අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මිදි වෑලකුත් හිටවපන් මචන් හොදට අව්ව තියෙන තෑනක.... :cool:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    උඹ වවන්න යන ඉඩමේ පස, ආලොකය වැටෙන ආකාරය, වතුර සපයන විදිය, වගාව ආරක්ෂා කරගන්න විදිය අනුව උඹ වවන්න යන වගාව තෝරගන්න මචන්. ඒක එක්තරා කලාවක් මචන්. ඉගෙන හන්න ලේසියි. පොත් කියවල කරනවට වඩා අත්දැකීමන් ඉගෙනගත්තාම ප්‍රතිඵල හොඳයි..
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Raddish.jpg

    රාබු

    උද්භිද විද්‍යාත්මක නාමය - රැෆනුස් සැටයිවස් (Raphanus sativus)
    කුලය : බ්‍රසිකේසි

    ශ්‍රී ලංකාවේ සියළුම කෘෂි දේශගුණික කලාපවල රාබු වගාකළ හැකිය. හොඳින් ජලය බැසයන පී. එච් අගය 6.0 – 7.5 අතර වූ පසක් වගාව සඳහා වඩා සුදුසුය.
    බිම් සැකසීම
    සෙන්ටි මීටර් 30 – 40 පමණ ගැඹුරට පස පෙරළා හොඳින් කැට පොඩිකර ගන්න. උස් පාත්ති සකසා කාබනික පොහොර පස සමඟ කළවම් කරගන්න.
    නිර්දේශිත ප්‍රභේද

    ජපන් බෝල
    සුදු පැහැති රවුම් අල නිපදවයි. පත්‍ර කණ්ඩිකාවලට බෙදී ඇති අතර මැද නාරටිය ප්‍රදේශයේ බූව සහිතය. දින 45 – 55 දී අස්වැන්න නෙලාගත හැකිය. මැද හා උඩරට ප්‍රදේශවලට වඩා සුදුසුය.
    බීරළු
    සුදුපැහැති තර්තු හැඩැති අල හටගනී. පත්‍ර බෙදී හෝ බූව සහිත ස්වභාවයක් හෝ නැත. දින 45 – 50 දී අස්වැන්න නෙලාගත හැකිය. පහතරට ප්‍රදේශ සඳහා වඩා සුදුසුය.
    මෙයට අමතරව "රේඩ් රැඩිෂ් නමින් බොහෝ විට හඳුන්වනු ලබන සලාද රාබු වර්ගයද උඩරට ප්‍රදේශවල ගොවීන් අතර ජනප්‍රියය. දින 35 – 45 දී අස්වනු නෙලාගත හැකි මෙම ප්‍රභේදයේ ඇට බෝල ප්‍රමාණයේ රතු පැහැති අල හටගනී. පිසීමකින් තොරව සලාද ආකාරයට ආහාරයට ගත හැකිය.
    බීජ අවශ්‍යතාවය
    හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 5 කි.
    පරතරය

    • පේලි අතර සෙන්ටි මීටර් 25 – 30 හා පැල අතර සෙන්ටි මීටර් 10 කි.
    • සලාද රාබු සඳහා සෙන්ටි මීටර් 20 x 50 කි.
    සිටුවීම
    බීජ සිටුවිය යුත්තේ පේලි දිගේය. බීජ පැලවී සතියක් පමණ ගත වූ පසුව වැඩි පැල උදුරා දමන්න. මල් හට ගැනීම වළක්වා ගැනීම සඳහා උඩරට ප්‍රදේශවල රාබු වගා කළ යුත්තේ මාර්තු - මැයි සහ අගෝස්තු - ඔක්තෝබර් කාලවලදීය.
    පොහොර යෙදීම

    යෙදිය යුතු කාලය යූරියා ත්‍රිත්ව සුපර් පොස්පේට් මියුරියේට්ඔෆ්පොටෑෂ්
    කි.ග්‍රෑ/ හෙක්. කි.ග්‍රෑ/ හෙක්. කි.ග්‍රෑ/ හෙක්. මූලික පොහොර 85 110 65 සති 3 දී 85 - 65 ජල සම්පාදනය
    මුල් දින 4 – 5 දී දිනපතා ද ඉන්පසු සෑම දින 3 – 4 වරක් බැඟින් ද ජලය සපයන්න.
    වල් පැල පාලනය

    එක් වරක් අතින් වල් පැල ගැලවිම ප්‍රමාණවත්ය. උඩරට ප්‍රදේශවල සති 4 දී ද වෙනත් ප්‍රදේශවල සති 2 පමණද වල් ගලවා දමන්න.
    කෘමි පාලනය

    පත්‍ර කන දළඹු වර්ග නිසා දරුණු හානියක් පවතින විට නිර්දේශිත කෘමි නාශකයක් යොදන්න.
    පත්‍ර කනින්නා
    ග්‍රීස් තැවරූ කහ පැහැති පොලිතීන් උගුල් වගාව් යෙදීම, බෝග මාරුව, හානි වූ ශාක කොටස් විනාශ කිරීම, ඇසඩරැක්ටින් හෝ සයිරොමයිසින් වැනි කෘමි නාශකයක් යෙදීමද කළ හැකිය.
    කියත් පණුවා
    කුඩා පැල කපා දමයි. නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න. වගාවේ පස අවුස්සා, පිලා අවස්ථාව විනාශ කර දමන්න.
    රෝග පාලනය

    බරවාපාද රෝගය
    පැලෑටියේ වර්ධනය බාල වේ. මුල ඉදිමී විකෘති වේ. බෝගය සිටුවීමට පෙර පසට හුණු යෙදීම, ගෝවා, රාබු වැනි බෝග එකම ඉඩමේ නිතර වගා නොකිරීම හා වල් අබ නැමති පැලෑටි ඉඩමේ වැඩීමට ඉඩ නොදීම වැනි ක්‍රියා මඟින් රෝගය පාලනය කරගත හැකිය.
    අස්වනු නෙලීම
    නියම අවස්ථාවේදී අස්වනු නෙලන්න. අස්වැන්න ප්‍රමාද වී නෙලීම මඟින් අස්වනුවල ගුණත්මය අඩුවේ.
    අස්වැන්න

    • ජපන් බෝල - හෙක්ටයාරයකට ටොන් 40 – 50
    • බීරළු - හෙක්ටයාරයකට ටොන් 20 – 30
    අස්වැන්න සැකසීම
    අලවල ප්‍රමාණය අනුව අස්වැන්න ශ්‍රේණි කරන්න. වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදි අසුරා මිටි බැඳ වෙළඳපොලට යවන්න
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    පොල්

    කෘෂිලංකා වෙතින්

    වෙත පනින්න: සංචලනය, ගවේෂණය
    පොල් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය කොකස් නුසිපෙරා නම් වේ. පොල් ශාකය තාල කුලය හෙවත් පාර්මේ කුලයට අයත් වේ. අපරටේ මෙය හඳුන්වන තවත් නාමයක් වනුයේ කප්රුක ය. ඊට හේතුව පොල් ගසේ සෑම ‍කොටසක්ම කුමන හෝ ප්‍රයෝජනයකට ගැනීමයි. පොල් ශාකය ලවණ පස ප්‍රිය කරන බෝගයක් වුවත් අප රටේ අනෙත් පළාත්වලද වැඩේ. පොල් වගාව සම්බන්ධව පර්යේෂණ සිදු කරනු ලබන්නේ ලුණුවිල පොල් පර්යේෂණායතනය මගිනි.


    ලෝකයේ රටවල් 84 ක හෙක්ටයාරයකට දස ලක්ෂ 11 ක‍ පොල් වගා කෙරේ. එහි මුළු නිෂ්පාදනය ගෙඩි බිලියන 52 කි. මින් අඩකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වන්නේ අග්නිදිග ආසියානු රටවල් වන පිලිපීනය සහ ඉන්දුනීසියාවේය.
    ලංක‍ාවේ අවුරුදු 2000 කටත් ඉහත සිට පොල් වගාව ආරම්භව ඇත.
    ලංකාවේ පොල් වගා භූමි ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර් 440000 පමණය. වැඩිම ප්‍රමාණයක් ඇත්තේ කොළඹ, පුත්තලම, කුරුණෑගල ප්‍රදේශ මායිම් වන පොල් ත්‍රිකෝණය තුළය. උප පොල් ත්‍රිකෝණය ලෙස දකුණු පළාතේ මිද්දෙනිය, රත්න, බෙලි අත්ත මායිම් තුළ වේ.
    මෙරට පොල් වගාවෙන් 75% ක් කුඩා පොල් වතුය. එය හෙක්ටයාර් 313,089 පමණ වේ. හෙක්ටයාර් 8 - 20 ත් අතර විශාල ඉඩම් මීට ඇතුලත්ය.
    දළ දේශීය නිෂ්පාදනයෙන් 2% වන පොල් වගාවේ විදේශ විනිමය ඉපයීම අතින් 3.4% ක දායකත්වයක් දරයි.
    මුළු සේවා නියුක්තියෙන් 5% පමණ වන, පොල් කර්මාන්ත හා වගා ක්ෂේත්‍රයේ ලක්ෂ 5 ක පමණ පිරිසක් සේවයේ යෙදී සිටී. වාර්ෂික පොල් නිෂ්පාදනයෙන් 70% දේශීය පරිභෝජනයටද ඉතිරි 30% සැකසුම් නිෂ්පාදන ලෙස අපනයනය කෙරේ. ජාතික පොල් නිෂ්පාදනය වසරකට ගෙඩි දස ලක්ෂ 2500 කි. මින් ගෙඩි 90 ක් අමු පොල් ලෙසත්, ඉතිරිය වෙනත් නිෂ්පාදන ලෙසත් පරිභෝජනයට ගනී.


    ලංකාවේ පොල් වගාවේ සංවර්ධනය සඳහා,
    1. පොල් වගා කිරීමේ මණ්ඩලය - වගා උපදේශක හා සහනාධාර සේවාද
    2. පොල් පර්යේෂණ මණ්ඩලය - උපදේශන හා පර්යේෂණ කටයුතු සේවාද
    3. අපනයන නිෂ්පාදන කළමණාකරණ කටයුතු පොල් සංවර්ධන අධිකාරියද පිහිටුවා ඇත
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඇන්තුරියම් පැල බෝ කරන ක්‍රම

    ඇන්තුරියම්



    පත්‍ර අලංකාරය සදහා වගා කරන ඇන්තුරියම්



    • බීජ මගින්.

    • වර්ධක කොටස් මගින්

    • පටක රෝපණ මගින්


    [සංස්කරණය] බීජ තවාන් මාධ්‍යය

    දිරූ කොළ පොහොර කොටස් 2යි‍ දිරූ ගොම පොහොර කොටස් 1යි රොන් මඩ රහිත වැලි කොටස් ½ යි
    මූලාශ්‍රය- කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය
    කඳ කැබලි තවාන් කිරීමේ මාධ්‍යය

    • දිරූ කොළ පොහොර කොටස් 1 යි.
    • රොන් මඩ රහිත වැලි කොටස් 1 යි.
    [සංස්කරණය] පැල සිටුවන ක්‍රම


    • බඳුන්ගත කිරීම (පෝච්චිවල සිටුවීම)
    • පාත්තිවල සිටුවීම
    භාවිතා කළ හැකි වගා මාධ්‍යයන්

    • කොළපොහොර කොටස් 2යි.
    • ගොමපොහොර කොටස් 1 යි.
    • රොන්මඩ රහිත වැලි කොටස් ½ යි.
    • අඟල් 1 ½ - 2 උළු කොටස් ¼ යි.
    • අඟල් 1 ½ - 2 අඟුරු කොටස් ¼ යි.



    • අඟල් 2 – 3 ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි කොටස් 1 යි.
    • අඟල් 2 – 3 ප්‍රමාණයේ උළුකැට කොටස් 1 යි.

    • අඟල් 2 – 3 ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි පමණක් ද භාවිතා කළහැක.(මෙහිදී ගන්නා පොල්ලෙලි මාස 3ක් පමණ පරණ විය යුතුයි)
    [සංස්කරණය] පැළ බඳුන් ගත කිරීම

    බදුන්ගත පැලැටි සදහා ද වගාකළ හැකි ඇන්තුරියම්



    • පළමුව බඳුන සෝදා පිරිසිදු කිරීම
    • පතුලේ සිදුර වක්‍ර උළුකැටයකින් ආවරණය කිරීම
    • ඉතිරි ඉඩ ප්‍රමාණයට අඟල් 1 ½ - 2 පමණ උළු කැබලි ඇතිරීම
    • ඉන් පසු වියළි කොළ තට්ටුවක් ඇතිරීම
    • ඒ මතට භාවිතා කරන වගා මාධ්‍යයෙන් බඳුනේ උසෙන් ¾ ක් පමණ වනසේ පුරවා සමතලා කිරීම
    • සිටුවීමට ගන්නා පැලයේ කුණු වී ඇති මුල් හා අනවශ්‍ය කොළ කපා ඉවත්කර මුල් විහිදී යන ලෙසට වගා මාධ්‍යය මත තබා මුල් වැසෙන තෙක් පමණක් නැවත වගා මාධ්‍යයෙන් පිරවිය යුතුය.
    • බඳුනේ කටේ සිට වගා මාධ්‍යයට අඟල් 1 ක්වැනි ඉඩ ප්‍රමාණයක් තැබිය යුතුය.
    • ඉන් පසු ජලය යොදා සෙවණක තැබිය යුතුය
    [සංස්කරණය] පාත්තිවල සිටුවීම

    ඇන්තුරියම් වගාවක්



    • උස්වූ පාත්ති ක්‍රමය
    • ගිල්වූ පාත්ති ක්‍රමය
    මේ සඳහා භාවිතා කරන විශේෂ ක්‍රම ඇති අතර වැඩි විස්තර උද්භිද උද්‍යානයෙන් විමසා දැනගත හැක.
    රසායනික පොහොර යෙදීම
    දියර පොහොර වර්ග හා කැට පොහොර වර්ග යෙදීමේදී පහත සඳහන් අනුපාත සහිත පොහොර මිශ්‍රණ භාවිතා කළහැක.‍
    උදා:
    N.P.K.30:10:10 (වර්ධන අවධියේදී)
    N.P.K.20:20:20 (මල් හට ගන්නා අවධියේදී)
    [සංස්කරණය] රෝග හා පලිබෝධ හානි

    දියමලං කෑම
    තවාන්වල ඇති කුඩා පැලවල මුල් කුණු වී පැල ඇද වැටීම.

    • මර්ධනය
    ජලවහනය දියුණු කිරීම, කුණු වූ කොටස් ඉවත් කිරීම හා සුදුසු දිලීර නාශකයක් යෙදීම.
    ඡද ශුකීය කුණු වීම
    ඡද ශුකීය කුණු වී මල නටුවෙන් කඩා වැටීම.

    • මර්ධනය
    ජලවහනය දියුණු කිරීම, කුණු වූ කොටස් ඉවත් කිරීම හා සුදුසු දිලීර නාශකයක් යෙදීම.
    බැක්ටීරියා අංගමාරය පත්‍ර කහ වී දුඹුරු පැහැ වී ඉහළ යාම, කොළපුව දුඹුරු පැහැ වී වියළී යාම හා පසුව මුළු ශාකයම විනාශ වී යාම. මර්ධනය ක්‍රමවත් පාලන ක්‍රම අනුගමනය කිරීම, රෝගී කොටස් ගලවා පුළුස්සා දැමීම.
    මයිටා හානිය
    පත්‍රවල හා මලේ යුෂ උරා බීම නිසා සුදු පැහැ පැල්ලම් ඇති වීම හා ඇකිලීම සිදුවේ.

    • මර්ධනය
    නිර්දේශිත කෘමි නාශක භාවිතා කිරීම. (උදා: ගෙන්දගම් 80%)
    පිටිමකුණා / කොරපොතු කෘමි හානිය
    පත්‍රවල හා කොළපුවේ යුෂ උරා බීම.

    • මර්ධනය
    නිර්දේශිත සංස්ථානික කෘමිනාශක භාවිතා කිරීම. (උදා: ඩයිමෙතොඒට්)
    ගොළුබෙල්ලා හා හංගොල්ලාගේ හානිය
    ළපටි පත්‍ර හා මල් කා විනාශ කිරීම.

    • මර්ධනය
    වගාව පිරිස්දුව තබා ගැනීම, හොඳ වාතාශ්‍රය හා ජල වහනය ඇති කිරීම, මෙටැල්ඩිහයඩ් ඇමක් ලෙස භාවිතා කිරීම.
     

    ruchira_jay

    Junior member
  • Feb 14, 2007
    524
    3
    18
    එල වැඩක් නේ මලය පටන් අරගෙන තියෙන්නේ!
    වවන්න ලේසි එව්වා තමයි, මාළු මිරිස්, තක්කාලි, වැටකොළු, මිරිස්, පලා වර්ග, බෝංචි etc ... මෙය්වගේ ඇට හොයාගන්න පුළුවන් නම්, එව්වා අරගෙන ඉස්සෙල්ලම තවාන් දාන්න. එහෙමත් නැතිනම් පොඩි plastic bags වලට compost + පොහොර පස් කවලම් කරලා දාල එවගෙය් ඇට තවාන් කරන්න..

    මම එළවලු වවන්නේ organic (රසායනික පොහොර නොදා) විදිහට..

    පාත්තියක් හදන එක හරිම ලේසි. ඉස්සෙල්ලම තෝරගත්ත තැන මායිම් ලකුණු කරලා, ඔක්කොම වල් පැල ගලවන්න. ඊට පස්සේ මුළු area එකේම හොඳට පස් පෙරලන්න..ඊට පස්සේ ගොම ගෝනි ටිකක් ගෙනල්ල අර බුරුල් වෙච්ච පස් එක්ක කවලම් කරන්න..පුළුවන් නම්, හොයා ගන්න පුළුවන් නම් කොම්පෝස්ට් ගෝනි කීපයකුත් දාන්න.. ඊට පස්සේ ඔක්කොම පස් ටික හොඳට පෙරලන්න/mix කරන්න..ඊට පස්සේ පස් ටික මට්ටම් කරන්න, කරලා පොල් ලෙලි (පොල් ලෙලි නැතිනම් ගඩොල් හරි කමක් නෑ) වලින් පාත්තිය වටේට පොඩි බැම්මක් වගේ හදන්න, එකෙන් පස් හේදිලා යන එක වලකිනවා..පාත්තිය හදල ඉවර වුනාට පස්සේ වතුර ටිකක් spray කරලා 2 ඩයස් විතර settle වෙන්න තියන්න...ඊට පස්සේ ඔය කැමති බෝග වර්ග පැල කරන්න..පැල දෙකක් අතරේ 20cm වත් ඉඩක් තියන්න.. අතුරු වගාවක් විදිහට ඔයාට පුළුවන් මුකුනුවෙන්න, ගොටුකොල වගෙය් දේවල් පැල අතරෙය් වවන්න..

    ඔන්න ඉතින් මම විසින් පුද්ගලිකවම අත්හදා බලපු සාර්ථක method එකක් ඔයාට දුන්න...GOOD LUCK !!!
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    Facebook එකේ වැඩකට නැති පාත්ති හිටව හිටව, සත්තු බලා ගන්නවට වඩා මේක හොද ඵලදායි වැඩක්. Facebook එකේ කාලය කන එවුන්ගේ Internet කපන්නයි තියෙන්නේ Monitor කරලා.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Feb 15, 2011
    70
    7
    0
    අළුත් පරම්පරාවෙ ගොවි මහත්වරුන්ට පොඩි පණිවුඩයක්

    ඇට පැල හිටවන්න පටන් ගන්න සුදුසුම කාලය තමයි අමාවක දවසෙ ඉඳලා පුර පසලොස්වක දවස වෙනකල් කාල සීමාව එහෙම නැත්තම් පුර පක්ෂයෙ කාල සීමාව.

    ඇයි මෙහෙම කියන්නෙ කියල දැන ගන්න නම් , මේ විදියට පුර පක්ෂයෙත් අව පක්ෂයෙත් ගොවිතැන් කරලා අත්හදා බලලා ප්‍රතිඵල සසඳල බලන එකයි තියෙන්නෙ ඕං.
     
    Feb 15, 2011
    70
    7
    0
    මොළෙ තියෙන ගොවි උදවිය පාවිච්චි කොරපල්ලා



    ගොවිතැන් යුගයේදී වන සතුන්ගෙන් තම ගොවිතැන ආරාක්ෂා කර ගැනීමට මේ කරණ යොදා ගත් අයුරක් පොත පතෙහි කියැවේ.

    එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ
    ජලවක කුකුළු පස එළු කරණ
    සත ගව අට සිංහ නව සුකර කරණ
    දසවක ගජ කරණ දැනගන් මේ ලෙසිණ

    එකොළොස්වක කුකුළු කරණය කියන්නේ
    සොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ
    තුදුස් ගවය පසළොස් සිංහය වන්නේ
    පුරට කරණ මේ ලෙස දැන කියන්නේ

    අට්වක ඌරු දියවක ගජ කරණවණු
    තියවක කුකුළු ජලවක දිවි කරණවණු
    පස එළු කරණ සැටවක ගජ කරණවණු
    සතවක සිංහ අටවක සුකරයි දණු

    නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ
    දොළොස් එළු තෙලෙස් දැන් ගන් ගව කරණ
    තුදුස් සිංහ අමාවක් සුකරයි දැණ
    අවට කරණ මේ ලෙස ගැන ගෙන කියණ
     
    • Like
    Reactions: ransing

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Thana kola wawapan nikanma wewenawa... :D Eta ganne kohenda kiyala Mervin Unlcle gen ahanna ona... Minihanam Thanakola wawagenalu kanne
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    එල වැඩක් නේ මලය පටන් අරගෙන තියෙන්නේ!
    වවන්න ලේසි එව්වා තමයි, මාළු මිරිස්, තක්කාලි, වැටකොළු, මිරිස්, පලා වර්ග, බෝංචි etc ... මෙය්වගේ ඇට හොයාගන්න පුළුවන් නම්, එව්වා අරගෙන ඉස්සෙල්ලම තවාන් දාන්න. එහෙමත් නැතිනම් පොඩි plastic bags වලට compost + පොහොර පස් කවලම් කරලා දාල එවගෙය් ඇට තවාන් කරන්න..

    මම එළවලු වවන්නේ organic (රසායනික පොහොර නොදා) විදිහට..

    පාත්තියක් හදන එක හරිම ලේසි. ඉස්සෙල්ලම තෝරගත්ත තැන මායිම් ලකුණු කරලා, ඔක්කොම වල් පැල ගලවන්න. ඊට පස්සේ මුළු area එකේම හොඳට පස් පෙරලන්න..ඊට පස්සේ ගොම ගෝනි ටිකක් ගෙනල්ල අර බුරුල් වෙච්ච පස් එක්ක කවලම් කරන්න..පුළුවන් නම්, හොයා ගන්න පුළුවන් නම් කොම්පෝස්ට් ගෝනි කීපයකුත් දාන්න.. ඊට පස්සේ ඔක්කොම පස් ටික හොඳට පෙරලන්න/mix කරන්න..ඊට පස්සේ පස් ටික මට්ටම් කරන්න, කරලා පොල් ලෙලි (පොල් ලෙලි නැතිනම් ගඩොල් හරි කමක් නෑ) වලින් පාත්තිය වටේට පොඩි බැම්මක් වගේ හදන්න, එකෙන් පස් හේදිලා යන එක වලකිනවා..පාත්තිය හදල ඉවර වුනාට පස්සේ වතුර ටිකක් spray කරලා 2 ඩයස් විතර settle වෙන්න තියන්න...ඊට පස්සේ ඔය කැමති බෝග වර්ග පැල කරන්න..පැල දෙකක් අතරේ 20cm වත් ඉඩක් තියන්න.. අතුරු වගාවක් විදිහට ඔයාට පුළුවන් මුකුනුවෙන්න, ගොටුකොල වගෙය් දේවල් පැල අතරෙය් වවන්න..

    ඔන්න ඉතින් මම විසින් පුද්ගලිකවම අත්හදා බලපු සාර්ථක method එකක් ඔයාට දුන්න...GOOD LUCK !!!


    Thanks Very Much aiya ... Onna Mama Ada Wagawa Patan gaththa....
    Balamuko Thawa masekin Aswenna...
    Photos dannam pela awama...