ආචාර ධර්ම පද්ධතියක්..
මෙම විවාහ ක්රමයේ දී පවුලක වැඩිමහළු පිරිමි දරුවා ඥාති සමූහයාගේ එකඟත්වයෙන් චාරිත්‍රානුකූලව කැන්දාගෙන එන බිරිය, තමාගේ ද බිරිඳ ලෙස සලකා ලිංගික ඇසුර පැවැත්වීමට ඔහුට බාල සහෝදරයන් හය දෙනෙකු දක්වා පිරිසකට අවසර ලැබෙනවා. එකම පවුලේ පිරිමි සහෝදරයන් හත් දෙනකුට එක පොදු බිරිඳක් සිටීම මෙම විවාහ ක්රමයේ ලක්ෂණයක් වුණා.
පවුලේ පිරිමි සංඛ්‍යාව හතකට වඩා වැඩි නම්, අටවැන්නාට වෙනත් බිරිඳක් කැදවාගෙන ඒමට අවසර හිමිවෙනවා (ඒ කාලයේ එක පවුලක සහෝදර පිරිස 10-12 වන අවස්ථා සුලබ යි). අටවන සාමාජිකයාට පසු තවත් පිරිමි සහෝදරයන් සිටී නම් තම වැඩිමහල් සොයුරා (අටවන සාමාජිකයා) ආවාහ කරගත් බිරිඳ තමාගේ බිරිඳ ලෙස සලකා අඹුසැමි ඇසුර පැවැත්වීමට ඔහුට අවසර හිමිවුණා.
එක් සොයුරෙකු බිරිඳ සමග අඹුසැමි ඇසුර පවත්වන විට අමුඩ ලේන්සුව උළුවස්සේ එල්ලා තබා වෙනත් සහෝදරයෙකු එතැනට නොපැමිණෙන ලෙස සංඥා කිරීම ආදි සන්නිවේදන ක්‍රමයක්. අතීතයේ මෙසේ එකගෙයි කෑමේ විවාහයට සම්බන්ධවන ස්ත්‍රීන් ඉතා වාසනාවන්ත කාන්තාවන් ලෙස සැලකුණු බව පැරණි කෘති ලියූ විදේශීය ලේඛකයන් දක්වා තිබෙනවා. සමහර විට එකගෙයි කෑමේ යෙදෙන සහෝදරයෙක් ඉන් මිදී, වෙනත් විවාහයක් කරගන්නා අවස්ථාත් තිබුණා. මේ ආකාරයට එක ගෙයි කෑමෙන් බොහෝවිට ඉවත්වන්නේ බාල සහෝදරයා යි.
මෙසේ කිහිපදෙනකු සමග විවාහ ජීවිතය ගතකිරීම එම කාන්තාව හැඳින්වූයේ, "එකගෙයි රස්සා වෙනවා" හෝ "මම ඒ දෙන්නාටම බත් උයලා දෙනවා" කියලයි. බහු පුරුෂ විවාහයෙන් ලැබෙන දරුවන්ට ස්ථිර වශයෙන්ම පියෙකු නම් කළ නොහැකි වුවත්, එම දරුවන් සිය මවගේ ස්වාමිපුරුෂයන් ආමන්ත්‍රණය කරනුයේ අප්පච්චි, බාල අප්පච්චි, කුඩප්පච්චි, සහ ලොකු අප්පච්චි විදිහට යි. ස්වාමි පුරුෂයන්ගේ ඒ ඒ වයස් පරතරය අනුව මෙම ආමන්ත්‍රණය සකසා ගෙන තිබුණා. නමුත් එම දරුවන් කාගේදැ යි බොහෝවිට පුරුෂයන් නිශ්චිතව දැන සිටි නිසා තම තමන්ගේ දරුවන්ට පියවරුන් වැඩි සැලකිල්ලක් දැක්වූ බවත් අසන්නට ලැබෙනවා.
ලිංගික ඊර්ෂ්‍යාව..
අද නම් සමාජයේ ලිංගික ඊර්ෂ්‍යාව නිසා සිදුවන මිනීමැරුම් පවා සුලබ යි. අනියම් ඇසුරක් පවත්වන්නන් අතර පවා මේ නිසා ඇතිවන වෛරයෙන් කාන්තාවන් මියයාම ගැන වාර්තා අපට අසන්නට ලැබෙනවා. පුරාණයේ දී මෙලෙස ජීවත් වීමට නම් ලිංගික ඊර්ෂ්‍යාව යන කාරණාව නොමැති විය යුතු වුණා. එමෙන්ම කැන්දාගන ආ බිරිඳ මගේ පමණක් ය යන ආත්මාර්ථකාමී සිතුවිල්ල ද කිසිදු සහෝදරයකුට නොතිබිය යුතු වුණා. සියලුම සහෝදරයන් උපේක්ෂාවෙන් මමත්වයෙන් තොරව සිතිය යුතු වුණා.
ඉතිහාසයේ මොනවද තිබෙන්නේ?
ඉන්දීය සමාජය තුළ දැඩිව මුල් බැසගත බ්‍රාහ්මණ ක්‍රමය මෙම බහු පුරුෂ විවාහය අමුතුවක් කොට සලකා නැහැ. බහු පුරුෂ විවාහ පැවතුන බවට බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන එක් නිදර්ශනයක් වනුයේ කුනාල ජාතකය යි. එම ජාතකයේ කන්හා කුමරියට ස්වයංවර විවාහයකට සුදුසු වල්ලභයන් පස් දෙනකු තෝරා ගැනීමට අවසර හිමි වුණා. කෝට්ටේ රාජධානි යුගයේ එකගෙයි කෑමේ විවාහ ක්‍රමය ගැන රාජාවලියේ එක් තැනක මෙසේ සඳහන් වෙනවා:
“මේ විජයබාහු රජ එකගෙයි කන අවධියට වැදූ කුමාරයන් තිදෙනාම ධර්ම පරාක්‍රමබාහු රජුගේ ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් හා විජයබාහු රජ්ජුරුවන් දෙන්නා එක දෝළියට පැමිණ උන්න යි දත යුතු.”
ජෝආඕ රිබෙයිරෝ නම් පෘතුගීසි ජාතිකයා 16 වන සියවසේ පැවති එකගෙයි කෑම ගැන මෙසේ සදහන් කරනවා:
“ඔවුන්ගේ විවාහය හාස්‍යජනක කරුණකි. ගැහැණු ළමයෙක් තම කුලයේ පුරුෂයකු සමග විවාහයට එළඹෙයි. පහුවෙනිදාට ස්වාමිපුරුෂයාගේ සහෝදරයකු ඔහුගේ ස්ථානය හිමිකර ගනී. සොහොයුරන් හත් දෙනකු සිටින්නේ නම් රාත්‍රියෙන් රාත්‍රියට මාරුවෙන් මාරුවට බෙදාගනිමින් එක්කෙනාගෙන් එක්කෙනාට වැඩි අයිතිවාසිකම් නොමැති වන ලෙස ඇය හැම දෙනාගේම බිරිය බවට පත්වෙයි. දහවල් කාලයේ දී ඇයගේ කුටිය ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔවුන්ගෙන් කිසිවකු දුටුවේ නම් ඒ අවස්ථාවේ හැටියට ඔහුට ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරිය හැකිය. ඔහු එහි සිටින තුරු වෙනත් කිසිවකුට එහි ඇතුළු විය නොහැක. විවාහ ගිවිස ගත් පුද්ගලයා කවුරු වුවත් ඇයට අනෙක් සහෝදරයන් ප්‍රතික්ෂේෂ කළ නොහැකි ය. ඇය ඒ සියලු දෙනාගේම බිරිය යි. බාල සොහොයුරා විවාහ වුවහොත් පමණක් ඔහුගේ බිරිඳ පිළිබඳව අනෙක් සොයුරන්ට අයිතිවාසිකම් කිව නොහැක. නමුත් ඔහුට අනෙක් සොයුරන්ගේ බිරින්දෑවරුන් පිළිබද අයිතිය ඇත.”
(රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය,පරි. ටි. කේ. රුබේරු, 126 පිට)
https://elakiri.com/threads/එකගෙයි-කෑම-
.1971100/