටනේ. සමහර ප්රොජෙක්ට් මාස හතර පහ ඇදෙනවා. අතේ සතයක් වත් නැති වෙනවා. ඒ බය නිසයි ඉක්මනට ලැබෙන ලැබෙන සල්ලි දාල ගෙව්වෙ.

    ඉන් පස්සෙ කරපු ලොකුම ආයෝජනය අපේ තාත්තගේ ගමේ ඉඩමක කජු පැල දැම්මා. අක්කර පහක් තනිකරම කජු. කැලෑව සුද්ද කරලා පැල දාන්න ලක්ෂයක් වත් ගියේ නෑ. මාස හතර පහකට සැරයක් ගිහින් ගස් වටේ සුද්ද කරලා පෝර දාන්න විතරයි ඕ්න. මාස ගානකට වැස්සක් නැති උනොත් ගස්වලට වතුර දාන්න වෙනවා. පහුගිය අවුරුදු පහ හයටම එහෙම උනේ දෙපාරක් වගේ. මේ වෙද්දි මුර හතරක් විතර කජු කැඩුවා. පට්ටම ලාබයි. ස්ටෙඩි ඉන්කම් එකක් එනවා. වැඩේ තියෙන්නේ අවුරුද්දට එක පාරයි අස්වැන්න. සමහර ගස් අවරුද්දට දෙපාරත් හැදෙනවා. සමහර ඒවා අවාරෙ හැදෙනවා. අවුරුද්දකට බය නැතුව කජු වලින් ලක්ෂ 25 ක් විතර හොයන්න පුළුවන්. කජු හැදෙන කාලෙට මුර කාරයො දාන්න ඕන. ඩේලි ඇහිදින්න ඕන. කුලී කාරයන්ට ලක්ෂ දෙකක් විතර වියදම් වෙනවා. පට්ටම ලාබයි.

    ඉන් පස්සෙ කරපු ලොකුම ආයෝජනය කන්කුන් මුකුනුවැන් ගොටුකොල වවන යාළුවෙක් එක්ක පාට්නර් ෂිප් එකක් කරා. මම ලක්ෂ තුනක් දුන්නා. ඉනකම් එක විදියට මුකුණුවැන්න මිටි දහයක් වගේ ලැබුනා එච්චරයි. යටකරපු සල්ලි අපරාදෙ.

    අළුත්ම ආයෝජනය ක්රිප්ටෝ. ටියුබ් එකේ වීඩියෝ බල බල හිටියා මාස ගානක්. බිට්කොයින් 40 සීමාවට ආවම මේක අනිවා මීලග මාස කිපය ඇතුලත ලොකු බුල් රන් එකක් ගනිවි කියල කිව්ව නිසා කෝකටත් කියල මංගල ආයෝජනය විදියට පේපැල් වල එකතු වෙලා තිබ්බ ඩොලර් 8000 ක් අතඇරල දැම්මා. 21 බිට් කොයින් 66 සීමාව පැන්නා. ඔක්කොම සේල් කරා. මම සේල් කරද්දි 65 ට බැස්සා. දැන් 63. මට හිතෙන විදියට තව 10 ක් විතර බහීවි. බැස්ස ගමන් ආයෙත් ගන්නවා. පට්ටම ලාබයක් ලැබුනා. 5000 ක විතර ලාබයක් ආවා. මාස යක් වගේ සල්ලි හිරකරල තිබ්බේ. පේපැල් වල තියෙද්දි පොලියකුත් නෑ ලංකාවට ගේන්නත් බෑ. දැන් බයිනෑන්ස් වලින් කිසිම අවුලක් නැතිව ගේන්නත් පුවවන්.

    තව ආයෝජනය කරපුව තියෙනවා. දැම්මෙ කී පොයින්ට් ටිකක් විතරයි. උඹලගේ අත්දැකීම් තුත් දාගෙන පලයන්.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    100000 wage dala karanna puluwan deyak kiyapalla
    ක්රිප්ටො කරපන්. කරන්න කලින් මාසයක් විතර වීඩියෝ එහෙම පොඩ්ඩක් බලපන්. සිංහලෙන් බැංකුවේ ඉදන් එන ජගත් උක්වත්තගෙ විඩියෝ හොදයි. මෑන් දවසකට වීඩියෝ තුනක් විතර දානවා.


    පර්. එක 1.2 ඉඳල 15 නැග්ගෙ කොයි පැත්තෙද මචං?? කොච්චර වගේ කාලයක් ගියාද?? 🙂
    කැළණියෙ. කොහෙත් ඉඩම් මිල නගිනව හිටු කියල. අපේ ගෙදර ඉඩම ගත්තේ 2001 විතර පර්චස් එක 41000 කට විතර දැන් ලක්ෂ 20 ක් වෙනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එල
    ක්රිප්ටො කරපන්. කරන්න කලින් මාසයක් විතර වීඩියෝ එහෙම පොඩ්ඩක් බලපන්. සිංහලෙන් බැංකුවේ ඉදන් එන ජගත් උක්වත්තගෙ විඩියෝ හොදයි. මෑන් දවසකට වීඩියෝ තුනක් විතර දානවා.



    කැළණියෙ. කොහෙත් ඉඩම් මිල නගිනව හිටු කියල. අපේ ගෙදර ඉඩම ගත්තේ 2001 විතර පර්චස් එක 41000 කට විතර දැන් ලක්ෂ 20 ක් වෙනවා.

    එල මචං 👍
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    paypal eke salli tika kohomada bn binance danme ?
    p2p කරල ගන්න පුළුවන්.
    ඊට අමතරව තව ෆෝරම් එහෙම තියනවා වොලට් එකට කොයින් දානවා ඌ පේපෑල් වලින් ගෙවනවා. මේක කරනවා නම් මුලින් පේපැල් වලින් ගෙවන්න වෙනවා. ඊට පස්සෙයි වොලට් එකට වැටෙන්නේ. ඊට පස්සෙ වොලට් එක බයිනෑන්ස් හරි ඕන ටේ්‍රඩර් කෙනෙක්ට දෙන්න පුළුවන්

    restaurants hari yanne nadda?
    රෙස්ටෝරන්ට් පට්ටම ෆීල්ඩ් එකක්. කට්ට වැඩියි බ්‍රෝ. වෙන එකක් කරන ගමන් නෙ මම ඉන්වෙස්ට් කරන්නෙ. ඒක මට සෙට් වෙනව අඩුයි. ෆුල් ඇටෙන්ෂන් ඕන වැඩක්.
    උදේ පාන්දර නැගිටින්නඕන. පට්ට රෑවෙලා නිදා ගන්න ඕන. හැම කෑම එකක්ම කොලිටිය තියෙන්න ඕන. එකක් අවුල් ගියොත් කස්ටමර් කැඩෙනවා. සේවක ප්‍රශ්න තමයි ලොකුම අවුල. බාස් කෙනෙක් දැන් 3500 ක් දවසට ගන්නවා. 3500 ටත් මිනිස්සු නෑ. ඉන්නෙත් වතුකර කොල්ලො. උන් පට්ට අපිරිසුයි. පිරිසිදුව ගැන උනන්දුව අඩුයි.

    මේ ඔක්කොම කරන්න පුවවන් නම් සුපිරිම ආයෝජනයක්. ඒ වගේම හොද ඩෙඩිකේෂන් එකකුයි ඉවසීමකුයි ඕන.