අමානුෂික පර්යේෂණ
මිනිස්සුන්ව ටෙස්ට් සබ්ජෙක්ට් එක හැටියට යොදාගෙන විවිධ පර්යේෂණ කරන එක වැරදි වැඩක්වත්, අසාමාන්‍ය දෙයක්වත් නෙමෙයි. ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක වගේම සමාජ විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නටත් මානව සම්පත යොදාගන්නවා. හැබැයි මෙහෙමයි, මේ වගේ පර්යේෂණ එක එක්කෙනාගෙ හිතූ මනාපෙට කරන්න බැහැ. ඒ සඳහා පිලිගත්ත ක්‍රමවේදයන් සහ නීතිරීති මාලාවන් තියනවා. මේ පර්යේෂණයකට ලක් කරන මනුස්සයෙක්ව උනත් ඒ කෙනාගෙ කැමැත්තකින් තොරව පරීක්ෂණයට විෂයය කරගන්නට බැහැ. පරීක්ෂණයකට ලක්වෙන පුද්ගලයෙක් සතු වන අයිතිවාසිකම් රැසක්ම තියනවා. පරීක්ෂණයට අකමැතිනම් එයට සහභාගි නොවී සිටීම, ඒ පරීක්ෂණයේ අවදානම්කාරී ස්වභාවයන් ඇත්නම් ඒ ගැන දැනගැනීම, තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම, පරීක්ෂණයෙන් ලැබෙන ප්රතිලාභ ගැන දැනගැනීම වගේ ගොඩක් කරුණු මේ අයිතිවාසිකම් වලට අයත් වෙනවා. ඒ අයිතිවාසිකම් රැකෙන පරිද්දෙන් කටයුතු කිරීම පරීක්ෂකයින්ගේ වගකීමක් වෙනවා.
මේ දේවල් අද වෙද්දි මෙහෙම උනාට, ලෝක ඉතිහාසය දිහා හැරිල බලද්දි මිනිස් ජීවිත සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන තුට්ටුවකටවත් තකන්නේ නැතිව අමු අමුවේ මිනිස් ජීවිත පීඩාවට පත් වෙන විදිහට සිදුකරපු අමානුෂික පරීක්ෂණ ගැනත් වාර්තා වෙනව. මේ සමහරක් පර්යේෂණ හිතා ගන්නටත් බැරි තරම් කෘරතර ඒවා වනවා. අපි මේ ගෙන එන්නෙ එවැනිවූ මානව ඉතිහාසයේ අමානුෂිකම මිනිස් පරීක්ෂණ ලැයිස්තුවක්.
1) ස්ටැන්ෆර්ඩ් සිපිරිගෙයි පරීක්ෂණය – Stanford Prison Experiment
1971 වසරේදි ස්ටැන්ෆර්ඩ් සිපිරිගෙදර සිදුකරපු මනෝ විද්‍යාත්මක පරීක්ෂණය ගැන නම් ගොඩ දෙනෙක් නොදැන ඉන්න විදිහක් නෑ. මේ පරීක්ෂණය කොයිතරම් ආන්දෝලනයකට ලක්වුනාද කියනවනම් මේ වෙද්දි ඒ සම්බන්ධයෙන් චිත්‍රපටි 3ක්ම බිහිවෙලා තියනව. ඒ තමයි Das Experiment, The Experiment සහ මෑතකදී ප්‍රදර්ශනය කරපු Stanford prison experiment චිත්‍රපටය. බලය (Power) පිළිබඳ හැඟීම මිනිස්සුන්ගේ මනසට බලපාන විදිහ ගැන තමයි මේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණයෙන් සොයාගැනීමට අරමුණ කරන්නේ. මේ පර්යේෂණය පවත්වන්නට මූලිකත්වය ගන්නේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන පිලිප් සිම්බාඩෝ විසිනුයි.
යහපත් මානසික මට්ටමකින් සහ කල්ක්‍රියාවකින් යුතු පිරිමින් 24 දෙනෙක්ව තමයි ස්ටැන්ෆර්ඩ් හී පරීක්ෂාවට ලක් කෙරෙන්නෙ. මේ අයව “සිරකරුවන්” සහ “සිරගෙදර ආරක්ෂකයින්” වශයෙන් කොටස් දෙකකට බෙදනවා. සිරකරුවන් හැටියට නම්කල අයට පරීක්ෂණය පැවැත්වෙන සති දෙකක කාලය ඇතුලත සිරකුටියක සිරගතව තමයි ඉන්නට සිද්ධ වෙන්නෙ. ඒ අයව බලාගන්න පැවරෙන්නෙ ආරක්ෂකයින් හැටියට නම් කල අයටයි. ආරක්ෂකයින්ට තමන්ගේ වැඩ මුරය අවසන් උනාට පසුව නිවෙස් බලා යෑමේ අවස්ථාවද හිමි වෙනව. මේ ව්‍යාජ සිපිරිගෙය නිර්මාණය කරනු ලබන්නේත් ස්ටැන්ෆර්ඩ් සරසවි භූමියේ ගොඩනැගිල්ලක් තුළයි. පිලිප් සිම්බාඩෝ මහාචාර්යවරයා සහ තවත් සහායකයන් පිරිසක් විසින් පරීක්ෂණයට ලක්වෙන සිරකරුවන් සහ ආරක්ෂකයන්ගේ හැසිරීම් රටා නිරන්තර නිරීක්ෂණයට ලක් කරනු ලබනව.
කොහොමින් කොහොමින් හරි පරීක්ෂණේ ඇරඹිලා දින දෙකක් විතර යද්දි මේ පරීක්ෂණයට ලක් වෙච්ච පුද්ගලයන් අතර ගැටුම් ඇති වෙන්න පටන් ගන්නව. විශේෂයෙන්ම වෙනස් ගති ලක්ෂණ පෙන්වන්නට ගන්නේ ආරක්ෂකයන් හැටියට නම් කල පුද්ගලයනුයි. ඒ අය තමන්ට ලැබුණු බලතල හිතට අරගෙන සිරකරුවන්ව මානසිකවත්, ශාරීරිකවත් වධයට ලක් කරන්න පටන් ගන්නවා. සිරකරුවන් අතරත් විවිධ හැසිරීම් රටා ප්‍රකට කරන අය සිටිනවා. සමහරු ආරක්ෂකයන්ගෙ අණ කිරීම් වලට යටහත් පහත්ව යටත් වෙද්දි තවත් සමහරු කලහකාරීව හැසිරෙනවා. ක්‍රම ක්‍රමයෙන් මේ දෙපාර්ශවය අතර ඇතිවෙන ගැටුම් පාලනය කල නොහැකි තරම් ප්රචණ්ඩ සහ අප්‍රසන්න ස්වරූපයක් ගන්නට පටන් ගන්නේ පර්යේෂණ කටයුතු පවා අවුල් ජාලයකට හෙලමින්.
සති දෙකක් පුරා පවත්වන්නට නියමිතව තිබුණු මේ පර්යේෂණය අවසානයේදී දින 6ක් පමණක් පවත්වා නවත්වන්නට පිලිප් සිම්බාඩෝ මහාචාර්යවරයා ඇතුලු කාර්ය මණ්ඩලයට සිද්ධ වෙනවා. සිරගෙදර තුල සිදුවෙන අමානුෂික ක්‍රියාවන් තව දුරටත් බලා හිඳිනු නොහැකිව මහාචාර්යවරයාගේ පෙම්වතිය එයට දැඩි විරෝධය පෑමත් ඊට හේතු වෙනවා.
2) Project MK-Ultra
MK-Ultra කියන්නෙ 1950 – 60 කාල වකවානුවෙදි CIA සංවිධානය මගින් පවත්වගෙන ගිය “මිනිස් මනස පාලනය (Mind Control)” කිරීමේ පර්යේෂණ පෙළකටයි. මේ පරීක්ෂණ වලට ලක් කරපු කැනඩා සහ ඇමරිකානු ජාතික පුද්ගලයන්ගේ ශරීරවලට රහසිගතවම LSD වැනි මත්ද්‍රව්‍ය ඇතුලු කරල ඒ අයගෙ හැසිරීම් රටා නිරීක්ෂණයට ලක් කරල තියනව. හුඟක් වෙලාවට පරීක්ෂණයට භාජනය වෙන පුද්ගලයන්ගෙ කිසිම පූර්ව අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව තමයි මේ දේවල් සිදු කරල තියෙන්නෙත්. සතුරන්ගෙන් ප්‍රශ්න කරද්දී ඉතාම රහසිගත කරුණු පවා පාපොච්ඡාරණය කරවගන්න පුලුවන් වෙන මත්ද්‍රව්‍යයක් හොයාගන්නටත්, මිනිසුන්ගේ තීරණ ගැනීමේ ශක්තිය අඩාල කරල ඒ අයව මනස් පාලනය කරපු මිනිස් රොබෝවරු බවට පත් කරන්නටත් තමයි මේ පරීක්ෂණ වලින් මූලිකවම අරමුණු කරගෙන තියෙන්නෙ. මානසික රෝගීන්ව, මරණාසන්න පිළිකා රෝගීන්ව විතරක් නෙමෙයි කුඩා ළමුන්ව පවා මේ පර්යේෂණ වලට රහසිගතවම ලක්කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඔයාලට මතක ඇති අපි මීට කලින් ලිපියක් ගෙන ආවා සුප්‍රසිද්ධ පුද්ගලයන්ව ඝාතනය කරලා අදටත් යහතින් ඉන්න මිනීමරුවො ගැන. ඒ ලැයිස්තුවට ඇතුලත් වුණු සර්හාන් සර්හාන් (රොබර්ට් කෙනඩිගේ ඝාතකයා) කියන පුද්ගලයාත් මේ කියන MKUltra ප්‍රොජෙක්ට් එකේ එක් ගොදුරක් කියල මතයක් තියනව. සර්හාන් සර්හාන්ට තමන් කල මිනීමැරුම ගැන මතකයක් නොතිබීම නිසා සමහරු විශ්වාස කරනවා CIA එක සර්හාන් සර්හාන්ව රොබෝ කෙනෙක් විදිහට හසුරුවල මේ රොබට් කෙනඩි මිනීමැරුම සිද්ධ කෙරෙවුවය කියල.
පස්සෙ කාලෙක, ඒ කිවුවෙ 1970 දශකයේ මැද භාගය වෙනකොට මේ අමානුෂික පරීක්ෂණ ගැන විමර්ශනයක් පවත්වන්නට ඇමරිකානු කොංග්රස් මණ්ඩලයේ මැදිහත් වීමෙන් කටයුතු කෙරෙනව. එසේ උනත් ඒ කටයුතු එතරම් සාර්ථක වෙන්නෙ නැහැ. ඊට හේතුව හිටපු සී.අයි.ඒ අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච රිචඩ් හෙල්ම්ස්ගෙ අණ පරිදි ඒ වන විටත් MK-Ultra පරීක්ෂණ සම්බන්ධ ලියකියවිලි සියල්ලම විනාශ කර තිබීමයි.
3) සෝවියට් විෂ රසායනාගාර
සෝවියට් රහස් පොලිස් ඒජන්සිය විසින් රහසිගතවම පවත්වගෙන ගිය මේ රසායනාගාරයේ විවිධාකාරයේ විෂ වර්ග සම්බන්ධ පරීක්ෂණ සිදු කරල තියනව. මිනිස් ජීවිත සෑහෙන ගණනක් මේ විෂ පර්යේෂණ වලට බිලි දීලත් තියනවා. 1920 ගණන් වල විතර තමයි මේ රසායනාගාර ආරම්භ කෙරෙන්නෙ. මස්ටර්ඩ් ගෑස්, රයිසින් වගේ ඉතාම භයානක විෂ වර්ග මේ රසායනාගාර වල නිපදවල තියනවා. මේ විෂ වර්ග සෝවියට් සතුරු සිරකරුවන්ට ශරීරගත කිරීමත් සිදු කරල තියනව. මෙහෙම කරල තියෙන්නෙ තමන්ගෙ විරුද්ධවාදීන්ව මරණයට හෝ වධයට පත්කිරීමේ අරමුණින් විතරක්ම නෙමෙයි. මේ අයට ඕනෙ වෙලා තියෙන්නෙ කිසිම රසයක් හෝ සුවඳක් නැති විෂක් නිපදවන්නයි. කෙනෙක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයකදී උනත් හසු නොවෙන විදිහේ සූක්ෂම විෂක් සොයාගැනීමට තමයි සෝවියට් විද්‍යාඥයන් උත්සාහ කරන්නේ. අවසානයේදී මේ පරීක්ෂණ සාර්ථක වෙනවා. ඒ ඔවුන් විසින් Carbylamine-choline-chloride එහෙමත් නැත්නම් C-2 කියන විෂ වර්ගය නිපදවීමත් සමගයි. රසක් සුවඳක් නැති මේ විෂ වර්ගය මගින් ඇතිකරන ලද ප්‍රතිඵල ගැන ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ මෙයි ශරීරගත වූ පුද්ගලයාගේ ශරීරට කොට වී, දුර්වල වී ක්‍රමක්‍රමයෙන් සන්සුන් භාවයට පත්වී මරණය ළඟාවූ බවයි. මේ සියල්ලම සිද්ධ වන්න ගතවෙන්නේ විනාඩි 15ක පමණ වේලාවක් පමණක්ලු.
4) ටස්කීගී උපදංශ පරීක්ෂණ – The Tuskegee Syphilis Study
එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය සේවය සහ එරට කලු ජාතික අප්‍රිකානු අමෙරිකානුවන්ට වෙන්වුණ ටස්කීගී විශ්ව විද්‍යාලය එකතුවෙන් 1930 විතර වෙද්දි හිත්පිත් නැති පර්යේණයකට අත ගහනව. ඒ තමයි ටස්කිගී සිපිලිස් පරීක්ෂණය. මේ පරීක්ෂණය මගින් කරන්නේ සිපිලිස් රෝගය සහිත පුද්ගලයන් පිරිසකට ප්‍රතිකාර නොදී ඒ අයගේ රෝගය වැඩෙන ආකාරය නිරීක්ෂණය කිරීමයි. මේ පරීක්ෂණය සඳහා අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන්ව විතරයි යොදාගන්නෙ. ඒ අතින් ගත්තහම වාර්ගික වශයෙන් සිදුකරන ලද අපරාධයක් හැටියටත් මේ පරීක්ෂණය හඳුන්වන්න පුලුවන්. සාමාන්‍ය ලේ විෂවීමක් ඇතැයි කියා දුප්පත් කලු ජාතිකයින් 600 දෙනෙක්වම රවටවා මේ පරීක්ෂණයට තෝරාගනු ලබනව. නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවටත්, ආහාර සහ වෙනත් රක්ෂණ ආවරණ ලබාදෙන බවටත් පවසමින් තමයි ඒ අයව රවටා ගන්නෙ. පරීක්ෂණයට තෝරාගන්නා ලද පුද්ගලයන් අතරින් 399ක පමණ දෙනෙක් ඒ වනවිටත් සිපිලිස් වැළඳී තිබුණු අයයි. ලේ වල ඇති අසාමාන්‍යතාවයට ප්‍රතිකාර කරන මුවාවෙන් පරීක්ෂකයන් කරන්නෙ සිපිලිස් රෝගය වැළඳුණ මේ පුද්ගලයන්ව නිරීක්ෂණය කරන එකයි.
1930 දශකය වන විට සිපිලිස් රෝගයට ප්‍රතිකාර හැටියට භාවිතා කරමින් තිබුණ බොහොමයක් ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම විෂ සහිත සහ අනතුරුදායක ඒවා බවයි පැවසෙන්නෙ. මේ නිසා පරීක්ෂකයින්ගේ අරමුණ වෙන්නේ විෂ සහිත ප්‍රතිකාර සිදු කරනවට වඩා ප්‍රතිකාර නොකරම සිටීමෙන් සිපිලිස් වලට යම්කිසි ගුණයක් ලැබේවිද කියල බලන එකයි. ඉතින් පරීක්ෂකයින් කරන්නේ ඉහත කී රෝගීන්ව රවටා ඔවුන්ට බොරු ප්‍රතිකාර කරමින් ඉන්න එකයි. 1950 පමණ වෙනකොට සිපිලිස් රෝගයට සාර්ථක ඖෂධයක් හැටියට පෙනිසිලින් ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ උනත් කිසිම අවස්ථාවක ටස්කීගී පරීක්ෂණයට ලක් කරපු අසරණ රෝගීන්ට ඒ ඖෂධය ගැන පරීක්ෂකයන් විසින් කරුණු හෙළි කරන්නේ නෑ. ඒ අයට පෙනිසිලින් ප්‍රතිකාර ලබාදීමෙන් වැළකෙනව විතරක් නෙමෙයි, ඒ රෝගීන් වෙනත් තැන් වලින් සිපිලිස් ප්‍රතිකාර ලබා ගන්න එකත් මේ අය වළක්වනව.
පස්සෙ කාලෙකදි ජනමාධ්‍ය වලට මේ අමානුෂික පරීක්ෂණය ගැන ඉව වැටීමත් එක්ක 1970 දශකයේ මුල වෙද්දි ටස්කීගී පරීක්ෂණය නවත්වන්නට පරීක්ෂකයන්ට සිදු වෙනව. ඒ වෙද්දි ඔවුන්ගේ පරීක්ෂණයට යොදාගත්ත සිපිලිස් රෝගීන් 399 දෙනාගෙන් 74 දෙනෙක් විතරයි ජීවිතුන් අතර ඉන්නෙ. අනිත් සියලු දෙනාම සිපිලිස් රෝගයෙන් හෝ සිපිලිස් රෝගය ආශ්රිත වෙනත් රෝග වලින් මියගිහින් හමාරයි. ඒ විතරක් නෙමෙයි. ඒ වෙද්දිත් ඒ රෝගීන්ගෙ බිරින්දෑවරු 40 දෙනෙකුටත් දරුවන් 19 දෙනෙකුටත් මේ රෝගය පැතිර ගිහින් අවසානයි.
5) 731 ඒකකය – Unit 731
දෙවැනි ලෝක යුද්ධ සමයේ ජපානයේ රාජකීය හමුදාව මගින් අතිශය රහසිගත විදිහට පවත්වාගෙන ගිය පර්යේෂණ මධ්‍යස්ථානයක් තමයි මේ 731 ඒකකය කියන්නෙ. මිනිස් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිද්ධ වෙච්ච කෘරතරම වධබන්ධන සහ මිනිසුන් සම්බන්ධ පරීක්ෂණ සිදු කරපු පිරිසක් තමයි මේ 731 ඒකකය කියන්නෙ. නොමිනිස්කම අතින් මේ ඒකකය දෙවැනි වෙනවානම් දෙවැනි වෙන්නෙ දෙවැනි ලෝක යුද්ධ කාලෙ නාසීන්ගෙ පර්යේෂණ වලට විතරයි.
731 වැනි ඒකකය විසින් රසායනික සහ ජීව විද්‍යාත්මක අවි ගැන පර්යේෂණ රැසක් පවත්වනු ලබනව. එහිදී භයානක අවිආයුධ විතරක් නෙමෙයි ඇන්ත්රැක්ස් සහ කොලරා වගේ භයානක රොගකාරක බීජයන්ද නිපදවනු ලබනවා. මේ හැම ජීව විද්‍යාත්මක සහ රසායනික අවියකම හානිය කොපමණද කියල තීරණය කරන්න මේ අය යොදාගන්නෙ අහිංසක මිනිස් ජීවිතයි. 1935-45 කාල සීමාව ඇතුලෙ මේ රහසිගත පර්යේෂණාගාර වලදි මියගිය මිනිසුන් සංඛ්‍යාව ලක්ෂ 2කුත් ඉක්මවිය හැකි බවටයි තොරතුරු වාර්තාවෙන්නෙ. මේ අතරින් බහුතරයක්ම චීන සිරකරුවන්. නිර්වින්දනයවත් නොකොට පණපිටින් මිනිස් සිරුරු විච්ඡේදනය කිරීම,ශරීරයේ අවයව ඉවත්කොට වෙනත් අවයව වලට සම්බන්ධ කර බැලීම, සමාජ රෝග ඇතුළු විවිධ භයානක රෝග කාරක සිරුරු වලට එන්නත් කිරීම වගේ දේවල් විතරක් නෙමෙයි පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ වල ප්රහාරයන්ට අසරණ සිරකරුවන්ව ලක්කිරීම පවා මේ පර්යේෂණ මධ්‍යස්ථාන වලදී සිදුකරල තියනවා. දෙවැනි ලෝක යුද්ධය අවසන් වන තෙක්ම මේ කෘරතර ක්‍රියාවන් මහා පරිමාණයෙන් සිද්ධ වෙනව.
බලහත්කාරයෙන් සිරකරුවන් සහ සාමාන්‍ය ජනතාව යොදාගෙන පර්යේෂණ පැවැත්වීම යුද නීතියට අනුව බරපතල වරදක්. එසේ උනත් යුද්ධය නිමාවීමෙන් අනතුරුව 731 ඒකකයේ කිසිවෙක්ට දඬුවම් හිමි වන්නේ නැහැ. 731 ඒකකය සතු පර්යේෂණ තොරතුරු තමන් වෙත ලබාගන්නා අමෙරිකානුවන් රහසිගතවම ඒ අලුගෝසුවන්ට නිදහස හිමිකරදීම ඊට හේතුවයි.
6) නාසි පරීක්ෂණ
මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අන්තිම බින්දුවට හෑල්ලුවට ලක්වුණු අවස්ථාවක් හැටියට නාසි පර්යේෂණ හඳුන්වන්නට පුලුවන්. ඒ කාලයේදි අවුෂ්විට්ස් වැනි වධකාගාර වල සිදුවූ අපරාධ විස්තර කරනවාට වඩා ඒවායේ සිදු නොවූ අපරාධ විස්තර කිරීම වඩා ලේසි වෙයි. තමන්ට සහ තමන්ගේ මිත්‍ර හමුදාවන්ට යුධ පිටියේදී සිද්ධ වෙන හානි වළක්වන්නට ක්‍රම හෙවීමේ ඉඳන් වඩාත් උසස් වර්ගයක් බිහිකිරීම දක්වා අරමුණු කරගෙන කරන ලද පරීක්ෂණ වලට අහිංසක මිනිසුන්ව ලක්කරනු ලැබුවේ ඉතාම අමානුෂික විදිහටයි. නිර්වින්දනය වත් නොකර මිනිසුන්ගේ අවයව වෙන් කිරීම මේ කඳවුරු වලදී ගජරාමෙට සිද්ධ උනා. පණපිටින් ඉන්න අයගෙන් වෙන් කරන ලද අවයව සහ අස්ථීන් වෙනත් අයට බද්ධ කිරීමේ පරීක්ෂණත් සිදුකලා. දරුණු රෝගාබාධ බලහත්කාරයෙන් සිරකරුවන්ට එන්නත් කිරීම සිදුකරමින් ඒ රෝග වලට ප්‍රතිකාර සෙවීමේ පරීක්ෂණත් පැවැත්වුවා. මිනිස්සුන්ව අධික ශීතලට නිරාවරණය කරලත් පරීක්ෂණ පැවැත්වුවා. මුහුදු වතුර බීමට යෝග්‍යදැයි බැලීමට පවා ඉතාම අමානුෂික පර්යේෂණ පවත්වන්නට යෙදුණා. එසේ කලේ සිරකරුවන්ව නිරාහාරව තබා ඔවුන්ට මුහුදු වතුර බොන්නට බලකරමිනුයි. මේ සිරකරුවන් කොතරම් පිපාසාවකට ලක්ව විජලනයට පත්ව සිටියාද කිවුවොත් ඔවුන් අවට පොලොව පිසදා පිරිසිදු කරන අවස්ථාවලදී මේ අය පොලොව ලෙවකා පිපාසය නිවාගැනීමට උත්සාහ කල වගද පැවසෙනවා.
ජර්මානු වෛද්‍යවරයෙක් සහ විකෘති මනසක් සහිත පුද්ගලයෙක් වුනු ජෝසෆ් මෙන්ගෙලේ විසින් නිවුන් දරුවන් යොදාගෙන සිදුකරපු මහා අමානුෂික පරීක්ෂණ සිදුවුනෙත් මේ වකවානුවෙයි. නිවුන් දරුවන්ගේ අවයව විච්ඡේදනය කිරීම, විෂ රසායන එන්නත් කිරීම, එක් නිවුන් දරුවෙක්ට රෝග කාරකයක් එන්නත් කර ඔහුගේ රුධිරය අනෙක් නිවුන් දරුවාට පාරවිලයනය කිරීම, නිවුන්නු දෙදෙනෙක්ගේ ශරීර එකිනෙකට බද්ධ කිරීම වගේ බොහෝම විකෘති ලක්ෂණ ගත්ත පර්යේෂණ මොහු විසින් සිදු කරනු ලැබ තිබෙනවා. නිවුන් දරුවන් යුගල 1500ක් විතර මෙන්ගෙලේගෙ කුරිරු පර්යේෂණ වල ගොදුරු බවට පත්වී තිබෙනව. ඒ අතරින් දිවි ගලවාගෙන ඇත්තේ ඉතාම සුලු පිරිසක් පමණයි.
REP +ටිකකුත් දෙන්න

aniwa එකෙන් උස්සන ලදි

Last edited:

+