අපි නොදන්න රුසියාව-24
කර්ස්ක් සබ්මැරීන අනතුර සිදුවී 2017 අගෝස්තු මස 17 වෙනිදාට වසර 17ක් සපිරුණි.කේ -141 නම් ඇන්ටෙයි පන්තියේ න්‍යෂ්ඨික සබ්මැරීනය වයඹදිග රුසියාවේ සෙවෙරොඩ්වින්ස්ක් නගරයේ සෙව්මාෂ් නෞකා තටාකාංගනයේදී එකලස් කර අවසන් කරන ලද්දේ 1992 වර්ෂයේදීය.මෙම සබ්මැරීනය පවෙල් පුස්ටින්ට්සෙව් සහ ඉගෝර් බරනොව් විසින් සැලසුම් කරන ලද අතර 1993 අප්‍රේල් 6 දා කර්ස්ක් යන නමින් නම් කරන ලදුව 1994 මැයි මාසයේදී දියත් කරන ලදි.කර්ස්ක් සබ්මැරීනය අධිකාරීත්වයට පත් කරන ලද්දේ 1994 දෙසැම්බර් මස 30 දාය.
1995 මාර්තු මස 1දා කෲස් මිසයිලවලින් සන්නද්ධ මෙම සබ්මැරීනය රුසියානු නාවික හමුදාවේ උතුරුදිග බල ඇණියේ සේවයට එක් කරන ලදි.වයඹදිග රුසියාවේ සැපාඩ්න්යා ලිට්සා නාවික කඳවුර මූලික කරගත් පළමු න්‍යෂ්ඨික සබ්මැරීන කණ්ඩායමේ 7 වන කොට්ඨාශයේ කර්ස්ක් සබ්මැරීනය සේවය කරන ලදි.එය 1995-2000 අතර කාලයේ රුසියානු උතුරුදිග බල ඇණියට යටතේ පැවතිණි.
2000 වර්ෂයේ අගෝස්තු මස 12දා බැරන්ට් මුහුදේ යුද අභ්‍යාසයකට කර්ස්ක් සබ්මැරීනය එකතු වී තිබියදී එයත් සමග තිබූ සන්නිවේදන සබදතා ඇණහිටියේය.සබ්මැරීනයට අණ දුන්නේ පළමු ශ්‍රේණියේ කැප්ටන් කෙනෙක් වූ ග්‍රෙනඩි ලයාචින් විසින්ය.ඒවන විට සබ්මැරීනය ප්‍රහාරක නෞකා කණ්ඩායමකට එරෙහිව ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව අභ්‍යාසයක නිරත වෙමින් සිට තිබේ.
කර්ක්ස් යනු රුසියාව සතුව තිබූ විශාලතම සහ දියුණුතම සබ්මැරීනවලින් එකකි.2000 වර්ෂයේ අගෝස්තු මාසයේදී බැරන්ට් මුහුදේ දී එය පිපිරීමකට ලක්ව මුහුදු පත්ල දක්වා කිදා බැස්සේය.මෙහි දැක්වෙන්නේ 1999 වර්ෂයේදී ලබාගත් කර්ක්ස් සබ්මැරීනයේ ඡායාරූපයකි.
එදිනම,උතුරුදිග බල ඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් වියචෙස්ලව් පොපොව් මෙහෙයුවූ නෞකා කණ්ඩායමක් අනතුරට පත් සබ්මැරීනය සෙවීමේ කටයුතු ඇරඹීය.කර්ස්ක් සබ්මැරීනය හමුවන්නේ අගෝස්තු මස 23 දා උදෑසනය.එය මීටර් 108(අඩි 354) ගැඹුරේ තැන්පත්ව තිබිණි.ආරක්ෂක අමාත්‍ය ඉගෝර් සර්ගෙයෙව් සිදුවීම පිලිබදව රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් මහතාව දැනුවත් කරන ලදි.අගෝස්තු 14 දා රුසියානු නාවික හමුදා අණදෙන නිලධාරීන් සබ්මැරීනය ගිලී ගිය බවට ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදි.ඔවුන්ගේ ප්‍රකාශයේ සඳහන් වූයේ නාවික හමුදාව සබ්මැරීනය සමග ගුවන් විදුලි පණිවුඩ හුවමාරු කරගන්නා බවයි.
ඉන් සුළු වේලාවකට පසුව නාවික හමුදා ප්‍රකාශකයා පැවසුවේ සබ්මැරීනය සමග සන්නිවේදනය පවත්වාගෙන යන්නේ මෝස් කේත ක්‍රමය ඔස්සේ පමණක් බවත් එහි කාර්යය මණ්ඩලයට අනතුරක් නැති බවත්,ඉන්ධන සහ ඔක්සිජන් පිටතින් සපයන බවත්ය.කෙසේවෙතත් සත්‍යය තවදුරටත් සඟවාගෙන සිටීමෙන් පලක් නොවන බව වැටහී ගිය හෙයින් කර්ස්ක් සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ගලවා ගැනීම සම්බන්ධව එතරම් විශ්වාසයක් නොමැති බව රුසියානු නාවික හමුදා අණදෙන නිලධාරී අද්මිරාල් විලැඩ්මීර් කුරොයෙඩෙව් විසින් නිවේදනය කරන ලදි.
සබ්මැරීන කාර්යය මණ්ඩලය මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කල බව නාවික හමුදා මූලස්ථානය අගෝස්තු මස 15 දා නිවේදනය කලේය.උතුරුදිග නාවික හමුදා බල ඇණියේ මුදාගැනීමේ නෞකා වන බැට්ල්කෲසර් වර්ගයේ නෞකාවක් වන පයොට්ර වෙලිකි ඇතුලුව නෞකා 20ක් පමණ අනතුර සිදුවූ ස්ථානය වෙත යවන ලදි.නමුත් මුහුදේ කුණාටුමය තත්ත්වය මුදා ගැනීමේ මෙහෙයුම් කල් දමන්නට හේතු විය.
එදින මාධ්‍යවේදීන් ඇමතූ උතුරුදිග බල ඇණියෙ ප්‍රකාශකයා කියා සිටියේ මෝස් කේත ඔස්සේ සිදුවන පණිවුඩ හුවමාරුවෙන් ඔප්පු වන්නේ කාර්යය මණ්ඩලය තවමත් ජීවතුන් අතර බවයි.නමුත් 103 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලය අනතුරින් තුවාල ලබා ඇද්ද යන්න අපැහැදිලි යැයි ඔහු කීය.සබ්මැරීනය තුල සිටි නැවියන් ගණන 118ක් බව පසුව තහවුරු කෙරිණි.
අගෝස්තු මස 16 දා රුඩ්නිට්ස්කි නම් මුදාගැනීමේ නෞකාවෙන් දියත් කල ප්‍රයිස් නම් ගැඹුරු මුහුදේ මුදා ගැනීම් සඳහා නිපදවූ යාත්‍රාව යොදාගෙන එදින රාත්‍රිය පුරා සබ්මැරීනයට ඇතුලු වීමට කිහිපවරක් උත්සාහ කලද ඒ සියල්ල අසාර්ථක විය.ගැඹුරු මුහුදේ කිමිදුම්කරුවන් සහිත නෝර්වීජියානු සීවේ ඊගල් නෞකාව සහ බ්‍රිතාන්‍යය විශේෂඥයින්,උපකරණ සහිත නෝර්මන්ඩ් පයනියර් නම් නෞකාව අනතුර සිදුවූ ප්‍රදේශයට පිටත් කර හරින ලද්දේ අගෝස්තු මස 17දාය.
අගෝස්තු මස 19 දා සවස් භාගය වන විට නෞකාව අනතුර සිදුවූ ස්ථානයට ලගා වී මුදා ගැනීමේ මෙහෙයුම් ඇරඹීය.අගෝස්තු මස 20දා නෝර්වීජියානු කිමිදුම්කරුවන් සබ්මැරීනය පරීක්ෂා කර බලා සිදුවන තිබෙන හානිය සහ සබ්මැරීනයේ පසුපස කොටසේ වායු බෑග්වල තත්ත්වය සොයා බැලීය.ඔවුන් සබ්මැරීනයෙන් පිටවීමේ දොරටුවක අගුල් බිදීමට සමත්විය.නමුත් සබ්මැරීනය තුලට පිවිසීමට අසමත් වූහ.දොර විවර කිරීමට නම් විශේෂිත උපකරණ නිර්මාණය කිරීමට අවශ්‍ය විය.
සබ්මැරීනයේ නමවන මැදිරියේ ඉහළ පිටවීමේ දොරටුව අගෝස්තු මස 21දා උදෑසන වන විට විවෘත කරගන්නට නෝර්වීජියානු කිමිදුම්කරුවන් සමත්වුවද එහි අගුල නොතිබිණි.වතුරින් පිරී ඇතැයි සැක කල නමවන මැදිරියේ ඇතුලු දොර විවෘත කිරීමට කිමිදුම්කරුවන් පුලුවන් විය.සබ්මැරීනයේ හත්වන සහ අටවන මැදිරිවල තත්ත්වය සොයා බැලීමට වීඩියෝ කැමරාවක් ඇතුල් කල අතර ඊට මළ සිරුරක් දර්ශනය විය.
කේ-141 කර්ස්ක් සබ්මැරීනයේ සිටි සියලු නැවියෝ මිය ගොස් ඇති බව අගෝස්තු මස 21දා පස්වරු 5 උතුරු දිග බල ඇණි කාර්ය මණ්ඩල ප්‍රධානී වයිස් අද්මිරාල් මිකායිල් මොට්සක් විසින් තහවුරු කරන ලදි.අගෝස්තු මස 22දා රුසියානු ජනපති නියෝගයක් නිකුත් කරමින් නිවේදනය කලේ අගෝස්තු 23 දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.
කර්ස්ක් සබ්මැරීන අනතුරින් දින 40කට පසුව සෙවරොඩ්වින්ස්ක් නගරයේ යාග්රෙයි දූපතේ අනුස්මරණ ඵලයකයක් නිරාවරණය කරන ලදි.මිය ගිය නැවියන්ගේ මළ සිරුරු ගොඩ ගැනීමේ මෙහෙයුම 2000 ඔක්තෝම්බර් 25 ඇරඹිණි.එය අවසන් වූයේ 2000 නොවැම්බර් මස 7 දාය.කර්ස්ක් සබ්මැරීනය ගොඩ ගැනීම 2001 ඔක්තෝම්බර් 7-10 යන කාලයේදී සිදුවිය.එය රොස්ලියාකොව් නෞකාතටාකාංගනයට වෙත ගෙන යන ලදි.සබ්මැරීන කාර්ය මණ්ඩලය වූ 118 දෙනාගෙන් 115දෙනෙකුගේ සිරුරු සොයා ගත් අතර 2001 වර්ෂයේ මුල් කාලයේදී ඒවා හඳුනාගැනීම සිදුවිය.
කර්ස්ක් සබ්මැරීනය අනතුරට ලක්වීම සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් 8ක් යොදවන ලදි.සබ්මැරීනය ගොඩ ගත් වහාම ඔවුන් විමර්ශන කටයුතු ඇරඹීය.මෙම කණ්ඩායම් වලට උතුරුදිග බල ඇණිය,මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් හමුදා දිස්ත්‍රික්ක වල විශේෂඥයින් ඇතුලත් විය.ඔවුන් වසරක කාලයක් විනාශ වූ සබ්මැරීනය පරීක්ෂාවට ලක් කරන ලදි.
2001 ඔක්තෝම්බර් 27දා ජෙනරල් විලැඩ්මීර් උස්ටිනොව් ප්‍රකාශ කර සිටියේ පිපිරීම සම්පූර්ණ යාත්‍රාව පුරාවට පැතිර ගොස් තිබෙන බව මතුපිටින් නිරීක්ෂණය කිරීමෙන් පෙනී යන බවයි.පිපිරීමේදී යාත්‍රාවේ උණුසුම්ම ස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 8000කට ළඟා වී තිබූ බව ඔහු පැවසීය.සබ්මැරීනය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී යෑමට පැය 8ක කාලයක් ගත වූ බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.උස්ටිනොව් අවධාරණය කර සිටියේ මෙතරම් හානි සිදුව තිබුණත් න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය තිබූ හයවන මැදිරියට සහ සබ්මැරීනයේ පැතිවල තිබූ කෲස් මිසයිල 22ට කිසිදු හානියක් සිදුව නොතිබිණි.
2002 ජූලි 26 දා පැමිණිල්ල මෙහෙයවූ ජෙනරල්වරයා කියා සිටියේ හතරවන ටෝර්පිඩෝ දියත්කරණයේ ඇතුලත සිදුවූ පිපිරීමක් සහ ඊට සමගාමීව පළමු මැදිරියේ ටෝර්පිඩෝ ගබඩාවේ සිදුවු පිපිරීම් නිසා කර්ස්ක් ඛේදවාචකය සිදුවූ බවයි.ඔහුට අනුව බැරන්ට් මුහුදේ නාවික යුද අභ්‍යාසය පැවැත්වූ,මෙහෙයවූ සහ පිපිරීමට හේතුවූ ටෝර්පිඩෝව සබ්මැරීනයට සැපයූ කිසිවෙක් චෝදනාවට ලක් නොවීය.
රුසියානු ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිද්ධියෙන් මියගිය නැවියන්ට වීරත්වයේ පදක්කම හිමිවිය.සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් සිටියදී මිය ගිය කැප්ටන් ග්‍රෙනඩි ලයාචින් රුසියානු සමූහාණ්ඩුවේ වීරයා යන සම්මානයට පාත්රවිය.කර්ස්ක් සබ්මැරීනයේ සේවය කල මොස්කව් හි නැවියන්ගේ සිරුරු 2002 අගෝස්තු 1දා රුසියානු නගර වන නිස්නි නොව්ගොරොඩ් සහ වයඹදිග ගම්මානයක් වන විඩ්යායෙවො හි මිහිදන් කරන ලදි.
අනතුරින් මිය ගිය නැවියන්ට කළු මුහුදු නාවික බල ඇණියේ නැවියන් සිය ගෞරවය පුදන අයුරු
සබ්මැරීනයේ සිටි නැවියන්ගෙන් 32දෙනෙකුගේ මළ සිරුරු ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සෙරාෆිමොස්කොයි සොහොන් පිටියේ මිහිදන් කරන ලදි.එහි කටයුතු 2003 අගෝස්තු මාසයේදී අවසන් කරන ලදි.කර්ස්ක් සබ්මැරීනයේ කැබින් එක 2009 වර්ෂයේදී මුර්මන්ස්ක් නගරයේ අනුස්මරණ ඵලකයක් ලෙස ස්ථාපනය කරන ලදි.2012 ජූලි 31දා කර්ස්ක් සබ්මැරීනයේ නැවියන්ගේ ඥාතීන් සිද්ධිය සිහිපත් කරමින් පැවැත්වූ හතරවන මෝටර් රථ රැළියට සහභාගි විය.තවද සබ්මැරීනය ගිලී ගිය බැරන්ට් මුහුදු ප්‍රදේශයේ පත්ලේ ඕතොඩොක්ස් කුරුසය පිහිටුවන ලදි.
කෙසේවෙතත් මෙම අනතුරට හේතුව සබ්මැරීනයේ ඇතුලත ටෝර්පිඩෝවක් පිපිරී යෑම නොවේ යැයි කියන පිරිසක්ද වෙති.ඔවුන්ට අනුව මෙම ඛේදවාචකය ඇතිවීමට තුඩු දුන් හේතුව රුසියානු නාවික හමුදාවත් රජයත් යට ගසා තිබේ.රුසියානු නාවික හමුදාව අදාල යුද අභ්‍යාසය සිදුකරන සමයේ ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ඇතුලු රටවල ඔත්තු බැලීමේ සබ්මැරීනද ප්‍රදේශය පුරා සැරි සැරූ බවත් රුසියානු සබ්මැරීනයත් සමග සිදුවූ ගැටීමක් නිසා මෙම අනතුර සිදුවූ බව එක් මතයකි.නේටෝ සබ්මැරීනයක් එල්ල කල ටෝර්පිඩෝ ප්‍රහාරයකින් කර්ස්ක් සබ්මැරීනය විනාශ වූ බව තවත් මතයකි.තවත් මතයක් වන්නේ පයොට්ර වෙලිකි නෞකාව එල්ල කල ප්‍රහාරයකින් සබ්මැරීනය විනාශ වූ බවයි.මෙම ඛේදවාචකයට හේතුව කුමක් වුවද යුද්ධයක් නොපැවති සමයේ රුසියාවට නැවියන් 118ක් අහිමිවිය.
සබ්මැරීනය ගිලී ගිය ප්‍රදේශයට ලගා වූ නෞකාවක සිටින මිය ගිය නැවියන්ගේ ඥාතීන්,2000 අගෝස්තු 24.
බැරන්ට් මුහුදු පත්ලේ තිබූ කර්ස්ක් සබ්මැරීනය ජයන්ට්-4 නම් නෞකාවේ වානේ රැහැන් වලින් ඔසවන අවස්ථාව.
කර්ස්ක් සබ්මැරීනයේ නාවික හමුදා නිලධාරී ඇන්ඩ්‍රෙයි සිලොගව්ගේ මෑණියන් සිය පුතුට අවසන් ගෞරවය දක්වමින්,සෙවස්ටොපොල්,2001 දෙසැම්බර් 19.
මර්මන්ස්ක්හි රොස්ලියාකොව් වරායේ තටාකාංගනයකට ගෙන ආ සබ්මැරීනයේ මුදුන පෙනෙන අයුරු.2001 ඔක්තෝම්බර් 23.
සබ්මැරීනයේ අටලුව දිස්වන අයුරු,මර්මන්ස්ක්, රොස්ලියාකොව් වරාය,2001 ඔක්තෝම්බර් 23.
කර්ස්ක් සබ්මැරීනයේ සිටි ඇලෙක්සි මිට්යායෙව් නම් නිලධාරියාගේ මව ශාන්ත පීටර්ස් බර්ග් නුවර සෙරාෆිමොස්කොයි සොහොන් පිටියේදී පුතුගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු,2001 නොවැම්බර් 17.
කර්ස්ක් සබ්මැරීනය ගොඩගැනීම සම්බන්ධව නිර්මාණය කල වාර්තා වැඩසටහනක්
Source:sputniknews.com
-HarshaLulzSec-

සම්බන්ධතාවය ගිලිහී යෑම

මුදා ගැනීමේ මෙහෙයුම

2000 අගෝස්තු මස 21 දා බැරන්ට් මුහුදේ මුදා ගැනීම් කටයුතු වලට සම්බන්ධ වූ නැවියන් පිරිසක් පයොට්ර වෙලිකි නෞකාව අසලට ලගා වන අයුරු.
අගෝස්තු මස 16 දා රුඩ්නිට්ස්කි නම් මුදාගැනීමේ නෞකාවෙන් දියත් කල ප්‍රයිස් නම් ගැඹුරු මුහුදේ මුදා ගැනීම් සඳහා නිපදවූ යාත්‍රාව යොදාගෙන එදින රාත්‍රිය පුරා සබ්මැරීනයට ඇතුලු වීමට කිහිපවරක් උත්සාහ කලද ඒ සියල්ල අසාර්ථක විය.ගැඹුරු මුහුදේ කිමිදුම්කරුවන් සහිත නෝර්වීජියානු සීවේ ඊගල් නෞකාව සහ බ්‍රිතාන්‍යය විශේෂඥයින්,උපකරණ සහිත නෝර්මන්ඩ් පයනියර් නම් නෞකාව අනතුර සිදුවූ ප්‍රදේශයට පිටත් කර හරින ලද්දේ අගෝස්තු මස 17දාය.
කාර්ය මණ්ඩලය ගලවා ගැනීමේ ජාත්‍යන්තර උත්සාහය
අගෝස්තු මස 19 දා සවස් භාගය වන විට නෞකාව අනතුර සිදුවූ ස්ථානයට ලගා වී මුදා ගැනීමේ මෙහෙයුම් ඇරඹීය.අගෝස්තු මස 20දා නෝර්වීජියානු කිමිදුම්කරුවන් සබ්මැරීනය පරීක්ෂා කර බලා සිදුවන තිබෙන හානිය සහ සබ්මැරීනයේ පසුපස කොටසේ වායු බෑග්වල තත්ත්වය සොයා බැලීය.ඔවුන් සබ්මැරීනයෙන් පිටවීමේ දොරටුවක අගුල් බිදීමට සමත්විය.නමුත් සබ්මැරීනය තුලට පිවිසීමට අසමත් වූහ.දොර විවර කිරීමට නම් විශේෂිත උපකරණ නිර්මාණය කිරීමට අවශ්‍ය විය.
සබ්මැරීනයේ නමවන මැදිරියේ ඉහළ පිටවීමේ දොරටුව අගෝස්තු මස 21දා උදෑසන වන විට විවෘත කරගන්නට නෝර්වීජියානු කිමිදුම්කරුවන් සමත්වුවද එහි අගුල නොතිබිණි.වතුරින් පිරී ඇතැයි සැක කල නමවන මැදිරියේ ඇතුලු දොර විවෘත කිරීමට කිමිදුම්කරුවන් පුලුවන් විය.සබ්මැරීනයේ හත්වන සහ අටවන මැදිරිවල තත්ත්වය සොයා බැලීමට වීඩියෝ කැමරාවක් ඇතුල් කල අතර ඊට මළ සිරුරක් දර්ශනය විය.
දිවිගලවා ගත්තවුන් නොමැත
කේ-141 කර්ස්ක් සබ්මැරීනයේ සිටි සියලු නැවියෝ මිය ගොස් ඇති බව අගෝස්තු මස 21දා පස්වරු 5 උතුරු දිග බල ඇණි කාර්ය මණ්ඩල ප්‍රධානී වයිස් අද්මිරාල් මිකායිල් මොට්සක් විසින් තහවුරු කරන ලදි.අගෝස්තු මස 22දා රුසියානු ජනපති නියෝගයක් නිකුත් කරමින් නිවේදනය කලේ අගෝස්තු 23 දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.
කර්ස්ක් සබ්මැරීනය ගොඩ ගත් ප්‍රදේශයට ලඟා වූ එය එසවීමට දායක වූ Giant-4 නෞකාව.අසලින් තිබෙන්නෙ රුසියාවේ පයොට්ර වෙලිකි නෞකාවයි(L).
කර්ස්ක් සබ්මැරීන අනතුරින් දින 40කට පසුව සෙවරොඩ්වින්ස්ක් නගරයේ යාග්රෙයි දූපතේ අනුස්මරණ ඵලයකයක් නිරාවරණය කරන ලදි.මිය ගිය නැවියන්ගේ මළ සිරුරු ගොඩ ගැනීමේ මෙහෙයුම 2000 ඔක්තෝම්බර් 25 ඇරඹිණි.එය අවසන් වූයේ 2000 නොවැම්බර් මස 7 දාය.කර්ස්ක් සබ්මැරීනය ගොඩ ගැනීම 2001 ඔක්තෝම්බර් 7-10 යන කාලයේදී සිදුවිය.එය රොස්ලියාකොව් නෞකාතටාකාංගනයට වෙත ගෙන යන ලදි.සබ්මැරීන කාර්ය මණ්ඩලය වූ 118 දෙනාගෙන් 115දෙනෙකුගේ සිරුරු සොයා ගත් අතර 2001 වර්ෂයේ මුල් කාලයේදී ඒවා හඳුනාගැනීම සිදුවිය.
විමර්ශනය
කර්ස්ක් සබ්මැරීනය අනතුරට ලක්වීම සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් 8ක් යොදවන ලදි.සබ්මැරීනය ගොඩ ගත් වහාම ඔවුන් විමර්ශන කටයුතු ඇරඹීය.මෙම කණ්ඩායම් වලට උතුරුදිග බල ඇණිය,මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් හමුදා දිස්ත්‍රික්ක වල විශේෂඥයින් ඇතුලත් විය.ඔවුන් වසරක කාලයක් විනාශ වූ සබ්මැරීනය පරීක්ෂාවට ලක් කරන ලදි.
2001 ඔක්තෝම්බර් 27දා ජෙනරල් විලැඩ්මීර් උස්ටිනොව් ප්‍රකාශ කර සිටියේ පිපිරීම සම්පූර්ණ යාත්‍රාව පුරාවට පැතිර ගොස් තිබෙන බව මතුපිටින් නිරීක්ෂණය කිරීමෙන් පෙනී යන බවයි.පිපිරීමේදී යාත්‍රාවේ උණුසුම්ම ස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 8000කට ළඟා වී තිබූ බව ඔහු පැවසීය.සබ්මැරීනය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී යෑමට පැය 8ක කාලයක් ගත වූ බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.උස්ටිනොව් අවධාරණය කර සිටියේ මෙතරම් හානි සිදුව තිබුණත් න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය තිබූ හයවන මැදිරියට සහ සබ්මැරීනයේ පැතිවල තිබූ කෲස් මිසයිල 22ට කිසිදු හානියක් සිදුව නොතිබිණි.
2002 ජූලි 26 දා පැමිණිල්ල මෙහෙයවූ ජෙනරල්වරයා කියා සිටියේ හතරවන ටෝර්පිඩෝ දියත්කරණයේ ඇතුලත සිදුවූ පිපිරීමක් සහ ඊට සමගාමීව පළමු මැදිරියේ ටෝර්පිඩෝ ගබඩාවේ සිදුවු පිපිරීම් නිසා කර්ස්ක් ඛේදවාචකය සිදුවූ බවයි.ඔහුට අනුව බැරන්ට් මුහුදේ නාවික යුද අභ්‍යාසය පැවැත්වූ,මෙහෙයවූ සහ පිපිරීමට හේතුවූ ටෝර්පිඩෝව සබ්මැරීනයට සැපයූ කිසිවෙක් චෝදනාවට ලක් නොවීය.
වීරයෝ
රුසියානු ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිද්ධියෙන් මියගිය නැවියන්ට වීරත්වයේ පදක්කම හිමිවිය.සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් සිටියදී මිය ගිය කැප්ටන් ග්‍රෙනඩි ලයාචින් රුසියානු සමූහාණ්ඩුවේ වීරයා යන සම්මානයට පාත්රවිය.කර්ස්ක් සබ්මැරීනයේ සේවය කල මොස්කව් හි නැවියන්ගේ සිරුරු 2002 අගෝස්තු 1දා රුසියානු නගර වන නිස්නි නොව්ගොරොඩ් සහ වයඹදිග ගම්මානයක් වන විඩ්යායෙවො හි මිහිදන් කරන ලදි.
ශාන්ත පීටර්ස්බර්ග් නුවර, කර්ස්ක් සබ්මැරීන අනතුරෙන් මියගිය විරුවන් පුදන අයුරු.
අනතුරින් මිය ගිය නැවියන්ට කළු මුහුදු නාවික බල ඇණියේ නැවියන් සිය ගෞරවය පුදන අයුරු
සබ්මැරීනයේ සිටි නැවියන්ගෙන් 32දෙනෙකුගේ මළ සිරුරු ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සෙරාෆිමොස්කොයි සොහොන් පිටියේ මිහිදන් කරන ලදි.එහි කටයුතු 2003 අගෝස්තු මාසයේදී අවසන් කරන ලදි.කර්ස්ක් සබ්මැරීනයේ කැබින් එක 2009 වර්ෂයේදී මුර්මන්ස්ක් නගරයේ අනුස්මරණ ඵලකයක් ලෙස ස්ථාපනය කරන ලදි.2012 ජූලි 31දා කර්ස්ක් සබ්මැරීනයේ නැවියන්ගේ ඥාතීන් සිද්ධිය සිහිපත් කරමින් පැවැත්වූ හතරවන මෝටර් රථ රැළියට සහභාගි විය.තවද සබ්මැරීනය ගිලී ගිය බැරන්ට් මුහුදු ප්‍රදේශයේ පත්ලේ ඕතොඩොක්ස් කුරුසය පිහිටුවන ලදි.
මීටර් 154ක් දිග පැයට කි.මී. 60 තරම් උපරිම වේගයකින් ජලය තුල යාත්‍රා කල හැකි කර්ස්ක් සබ්මැරීනය බැරන්ට් මුහුදේ,1999 වර්ෂයේ ඡායාරූපයකි.
වම් පස සිටින්නේ කර්ස්ක් සබ්මැරීනයේ අණදෙන නිලධාරියා වූ ග්‍රෙනඩි ලයාචින්ය,1999,රුසියාවේ හි.
කැප්ටන් කොලෙස්නිකොව් විසින් ලියන ලද ලිපියක්.2000 අගෝස්තු මස 12 දා ලියන ලද මෙය මළ සිරුරු ගොඩ ගැනීමේ මෙහෙයුමේදී(2000 ඔක්තෝම්බර්) සොයා ගන්නා ලදි."මෙහි දැඩි අදුරක් තිබේ,නමුත් මම අදුරේ ලියන්නට උත්සාහ කරනවා.පේන විදියට නම් අපිට කිසිම වාසනාවක් නැහැ: 10-20%.කවුරුන් හෝ මෙය කියවාවි යැයි බලාපොරොත්තු වෙමු."යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ
මිය ගිය නැවියන් සිහිකිරීමට ඉදිකල සිහිවටනයක්,රුසියානු ආරක්ෂක හමුදා කෞතුකාගාරය,මොස්කව්
සබ්මැරීනයේ පාලන මැදිරිය සහිත කොටස යොදාගෙන නිර්මාණය කල සිහිවටනයක්
කෙසේවෙතත් මෙම අනතුරට හේතුව සබ්මැරීනයේ ඇතුලත ටෝර්පිඩෝවක් පිපිරී යෑම නොවේ යැයි කියන පිරිසක්ද වෙති.ඔවුන්ට අනුව මෙම ඛේදවාචකය ඇතිවීමට තුඩු දුන් හේතුව රුසියානු නාවික හමුදාවත් රජයත් යට ගසා තිබේ.රුසියානු නාවික හමුදාව අදාල යුද අභ්‍යාසය සිදුකරන සමයේ ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ඇතුලු රටවල ඔත්තු බැලීමේ සබ්මැරීනද ප්‍රදේශය පුරා සැරි සැරූ බවත් රුසියානු සබ්මැරීනයත් සමග සිදුවූ ගැටීමක් නිසා මෙම අනතුර සිදුවූ බව එක් මතයකි.නේටෝ සබ්මැරීනයක් එල්ල කල ටෝර්පිඩෝ ප්‍රහාරයකින් කර්ස්ක් සබ්මැරීනය විනාශ වූ බව තවත් මතයකි.තවත් මතයක් වන්නේ පයොට්ර වෙලිකි නෞකාව එල්ල කල ප්‍රහාරයකින් සබ්මැරීනය විනාශ වූ බවයි.මෙම ඛේදවාචකයට හේතුව කුමක් වුවද යුද්ධයක් නොපැවති සමයේ රුසියාවට නැවියන් 118ක් අහිමිවිය.
විඩියාවො නාවික කඳවුරේ නවතා තිබෙන කර්ස්ක් න්‍යෂ්ඨික සබ්මැරීනය,2000 වර්ෂයේ ඡායාරූපයකි.
සෙව්රොමොස්ක් හි පැවැත්වූ නාවික හමුදා පෙළපාලියකට එක් වූ කර්ස්ක් සබ්මැරීනයේ ප්‍රධානියා වූ ග්‍රෙනඩි ලයාචින්(දකුණුපස) ඇතුලු නැවියන්,2000 ජූලි 30.
කර්ස්ක් සබ්මැරීනය ගොඩගත් ප්‍රදේශය
රුසියානු සබ්මැරීනය ගිලී ගිය ප්‍රදේශයට ආසන්නයේ පිහිටා තිබෙන නෝර්වීජියානු භූකම්පා නිරීක්ෂණනාගාර තුනක් විසින් 2000 අගෝස්තු මස 12 දා අනාවරණය කරගත් පිපිරීම් වල ප්‍රස්ථාර
.