භවාංග ජවන කියන්නෙ අලුත් සිත් නෙමේ බං. අර 121න් සිත්ම තමා භවාංග ජවන වෙන්නෙ. භවංග ජවන කියන්නෙ ඒ හිත් වලිං කරන දේ අනුව වර්ග කරල තියෙන විදිහ. භවාංග ජවන චුති ප්රතිසන්ධි වොත්තපන etc ඕව සේරම කරන දේවල්.
චිත්ත විථියක එන තදාරම්මණ සිතෙන් වෙන දේ පැහැදිලි කරල දෙන්ඩකො, මේකට අයිතිවෙන සිත් වර්ගෙත් එක්ක..
ජවන් සිත් වලිං ගත්තු අරමුණම ගන්නව කියල බං තියෙන්නෙ හරියට පැහැදිලි විස්තරයක් නං දන්නෙ නෑ. මම හිතන්නෙ ඒවගෙන් තමා රූප එහෙම හොඳට දකින්න උදව් කරන්නෙ. චිත්ථ වීථියක ජවන් සිත් 7ක් ඇතිවෙලා තවත් සිත් ඇතිවෙන්න ඉඩ තියෙනවනං විතරයි තදාරම්මන ඇතිවෙන්නෙ. එහෙම වෙන්නෙ අපි රූපයක් වගේ දෙයක් හොඳට පැහැදිලිව දකිද්දි. ලාවට දකිනවනං තදාරම්මණ නෑ.
තව සමහර චිත්ථ වීථි වල ජවන් සිත් පහල වෙන්නෙත් නෑ. ඒවගෙ රූප ඇහැට ආවත් පේන්නෙ නෑ. තදාරම්මණ තියෙන්නෙ හොඳටම පැහැදිලිව දකින සිත් වල.


විභාග - බෙදා වෙන්කර පරීක්ශාකරනවාරේරුකානෙ හාමුදුරුවන්ගෙ බෝධිපාක්ෂික ධර්ම පොත කියවද්දි ආපු ප්‍රශ්නයක්,
''චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් ය යි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන් ද පවත්නා ආකාරයාගේ වශයෙන් ද නිවැරදි ලෙස දැන ගැනීම �අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි� යනුවෙන් දැක්වෙන පළමු වන සෘද්ධිය ය''
විභාග වශයෙන්, ලක්ෂණ වශයෙන්, පවත්නා ආකාරයාගේ වශයෙන් කියන්නෙ මොකක්ද..
.
"
විභාග - බෙදා වෙන්කර පරීක්ශාකරනවා
සමහර රූපකලාපවල ආයුශය චිත්තක්ශන1(ලක්ශන රූපවන උපචය,සන්තත්,ජරතා,අනිච්චතා).සමහරෙක චිත්තක්ශන කිහිපයක්.
සමහර රූපයන්ගේ දැඩි ගතිය.
අහරෙක පිම්බෙනගතිය.
සමහර චිත්තයන්ට ප්රතිසන්දධ් විපාක උපදවන්න බැ
මේවා ලක්ශන විදියට ගන්න පුලුවන් .
S රූපය T රූපයයද, Tරූපය Sරූපයටද ආධාර කරගන පවතිනවා.අඣ්ඣ්මඣ්ඣ ප්‍රත්‍යයෙන් පවතිනවා කියනවා.ඒක පවතින ආකාර ලෙස හදුන්වන්න පුලුවන්
අපෝ ඕන තරම් ඉන්නව බන් හොයාගන්න අමාරු ඇති මචන් උබට.දැන් අභිධර්මය හදාරන මොකෙක්වත් නෑ වගෙ...![]()
mokadda machan පට්ටන සභාව?අපෝ ඕන තරම් ඉන්නව බන් හොයාගන්න අමාරු ඇති මචන් උබට.
අනික කියන්න යන්නේ නැනේ ගොඩක් වෙලාවට.
මාත් උනන්දුවක් තියන ලගටම ඇවිල්ල අහපු ගුණවත් කෙනෙක් කියල හිතන කෙනෙක් ට තමයි කියල දෙන්නේ සාකච්චා කරන්න යන්නේ බන්.
එකයි
පට්ටන සභාව තමයි දැනට මන් දන්න ලොකුවටම කියල දෙන තැන ලංකාවේ. ප්රකරණ 7 ම කියල දෙනවා අවුරුදු 4 ඉදන් උඩට කාලයක් ගන්නවා නොමිලේ කරන්නේ සයඩෝ රහතන් වහන්සේගේ ගෝල පරම්පරාවේ හාමුදුරු නමක් පටන් අරගත්තු තැනක්.
වෙලාවට එක දිගට අල්ලාගෙන ඉන්න බැ වගේ ගොඩක් අයට බන්.
මාත් ඉන්නේ උනන්දු කරවන කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න නිසා.
https://patthanadhammasabha.com/mokadda machan පට්ටන සභාව?
ඇසින් රූපයක් දකිනා සෑම මොහොතකදීම කුශලයක් හෝ අකුශලයක් විපාක දීම සිදුවේද..(කුසල / අකුසල විපාක සිතක් වන උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය පහළ වීම නිසා )