අපූර්ව යුද ටැංකි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපූර්ව යුද ටැංකි

    4W3yaaz.jpg

    සැමවිටම මිනිසාව නව නිර්මාණ කිරීමට යොමු කල දෙයක් නම් යුද්ධයයි.ජයග්‍රහණය උදෙසා ඔවුනොවුන් පරයන අවි සහ තාක්ෂණයන් නිර්මාණය කරන්නට මිනිසා නිතැතින්ම තම ශ්‍රමය සහ ඥාණය යෙදවීය.එහි ප්‍රථිපලයක් ලෙස සාම්ප්‍රදායික අවි වලින් වෙනස් පුදුම සහගත අවි නිර්මාණය විය.පළමුවරට යුද ටැංකි සංග්‍රාම සඳහා යොදාගත්තේ දෙවන ලෝක යුද්ධයේදීය.15 වන සියවසේ විසූ ලියනාඩෝ ඩාවින්චිද යුද ටැංකියක් සැලසුම් කර තිබුණද එය නිර්මාණය නොකලේය.යුද ටැංකියේ පුර්වජයා පහත දැක්වෙන Fighting Unicorn යන්නයි.එය 14 වන සියවසේදී සැලසුම් කල එකකි.ලෝහමය බඳ තුල සෙබලුන් සිටියි.ඔවුන් ඉදිරියට ඇවිදගෙන යන අතර හිසේ තිබෙන අඟින් පහරදෙයි.


    දැන් ඉතින් මාතෘකාවට බහිමු.මෙම ලිපියෙන් විමසා බැලෙන්නේ සම්ප්‍රදායික යුද ටැංකියක ආකෘතියෙන් බැහැරව නිපදවූ වෙනස්ම ආකාරයේ යුද ටැංකි කිහිපයක් ගැනයි.(සමහරක් යුද ටැංකි මාදිලි මෙම ලිපියෙන් ආවරණය නොවේවි )



    පළමු ලෝක සංග්‍රාමය සමය


    Tsar Tank - සාර් ටැංකිය​

    Tsar Tank එසේත් නැතිනම් Lebedenko Tank නමින් හඳුන්වන මෙය 1914 -1915 කාලයේ Nikolai Lebedenko,Nikolai Zhukovsky,Boris Stechkin,Alexander Mikulin යන පිරිස එක්ව කල නිර්මාණයකි.නමුත් එහි එන්ජින් බලය කාර්යක්ෂම නොවීම සහ පහසුවෙන් සතුරු කාලතුවක්කු ප්‍රහාරවලට ගොදුරු වීමේ හැකියාව නිසා මෙම ව්‍යාපෘතිය අතහැර දමන ලදි.මෙහි නූතන යුද ටැංකිවල තිබෙන caterpillar tracks නොතිබුණ අතර ඒ වෙනුවට රෝද 3ක් යොදාගෙන ඇත.ඉදිරිපස රෝද දෙක මීටර් 9ක විෂ්කම්භයක් සහිත වූ අතර එය බලය ලැබුවේ කි.වොට් 190ක එන්ජිමකින්ය.මෙය ටොන් 40ක බරකින් යුක්ත වූ බව පැවසේ.

    w0xzRsq.jpg


    USp5010.jpg


    XhS4qff.jpg




    Machine Boirault​

    මෙය 1915 වසරේදී ප්‍රංශ හමුදාව විසින් පරීක්ෂාවට ලක් කල අඟල් වලින් එතරවිමට නිපද වූවකි.​

    7kmFkHs.jpg




    දෙවන ලෝක සංග්‍රාමය සමය​


    Stalin's Heavy Tank - T-35 - ස්ටාලින්ගේ අධිබරැති ටැංකිය

    මෙය ලෝක යුද 2ක අතර සමයේ නිපදවුවකි.රුසියානු නිෂ්පාදනයක් වූ මෙය T-35 යන නමින් හැඳින්විය.බරින් ටොන් 45ක්ද දිගින් මීටර් 9ක්,උසින් මීටර් 3ක් සහ පළලින් මීටර් 3ක් වූ මෙම යුද ටැංකිය තුල 11 දෙනෙකුට ගමන් කල හැකිවිය.මෙහි ප්‍රධාන අවිය මි.මී.76 එකකි.ඊට අමතරව මි.මී.45 අවි 2ක්, මි.මී.7 අවි 5 හෝ 6ක් සමග මැෂින් තුවක්කු භාවිතා කර තිබේ.වේගය අඩු වීම සහ යාන්ත්‍රික දෝෂ නිසා 1941 වසරේදී පමණ මෙම යුද ටැංකිය සේවයෙන් ඉවත් කරන ලදි.

    6ULUZy5.jpg


    CSANPfL.jpg


    T-35 යුද ටැංකිය බ්‍රිතාන්‍යයන්ගේ A1E1 යුද ටැංකියට තරමක් දුරට සමානය.​

    XAmnm8Q.jpg


    JGWqlig.jpg





    දෙවන ලෝක යුද සමයේ විශාලතම යුද ටැංකි නිර්මාණය කලේ ජර්මනියයි.ඔවුන්ගේ අපුර්ව යුද ටැංකි කිහිපයක් ගැන මෙම ලිපියේ දෙවන කොටසේදී සාකච්ඡා කරාවි.




    T28 Super Heavy Tank - ඇමෙරිකානු දැවැන්තයා​

    දෙවන ලෝක යුද සමයේ මිත්‍ර පාර්ශ්විකයන් සතුවද විශාල ප්‍රමාණයේ යුද ටැංකි කිහිපයක් තිබිණි.ඇමෙරිකානු T28 යුද ටැංකිය ජර්මනියේ Maus යුද ටැංකිවලට සමානය.T28 වර්ගයේ යුද ටැංකි 2ක් 1945 වසරේදී නිපදවා තිබේ.මේවා Siegfried පෙරමුණේ ජර්මන් ආරක්ෂක පවුරු බිඳගෙන යාමට යොදාගෙන තිබේ.ටොන් 95ක බරක් සහිත ටැංකිය මීටර් 11ක දිගකින් සහ මීටර් 4ක පළලකින් යුක්තය.උස මිටර් 2ක් වන මෙම යුද ටැංකිය තුල 4දෙනෙක් ගමන් කරයි.ප්‍රධාන අවිය මි.මී. 105කි.නමුත් මෙම ටැංකියේ ගමන් වේගය පැයට කි.මී. 13කි.1945 වසරේදී 105 mm Gun Motor Carriage T95 නමින් හඳුන්වා දුන් මෙය 1946 දී Super Heavy Tank T28 ලෙස නම වෙනස් කරන ලදි.දැනට මේ වර්ගයේ එක් යුද ටැංකියක් Patton කෞතුකාගාරයේ තිබේ.

    OyMSaOw.jpg


    XpSJ7nq.jpg


    4mQ9zF2.jpg


    j21PEmD.jpg




    Ferrari Tank - ෆෙරාරි යුද ටැංකියක් :lol:

    qsE6oih.jpg





    Ferrari F333E Lizard

    හමුදාමය රථ නිපදවීම ලාභ උපයාගත හැකි මඟක් යැයි බොහෝමයක් සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෝ කල්පනා කලහ.මර්සිඩීස් ජී-වැගන් රථ යුරෝපා සහ ආසියා රටවල අතර ජනප්‍රිය විය.ලෑන්ඩ් රෝවර් නිෂ්පාදකයෝ වසර 50 පමණ සිට හමුදා ට්‍රක් රථ සැපයීමේ යෙදී සිටියි.බීඑම්ඩබ්ලිව් සමාගම නාසින්ට මෝටර් සයිකල් අලෙවි කලේය.පෝෂේ සමාගම ටයිගර් යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ සැලසුම් කලේය.ලැම්මෝගිනි සමාගම රථ සවුදි ආරක්ෂක අංශවලට සපයන ලදි.ෆෙරාරි සමාගමද ඒ මග ගියේය.

    Ferrari F333E Lizard යනු අමුතුම ආකාරයේ රථයකි.එය ස්පෝට් කාරයක් මෙන් ක්‍රියා කරන අතර වෙඩි නොවදින ආවරණයකින් සමන්විත සේම විශේෂ මෙහෙයුම් සඳහා යොදා ගත හැකි සේ නිපදවා තිබේ.නමුත් ඔවුන්ගේ නිෂ්පාදනය හමුදා තුල වෙනසක් ඇති නොකලේ හමුදාමය උපාංග නිෂ්පාදනය සම්බන්ධ සමාගම සතුව තිබුණු අඩු අත්දැකීම් නිසාය.


    wNonRCq.jpg


    N0qQyA6.jpg





    M-3 & M-5 Tanks

    කුඩා පරිමාණයේ යුද ටැංකි විශේෂයකි.M-3 සහ M-5 යන නම් වලින් හැඳින්විය.1941-1944 කාලය තුල මෙවැනි ටැංකි 25,000ක් නිපදවා තිබේ.

    qI6e3Cw.jpg


    pfJvti7.jpg




    තවත් අපූර්ව යුද ටැංකි කිහිපයක්​


    NerYZL9.jpg


    ACOBiqy.jpg


    Fqp1Mzo.jpg
    Minenraumpanzer III


    Htg9YTK.jpg
    බිම් බෝම්බ විනාශකරනයක්




    Antonov A-40 - A-40T - රුසියාවේ පියාඹන ටැංකිය​

    සෝවියට් දේශය විසින් 1942 වසරේදී මෙම යුද ටැංකිය අත්හදා බලන ලද සේවයේ යෙදවූ බවක් අසන්නට නැත.මෙය සංග්‍රාම භූමියට ඉක්මණින් යුධ ටැංකි ගෙන යා හැකි ක්‍රමයක් ලෙස අත්හදා බලන්නට ඇති.මෙය අත්හදා බලා තිබෙන්නේ T-60 යුද ටැංකියක් යොදාගෙනය.නමුත් මේ සංකල්පය ඔස්සේ යමින් සංග්‍රාම භූමියට පහසුවෙන් සහ ඉක්මණින් ගුවන් මඟින් සන්නද්ධ රථ ගෙන යෑමට ක්‍රමයක් සම්බන්ධව සෝවියට් දේශය පසුකාලයේදී පවා අත්හදා බැලීම් සිදුකර තිබේ.

    F2MDg0C.jpg


    4BkbdvQ.gif




    Object 279

    1959 දී සෝවියට් දේශයේ නිපද වූ අධිබරැති යුද ටැංකියකි.මෙහි බර මෙට්‍රික් ටොන් 60කි.මි.මී. 319ක අවියක් සහිතය.න්‍යෂ්ඨික පිපිරිමකට පවා ඔරොත්තු දෙන අයුරින් නිපදවා තිබේ.උපරිම වේගය පැයට කි.මී.55කි.

    N6uBpEc.jpg


    q7ifg4e.jpg




    beetle tank - දුරස්ථපාලන ජර්මන් යුද ටැංකිය​

    Goliath tracked mine,beetle tank යන නම් වලින් හැඳින්වෙන මෙය දුරස්ථව පාලනය කල හැකි කුඩා ප්‍රමාණයේ යන්ත්‍රයකි.1942-1945 සමයේ ජර්මානුවන් භාවිතා කල මෙයට කි.ග්‍රෑ.60-100 ත් අතර පුපුරණ ද්‍රව්‍ය ගෙන යා හැකිය.සතුරු යුද ටැංකි විනාශ කිරීම,ගොඩනැගිලි සහ පාලම් විනාශ කිරීම ආදී බහුවිධ කාර්යයන් සඳහා මෙම කුඩා යුද ටැංකිය භාවිතා කර තිබේ.මෙහි Goliath Sd.kfz 302 සහ Goliath Sd.kfz 303ලෙස මාදිලි 2ක් භාවිතා කර තිබේ.

    CX4NuY0.jpg


    jLwnNI4.jpg




    දෙවන කොටසින් හමුවෙමු



    Source:darkroastedblend.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    dewan kotasath ikmanata dapan machan

    හෙට දිහාට විතර බලමුකෝ මචං ,පැකේජ් එකේ ස්පීඩ් එකත් අඩු වුනා අද ඉදලා :( .පුලුවන් උනොත් විතරයි
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    Hemadama wage hoda post ekak. eth rep denna behene. You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    Similar threads