හරි දැන් අපි නැවතත් ලංකාව දිහාවට හැරෙමු. කටිටිය කියනවනේ ලංකාවේ අපි කන්නේ ෆ්‍රෙෂ් මාළු විතරයි කියලා. අපි බලමු ලංකාවේ තියන මාළු වල තත්වය මොකක්ද කියල. උබට ෆ්‍රෙෂ් මාළු කන්න ඕනෙම නම් උබ බහුදින ධිවර යාත්‍රාවක වැඩට යන්න වෙනවා. ලංකාවේ අපි කන මාළුද බොහෝ වෙලාවට මාසයකට හෝ දෙකකට ආසන්න අයිස් ගසපු මාළුය . බහුදින යාත්‍රා යන්නේ රාත්‍රියේ මුහුදු ගිහින් උදයේ නැවත ගොඩබිමට පැමිණීමට නොවේය. ඔවුන් බොහෝ විට දින 30 සිට 90 දක්වා මහා සාගරයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටියි. මේ බහුදින යාත්‍රා බෝහෝ විට අල්ලන මාළු වන්නේ බලයෝ , කෙලවල්ලෝ , මෝරා මාළු , තලපත් වගේ තරමක් ප්‍රමාණයෙන් ලොකු මාලුය. එම මාළු මාසයක් හෝ දෙකක් පරණය. අයිස් ගසා ඇත. මේ ට්‍රෝලර් යාත්‍රා මුහුදේ සිට ගොඩබිමට පැමිණි විගස එහි තිබෙන මාළු rate කරනවා. එතනින් තියන කොලිටියෙන් ඉස්තරම් මාළු ටික විවිද සමාගම් හරහා ජපානය, යුරෝපය වගේ රටවල් වලට අපනයනය කරනවා. අපිට ඉතිරි වෙන්නේ තැලිච්ච මාළු. නැත්නම් අඩුම රේට් එකක් තියන මාළු. ඒවා තමයි අපි කන්නේ. එතකොට අපි කන්නේ මාසයක් හෝ දෙකක් අයිස් ගහපු තැලිච්ච හෝ low rated මාළුය.