අපේ|මගේ ජිවිත...........

DLoudT

Member
Jul 9, 2015
93
8
0
අපේ|මගේ ජිවිත...........

ඕන දෙයක් වෙන්නේ කියලා thread එක දැම්මේ. එත් මචන් විහිලුවට ගන්න එපා. පොඩ්ඩක් මේ ගැන හිතලා උත්තරයක් දෙන්න.
මේකයි අවුල. දැනට මම ගෙවන්නේ මගේ ජිවිතේ හොදම කාලේ. මට අවුරුදු විසි ගානක් වෙනවා. එත් මගේ ජිවිතේ කිසි විනෝදයක් නැහැ. ඔහේ ගෙවිලා යනවා. මට වැඩිය යාලුවෝ නැහැ. හුගක් වෙලාවට තනියම ඉන්නේ. හරියටම කිව්වොත් Mr Robot TV series එකේ ඉන්න Elliot වගේ කෙනෙක්. මගේ ජිවන රටාව උදේ අවදි වෙනවා. Course එකට යනවා. හවස ගෙදර එනවා. Game එකක් play කරනවා. Facebook, Elakiri එකේ කාලේ ගත කරනවා. රැ දෙක තුන වෙනකම් Films/ TV series බලලා නිදාගන්නවා. ඕක තමා හැමදාම කරන්නේ. කිසි වෙනසක් නැහැ. නිවාඩු දවසට කරන්නේ මුළු දවසෙම online ඉන්න එකයි Films/ TV series බලන එකයි කරන්නේ. තව අවුරුදු තුන හතරක් ගියාට පස්සෙත් මම මේකම කර කර ඉදිවී. ඕනනම් Course එක වෙනුවට job එකක් කරාවි. එත් ජිවිතේ කියන්නේ මේකනම් වෙන්න බැහැ. Facebook, Elakiri, Games, Films/ TV series ඔය හැම දේම කරන්නේ පාළුව තනිකම මකා ගන්න. වෙලාව යවා ගන්න. එහෙමත් නැත්නම් පුරුද්දට ඔහේ කරනවා. එත් මට මේ වගේ ඉදිරියටත් ජිවත් වෙන්න අවශ්‍ය නැහැ. මට ජිවිතේ විනෝද වෙන්න ඕන. අද්දැකීම් වලින් පරිපුරන වෙන්න ඕන. ජිවිතේ විදින්න ඕන. ඔයා හොද සමාජශීලි කෙනෙක් නම් ඔයාට මේ ප්‍රශ්නය තේරුම් ගන්න බැරි වේවි. මොනවා වුනත් මේක මට විතරක් තියන දෙයක් නම් නෙවෙයි. මම අනිත් අයගේ ජිවිත හොදට බලලා තියනවා. මම වගේ හුග දෙනෙක් ගත කරන්න ඒකකාරී ජිවින රටාවක්. පොඩි වෙනසකට තියෙන්නේ හුගක් අය මේක තාම තේරුම් අරගෙන නැහැ. මේ තත්වය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට උපදෙසක් දෙන්න මිට වඩා හොද විනෝද පරිපුරන ජිවිතයක් ගත කරන්නේ කොහොම කියලා.....?
තනියම ඉන්න මට මොනවද කරන්න පුළුවන්...?

කවුරුහරි හිතනවානම් තමන්ගේ ජිවිතේ full marvelous කියලා මේ video දෙකත් බලලම උත්තරයක් දෙන්න.




 

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    meken uba me kiyanne uba me asarana welawath mokuth neme uba gana anukampawak mata nan hithanne na. uba kammaliyek. ksima wadak karanne nathi dena de kaala balan inna kammaliyek. aurudu 20 gaanak wenawalu muta. dawasama online innawa nan salli hoyanna wadak karapan. internet eke salli hoyanna kochchara nan maarga thiynawada. ubata samaje gana ksima danimak na. e uba kammaliyk nisa. echcharai.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹෙ ප්‍රශ්ණෙ මේ කාලෙ සෑහෙන පොදු ප්‍රශ්ණයක් බන් ... මේ කාලෙ ගොඩක් උන්ගෙ ජීවිතේ කියන්නෙ කොම්පියුටර්, ඉන්ටර්නෙට්, මොබයිල් ෆෝන්. ලංකාවෙ නිව්ස් එකක්වත් බලන්නෙ නැති උන් ඉන්නව. කිසිම පිට මිනිහෙක් එක්ක අදහස් හුවමාරු කරගන්න කැමති නෑ, සමාජෙට බයයි.

    තමන්ගෙ ළඟම හිතවත් යාළුවෙක් හෝ කිහිපදෙනෙක් ආශ්‍රය කරපන් (ඉන්ටර්නෙට් යාළුවො නෙවෙයි, ගොඩක් උන් එළකිරියෙන්, ෆේස් බුක් එකෙන් යාළුවො හොයාගන්න ගිහින් තමයි කෙලෝගන්නෙ). පොඩි කාලෙ ඉඳන් දන්න කියන එක යාළුවෙක් ඔය ඉන්ටර්නෙට් යාළුවො 100 කට වඩා වටිනව.

    තමන්ට කියල කාළයක් වෙන් කරගනින්, පොඩ්ඩක් සමාජශීලී වෙයන්, එළියට බැහැල ඇවිදල බලපන්. කොළඹින් එළියට පලයන් ඉඳල හිටලවත්.

    සමස්ථ අදහස විතරක් ගනින් ... නැතුව මම උපදෙශක කෙනෙක් නෙවෙයි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ බෝඩ් වෙලාද ඉන්නේ? පවුලෙ අනිත් කට්ටිය එක්ක නෙවෙයිද ඉන්නේ?

    මෙහෙමයි ජිවිතේ ඒකාකාරියි නම් කරන්න ඕනේ මීට කලින් කරලා නැත් අලුත් දේවල් කරන් එක.ඔයා ලියලා තියෙන විදියට ඕයාට ඕන තරම් ෆ්රී වෙලාව තියෙනවා. ඒ වෙලාවේ අලුතින් මොනවා හරි ඉගෙන ගන්න. උදාහරනයක් විදියට සන්ගීත භාන්ඩයක් ප්ලේ කරන විදිය, නැත්නම් කෑමක් උයන හැටි.ව්‍යායාම විදියට මොන්වා හරි කරන්න.ඉඩ තියෙනවා නම් මොනවා හරි වවන්න.යුටියුබ් විඩියෝස් එහෙම ඕන තරම් තියෙනවා එක එක දෙවල් හදන හැටි ගැන එහෙම. තමන් කැමති දෙයක් ඒ වගේ හදන්න .
    සැහැල්ලු වෙන්න පුලුවන් නිශ්ශබ්ද තැනක් තියෙනවා නම් ඇවිදින්න යන්න.පාර්ක් එකක් බීච් එකකට වගේ ,නැත්නම් පන්සලකට.
    තව මීට කලින් මේ වගේ ත්‍රේඩ් එකකදි කීප දෙනෙක්ම කියලා තිබ්බා කොච්චියකට නැගලා ඒක ඉවරවෙන තැනට යනකම් ගිහින් ආපහු එනවා කියලා.විශේශයෙන්ම නිවාඩු දවසට කොහෙ හරි යන්න.
    කම්පියුටර් එකේ ඉන්න වෙලාවෙත් ටිකක් වෙනස් දෙයක් කරන්න බලන්න.ඔය යාහූ අන්ස්වර්ස් එකේ වගේ තමන්ට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න වලට උත්තර දෙන්න.නැත්නම් freerice කියලා සයිට් එකක් තියෙනවා ප්‍රශ්නවලට උත්තර දීලා අප්‍රිකාවේ වගේ කෑම නැති අයට කෑම ඩොනෙට් කරන්න පුලුවන් සයිට් එකක්.පෙටිෂන් සයිට් එකේ තමන් කැමත් ටොපික් බලලා පෙටිෂන් සයින් කරන්න
    තව අවස්තාවක් හම්බවෙන වෙලාවට අනිත් අයට උදව් කරන්න.
    ඒ වගේම තමන්ගේ ජිවීතේ පෞද්ගලික අරමුනු වලට අමතරව තව මොකක් හරි පොදු අරමුණක් වෙනුවෙන් තමන්ගේ කාලය යොදන්න
    ජයවේවා මචන්
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මහියන්ගන වගේ පැත්තකට පලයන්.ජීවිතේ ඒකාකාරී නෑ.උදේට හේනක් කොටනවා.හවසට කුඹුරක් කොටනවා.වැවෙන් නානවා.මීහරක් දක්කනවා. රෑට හොඳට බීලා ගම වටේ කොල්ලො එක්ක ඇවිදිනවා.
     

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    racing bicycle එකක් වගේ අරන් බීච් වලට ගංගා වලට වගේ අරහේ මෙහෙ පැදන් ගියා නං ඔය කම්මැලි කම අඩු වෙයි. කැමරාවකුත් තිබුනන් නියමයි. එතකොට අලුත් මිනිස්සු අඳුන ගන්න ලැබෙනවා. කුසීත බව නැති වෙනවා.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    යාලුවො සෙට් එකත් එක්ක පුලුවන් දවස්වලට නැත්නම් සති අන්තයෙදි හරි බීච් එකට නැත්තම් පල්ලියකට, පන්සලකට හරි යමන්. පුලුවන්නම් Gym එකකට යමන්. හොදම විශ්වාසවන්ත යාලුවෙක් හදා ගනින්. නැත්නම් ලග නෑදෑ කොල්ලෙක් හරි සෙට් කරගෙන පොඩ්ඩක් එලියෙ පහලියෙ ඇවිදින්න යමන්. එතකොට කෑල්ලක් වත් සෙට් වෙයි. මොකක් හරි Target එකක් තියා ගනින් හොද බයික් එකක්වත් ගන්නව කියල එතකොට ඒ වෙනුවෙන් වැඩ කරනකොට ඔය ගතිය ටිකක් අඩු වෙනව. මට හිතෙන දේ කිව්වෙ.:rolleyes:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    යාලුවො සෙට් එකත් එක්ක පුලුවන් දවස්වලට නැත්නම් සති අන්තයෙදි හරි බීච් එකට නැත්තම් පල්ලියකට, පන්සලකට හරි යමන්. පුලුවන්නම් Gym එකකට යමන්. හොදම විශ්වාසවන්ත යාලුවෙක් හදා ගනින්. නැත්නම් ලග නෑදෑ කොල්ලෙක් හරි සෙට් කරගෙන පොඩ්ඩක් එලියෙ පහලියෙ ඇවිදින්න යමන්. එතකොට කෑල්ලක් වත් සෙට් වෙයි. මොකක් හරි Target එකක් තියා ගනින් හොද බයික් එකක්වත් ගන්නව කියල එතකොට ඒ වෙනුවෙන් වැඩ කරනකොට ඔය ගතිය ටිකක් අඩු වෙනව. මට හිතෙන දේ කිව්වෙ.:rolleyes:

    uba kiyana de aththa macho
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මචෝ මගෙත් ලයිෆ් එකත් ඉස්සර ඔය වගේ. එත් දැන්නම් ටිකක් වෙනස් වෙලා. මන් පවුලේ එකම ළමයා. මටත් ඉස්සර උබට හිතුනා වගේම හිතිලා තියනවා ඕන තරම්.
    අනිත් එවුන් ෆන් අරන් FB එකේ Pics දානකොට අපි ජිවිතේ කොටසක් මග ඇරලා යනවද කියල හිතුන වෙලාවල් ඕන තරම් තියනවා බන්.
    අපි විනෝද වෙන්න ඕනේ පොඩි ෆන් එකක් ගන්නත් ඕනේ, එත් බන් කරන මගුලක් හිතට එකගව, හරි කියලා හිතෙන දේවල් කරපන්. හැමදාම සිගරට් ගහන්න වගේ යන්න එපා ෆන් කියලා.
    හොද යාලුවෝ ටිකක් සෙට් කරගනින් මුලින්, ඉදලා හිටලා කොහේ හරි යමන්..( beach, exhibition, ක්‍රිකට් මැච් එකක් බලන්න වගේ)..
    ගමේ තියන දන්සල්, අවුරුදු උත්සව, මළගෙවල් වලට පලයන්. කෙල්ලෙක් ඉන්නවා නම් රව්මක් දාපන් (room නෙවෙයි )..
    පොඩ්ඩක් හිතලා ඕවගේ ඒවා කරපන් නිකන්ම ඔහොම හිතෙන එක නැතිවෙයි මචං.. ගොඩක්ම ඔහොම හිතෙන්නේ උබ තනියෙන් හිතනකොට.
    බලපන්කො යාලුවෝ එක්ක ඉද්දි ඕව හිතෙනවද කියලා..තනියෙන් හැමවෙලේම Games and Tv series මත්තෙම නැහෙන්න එපා බන්. මාත් ඉස්සර ඔහොමයි..
    Games tv series ඕන තරම් තියනවා hard පුරවලා. ඒවත් කරපන්..එත් උදේ ඉදන් රෑ වෙනකන් ඕකම කරන්න එපා...සිංහල ටයිප් කලේ ගොඩ කාලෙකින් බන් අතත් රිදෙනවා..
    අපි ගියා මචං..ජයවේවා!!

    අහ් තව දෙයක් මන් අද එලකිරියට සෙට් උනේ..මේක මගේ First reply එක.
    මටත් ඔහොම හිතිලා තියන නිසා මුලින් උබට Reply කරන්න හිතුනා..
     
    Last edited: