"අපි හැදුනේ උඹ දිහා බලලා, ස්තුති ගප්පියා."
gappiya
මීට අවුරුදු ගානකට කලින් ලාංකීය තාරුණ්‍යයට Youtube යන්න සමීප කළ ඔහු තමන්ටම ආවේණික වූ ශෛලියක් උපයෝගී කරගෙන වෙනස්ම මානයක වීඩීයෝපට අන්තර්ජාලයට මුදාහරිමින් වෙනස් ගමනක් ආරම්භ කරනවා. අද යූටියුබය පුරා ඔහුගේ අනුකාරකයන් බිහි වුණත්... තවමත් මෙරට යූටියුබ්කරණයේ godfarther ඔහුයි.
ඔහු අන්කවරකු නොව රටක් වින්දනය කළ "ගප්පියා" යි.
ලංකාවේ ඉපිද උසස් අධ්‍යාපනයෙන් පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු එහි සිටි තම ප්‍රථම youtube වීඩීයෝව මුදා හරිනවා.. එතැන් සිට පසුගිය ආසන්න දශකය පුරා මෙරට බිහිවු යුටියුබ් නාලිකා බොහෝමයක මූලය වෙන්නේ ඔහුයි... අද යූටියුබ්කරණයේ පරතෙර සෙවූ බොහෝ දෙනා ගොඩනැගුනේ " ගප්පියා " දෙස බලමිනි. තම නිර්මාණයේ සියලූම චරිත තනිව රඟදක්වමින් මෙරට තරුණ සහ අන්තර්ජාලය අතපතගාමින් සිටි යෞවනයන්ට පවා අපූර්ව චමත්කාරයක් ලබා දුනි. නිදහස් මතධාරීයකු වන ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසියකු වන අතර පසුකලක "gappiya thinking " නමින් වෙනස්ම මානයක නව නාලිකාවක් ආරම්භ කරනවා. හාස්‍යෝත්පාදක රඟදැක්වීමෙන් ඉවත් වන ගප්පියා එකී නාලිකාවෙන් ධනාත්මක චින්තනය අපුර්ව ලෙස නව පරපුරට පැහැදිලි කරනවා. මීට අමතරව gappiya school හරහා ඉංග්‍රීසි ,යූටියුබ්කරණය පිළිබඳ පාඨමාලා සිදු කරන ගප්පියා සාම්ප්‍රදායික චින්තනයෙන් විතැන් වූ සොඳුරු නිර්මාණශීලී මිනිසෙකි.
පසුගිය වසරේ තම අවසන් වීඩීයෝව gappiya thinking හරහා අන්තර්ජාලයට මුදාහරිමින් ඔහු යූටියුබ්කරණයෙන් සමුගන්නවා.
- Legends’ Diary -