[අභිධර්මය] ටිති අවස්ථාව

x game

Active member
  • Oct 28, 2009
    101
    81
    28
    Bump

    ධ්‍යාන වලට යන කෙනෙක් ඉන්නවා, යාලුවෙක්, ඌ එක්ක ඔය ගැන කතා කරන්න සෙට් උනාම වෙලාව යනව දැනෙන් නෑ, කමටහන් අරගෙන පිලිවෙලකට මුල ඉඳන් පටන් අරන් කාලයක් තිස්සෙ කරන කෙනෙක්, හරියට ඒ ගැන නොදැන කරන්න ඕන නැති හින්ද මං කොනට වෙලා ඉන්නව..
    මොනවද කියන අත්දැකීම් ධ්‍යාන ගැන ?
    ------ Post added on Nov 27, 2023 at 11:27 PM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උප්පාද ටිති භංග අවස්ථා වලින් ටිති අවස්තාව නිත්‍යයි කියන්න බැරි ඇයි?

    විස්තර සහිතව කියල දෙන්න පුලුවන්නම් පිං
    කතමේසං ආවුසෝ ආනන්ද, ධම්‌මානං උප්පාදෝ පඤ්‌ඤායති, වයෝ පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායතීති?

    තිථියේත් අන්‍යස්වභාවයට පත්වේ.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Oya monawa denagattath meka atha arinna bane.genu,food matak wenawa.
    ඔබ ශ්‍රද්ධා මාර්ගයේ යන නිසා ගැටලුව තියෙන්නේ ශ්‍රද්ධාවේ.පංච සීලය වත් නැතිනම් ඔය පාරේ ඉදිරිය අපහසු නිසා නිවැරදිව ශ්‍රද්ධාව සැකස ගන්න.නැතුව ඉදිරියට ගියොත් මනෝ විඥානය වික්ෂිප්ත වෙයි
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,249
    67,636
    113
    ඔබ ශ්‍රද්ධා මාර්ගයේ යන නිසා ගැටලුව තියෙන්නේ ශ්‍රද්ධාවේ.පංච සීලය වත් නැතිනම් ඔය පාරේ ඉදිරිය අපහසු නිසා නිවැරදිව ශ්‍රද්ධාව සැකස ගන්න.නැතුව ඉදිරියට ගියොත් මනෝ විඥානය වික්ෂිප්ත වෙයි
    Eka thamai data athi dan.nattan mole amaruwak hadenaw
     
    • Like
    Reactions: lankalk

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    524
    355
    63
    Home
    kitsooftlk.blogspot.com
    උප්පාද ටිති භංග අවස්ථා වලින් ටිති අවස්තාව නිත්‍යයි කියන්න බැරි ඇයි?

    විස්තර සහිතව කියල දෙන්න පුලුවන්නම් පිං
    Dharmathawaya hethun patichcha San buthan hethu banga nirujjathi unath aviddawen balana apita nithya wage penne…..api eka the rum ganna widihata titi Kochchara diga da kiyala baraganna puluwan.
     
    • Haha
    Reactions: lankalk

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    උප්පාද ටිති භංග අවස්ථා වලින් ටිති අවස්තාව නිත්‍යයි කියන්න බැරි ඇයි?

    විස්තර සහිතව කියල දෙන්න පුලුවන්නම් පිං
    මම හිතන්නෙ මහත්තය ඕක මෙන්න මේ වගෙ දෙයක්...

    • උප්පාද - හේතුං පටිච්ච සම්භුතං
    • තිථි - සම්මුතිය, ඔය උප්පාද සහ භංග (වය) අතර අවිද්‍යාව නිසා නිත්‍යයි කියල ගන්න ටික, කාලය ගතවීම, පෙනෙන දේ වගෙ සම්මුතීන් තියෙන්නෙ මෙතන. කොච්චර නිච්ච් වෙනවද (තිථි අවස්ථාවේ තියෙනවද) කියන threshold එක කෙලෙස් මට්ටම අනුව වෙනස් වෙනව.
    • භංග (වය) - හේතුං භංගා නිරුජ්ජතී

    1701389346966.png

    උදය-වැය ක්‍රියාවලිය දකින්න කියල කිව්වේ එකයි මොකද ඔය තිථි අවස්ථාව කියනනෙ process එකක් තුල විද්‍යමාන වෙන දෙයක් (මුලාවක්) මිසක් ඇත්තට තියෙන දෙයක් නොවන නිසා.

    හේතූන්ගේ වෙනස්වීම (යටම ඊතලය) අනුව ඔබතුමාට පෙනෙනව ඇති වෙනස් වීම හැම විටම තියෙනව කියල...එහෙනම් ඔය ඔක්කොම ටික අනිත්‍යයි...
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164

    View attachment 220041

    උදය-වැය ක්‍රියාවලිය දකින්න කියල කිව්වේ එකයි මොකද ඔය තිථි අවස්ථාව කියනනෙ process එකක් තුල විද්‍යමාන වෙන දෙයක් (මුලාවක්) මිසක් ඇත්තට තියෙන දෙයක් නොවන නිසා.

    හේතූන්ගේ වෙනස්වීම (යටම ඊතලය) අනුව ඔබතුමාට පෙනෙනව ඇති වෙනස් වීම හැම විටම තියෙනව කියල...එහෙනම් ඔය ඔක්කොම ටික අනිත්‍යයි...

    තිති කියන එක සම්මුති දර්මයක් කියල ගත්තොත්....රූප කියන පර මාර්ත දර්මය නිර්මානය තුල, සම්මුති දර්මයක් තියෙනව කියල ගන්න එක ගැලපෙන්නෙ නැ වගේ හිතෙන්නෙ නැති ද?

    එහෙමත්, නැති නම් චිත්ත වීතියක, චිත්තක්ශන 17ක් අලලා බැදුන රූපයේ තිති අවස්තාව, සම්මුතික් කියල ගත්තොත අවුලක් වගේ කියල හිතෙන්නෙ නැති ද?

    නිකන් හිතල බලන්න කිව්වෙ...
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    api godak than wala අනිත්‍ය nisaa dukayi kiyanawa
    udaa harana vidiyata kiyanawa

    minissu leda wenawa අනිත්‍ය yi
    konde sudu wenawa අනිත්‍ය yi
    e nisaa dukayi kiyalaa

    ethakota api hithanne ne
    lede අනිත්‍ය nisaa neda leda saneepa wenne ethakota ee අනිත්‍ය duka ne needa
    kenekuta konde tint karanna aasayi nam konde paata අනිත්‍ය karaganna puluwan nisaa thamayi
    konde kalu paata tint karala dumburu paata karanne ethakota e අනිත්‍ය duka ne needa

    budu haamuduruwo keewe අනිත්‍ය dukayi kiyala nam
    me vidiyata අනිත්‍ය duka nathi wenna bee needa

    thawa tikak hoyanna
    mama waradi deyak kiyala nam matath kiyala denna

    Kalin note nouna deyak.😶
     
    • Love
    Reactions: amino

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    අපි ලෙඩක් නැතුව ඉන්න එක අනිත්‍ය නිසා අපිට ලෙඩ හැදෙනවා
    එතකොට දුකයි
    එතකොට ලෙඩ අනිත්‍ය නිසා අපිට ලෙඩ සනීප වෙනවා
    එතකොට අපිට කොහොමද දුක වෙන්නේ

    මම ලොකුවට ඔය පාලි අභිධර්මය දන්නේ නෑ
    මට ඔය උද තියන ගැටලුව තියනවා

    ඔයා කියන විදියට ලෙඩේ අනිත්‍ය වෙලා ලෙඩ සනීප වෙන එක සැපක් නෙමෙයි නම්
    සනීපෙට ඉන්න එක අනිත්‍ය වෙලා ලෙඩ වෙන එක දුකක් වෙන්නත් බෑ
    ලෙඩේ අනිත්‍ය වීම නිසා සුවයක් ලැබෙනව කියන්නෙ ඊට වඩා සුවයක් ඊළඟට ලැබීම නිසානෙ..
    මෙහෙම හිතන්ඩකො හිසරදයක් හැදිල තිබිල ඒක සුවවෙලා ඊට වඩා අමාරු හිසරදයක් ඊළඟට හැදෙනව කියල.. ඒක සැපක් නෑනෙ..
    තුවාල වෙච්ච කකුලක් තියෙනව, ඒක නැතිවෙලා යාම සුවයක්ද!!
    ඩොක්ටර් කෙනෙක් කීවොත් තුවාල කකුල කපල දාන්ඩ කියල ..
    තුවාලෙ එක්ක උනත් කකුල තිබ්බ නන් හොඳයි කියල හිතෙනව නේද...
    තුවාලෙ නැතිවීම තුවාලෙට වඩා හොඳයි කියල හිතෙන්නෙ එතනට අලුතෙන් මස් දාල, තුවාලෙ හොඳ වීම නිසයි..
    නැත්තන් තුවාලෙ නැතිවීම (තුවල කකුල කපල දැමීමට වීම ) දුකයි..

    අනිත්ය, දුක්ක අනත්ත කියන්නෙ සන්ස්කාර වල ලක්ශන තුනක්... සන්සකාර කියන්නෙ..රුප, වේදනා, සන්නා.... ඔය වගේ.

    ඔතන දුක කියන්නෙ...අපිට දැනෙන දුකක් නෙවේ... සන්ස්කාරයක ස්වාබාව්යක්

    අපිට දැනෙන වේදනාවත්, සන්ස්කාරයක්...

    ඔතන වේදනාව කියන චයිතසිකයක් (සන්ස්කාරයක්) නිසා...වේදනාව සුක/සුව වුතන් දුක්ක ස්වාබවයක් තියෙන්නෙ...වේදනාව දුක උනත් දුක්ක ස්වාබවයක් තියෙන්නෙ...

    ඔන්න ඕක තේරුම ගන්න බැරි හාමුදුරුවන් තමයි...අනිච්ච දුක්ක අනත්ත අල්ලගෙන රට පටලවල...කමති නැතිනම් අර්හෙමය..මෙහෙමයි කියල දගලන්නෙ...
     
    • Wow
    • Haha
    Reactions: amino and lankalk

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22

    සංස්කාර කියන්නේ පංචස්කන්ධය නම්,

    පංචස්කන්ධයේ සංඛාර කියන්නේ මොකද්ද
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    සංස්කාර කියන්නේ පංචස්කන්ධය නම්,

    පංචස්කන්ධයේ සංඛාර කියන්නේ මොකද්ද

    පරමාර්ත දර්ම:

    චිත්ත, 89/121
    චයිත්සික, 52
    රූප 28
    නිබ්බාන

    ඔතනින්, නිබ්බාන ඇරෙන්න, අනිත් හැම එකක්ම , සන්කත/සන්කාර/සන්ස්කාර....හේතුවලින් ඇතිවෙන ඒවා

    පන්චස්කන්දයෙ, සන්කාර කියන්නෙ..චේතනාවන්...ඔතන උඩ තියෙනෙ චිත්ත වලින් ඒව...කුසල චිත්ත, අකුසල..ඔන්න ඔයවගේ...තවත් විදිහට කිව්වොත්..චිත්ත වීතියක ජවන සිත්. ඔය කියන සන්සකාරත්...සන්කත තමයි
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    පරමාර්ත දර්ම:

    චිත්ත, 89/121
    චයිත්සික, 52
    රූප 28
    නිබ්බාන

    ඔතනින්, නිබ්බාන ඇරෙන්න, අනිත් හැම එකක්ම , සන්කත/සන්කාර/සන්ස්කාර....හේතුවලින් ඇතිවෙන ඒවා

    පන්චස්කන්දයෙ, සන්කාර කියන්නෙ..චේතනාවන්...ඔතන උඩ තියෙනෙ චිත්ත වලින් ඒව...කුසල චිත්ත, අකුසල..ඔන්න ඔයවගේ...තවත් විදිහට කිව්වොත්..චිත්ත වීතියක ජවන සිත්. ඔය කියන සන්සකාරත්...සන්කත තමයි
    Mt thiyena prashne ay kenilnma sanskaara kiyanne chiththa, chaithasika, roopa kiyala kiyanne nathuwa hamoma panchaskandayak gawaganne ay kiyala
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    Mt thiyena prashne ay kenilnma sanskaara kiyanne chiththa, chaithasika, roopa kiyala kiyanne nathuwa hamoma panchaskandayak gawaganne ay kiyala

    සන්කාර කියන්නෙ පොදු නම, ඒ හැම එකටම සන්කත ස්වාභාවයක් තියෙන නිසා..හරියට කැලේ අලියො ඉන්නව..සින්හයො ඉන්නව, කොටියො ඉන්න්ව කියන්නෙ නැතුව..සත්තු ඉන්නව කියනව වගෙ..

    සත්වයෙකුගේ, එක්ස්පිරියන්ස් එක ලේසියෙනම් පෙන්නන පුලුවන් විදිහ තමයි, පන්චස්කන්දය

    සරලව

    රුප - රුප වලින් 1
    වේදන - චයිතසික
    සන්නා - චයිතසික
    සන්කාර - චිත්ත
    වින්නන - චිත්ත
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සන්සකාර කියන්නෙ..රුප, වේදනා, සන්නා.... ඔය වගේ.

    ඔතන දුක කියන්නෙ...අපිට දැනෙන දුකක් නෙවේ... සන්ස්කාරයක ස්වාබාව්යක්
    ඇත්තටම මට ඔයාට තරම් ගැඹුරු කරුණු තේරෙන්නෑ

    රුප, වේදනා, ... (සන්ස්කාරයක)
    වල දුක ස්වාබාව්ය
    උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?
    ඔයා හාමුදුරු නමක් ද ?

    Kalin note nouna deyak.😶

    බුදු හාමුදුරුවෝ කියලා තියනවලු ජනපද නිරුක්තියෙන් දහම දෙසනා කරන්න කියලා
    ඒ කියන්නේ ඒ ඒ කාල වලට අදාළ ඒ ඒ තැන් වලට අදාළ උදාහරණ අරන්
    පැහැදිලි කරන්න කියලා

    ඇත්තම කියනවා නම් මේ කියන බරපතල රුප, වේදනා,චයිතසික ,සන්කාර වගේ දේවල් මට තේරෙන්නෑ
    හැබැයි
    කවුදෝ සමින්වහන්සේ කෙනෙකුගෙන් එක පාරක් බන අහගෙන ගියපු
    කුජ්ජුත්තරා කියලා රජ මාලිගාවට මල් ගෙනියන කාන්තාවක්
    දහම කියලා දීලා බිසෝවරු 500ක් සෝවාන් උනාලු

    මගේ ප්‍රශ්නේ තමයි එකපාරක් බන අහපුවාම ඔය කියන තරම් බරපතල කාරනා කියන්න ඇති ද

    මට හිතෙන්නෙම අපි මේ අනවශ්‍ය වචන ජාලාවක පැටලිලා ඉන්නේ
    මොකක් හරි විදියක් තියෙන්න ඕනේ මේක සරලව පැහැදිලි කරන්න

    මම ඇත්තටම හොයන්නේ කුජ්ජුත්තරා අර බිසෝ වරු 500 ට මොනවද කිවේ කියන එක
    ------ Post added on Dec 2, 2023 at 7:40 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    තිති කියන එක සම්මුති දර්මයක් කියල ගත්තොත්....රූප කියන පර මාර්ත දර්මය නිර්මානය තුල, සම්මුති දර්මයක් තියෙනව කියල ගන්න එක ගැලපෙන්නෙ නැ වගේ හිතෙන්නෙ නැති ද?

    එහෙමත්, නැති නම් චිත්ත වීතියක, චිත්තක්ශන 17ක් අලලා බැදුන රූපයේ තිති අවස්තාව, සම්මුතික් කියල ගත්තොත අවුලක් වගේ කියල හිතෙන්නෙ නැති ද?

    නිකන් හිතල බලන්න කිව්වෙ...
    තිථි කියන්නෙ ලක්ෂණයක්නෙ රෝෂ් මහත්තය, සම්මුතිය ඒ ලක්ෂණය නිසා විද්‍යමාන වෙන දෙයක් කියල මම අදහස් කරන්නෙ. මේ අදහසක් විතරයි... වැරදි වෙන්න පුළුවන්...

    "රූප කියන පර මාර්ත දර්මය නිර්මානය තුල" මෙහෙම දෙයක් අපිට කතාකරන්න පුලුවන්ද රෝෂ් මහත්තය? රූප කියන පරමාර්ථ ධර්මය අපිට ගෝචර දෙයක් නෙම්යිනෙ...ඔබතුමා කියන විදියට උදය-වැය ක්‍රියාවලිය තුලින් රූප කියන පරමාර්ථ ධර්මය නිර්මානය වෙනවනම් ඒක අපිට ගෝචර වෙන්න ඕනි නේද? නැත්නම් ඔබතුමා මෙතන කතා කරන්නෙ රූප/උපාදාය රූප ගැනද නැත්නම් රූප කියන පරමාර්ථ ධර්මය ගැනද? මම අහල තියෙන හැටියට පරමාර්ථ ධර්ම ශ්‍රාවක ගෝචර නැහැ..

    පරමාර්ථ ධර්ම නිර්මාණය වීමක් ගැන තියෙන reference එකක් ඔබතුමා ළඟ හරි අනික් මහත්තුරු ළඟ හරි තියෙනවද?
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේ එක එක්කෙනා කියලා තියන දේ වලින් තෙරෙන්නෙ මේ ගැන කොහේවත් පැහැදිළි ඉගැන්වීමක් නැහැ වගේ. එක එක්කෙනා ඉන්නෙ එක එක මත වල. එතකොට මේකෙ හරි පාර හොයාගන්නෙ කොහොමද?