මාත් මේ ගැන හිතුව (නලින් ද සිල්වා සර්ගේ blogpost එකක තිබ්බ).
අනිත්‍ය නිසා දුකයි දුක නිසා අනාත්මයි කියන පැහැදිලි කිරීම නිවැරදි එකක් වෙන්න බැහැ
රූපං භික්ඛවේ අනිච්චං. යදනිච්චං තං දුක්ඛං . යං දුක්ඛං තදනත්තා . යදනත්තා තං ‘නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා’ති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ චිත්තං විරජ්ජති, විමුච්චති අනුපාදාය ආසවේහි. වේදනා ....(පෙ).... සඤ්ඤා ....(පෙ).... සංඛාරා ....(පෙ).... විඤ්ඤාණං ...
පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම්, “මේක මගේ නොවේ, මේ මම නොවේ, මේක මගේ ආත්මය නොවේ” කියලා ඔය විදිහටයි දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දැකිය යුත්තේ. ඉතින් ඔය ආකාරයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් සැබෑ තත්වය දකින විට සිත නොඇලී යනවා. කිසිවකට නොබැඳී ආශ්රවයන්ගෙන් නිදහස් වෙනවා. වේදනාව ....(පෙ).... සඤ්ඤාව ....(පෙ).... සංස්කාර ....(පෙ).... විඤ්ඤාණය .....
https://tripitaka.online/sutta/3299
අවශ්‍ය නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයත් බලන්න