එක එක්කෙනා දාපු කමෙන්ට්ස් වලට අදාලව මම සාරාංශයක් ලෙස පිළිතුරක් ලබා දෙන්නම්. ඉස්සලම කියන්න ඕනේ මම එංගලන්තයේ සහ ඇමරිකාවේ බොහෝ කාලයක් ජිවත් උන කෙනෙක්. මගේ වයස 21 දී තමයි ඉගෙන ගන්න එංගලන්තයට ගියේ. එංගලන්තයේ අවුරුදු හතරක් ඉඳල තව අවුරුදු හයක් හිටිය ඇමරිකාවේ San Fransisco වල. මේ වගේ දීර්ග කාලයක් වාසය කර අත්දැකීම් තියන නිසා මට මේ පොස්ට් එක දාන්න සාධාරණ අයිතියක් තියනවා. මම මේ කියන හැම දෙයක්ම අත්විඳලා තියන දේවල් මිසක් එක එක්කෙනා කියන දේවල් අහලවත් නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් හොයා ගත්ත දේවල්වත් නොවේ.
සමහරු කියනවා වෙනත් රටවල මාළු තියෙන්නේ මාස ගණන් පරණ වෙච්ච අයිස් පුරෝපු මාළු ලු. ලංකාවේ අපිට වගේ ෆ්‍රෙෂ් මාළු නැතිලු. ඔව් ඇත්ත සමහර විට මාසයකට හෝ දෙකකට වඩා අයිස් ගහපු මාළු තියෙන්නේ . බොහෝ විට ආනයනික මාළු. හැබැයි සම්පුර්ණයෙන්ම අනයනිකත් නොවෙයි. කොහොම උනත් ඒ රටවල් වල එච්චර පරණ උනත් මාළු ෆ්‍රෙෂ් එකට තියනවා.
හරි දැන් අපි නැවතත් ලංකාව දිහාවට හැරෙමු. කටිටිය කියනවනේ ලංකාවේ අපි කන්නේ ෆ්‍රෙෂ් මාළු විතරයි කියලා. අපි බලමු ලංකාවේ තියන මාළු වල තත්වය මොකක්ද කියල. උබට ෆ්‍රෙෂ් මාළු කන්න ඕනෙම නම් උබ බහුදින ධිවර යාත්‍රාවක වැඩට යන්න වෙනවා. ලංකාවේ අපි කන මාළුද බොහෝ වෙලාවට මාසයකට හෝ දෙකකට ආසන්න අයිස් ගසපු මාළුය . බහුදින යාත්‍රා යන්නේ රාත්‍රියේ මුහුදු ගිහින් උදයේ නැවත ගොඩබිමට පැමිණීමට නොවේය. ඔවුන් බොහෝ විට දින 30 සිට 90 දක්වා මහා සාගරයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටියි. මේ බහුදින යාත්‍රා බෝහෝ විට අල්ලන මාළු වන්නේ බලයෝ , කෙලවල්ලෝ , මෝරා මාළු , තලපත් වගේ තරමක් ප්‍රමාණයෙන් ලොකු මාලුය. එම මාළු මාසයක් හෝ දෙකක් පරණය. අයිස් ගසා ඇත. මේ ට්‍රෝලර් යාත්‍රා මුහුදේ සිට ගොඩබිමට පැමිණි විගස එහි තිබෙන මාළු rate කරනවා. එතනින් තියන කොලිටියෙන් ඉස්තරම් මාළු ටික විවිද සමාගම් හරහා ජපානය, යුරෝපය වගේ රටවල් වලට අපනයනය කරනවා. අපිට ඉතිරි වෙන්නේ තැලිච්ච මාළු. නැත්නම් අඩුම රේට් එකක් තියන මාළු. ඒවා තමයි අපි කන්නේ. එතකොට අපි කන්නේ මාසයක් හෝ දෙකක් අයිස් ගහපු තැලිච්ච හෝ low rated මාළුය.
දවසක් හෝ දෙකක් ගෙවුණු නැවුම් මාළු කනවනම් ඉතින් කන්න පුළුවන් සාලයෝ , අමු හාල්මැස්සේ හැන්දල්ලෝ වගේ පොඩි මාළුය. කෙලවල්ලා , බලයා , තලපත් වගේ මාළු කනවනම් අපිට කන්න වෙන්නේ මාසයක් හෝ දෙකක් පරණ අයිස් ගහපු මාළුය. රට වටේටම මුහුද තිබ්බත් කන්න වෙන්නේ අයිස් ගැසූ මාළු පමණකි.
යුරෝපයේ තියන මාළු ගොඩක් වෙලාවට ආනයනය කරපු මාළු. ඒ රටවල් ආනයනය කරන්න ඉඩ දෙන්නේ ඉස්තරම් මට්ටමේ තියන මාළු පමණයි. එකයි කියන්නේ ඒ රටවල් වල තියෙන්නේ හොඳ මාළු කියලා. හරිම නැවුම් බවකින් යුක්තව තියනවා.
එළවලු නම් අනිවාර්යයෙන්ම ඇමරිකාවේ සුපිරි වෙළඳ සැල්වල තියෙන්නේ දවසේ හෝ දෙකේ අලුත් එළවලු. මොකද මම Harris Teeter කියන සුපර්මාර්කට් ජාලයේ වැඩ කළා අවුරුදු ගානක්. වැඩිම උනොත් එළවලු දවස් 3 ට පමණයි යන්නේ. නීතිමය වශයෙන් දවස් 3 ට වඩා වැඩි එළවලු තියා ගන්න හැකියාවක් නැහැ. පලතුරු වලද තත්වය එසේමය.. පලතුරු සතිය හෝ දෙක නම් තියා ගන්නවා. ට්‍රොපිකල් රටවල් වලින් එන පලතුරු සහ එළවලු වල විතරයි නැවුම් බවක් නැත්තේ. එහෙ ස්ට්‍රෝබෙරි වගේ ඒවා වතුරේ දාල කකුල් සෝදන්න පවා ගන්නවා.
චීස් , බටර් සහ කිරි ආහාර ද ඉතා නැවුම් වේ. ගොවිපලවල්වල ඇති තරම් කිරි හරක් ඉන්න නිසා dairy products කියන්නේ ඔවුන්ට luxury items නොවෙයි.
කෙසේ වෙතත් කුඩා ප්‍රමාණයේ සුපර් මාර්කට් වලනම් ටිකක් පරණ උනත් එළවලු තියා ගන්නවා. නමුත් ඒවායේ නැවුම් බව ආරක්ෂා කරගන්න උපරිම වෙහෙසෙනවා.
තවත් කිහිප දෙනෙක් කියලා තිබ්බ ලංකාවේ මිලත් එක්ක බැලුවම වෙනත් රටවල් වල ආහාර මිලෙන් වැඩියි කියල. ඔව් ඒක ඇත්ත. ඒ රටවල් වල ආහාර ලංකාවට වඩා මිලෙන් වැඩිය. එය මා පිලිගන්නවා. නමුත් ඔවුන්ගේ මිල ගනන් අපිට වැඩියි කියල දැනෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් එයාර්පෝර්ට් එකේදී මාරු කරගත්ත ඩොලර් එක්ක සන්සන්ධනය කලොත් විතරයි. නමුත් උබ ඩොලර් හරි යුරෝ වලින් උපයනවානම් ලබන වැටුපට සාපේක්ෂව ආහාර වල මිල ගණන් ඉතා අඩුයි. ඉතින් බහුතරයක් ජනතාවට හොඳ පෝෂ්‍යදායි අහාර වෙල් ලැබෙනවා. එම නිසා ලංකාව සහ පිටරටවල් වල තියන මිල ගණන් සන්සන්ධය කිරීම විහිළුවක්.
ලංකාවේ මිනිස්සුන්ගේ ආයු කාලය යුරෝපානු කලාපයේ සහ ඇමරිකාවේ මිනිස්සුන්ට සාපේක්ෂව අඩුයි. එකට හේතුව තම අපි පිෂ්ටය සහිත ආහාර වලට ගිජු බවක් දැක්වීමය. අපි කන්නේ බත් , රොටි , පිට්ටු , පරාටා , කොත්තු රොටි වැනි පිෂ්ටය අධික පෝෂණයෙන් අඩු ආහාරය. අපේ ආහාර රටාවන් වෙනස් කරගන්න පුළුවන් නම් එයද ඉතා වැදගත් වේ.