කෝ අපිට quality of life
අපි ඇමරිකාව , යුරෝපය , මැද පෙරදිග වගේ රටවල්වල සංචාරය කරනකොට ඒ රටවල මිනිස්සුන්ගේ පෝෂණ තත්වයන් දකිනකොට අපි හෙන පව් කියල හිතෙනවා බන්. ඇත්තටම කඳුළු එනවා. බලපන් සුපර් මාර්කට් එකකට ඒ රටවල් වලට ගිහින් . ඒ සුපර්මාර්කට් වල කොච්චර fresh එළවලු, පලතුරු මස් වර්ග කොච්චර තියනවාද. එළවලු ඔක්කොම අලුත්. බොහෝ විට දවසේ දෙකේ එළවලු. කොලම කොළ පාටයි. මස් හරිම ෆ්‍රෙෂ්. පලතුරුත් ඒවගේ. මම ඒ වෙනස අත්වින්දා . බලපන් අපේ මහා ලොකු සුපිරි වෙළඳසැල්. කීල්ස් . ලාෆ් , කාර්ගිල්ස් , ආර්පිකෝ වගේ ඒවායේ තියෙන්නේ මාස ගානක් පරණ හම්පඩ වෙච්ච ජුස් වැක්කෙරෙන මස්. මාළු කුණු වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. කුණු වෙන මස් ටික විකුනන්නම බැරි වෙනකොට ඒවා අඹරලා චිකන් බන් , මාළු පාන් වගේ ඒවා හදල විකුනනවා ලංකාවේ නමට තියන සුපිරි වෙළඳසල් වල. එළවලු, පලතුරු කුණු වෙනකොට ඒවා කපල පොලිතින් කරලා රෙජිෆොර්ම් පෙට්ටිවල දාල විකුනනවා.
අපි මොනවද බන් කන්නේ. බලපල්ලා අපේ ආහාර රටා. කිසිම ගුණයක් නැති බතුයි හොදියි. එළවලුවක් හැදුවත් එක තම්බල චුරු වෙන්න තම්බල කන්න ගන්නේ. නැත්නම් කන්නේ කොත්තු , පරාට , පාන් , ඉඳි ආප්ප, වගේ දේවල්. ඊට අමතරව ජරා එළවලු කපල තාර වගේ වෙච්ච තෙලින් බැදලා නමට ෆ්‍රයිඩ් රයිස් කියන වස බත් එකක් කනවා. කොටින්ම අපේ මිනිස්සුන්ට පලතුරු මස් මාළු චීස් බටර් කිරි වැනි දෑ කන්න සල්ලි නැහැ. එකයි මේවගේ දේවල් කන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ.
ටිකක් යහමින් සල්ලි ටිකක් ලැබුන දවසට නගරේ ඉන්න උන් යනවා KFC , Pizza Hut , Burger King , McDonald's වගේ junk foods කන්න. ගමේ ඉන්න උන් ෆ්‍රයිඩ් රයිස් , කොත්තුවක් වගේ දෙයක් අරන් ඇවිත් කනවා ටිකක් අතට මුදලක් හම්බ උනාම. නැත්නම් හම්පඩ වෙච්ච කුකුළු මස් කෑල්ලක් ගෙනල්ල එකට තුනපහ මිරිස් ටිකක් දාල තම්බගෙන කනවා. මේ ඔක්කොටම හේතුව මිනිස්සුන්ට fresh and clean foods කන්න සල්ලි නැහැ. සල්ලි තිබ්බත් ඒවා ගන්නවත් තැනක් ලංකාවේ නැහැ . අපිව මේ තත්වයට පත් කලේ වේස දේශපාලකයෝ. හැබැයි උන්ගේ ගෙවල් වල ඉන්න උන් මෙහෙම කන්නේ නැහැ. ෆුල් ඇමරිකන් මීල්ස් කන්නේ .
ඇයි අපිව පාලකොයෝ මේ තත්වයට පත් කලේ.
ඒ අතින් අපේ දෙමව්පියෝ හරිම පව් බන්. එයාලට පොඩි කලේ ඉඳල හරි හමන් පෝෂ්‍යදායි ආහාරයක් ලැබිලා නැහැ. අලුත උපදින දරුවෝ පව්. උන්ට කන්න බොන්න පිරිසිඳු ආහාර නැහැ. ෆ්‍රෙෂ් කිරි නැහැ.
වයස 35 පනිනකොට බහුතරයකට ඇස් පෙන්නේ නැතිව යනවා. විටමින් ඌනතා . ඉතින් කන්නාඩි දාන්න වෙනවා.
මේ පාලකයෝ අපිව තවමත් විනාශ කරමින් සිටිනවා. මොන දේශපාලන පක්ෂය ආවත් අපේ දේශපාලන රටාව අනුව පොඩි මිහිහට ප්‍රතිලාබ නැහැ . අපිට මේක වෙනස් කරන්න බැහැ. පුළුවන් නම් මේ රටින් එලියට ගිහින් ගෙවල් වල මිනිස්සුන්ට හෝද ජිවත් වෙන්න පරිසරයක් හදල දීපල්ලා. ඇත්තටම හිතේ ඇති වෙච්ච දුකට මේක මෙහෙම කෙටුවේ.
අපේ ආයු කාලය යුරෝපා රටවල මිනිසුන්ට වඩා අඩුවෙන්න ප්‍රධාන හේතුව අපි කන කෑම .
පරලොව ගැන හිතන්න කලින් මෙලොව විඳපල්ලා හරියට
Last edited:

