මචන් High-Tech Garment Product එකක් අපි හදලා තියෙනවා University එකත් එක්ක සම්බන්ධ වෙලා. අපිට බන් දැන් මේක MAS, Brandix වගේ ඒවයේ Research & Development Units වලට පෙන්වන්න ඕන අපි මෙහෙම දෙයක් කරා අපිට Fund කරන්න පුලුවන්ද කියලා. මේකට බන් මම අදාල කෙනාව Contact කරගන්නේ කොහොමද? උන්ගේ Website වල දාලා තියෙන Email බන් ඔය වගේ වැඩකට Use කරන්න බෑ නේද? පොඩ්ඩක් මේ ගැන දන්න එකෙක් කියපන්කෝ. ලොකු උදව්වක් බන්!
Contact වැඩේ හරි යන් නෑ කොල්ලො. එක්කො උඹලව හූරලා කනවා, නැත්නම් හපේ කරලා විසි කරනවා ෂුවර්. සේරිවාණිජගෙ රන් තලියෙ කතාව තමයි.
මේ සරල දේ තේරුම් ගනින්, උඹලගෙ product එක අැත්තටම නියමෙටම marketable නම්, competition එකට වඩා සෑහෙන improved නම් අනිවාර්යයෙන්ම ඕකුන් බලන්නෙ ඕක පුළුවන් තරම් කුණු කොල්ලෙට aquire කරගන්න. කොටින්ම ගෙඩි පිටින් illegal නැතිව පුළුවන් නම් pitch එක විතරක් බලලා උන්ම RE කරගන්න. එ්ක තමයි සරලවම ලෝකෙ හැටි.
උඹලා කරන්න ඕන ඕක නෙවෙයි, product එකේ වටිනාකම පේන්න media campaign එකක් ගහපන්. හොඳට තනියම market කරලා interest එකක්, conversation එකක් හදා ගනින් මුලින්ම. Product එක උඹලගෙ කියන association එක හදා ගන්න. එතකොට පැත්තෙන් හුකන්න වෙන් නෑ කාටවත්. ඊට පස්සෙ උන්ම හොයලා බලලා උඹලා ගාවට එයි. උඹලට කරන්න අහවල් දෙයක් නෑ.
වැඩේ pitch කරද්දිත් හොඳට මතක තියා ගනින් සරුවාල වෙනුවට fundamentals ගැන හොඳට කතා කරන්න. Presentation එක පට්ට නම් හොඳයි, හැබැයි ඊට වඩා වැදගත් වෙන්නෙ product එකේ fundamentals ටික. ඕනවට වඩා projection, prognostications ගහන්න ඕන නෑ එ්වා උන් කරගනියි. Product එකේ value එක පෙන්නපන් එ් අැති.
ඔය line එකෙන් ගියොත් උඹලට අනිවාර්යයෙන්ම තමන්ගෙ දේට නිසි වටිනාකමක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් පුතෝ කුණු කොල්ලෙම තමයි.