අම්මට වියදමට සල්ලි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    හැම් , බේකන් , චීස් නෙමෙයි බන්.. අත්‍යාවශ්‍ය දේවල්..බඩගින්නේ ඉන්න නැති වෙන්න දෙන දේවල්..ඒවත් උස්සන් ගිහින් දෙනවා.සල්ලි උනත් එහෙමයි. ගන්න උන් කල්පනා කරන්න ඕන නේ..මම නිකන් ලන්ඩන් වල ඉන්න ඇල්බට් අංකල් වගේ.
    +මල්ලි or උගෙ ගෑනි වියලි කලාපෙ එකෙක්ද?
     
    • Haha
    Reactions: Solo Rider

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අම්මා කාත් එක්ක ද ඉන්නේ?

    තාත්තත් එක්ක වෙනම ගෙදරක ද නැත්නම් මල්ලිලත් එක්ක ද.
    අම්මට හදිසියකට උවමනාවක් උනොත් කවුද ඉන්නේ මල්ලි විතරද
    අම්මා ඉන්නේ මහ ගෙදර. මල්ලිලා ඉන්නේ කුලියට
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අම්මා ඉන්නේ මහ ගෙදර. මල්ලිලා ඉන්නේ කුලියට
    අම්මට උවමනාවක් වුනොත් උදව්වට ඉන්නේ මල්ලි විතරද.
    එහෙම නම් ඔය බඩු දෙක තුනක් දුන්නා කියලා ගණන් ගන්න එපා අම්මව බලාගන්න එක ඒවට වඩා වටිනවා නේද.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දීලා ඒක හිතෙන් අතෑරපන් දුන්නට පස්සේ ඒක හිත හිත ඉන්නවා නම් ඒක දීමක් නෙවෙයි දීලා ඇදීමක්. උබ දුන්නට පස්සේ ඒක ලබපු කෙනා ඒකට මොනවා කරත් උබට වැඩක් නෑ කියලා හිතන තැන ඉදන් දීපන්. උබ කොච්චර දුන්නත් උබ ඉන්නේ දුරනේ අම්මටනේ පේන්නේ ළඟ ඉන්න එකාට තියෙන අමාරුකම්. අනිත් එක මල්ලි අම්මගේ සල්ලි හුරගෙන කනවා නම් ඌට ඒක කරන්න වෙන්නෙත් අම්මා ජිවත්වෙලා ඉන්නකම්නේ ඒ නිසා උබ ඕවා හිතන්න යන්න එපා දෙන දෙයක් දීලා අමතක කරලා දාපන් නැත්නම් සල්ලිත් වියදම් කරලා හිතේ නිදහසත් නැති කරගෙන සහෝදරකමත් නැති කරගන්න වෙනවා. අනිත් එක උබ කොච්චර සල්ලි වියදම් කරත් හදිස්සියකදී අම්මට ඉන්නේ මල්ලිනේ. හිතපන් උබට මල්ලිත් හිටියේ නැත්නම් අම්මට මොන හදිස්සියක් උනත් උබට තමයි දුවගෙන එන්න වෙන්නේ. සමහර දේවල් සල්ලි වලට ගන්න බෑ ඒ නිසා නැතිකරගෙන හොයන්නේ නැතුව තියෙද්දී පරිස්සම් කරගනින්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රබර් සීල් එකක් හදල අම්මට දෙන අයිටම් වල සීල් ගහල දියන් "නොමිලයේ බෙදා හැරීමට නොවේ" / "මවට පමණයි" කියල.

    ශක බුං 🤣
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    ඔව් බන් මමත් අම්මට සල්ලි ටිකක් දෙනවා..බෙහෙත් ගන්න කියලා ..ඒවායෙන් බෙහෙත් ගන්නේ නැතුව.අනන් මනන් කඩචෝරු අරන් ගෙන්න ගන කනවා..මට යකා වැහෙනවා ඉතින් . ලගදි තඩි කේක් එකක් ගෙනත්.තියාගන කනවා..මම බැන්නා නොසෑහෙන්න..ඒත් පව් ඉතින්..පස්සේ දුක හිතුනා..සීනිම කනවනේ ..ඒකයි බැන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙතන මල්ලිලා වෙන උන් ඉන්නවානම් මේ තත්වය පැහැදිලි කරපල්ලා.

    අපේ අම්මලා තාත්තලා දුක් විඳලා ඉගැන්නුවෙ. මම වැඩ කරන්න ගත්තු දා ඉඳන් පඩිය දුන්නෙ අම්මගෙ අතට. හම්බ කරපුවා මම ආතල් ගත්තෙත් නෑ මට හම්බුනෙත් නෑ. ගෙදර වියදම් ඔක්කොම බැලුවෙ මම. බැන්ඳට පස්සෙත් ලොකු ගානක් අතට දුන්නා පඩියෙන් තුනෙන් එකක් විතර. ඒ ගොල්ලන්ගේ වියදමට.

    ඒත් මල්ලි ඌ සත පහක් ගෙදරට දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. ගෙදරින් තමයි කන්නෙ බොන්නෙ අඳින්නෙ කරන්නෙ ඔක්කොම ගන්නෙ. අම්මලාට ලෙඩක් දුකක් උනාමත් මම බලන්න ඕනෙ. මම කුලී ගෙදරක ඉන්නකොට ඌ ඉඩමකුත් ගත්තා. මට ඉරිසියා නෑ හිතට දුකයි අම්මලා කියනකොට "මල්ලී වත්තකුත් ගත්තා උඹ තාම කුලී ගෙදර " කියලා.

    පස්සෙ මම සල්ලි දෙන එක නතර කරලා සැරෙන් සැරේ බඩු දෙනවා. දැන් මම් යම් තැනකට ආව. දැනටත් එයාලට දුන්නොත් මල්ලිටත් එක්ක තමයි දෙන්න වෙන්නෙ. ඌ කිසිම දේකට වියදම් කරන්නෙ නෑ. අඩුම ගානෙ මගෙ දරුවෙක්ට ටොපියක් වත් දෙන්නෙ නෑ.

    හැම ගෙදරම වැඩිමල්ලුන්ගේ බාලයන්ගෙ සැළකිල්ල මෙහෙමද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. අනික එයා කැමති නෑ ලංකවෙන් පිට තියා ඉපදුන තැන අතහරින්නවත්.

    කීල්ස් එකෙන් එකම ලිස්ට් එක එකම දවසට ඕඩර් කරනවා. ඔව් ඒක යවල නිකන් ඉන්නවා..
    ------ Post added on Nov 10, 2023 at 3:54 PM

    අඩේ තාම 55ක්වත් නෑ
    ------ Post added on Nov 10, 2023 at 3:55 PM
    Keels eke badu list eka auto order wenna danna baida ban
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දුන්න නං දුන්න ඉතින්. ඊට පස්සේ එකෙන් මොනවා කරත් මොකෝ.
    මෙහෙම හිතපන්කො අම්මලාට ලෙඩ වලට බෙහෙත් ගන්න සල්ලි දෙනවා. හිතපන්කො ඒකෙන් බේත් නොගෙන ඒක වෙන එකෙක්ට දීලා දුක් විඳිනවා. එතකොට සල්ලි වියදම් කරලත් අපිට සැනසිල්ලක් තියෙනවද අපි ඒක බලාගෙන ඉන්නෙ කොහොමද?

    ඔන්න දවසක් මම යද්දි තාත්තා පාරෙ ඉන්නවා. ඉස්පිරිතාලෙන් බේත් ගන්න යනවා කිව්වා. මම සල්ලි දුන්නා ඕවල ගිහින් රස්තියාදු වෙන්න එපා කියලා ප්‍රයිවට් බේත් ගන්න. කරලා තියෙන්නෙ ඉස්පිරිතාලෙම ගිහින් බේත් අරන් ඊටපස්සෙ මම දුන්න සල්ලි වල මල්ලි කන්න ආසයි කියලා මොනාද අරන් ඌට දීලා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මෙහෙම හිතපන්කො අම්මලාට ලෙඩ වලට බෙහෙත් ගන්න සල්ලි දෙනවා. හිතපන්කො ඒකෙන් බේත් නොගෙන ඒක වෙන එකෙක්ට දීලා දුක් විඳිනවා. එතකොට සල්ලි වියදම් කරලත් අපිට සැනසිල්ලක් තියෙනවද අපි ඒක බලාගෙන ඉන්නෙ කොහොමද?

    ඔන්න දවසක් මම යද්දි තාත්තා පාරෙ ඉන්නවා. ඉස්පිරිතාලෙන් බේත් ගන්න යනවා කිව්වා. මම සල්ලි දුන්නා ඕවල ගිහින් රස්තියාදු වෙන්න එපා කියලා ප්‍රයිවට් බේත් ගන්න. කරලා තියෙන්නෙ ඉස්පිරිතාලෙම ගිහින් බේත් අරන් ඊටපස්සෙ මම දුන්න සල්ලි වල මල්ලි කන්න ආසයි කියලා මොනාද අරන් ඌට දීලා.
    මොනා කරන්නද..මට ඔයවගේ දේවල් අනන්තවත් වෙනවා. 🤔
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මෙතන මල්ලිලා වෙන උන් ඉන්නවානම් මේ තත්වය පැහැදිලි කරපල්ලා.

    අපේ අම්මලා තාත්තලා දුක් විඳලා ඉගැන්නුවෙ. මම වැඩ කරන්න ගත්තු දා ඉඳන් පඩිය දුන්නෙ අම්මගෙ අතට. හම්බ කරපුවා මම ආතල් ගත්තෙත් නෑ මට හම්බුනෙත් නෑ. ගෙදර වියදම් ඔක්කොම බැලුවෙ මම. බැන්ඳට පස්සෙත් ලොකු ගානක් අතට දුන්නා පඩියෙන් තුනෙන් එකක් විතර. ඒ ගොල්ලන්ගේ වියදමට.

    ඒත් මල්ලි ඌ සත පහක් ගෙදරට දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. ගෙදරින් තමයි කන්නෙ බොන්නෙ අඳින්නෙ කරන්නෙ ඔක්කොම ගන්නෙ. අම්මලාට ලෙඩක් දුකක් උනාමත් මම බලන්න ඕනෙ. මම කුලී ගෙදරක ඉන්නකොට ඌ ඉඩමකුත් ගත්තා. මට ඉරිසියා නෑ හිතට දුකයි අම්මලා කියනකොට "මල්ලී වත්තකුත් ගත්තා උඹ තාම කුලී ගෙදර " කියලා.

    පස්සෙ මම සල්ලි දෙන එක නතර කරලා සැරෙන් සැරේ බඩු දෙනවා. දැන් මම් යම් තැනකට ආව. දැනටත් එයාලට දුන්නොත් මල්ලිටත් එක්ක තමයි දෙන්න වෙන්නෙ. ඌ කිසිම දේකට වියදම් කරන්නෙ නෑ. අඩුම ගානෙ මගෙ දරුවෙක්ට ටොපියක් වත් දෙන්නෙ නෑ.

    හැම ගෙදරම වැඩිමල්ලුන්ගේ බාලයන්ගෙ සැළකිල්ල මෙහෙමද?

    appa.. oya wage gon wada karanna epa ban. salli diyan illuwoth witharak. pinata denna epa katawath.
     
    • Like
    Reactions: Ryan08

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Keels eke badu list eka auto order wenna danna baida ban
    බැහැ නේ..පේ කරල දිනයක් වෙලාවක් වෙන් කරන්න පුලුවන්.එච්චරයි අනික් බඩුවල availability එක වෙනස්..එතකොට මදි පාඩු කාගිල්ස් එකෙන් වෙනම දානවා..eg හාල් / කිරිපිටි
     
    • Like
    Reactions: Ryan08 and hancok

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕක සාමාන්‍ය දෙයක් මචන් තමන්ගෙ හැම දරුවම හොඳට ඉන්නවටයි අම්මලා කැමති එක දරුවෙක් පෝසත් අනිත් දරුවා දුප්පත්නම් පෝසත් දරුවගෙන් තමන්ට ලැබෙන දේවල් දුප්පත් දරුවට දෙනවා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    දෙමව්පියො ගොඩගියෙ නැති දරුවන් ගැන වැඩිපුර තැවෙනවා තමන්ට ලැබෙන දේවල් දීලා හරි ඔවුන්ට පිහිට වෙනවා ඒක නවත්තන්න එපා මොකද දරුවන් යහතින් ඉන්නවනම් තමයි දෙමව්පියො සතුටුවෙන්නෙ.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    නංගිලා නැද්ද, අපි නම් කලේ, පොඩි නංගි ලග අම්මා තියලා , අපි මුදල් නංගිට දුන්න. ඔක්කම හොදට නංගිට උදව් කලා අම්මා බලගන්න්වාට , . අම්මා හොදට happy පිට තාමය් හිටියේ.