කතාව කියන්න කලින් මුලින්ම කියන්නම මම බිලියන් ආයෝජකයෙක් නෙවෙයි වගේම එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. මහන්සි වෙලා හම්බ කරපු සල්ලි විවිධ ඒවට ආයෝජනය කරපු කෙනෙක්. ඒ නිසා එලකිරි සර්ලාගෙන් පිහිටයි අවසරයි.
අද කථාව මම මෙතෙක් කල් ජීවීත කාලෙම කරපු විවිධ ආයෝජන සහ ඒවායේ සාර්ථකත්වය වගේම අසාර්ථකත්වය. මේවා යමකට ආයෝජනය කරන්න ඉන්න කෙනෙකුට යම්තාක් වැද ගත් වේවි.
මම මුලින්ම ආයෝජනය කරේ 2008 - 09 වගේ කාලේ. උසස් පෙල ලියනවා එතකොට. බොහෝම පොඩියට ෆ්රීලාන්සින් කරේ. මාසයකට ජොබ් එකක් දෙකක් වගේ තමයි කෙරුනේ. මොකද ඒ ලෙවල් මැත්ස් කරන එකෙකේට කොච්චර වැඩ තියනවද අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොම හරි මාසෙකට 10000 ක විතර ඉන්කම් එකක් ආවා. එකෙන් 80% ක් විතර පංති කාඩ් වලට ගමන් වියදමට යනවා. ගෙදරින් සල්ලි ගත්තෙ නෑ මම. මාස කීපයක් එකතු කරල කොහොම හරි 25000 ක් විතර හැදුනා. ඒක තමයි අධ්‍යාපනයට අමතර දේකට ආයෝජනය කරේ. ඒ දවස් වල ෆෝන් එකක් 7500 ක් වගේ වෙනවා. යාළුවෙක් ගෙන් තොග මිලට ෆොන් 4 ක් අරන් විකුණුවා. ඒක එච්චර සාර්තක උන ආයෝජනයක් නෙවේ. ගත්තු යාළුවෙ සල්ලි දුන්නෙ මාසෙකට 1000 - 2000 වගේ එකෙක් දුන්නෙම නෑ. ඒ වැඩේ හබක්.
ඊට පස්සෙ ආයෝජනය කරේ උසස් පෙලට පස්සෙ. ෆ්රීලාන්ස් ග්‍රැපික් ඩිසයින් ඒ දවස්වල කරේ. මාස දෙකක් විතර වැඩ කරල 50000 ක් විතර හොයා ගත්තා. ඒ කෙන් මගේ කම්පියුටර් එක අප් ග්‍රේඩ් කරා. අදටත් ඒ පීසී එක යකා වගේ වැඩ. සාධාරණ සල්ලි.
ග්‍රැපික් ඩිසයින් අධායම් මදි නිසා ප්‍රෝග්‍රැමින් ෆ්රීලාන්ස් පටන් ගත්තා. කට්ටක් කාලා ලක්ෂ දෙකක් විතර හොයා ගත්තා. මාසෙකට 75000 ක විතර ස්ටෙඩි ඉන්කම් එකක් මාස කීපයක්ම ආව නිසා අවුරුදු 15 ක් ලෝන් එකක් ගහල පොඩි ඉඩම් කෑල්ලක් ගත්තා. ගන්නකොට පර්චස් එකක් ලක්ෂ 1.2 මේ වෙනකොට පර්චස් එකක් ලක්ෂ 15 න් උඩ. මම කරපු සාර්ථකම ආයෝජනය ඒක. පොඩි මෝඩ කමක් කරා. අවුරුදු 15 කට ගෙවන්න තිබුනට මම ඒක අවුරුදු 6 කින් වගේ ගෙවල දැම්මා. පොලිය අඩු වෙලා පොඩි ලාබයක් ආවා. ඒත් මට තිබ්බේ වාරිකය ගෙවාගෙන යන ගමන් වෙන ඉඩමක් ගන්න. මම ඉක්මනට ගෙව්වෙ මට සල්ලි ලැබෙන්නෙ ප්‍රොජෙක්ට් ඉවර වෙන පිලිවෙලටනේ. සමහර ප්‍රොජෙක්ට් මාස හතර පහ ඇදෙනවා. අතේ සතයක් වත් නැති වෙනවා. ඒ බය නිසයි ඉක්මනට ලැබෙන ලැබෙන සල්ලි දාල ගෙව්වෙ.
ඉන් පස්සෙ කරපු ලොකුම ආයෝජනය අපේ තාත්තගේ ගමේ ඉඩමක කජු පැල දැම්මා. අක්කර පහක් තනිකරම කජු. කැලෑව සුද්ද කරලා පැල දාන්න ලක්ෂයක් වත් ගියේ නෑ. මාස හතර පහකට සැරයක් ගිහින් ගස් වටේ සුද්ද කරලා පෝර දාන්න විතරයි ඕ්න. මාස ගානකට වැස්සක් නැති උනොත් ගස්වලට වතුර දාන්න වෙනවා. පහුගිය අවුරුදු පහ හයටම එහෙම උනේ දෙපාරක් වගේ. මේ වෙද්දි මුර හතරක් විතර කජු කැඩුවා. පට්ටම ලාබයි. ස්ටෙඩි ඉන්කම් එකක් එනවා. වැඩේ තියෙන්නේ අවුරුද්දට එක පාරයි අස්වැන්න. සමහර ගස් අවරුද්දට දෙපාරත් හැදෙනවා. සමහර ඒවා අවාරෙ හැදෙනවා. අවුරුද්දකට බය නැතුව කජු වලින් ලක්ෂ 25 ක් විතර හොයන්න පුළුවන්. කජු හැදෙන කාලෙට මුර කාරයො දාන්න ඕන. ඩේලි ඇහිදින්න ඕන. කුලී කාරයන්ට ලක්ෂ දෙකක් විතර වියදම් වෙනවා. පට්ටම ලාබයි.
ඉන් පස්සෙ කරපු ලොකුම ආයෝජනය කන්කුන් මුකුනුවැන් ගොටුකොල වවන යාළුවෙක් එක්ක පාට්නර් ෂිප් එකක් කරා. මම ලක්ෂ තුනක් දුන්නා. ඉනකම් එක විදියට මුකුණුවැන්න මිටි දහයක් වගේ ලැබුනා එච්චරයි. යටකරපු සල්ලි අපරාදෙ.
අළුත්ම ආයෝජනය ක්‍රිප්ටෝ. ටියුබ් එකේ වීඩියෝ බල බල හිටියා මාස ගානක්. බිට්කොයින් 40 සීමාවට ආවම මේක අනිවා මීලග මාස කිපය ඇතුලත ලොකු බුල් රන් එකක් ගනිවි කියල කිව්ව නිසා කෝකටත් කියල මංගල ආයෝජනය විදියට පේපැල් වල එකතු වෙලා තිබ්බ ඩොලර් 8000 ක් අතඇරල දැම්මා. 21 බිට් කොයින් 66 සීමාව පැන්නා. ඔක්කොම සේල් කරා. මම සේල් කරද්දි 65 ට බැස්සා. දැන් 63. මට හිතෙන විදියට තව 10 ක් විතර බහීවි. බැස්ස ගමන් ආයෙත් ගන්නවා. පට්ටම ලාබයක් ලැබුනා. 5000 ක විතර ලාබයක් ආවා. මාස යක් වගේ සල්ලි හිරකරල තිබ්බේ. පේපැල් වල තියෙද්දි පොලියකුත් නෑ ලංකාවට ගේන්නත් බෑ. දැන් බයිනෑන්ස් වලින් කිසිම අවුලක් නැතිව ගේන්නත් පුවවන්.
තව ආයෝජනය කරපුව තියෙනවා. දැම්මෙ කී පොයින්ට් ටිකක් විතරයි. උඹලගේ අත්දැකීම් තුත් දාගෙන පලයන්.