අපේ තාත්තට වෙච්ච දේ
උඹල කියනව නේද ඉඳල හිටල ෂොට් එකක් ගහල බලපං කියල. (බේබද්දෙක් නොවී)
අපේ තාත්ත බන්ධනාගාරෙ වැඩ කෙරුවෙ. දැන් පෙන්ෂන්. එයා ඉස්සර බොන්නෙ නෑලු. වැඩට ආවට පස්සෙලු යාලුවො එක්ක බොන්ඩ පුරුදු වුණේ. කොච්චරද කියනවනං එයා අන්තිමට බේබද්දෙක් වුණා. අම්ම අපි පොඩි කාලෙ ගොඩක් දුක් විඳල තියෙනව. අපිත් පොඩි කාලෙ තාත්ත බීල එනකොට හරි බයයි.
අපි ටිකක් ලොකු වෙලා තාත්තව බය කරන තරමට ආවට පස්සෙයි, අම්මටයි අපිටයි සැනසීමක් ලැබුණෙ. අපි එයාට දැං බොන්ඩ දෙන්නෙම නෑ. එයත් දැං හොඳට ඉන්නව. හැබැයි එයාට ස්වයං පාලනයක් නෑ..
යාලුවො නිසයි එයා බොන්ඩ පුරුදු වුණේ. අන්තිමට එයා ඒකට මාර විදියට ඇබ්බැහි වුණා. දැං උඹලත් මට කියනව ඉඳල හිටල ෂොට් එකක් දාල බලහං කියල.
කොහොමද මාත් තාත්ත වගේ වුණොත්