අපේ පැත්තෙ සිංහල

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    අපේ පැත්තෙ සිංහල

    යාලුවනේ අලුත් වැඩක් පටන් ගත්ත :cool: මෙහෙමයි ඔයාලයි ගමටම ආවේනික වචන ඇති :yes: ඔයාල එහෙම දන්න වචන තියනවා නම් ගමේ නමයි ඒ වචනෙයි ඒ වචනේ තේරුමයි දාන්න :cool: මන් මුලින්ම පටන් ගන්නම් :yes:

    මිද්දෙනිය-ජුලම්පිටිය-විතාරන්දෙණිය-කුඩගල්ආර ඔන්න ඔය ගම් සෙට් එකේ භාවිතාවෙන වචන මේවා :yes: ඇබිලිපිටියෙත් කීප දෙනෙක් කියනව ඇහිල තියනව :yes:

    හිටිපියර = එහෙම කියන්නෙ දවල්ට :yes:
    ගිනි හිටිපියර = දවල් 12 ට විතර ;)
    අබවනව = එලවනවා :yes:
    මාළු = එළවලු :D

    ඔයාල දන්න ඒවත් තියනම් දාන්න :yes::cool:
    හොදයි නම් rep දුන්නට කමක් නෑ ;)
     
    Last edited:
    • Like
    Reactions: Sansaare

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මාළු = එළවලු :D

    ඔයාල දන්න ඒවත් තියනම් දාන්න :yes::cool:
    මචන් ඒ ගමේ මාළු කියන්නේ එළවලු වලට නම් එළවලු වලට කියන්නේ මාළු කියලද ? පලතුරු වලට කියන්නේ කරවල කියලද ?:lol:bump!
    rep+
     
    • Like
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    මචන් ඒ ගමේ මාළු කියන්නේ එළවලු වලට නම් එළවලු වලට කියන්නේ මාළු කියලද ? පලතුරු වලට කියන්නේ කරවල කියලද ?:lol:bump!
    rep+

    :rolleyes: ඒවත් මාළු මචන් :lol: තැන්ක්ස් මචෝ :yes: +7

    altoth ne - this is not uncommon, but none of my work buddies seemed familiar with the expression.

    :sorry::sorry::sorry::sorry::sorry: google translate එකේ ගැහුවා ඒත් තේරෙන්නේ නෑනේ :(:sorry: පුළුවන් පින්වතෙක් මේක පරිවර්තනය කර දමන්න :cool:

    7uNVeGp.png
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    තව පොළොන්නරුව පැත්තෙ හිටං කියල කියනව ඒ වචනේ නම් තේරුමක් නෑ නිකන් ආතල් එකට කියන එකක්ද කොහෙද :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාතලේ පැත්තෙ නෑ ගෙදරක ගිහින් "මාලු = එලවලු" සීන් කෝන් එක නිසා එක පාරක් මටත් හරි වින්නැහියක් උනා...:rofl:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    මාතලේ පැත්තෙ නෑ ගෙදරක ගිහින් "මාලු = එලවලු" සීන් කෝන් එක නිසා එක පාරක් මටත් හරි වින්නැහියක් උනා...:rofl:

    :rolleyes: ඒ මොකක්ද කියමු බලන්න ;)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rolleyes: ඒ මොකක්ද කියමු බලන්න ;)

    දවල් කෑම කන අතරේ නැන්ද කෙනෙක් ඇවිත් පිඟාන දිහා බලල දෙපාරක්ම කිව්වා, "පුතාගේ බත් එකේ මාලු මුකුත් නෑනේ.. තව මාලු බෙදා ගන්නකො" කියලා.. මම බෙදා ගත්ත මාලුවෙකුත් නෑ...:sorry: එදා මම නොකන එලවලු ජාතිමයි තිබුණෙත්..:( මම ඉතින් අනිත් අයගෙ පිඟන් දිහාත් ෂේප් එකේ රබර් ඇහැ දාල බැලුව මට හොරෙන් අනිත් අය මාලු බෙදා ගෙනවත්ද කියලා...:frown:

    ඒත් කාගෙවත් ලඟ මාලු කෑල්ලක් නෑ.. ඊලඟට ආපහු වෑංජන බෙදල තිබුණ ඒව දිහා කන්න වගේ බල බල හොඳ සර්ච් පාරක් දාල බැලුව කොහෙද යකෝ මාලු කියලා..:Pඒත් මාලු නෑ..හැබැයි මාලු බෙදා ගෙන කන්නලු..:eek:

    පස්සෙ ඒ නැන්දම ඇවිත් බෝංචි ද කොහෙද බෙදුව මාලු කිය කිය... එතකොට තමයි මීටර් උනේ...:rofl:
     
    :lol::lol::lol::lol: patta seen eka matath ohoma wadak una dawasak :D
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පොල් ඔයනවා(හොයනවා?): පොල් ලෙලි ගහනවා.
    ඇහැක:පුලුවන්ද.
    මක්කයි: මොනවද.
    මාතර.
    හැබැයි දැන් නම් මිනිස්සු ඔය වචන කියන්නේ නැති ගානයි.
    ඔහේ සහ 'යි' suffix එක තමයි slip වෙන්නේ.
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    man nuwara nemei. eth lagama nayo. un malu kiyanne elawalu walata. ehe giyama mata kiyanawa thawa malu dagena kanna kiyala. eth malu na. hikka inna api nodanna malu :)
    thawa kanda,bonda, yanda, nanda, renda. hama magulatama da/ta akura danawa
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    :sorry::sorry::sorry::sorry::sorry: google translate එකේ ගැහුවා ඒත් තේරෙන්නේ නෑනේ :(:sorry: පුළුවන් පින්වතෙක් මේක පරිවර්තනය කර දමන්න :cool:

    7uNVeGp.png
    [/QUOTE]

    ඇල්ටො කියල අපේ අය ගොඩක් වෙලාවට කියන්නෙ ඇල්වතුර වලට. ඇල්ටොත් නැ කියන්නේ කෙලවෙල නැතිවෙලාම ගිහින් අන්තිමට ඇල් වතුර ටිකක් වත් නැහැ කියන එකටයි. තව තේරුම් තියනවද කියල නම් දන්නැ.