"අපි හැදුනේ උඹ දිහා බලලා, ස්තුති ගප්පියා." ❤👏

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    "අපි හැදුනේ උඹ දිහා බලලා, ස්තුති ගප්පියා."
    ❤
    👏

    gappiya
    මීට අවුරුදු ගානකට කලින් ලාංකීය තාරුණ්‍යයට Youtube යන්න සමීප කළ ඔහු තමන්ටම ආවේණික වූ ශෛලියක් උපයෝගී කරගෙන වෙනස්ම මානයක වීඩීයෝපට අන්තර්ජාලයට මුදාහරිමින් වෙනස් ගමනක් ආරම්භ කරනවා. අද යූටියුබය පුරා ඔහුගේ අනුකාරකයන් බිහි වුණත්... තවමත් මෙරට යූටියුබ්කරණයේ godfarther ඔහුයි.
    ඔහු අන්කවරකු නොව රටක් වින්දනය කළ "ගප්පියා" යි.
    ලංකාවේ ඉපිද උසස් අධ්‍යාපනයෙන් පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු එහි සිටි තම ප්‍රථම youtube වීඩීයෝව මුදා හරිනවා.. එතැන් සිට පසුගිය ආසන්න දශකය පුරා මෙරට බිහිවු යුටියුබ් නාලිකා බොහෝමයක මූලය වෙන්නේ ඔහුයි... අද යූටියුබ්කරණයේ පරතෙර සෙවූ බොහෝ දෙනා ගොඩනැගුනේ " ගප්පියා " දෙස බලමිනි. තම නිර්මාණයේ සියලූම චරිත තනිව රඟදක්වමින් මෙරට තරුණ සහ අන්තර්ජාලය අතපතගාමින් සිටි යෞවනයන්ට පවා අපූර්ව චමත්කාරයක් ලබා දුනි. නිදහස් මතධාරීයකු වන ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසියකු වන අතර පසුකලක "gappiya thinking " නමින් වෙනස්ම මානයක නව නාලිකාවක් ආරම්භ කරනවා. හාස්‍යෝත්පාදක රඟදැක්වීමෙන් ඉවත් වන ගප්පියා එකී නාලිකාවෙන් ධනාත්මක චින්තනය අපුර්ව ලෙස නව පරපුරට පැහැදිලි කරනවා. මීට අමතරව gappiya school හරහා ඉංග්‍රීසි ,යූටියුබ්කරණය පිළිබඳ පාඨමාලා සිදු කරන ගප්පියා සාම්ප්‍රදායික චින්තනයෙන් විතැන් වූ සොඳුරු නිර්මාණශීලී මිනිසෙකි.
    පසුගිය වසරේ තම අවසන් වීඩීයෝව gappiya thinking හරහා අන්තර්ජාලයට මුදාහරිමින් ඔහු යූටියුබ්කරණයෙන් සමුගන්නවා.
    - Legends’ Diary -

    158667287_3128496353919535_9067157237418775102_o.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,244
    113
    JehanR hitiya a kaale nam. YouTube rewind eke lankawen hitiyeth jehanr a kaale eka awuruddaka.
    Gappiya hena radical wenna gihin kapuna.
    Kushan and Srimal thama a kaale comedy nam.
    Habai same actor Playing Different characters nam gappiya thama mama dekapu first Sri lankan youtuber ehema karapu.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඩයල් එක නෝන්ඩි උනේ සහජිවනේ ගැන ටෝක් දෙන්න ගිහින්. ජෙහාන් ආර් තමයි ලංකාවේ YouTube legend. අදටත් ඒ තරම් දුරක් ලංකාවේ කිසිම යූ ටියුබර් කෙනෙක් ගිහින් නෑ. දැන් youtube seen එක ඉවරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,715
    167,355
    113
    එකමත් එක රටක
    ගප්පියට කෙළවුනෙත් අනිත් උන් ඌව ගෝඩ් කරපු එක බන්. expectations වලට, මෙහෙ අලුතෙන් ඒ කාලේ youtube කරපු උන් එක්ක "ගෝඩ්" කියලා කියන එකාට වැඩ කරන්න අමාරු උනා. අපේ උන්ම හදපු hype එකට පොරට ඔරොත්තු දෙන්න බැරි උනා. ඌ අනිත් උන්ට ජිවිතේ ජයගන්න කියල දුන්නට , පොරත් ගෙවල් දොරවල්, සල්ලි අමාරුකම් මැද හිටිපු කාලයක් තිබ්බේ. ඌ අනිත් උන්ගේ ගෝඩ් මාර්ක් එක ඔලුවට ගන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩ කරානම් , අදටත් youtube කරනවා.. ඊලගට ඔය දේම වෙන්නේ වස්තිලට. උන්ට හැබැයි subsල සෙට් එකක් ඉන්නව . හැබැයි උන්ට වියදම් කරන්න එන මිනිස්සුන්ට උන්ට වඩා හොද චැනල් ඉන්නව වියදම් කරලා ads කරගන්න..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    Youtube Godfather was Kushan and Srimal Show
    කසුන් ශ්‍රීමාල් සහ ජෙහාන් R තමා මුලින්ම ආවේ, හැබැයි උන්ගේ කරුමෙට they are not getting the credit they deserve
    ගප්පියාව තමා හැමෝම දන්නේ ඉතිං
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මුලින්ම ආවේ kasun and srimal newei da? 🙄
    JehanR eeta wada paranai neh, dan koheda wat danne ne

    ඩයල් එක නෝන්ඩි උනේ සහජිවනේ ගැන ටෝක් දෙන්න ගිහින්. ජෙහාන් ආර් තමයි ලංකාවේ YouTube legend. අදටත් ඒ තරම් දුරක් ලංකාවේ කිසිම යූ ටියුබර් කෙනෙක් ගිහින් නෑ. දැන් youtube seen එක ඉවරයි.
    Youtube rewind ekakat hitiya pora
    ------ Post added on Mar 15, 2021 at 10:22 PM