රොබට් නොක්ස් ලිව්වෙ ඉතිහාස පොතක් නෙවෙයි. ඌ ලිව්වෙ උගෙ අත්දැකීම්, අහපු දේවල්. ලියපු දේ නොක්ස්ගෙ මතය තමයි. හැබැයි නොක්ස් ඒකාලෙ සමාජය ගැන ලියපු දේවල් බොරු කියන්න කිසිම සාක්ෂියක් නෑ.
අපිට ඒකාලෙ සිංහලු මෙහෙමයි කියල ලැජ්ජ වෙන්න හේතුවක් නෑ.
අන්න ඒක නිසා තමා ඕකෙ තියෙන ඒව 100% හරි කියල ඉතිහාසය ගැන ඉගෙන ගන්න අය පිලිගන්නෙ නැත්තෙ. උගෙ අත්දැකීම් වලට තියෙන ඒව ඔප්පු කරන්න වෙන මූලාශ්ර තියෙන ඒව පිළිගන්නව.
සමනළ කන්ද බුදුහාමුදුරුවො වැඩ වාසය කරන තැන කියල තියෙනව. උස විතරක් නෙවෙයි වැරදි විස්තර ගොඩක් අහල ලියපුව. අහද්දි ඌ සින්හල ඉගෙන ගෙන ආවෙ නැති නිසා තේරුන් ගන්න ප්රශ්න තිබ්බ. බුද්ධාගම ක්රිස්තියානි ආගම සමාන කරල විග්රහ කරල තියෙනව. ඒ තියෙන්නෙ එයාගෙ අත්දැකීම් එතකොට සමාන කරගන්නෙ අහල දැකල තියෙන දේවලට. මේ කොටස බලන්න.
අනික මේ පොත ලියන්නෙ කාට කියවන්නද? සිoහල මිනිස්සුන්ට කියවන්න නෙවෙයිනෙ. සුද්දන්ට කියවන්න. එතකොට ලියන්නෙ එයාට ගන්න පුළුවන් එන්ගලන්තෙ උදාහරණ. තැනක සිoහලු හොදයි කියනව තැනක වනචරීන් කියනව. පොතේ තියෙන කරණා 100% ඇත්තම නෙවෙයි. බොරුත් නෙවෙයි. ඇත්ත තියෙන ඒව පිළිගන්න ලැජ්ජ වෙන්න ඕනි නෑ කොහොමත් මොකද ඒවනෙ අපිව මේ තැනට එනකන් ගෙනත් තියෙන්නෙ.
,