අමතක වෙන ප්‍රස්නයක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අමතක වෙන ප්‍රස්නයක්

    ලඟකදී ඉඳල මට අමතක වෙන ප්‍රස්නයක් තියෙනවා බන්.මේ ඊයේ පෙරේද දවසක ෂර්ට් 1ක් සෝදලා ගේ ඇතුලේ වේලෙන්න දාල :baffled:තව දවසක් උදේට කන්න අමතක වෙලා:baffled: වයිෆ් අහනකොට තමා මතක් උනේ.ඔය සිද්දි කිහිපයක් විතරය්.දැන් මේක හෙන වදයක් වෙලා .

    මේක ලෙඩක්ද මචන්ලා
     
    • Like
    Reactions: JesonRulez

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    oka adu karaganna puluwan podi book ekaka hari mobile eke reminder ekak hari add karagena machan.. but hodama de special doctor kenekgen checkout ekak daganna eka :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ කියන්නේ බන්

    Mindfullness කිව්වේ මචන් හැම වෙලාවේම තමන් මේ මොහොතේ කරන දේ ගැන හොඳ සිහියෙන් හිටපන්. ඒක ලේසි නෑ. ඒත් ටික කාලයක් පුරුදු පුහුණු කලාම හුරු වෙනවා. උඹ කෑම කනකොට, නානකොට, දත් මදින කොට මොන වැඩේ කලත් තමන් දැන් කරන්නේ මොකක්ද කියන එක ගැන හොඳ සිහියෙන් යුක්ත වෙයන්. ඕක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "යෝනිසෝ මනසිකාරය" හෙවත් "එළඹ සිටි සිහියෙන් යුක්ත වීම" කියලා.

    මම මේ වැඩේ කරන්න පටන් ගත්තු දවසේ ඉඳල අද වෙනකන් කවදාවත් කිසිම දෙයක් අමතක වෙලා දාල ගිහින් නෑ. ඒ කියන්නේ purse, pen drives, bags ඔය නිතරම පොඩ්ඩ ඇත්නම් අමතක වෙලා දාල යන දේවල්. ඉස්සර මට නිතරම අමතක වෙලා මොනවා හරි දාල යන්නේ කොහේ ගියත්. දැන් ඒ ප්‍රශ්නේ නෑ මට.

    Meditation කිව්වේ භාවනාව. සරල භාවනාවක් පුරුදු පුහුණු කරපන්. මම නම් කියන්නේ ආනාපානසති භාවනාව කරපන් කියලා. බලාගෙන ඉද්දි තමන්ගේ මතක ශක්තිය දියුණු වෙනවා මචන්. හැබැයි භාවනාව කියන්නේ බොහොම ඉවසීමෙන් ක්‍රමානුකූලව දියුණු කරන්න ඕනේ දෙයක්. හදිස්සියට කරන්න බෑ. අනික පන්සිල් රකින්නත් ඕනේ. නැත්නම් භාවනා කලාට ඒ මානසික ඒකාග්‍රතාවය පවතින්නේ නෑ. මේක මම හොඳින්ම දන්නා දෙයක්.

    නොකඩවා සති 2,3ක් ආනාපානසති භාවනාව දියුණු කලොත් උඹට පාඩම් කරන්න තියෙන පොතක පිටුවක් එක පාරක් කියෙව්වම ඇති. ඒකෙ තිබ්බ හැම දෙයක්ම photocopy එක වගේ මතකයේ රැඳෙනවා මචන්. කරලම බලපන්කො මම කියන්නේ ඇත්තද බොරුද කියලා. උඹට පාඩුවක් වෙන්නේ නෑනේ මම මේ කිව්ව දේවල් කළා කියලා.

    මම මේ විස්තර කලේ ආර්ය අශ්ටාංගික මාර්ගයේ සම්මා සති සහ සම්මා සමාධි කියන කොටස් දෙක මචන්.
    :)
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    tension wai unama bn ohoma wenne ..matath ohomai office ekata awata passe mathak karala balanawa udeta dath maddada kiyala..godak welawata joka daalada kiyalawath mathaka na bn ..sira

    bhawana karapan ..hariyanawa
    mata harigiya :yes:
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Bawana karapan ban...
    එහෙම ගොඩ දාගන්න පුළුවන් නම් ලොකු දෙයක් බන්.

    oka adu karaganna puluwan podi book ekaka hari mobile eke reminder ekak hari add karagena machan.. but hodama de special doctor kenekgen checkout ekak daganna eka :)
    මම දැනටත් පොඩි පොතක් use කරනවා බන් සමහර වෙලාවට එකේ ලියන්නත් අමතක වෙනවා:baffled:මට හිතෙන්නෙත් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න වෙය් වගේ .
    තැන්ක්ස්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Mindfullness කිව්වේ මචන් හැම වෙලාවේම තමන් මේ මොහොතේ කරන දේ ගැන හොඳ සිහියෙන් හිටපන්. ඒක ලේසි නෑ. ඒත් ටික කාලයක් පුරුදු පුහුණු කලාම හුරු වෙනවා. උඹ කෑම කනකොට, නානකොට, දත් මදින කොට මොන වැඩේ කලත් තමන් දැන් කරන්නේ මොකක්ද කියන එක ගැන හොඳ සිහියෙන් යුක්ත වෙයන්. ඕක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "යෝනිසෝ මනසිකාරය" හෙවත් "එළඹ සිටි සිහියෙන් යුක්ත වීම" කියලා.

    මම මේ වැඩේ කරන්න පටන් ගත්තු දවසේ ඉඳල අද වෙනකන් කවදාවත් කිසිම දෙයක් අමතක වෙලා දාල ගිහින් නෑ. ඒ කියන්නේ purse, pen drives, bags ඔය නිතරම පොඩ්ඩ ඇත්නම් අමතක වෙලා දාල යන දේවල්. ඉස්සර මට නිතරම අමතක වෙලා මොනවා හරි දාල යන්නේ කොහේ ගියත්. දැන් ඒ ප්‍රශ්නේ නෑ මට.

    Meditation කිව්වේ භාවනාව. සරල භාවනාවක් පුරුදු පුහුණු කරපන්. මම නම් කියන්නේ ආනාපානසති භාවනාව කරපන් කියලා. බලාගෙන ඉද්දි තමන්ගේ මතක ශක්තිය දියුණු වෙනවා මචන්. හැබැයි භාවනාව කියන්නේ බොහොම ඉවසීමෙන් ක්‍රමානුකූලව දියුණු කරන්න ඕනේ දෙයක්. හදිස්සියට කරන්න බෑ. අනික පන්සිල් රකින්නත් ඕනේ. නැත්නම් භාවනා කලාට ඒ මානසික ඒකාග්‍රතාවය පවතින්නේ නෑ. මේක මම හොඳින්ම දන්නා දෙයක්.

    නොකඩවා සති 2,3ක් ආනාපානසති භාවනාව දියුණු කලොත් උඹට පාඩම් කරන්න තියෙන පොතක පිටුවක් එක පාරක් කියෙව්වම ඇති. ඒකෙ තිබ්බ හැම දෙයක්ම photocopy එක වගේ මතකයේ රැඳෙනවා මචන්. කරලම බලපන්කො මම කියන්නේ ඇත්තද බොරුද කියලා. උඹට පාඩුවක් වෙන්නේ නෑනේ මම මේ කිව්ව දේවල් කළා කියලා.

    මම මේ විස්තර කලේ ආර්ය අශ්ටාංගික මාර්ගයේ සම්මා සති සහ සම්මා සමාධි කියන කොටස් දෙක මචන්.
    :)

    තැන්ක්ස් මචන් උඹේ පැහැදිලි කිරීමට.නියමටම පැහැදිලි කරලා තියෙනව.අද ඉඳලම ට්‍රය් කරන්නම් පොඩි අව්ලකට් තියෙන්නේ වෙලාව නැති කම තමා බන්.office ඇරිලා ගෙදර යනකොට 9 වාගෙ වෙනවා බන් නාලා/ කාල පොඩ්ඩාගේ වැඩ ඔක්‌කොම ඉවර කරලා හැමදාම නිදා ගන්නකොට 12 පහු වෙනවා.බලමු කොහොම හරි කරලා මේක නැති කර ගන්න ඕන බන් .

    බාවනා කරන ගමන් බෙහේත් අරගෙන වැඩක නැති වෙය් නේද .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තැන්ක්ස් මචන් උඹේ පැහැදිලි කිරීමට.නියමටම පැහැදිලි කරලා තියෙනව.අද ඉඳලම ට්‍රය් කරන්නම් පොඩි අව්ලකට් තියෙන්නේ වෙලාව නැති කම තමා බන්.office ඇරිලා ගෙදර යනකොට 9 වාගෙ වෙනවා බන් නාලා/ කාල පොඩ්ඩාගේ වැඩ ඔක්‌කොම ඉවර කරලා හැමදාම නිදා ගන්නකොට 12 පහු වෙනවා.බලමු කොහොම හරි කරලා මේක නැති කර ගන්න ඕන බන් .

    බාවනා කරන ගමන් බෙහේත් අරගෙන වැඩක නැති වෙය් නේද .

    වෙලාව තමයි බන් මටත් තියෙන ප්‍රශ්නේ. මම කාලයක් නම් ලස්සනට ඔය වැඩ පිළිවෙල කරගෙන ගියා. ඒත් දැන් වැඩත් එක්ක ගොඩක් අමාරුයි එක දිගට නොකඩවා කරගෙන යන්න. ඒත් මම කාලයක් නොකඩවා කරලා ඒකෙන් ලැබෙන ප්‍රතිපල අත් දැකපු නිසා මම කොහොම හරි උත්සාහ කරනවා ඒක ඉදිරියටත් පවත්වාගෙන යන්න. බෙහෙත් ගන්න ඕනේ කියල හිතෙනවා නම් ගනින් මචන්. එතකොට ඒ පැත්තත් කෙරෙනවා නේ. මේ වැඩේ කරන්න ඒකෙන් බාදාවක් නෑ.

    උඹට විශේෂ කරුණු තුනක් තියෙනවා කියන්න.

    01.) භාවනා කරනකොට මුලින්ම හිත එකඟ කරගන්න එක ගොඩක් අමාරුයි. එහෙමෙයි කියලා එක දවසකට ගොඩක් වැඩි වෙලාවක් භාවනා කරන්න යන්න එපා. උපරිමය පැයක් කරපන් හිත එකඟ වුනත් නැතත්. හිත එකඟ නොවුනත් එකඟ කර ගන්න උත්සාහ කිරීමත් සිත දියුණු වීමට බලපානවා. ඕනෙවට වඩා කලාම මට නම් කැරකිල්ල ගතියක් එනවා. ඒ නිසා කෝකටත් උපරිම සීමාව පැයක් තියාගනින්.

    02.) භාවනාව නොකඩවා කරලා හොඳට සිත එකඟ කර ගත්තත් උඹ කෙලෙස් සිතිවිලි ඔස්සේ ගියොත් ඒ චිත්ත ඒකාග්‍රතාවය ඉක්මනින්ම විනාශ වෙලා යනවා. ආයෙත් ඉතින් කොනක ඉඳන් පටන් ගන්න වෙනවා ඉතින්. හොඳම උදාහරනේ තමයි වැල බැලීම. කාලයක් තිස්සේ දියුණු කරපු චිත්ත ඒකාග්‍රතාවය විනාඩි 20,30න් නැති වෙලා යනවා වැලක් බැලුවොත් එහෙම :P . මේවා නම් උඹටම තේරෙයි කරගෙන යද්දී. වැල බලන එක විස්තරක්ම නෙමෙයි කෙලෙස් සිතිවිලි ඔස්සේ ගියොත් ඕනෙම දෙකින් මේක වෙනවා. තරහ ගියත් එහෙමයි.

    තව ගොඩක් කරුණු තියෙනවා කියනවනම්. ඒත් ඒ දේවල් මම මෙතන කියල උඹට පිස්සු හදනවට වඩා හොඳයි උඹ මේ වැඩපිළිවෙල කරගෙන යන අතරේ උඹම තේරුම් ගන්න එක. නැත්නම් මේ කරුණු මෙහෙම කියද්දී හෙන විකාරයක් වගෙත් හිතෙයි උඹට.

    03.) භාවනාව ගැන තියෙන පොත් පත් කියවලා දැනුම දියුණු කර ගනින් මචන්. රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික download කරලා හරි සල්ලි දීල අරගෙන හරි කියවපන්. එළකිරි එකේම thread එකක් දාල තිබ්බ ඔක්කොම පොත් ටික.

    මොනවා වුනත් මම උඹට දෙන උපදෙස තමයි එක පාරක් හරි එක දිගට සති දෙක තුනක් මේක දියුණු කරලා බලපන් කියන එක කැඩෙන්න නොදී. ඒ හිතට දැනෙන සහනයත් සතුටත් එක්ක උඹ ආයේ කවදාවත් ඒ වැඩපිළිවෙල අත අරින එකක් නම් නෑ.:yes::yes::yes:

    • Like
    Reactions: sika2

    උඹට පින් මචන් මේ තරන් දුරට පැහැදිලි කලාට .අද ඉඳලම වැඩේ කරන්න ට්‍රය් කරනවා මචන් සතියක් දෙකක් වගේ බලල වෙනසක් නොව්නොත් දොක්ටර් කෙනෙක් හම්බෙන්න යනවා.බෙහෙත් බොනවට වඩා මෙහෙම කරන එක හොඳය්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹට පින් මචන් මේ තරන් දුරට පැහැදිලි කලාට .අද ඉඳලම වැඩේ කරන්න ට්‍රය් කරනවා මචන් සතියක් දෙකක් වගේ බලල වෙනසක් නොව්නොත් දොක්ටර් කෙනෙක් හම්බෙන්න යනවා.බෙහෙත් බොනවට වඩා මෙහෙම කරන එක හොඳය්

    එල එල මචන්. උඹ කරලා බලලා උඹේ අත්දැකීම් කියපන්කො. All the best machan..!!! :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙන්න මේක නිසා තමයි මචන් මම කට්ටියට උදව් කරන එක සීමා කරලා තියෙන්නේ. උඹට වුනත් මේ ටික මම කිව්වේ උඹේ history එක දිහා බලලා. නැත්නම් මනුස්සකමට උදව් කරන්න ගිහින් බයිටක් වෙන්න තමයි වෙන්නේ මේ වගේ.

    2d7aejs.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mindfullness කිව්වේ මචන් හැම වෙලාවේම තමන් මේ මොහොතේ කරන දේ ගැන හොඳ සිහියෙන් හිටපන්. ඒක ලේසි නෑ. ඒත් ටික කාලයක් පුරුදු පුහුණු කලාම හුරු වෙනවා. උඹ කෑම කනකොට, නානකොට, දත් මදින කොට මොන වැඩේ කලත් තමන් දැන් කරන්නේ මොකක්ද කියන එක ගැන හොඳ සිහියෙන් යුක්ත වෙයන්. ඕක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "යෝනිසෝ මනසිකාරය" හෙවත් "එළඹ සිටි සිහියෙන් යුක්ත වීම" කියලා.

    මම මේ වැඩේ කරන්න පටන් ගත්තු දවසේ ඉඳල අද වෙනකන් කවදාවත් කිසිම දෙයක් අමතක වෙලා දාල ගිහින් නෑ. ඒ කියන්නේ purse, pen drives, bags ඔය නිතරම පොඩ්ඩ ඇත්නම් අමතක වෙලා දාල යන දේවල්. ඉස්සර මට නිතරම අමතක වෙලා මොනවා හරි දාල යන්නේ කොහේ ගියත්. දැන් ඒ ප්‍රශ්නේ නෑ මට.

    Meditation කිව්වේ භාවනාව. සරල භාවනාවක් පුරුදු පුහුණු කරපන්. මම නම් කියන්නේ ආනාපානසති භාවනාව කරපන් කියලා. බලාගෙන ඉද්දි තමන්ගේ මතක ශක්තිය දියුණු වෙනවා මචන්. හැබැයි භාවනාව කියන්නේ බොහොම ඉවසීමෙන් ක්‍රමානුකූලව දියුණු කරන්න ඕනේ දෙයක්. හදිස්සියට කරන්න බෑ. අනික පන්සිල් රකින්නත් ඕනේ. නැත්නම් භාවනා කලාට ඒ මානසික ඒකාග්‍රතාවය පවතින්නේ නෑ. මේක මම හොඳින්ම දන්නා දෙයක්.

    නොකඩවා සති 2,3ක් ආනාපානසති භාවනාව දියුණු කලොත් උඹට පාඩම් කරන්න තියෙන පොතක පිටුවක් එක පාරක් කියෙව්වම ඇති. ඒකෙ තිබ්බ හැම දෙයක්ම photocopy එක වගේ මතකයේ රැඳෙනවා මචන්. කරලම බලපන්කො මම කියන්නේ ඇත්තද බොරුද කියලා. උඹට පාඩුවක් වෙන්නේ නෑනේ මම මේ කිව්ව දේවල් කළා කියලා.

    මම මේ විස්තර කලේ ආර්ය අශ්ටාංගික මාර්ගයේ සම්මා සති සහ සම්මා සමාධි කියන කොටස් දෙක මචන්.
    :)

    :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් උඹ මට රෙප් දෙනවා කිව්වා එදා තාම දුන්නේ නෑ
    උඹට අමතක උනාද
    :rofl::rofl::rofl:
    ජෝක් හොදේ
     
    • Like
    Reactions: rm1980