අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    COC එක අනිවාර්යයෙන් ගන්න ඕනද බන් පදිංචි උනාට පස්සේ ??
    මම යට තට්ටුව හදල පදිංචි උනා දැන් මාසයක් විතරවෙනවා.. තාම උඩ තට්ටු දෙකේ වැඩ බාගෙට කෙටිල තියෙන්නේ
    වැඩ ඔක්කොම සම්පුර්ණ කරලා නේද COC ගන්න ඕන...
    තව එකක් මචන් තාප්පෙට වෙනම අවසරගන්න ඕනද බන් ගේහදන්න අවසර ගත්ත වගේ..
    මගේ plan එකේ තාප්පේ එනවිදිහ සහ තාප්පේ foundation එකේ විස්තරයකුත් තියෙනවා..
    හැබැයි ප්‍රාදේශීය සභාවෙන් කිව්වා හරිනම් තාප්පෙටත් වෙනම අවසර ගන්න ඕන හැබැයි එහෙම නොකල කියල ප්‍රශ්නයක් නෑ කියල.. මම දැන් තාප්පේ ගහලත් ඉවරයි

    Plan eka anumatha karanna purawana application eke tibba thappeta wenama awasara ganna one kiyala.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති

    නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු

    1.නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනුලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.)

    ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.

    2.නේවාසික ගොඩනැගිලි ඒකක එකක් වර්ගඅඩි 3000 නොඉක්මවිය යුතුය.

    ඔබේ ගොඩනැගිල්ලේ මුළු ගෙබිම් ප්‍රමාණය (සියළු මහල් වල එකතුව වර්ගඅඩි 3000ට වඩා අඩුවිය යුතුය. නැතහොත් නිවාස (ඒකක) දෙකක් ලෙසින් අනුමැතිය සදහා ඉදිරිපත් කල යුතුය. ඒ ඒ සියළු ඒකකයන් එකිනෙකින් ස්වායක්තව නිවසක මූලික අවශ්‍යතා සපිරිය යුතු අතර වරිපනම් අංකද දෙකක් ලැබෙනු ඇත.

    3. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය.

    මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය හැකි අවම පලල අඩි 23/4 ක් (මීටර 0.9) ලෙසද සැලකේ.

    4. නේවාසික ‍ඒකකයක අවම වශයෙන් වර්ග අඩි 120 කට නොඅඩු එක් නිදනකාමරයක් හෝ තිබිය යුතුය.

    5. කාමරයක අවම පලල අඩි 8කට නොඅඩු විය යුතුය.

    6. බිම් මට්ටමේ සිට සාමාන්‍ය උස අඩි 9 ක් වියයුතු අතර අඩි 7 වඩා අඩුතැන් නොවිය යුතුය.

    7. මනුෂ්‍ය වාසයට තැනූ ඕනෑම කාමරයක ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 ප්‍රමාණයකට නොඅඩු වර්ගඵලයක් සහිතව විවෘත ආලින්දයකට හෝ පිටතට (සම්මත ආලෝක තලයකට) විවෘතකලහැකි ජනෙල් පැවතිය යුතුය.

    ඒ වගේම බාහිර පරිසරයට විවෘතවන දොරවල් පවතීනම්, දොර+ජනෙල් දෙකෙහිම සමස්ථ වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 කට වැඩිවනලෙස පවත්වාගනිමින් ජනෙල්වල වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/15 දක්වා අඩුකලහැකිය. ආලින්දයක සම්පූර්ණ දිගට අඩි 3 කට වඩා උසින්යුතු කෙටි බැම්මක්/ අත්වැටක් ඇතිවිටකදී එය විවෘත ආලින්දයක් ලෙස සැලකෙන්නේ නැත.

    වැසිකිලි සහ ගරාජ සදහා මෙම අගය 1/10කි.

    8. ආලෝකය ලබාගැනීමට යොදාගනු ලබන පිටතට විවෘතකලහැකි ජනේලයක හෝ දොරක ඉදිරිපස සිට අඩි 71/2 දක්වා කිසිදු බාධකයක් නොවිය යුතුය. (සම්මත ආලෝක තලය)

    නිවසකට ආලෝකය/වාතාශ්‍රය සැපයීම පිණිස තැබෙන ජනෙල් හෝ දොරවල් ආසන්න වැට මායිමේ හෝ ගොඩනැගිල්ලේ සිට අඩි 71/2 ක අවම දුරකින් පිහිටිය යුතු වෙනවා. එයට වඩා අඩු දුරකින් පිහිටුවන කිසිවක් නිවසට ආලෝකය සහ වාතාශ්‍රය ලබාදෙන්නක් ලෙසින් සැලකෙන්නේ නැහැ

    9. ගොඩනැගිල්ලේ පසුපසින් ඉඩමේ මායිම දක්වා අඩි 10ක ඉඩක් වෙන්කල යුතුවේ.

    මෙම ඉඩ ගිණිනිවීමේ කාර්ය සදහා වෙන්කර ඇති අතර දර මඩු වැනි තාවකාලික ඉදිකිරීමකට හැර වෙනත් කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් මෙහි ඉදිකල නොහැකිය. කෙසේවුවද 1986 මාර්තු 10 දිනැති අංක 392/9 දරණ රෙගුලාසි ගැසට් නිවේදනයේ 26 වෙනි වගන්තිය‍ට අනුව මෙම අඩි 10 (මීටර 3)ක විවෘත ඉඩකඩ, යෝජිත ගොඩනැගිල්ල බිම්මහල සහ තවත් එක් මහලකට පමණක් සීමාවන විටකදී මීටර් 2.25 දක්වා අඩුකල හැකිවේ.

    10.ලිඳ සහ වැසිකිලි වලක් අතර පැවතියහැකි අවම දුර අඩි 50කි.

    මෙය ඔබගේ ගෙවත්ත තුල සේම ඔබගේ ලිඳ/වැසිකිලිය සිට අසල්වැසියාගේ ලිඳ/වැසිකිලිය අතර දුරටත් එකසේ අදාල වේ.

    11. වර්ග අඩි 2000 කට වැඩි ගොඩනැගිලි සඳහා සෑම වර්ග අඩි 2000 කටම අවම වශයෙන් 8’x16’ ප්‍රමාණයේ ඉඩක් වාහන ගාල්කිරීමේ පහසුකම් ලෙසින් සැපයිය යුතුය.

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Plan eka anumatha karanna purawana application eke tibba thappeta wenama awasara ganna one kiyala.

    ඔව් මචන්
    එහෙම තිබ්බ තමයි එත් ප්‍රාදේශීය සභාවේ TO කිව්වනේ බන් ඒකට වෙනම ප්ලැන් එකක් ඕන කියල
    ඒ වගේම කිව්වා අවසර නොගත්ත කියල ගැටළුවක් වෙන්නේ නෑ කියල..
    මම ගත්ත ඉඩමේ ගන්නකොටම වටේටම කළුගල් foundation එකක් දාල තිබ්බේ ඒක නිසා ඒකට තව මොකද්ද මන්ද කරන්න ඕන කිව්වා වැඩේ අමාරු නිසා මමත් අතෑරලා දැම්ම.. ඒ ඉඩම් කට්ටියේ ගෙවල් හදපු කවුරුවත් තාප්පෙට අවසර අරන් නෑ :confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    10.ලිඳ සහ වැසිකිලි වලක් අතර පැවතියහැකි අවම දුර අඩි 50කි.

    මෙය ඔබගේ ගෙවත්ත තුල සේම ඔබගේ ලිඳ/වැසිකිලිය සිට අසල්වැසියාගේ ලිඳ/වැසිකිලිය අතර දුරටත් එකසේ අදාල වේ.

    ape ge eha patthe tiyena lida laga toilat 4k withara tiyenawa..
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ape uda thatthuwa hadanna inne.
    eth palleha bitthiayakui slab palleha idan padipelak udata ennai slab ekath kadanna one.
    Mama hadanna hithaagena inne kotas dekakata uda thattuwa finish wena widiyata.
    bitthi slab kadana wade mulin karanane nathuwa uda tika hadala kaduwoth case da
    bitthiyai slab eke podi kotasai kadanakota hadapuwa aul yanawada?

    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    COC එක අනිවාර්යයෙන් ගන්න ඕනද බන් පදිංචි උනාට පස්සේ ??
    මම යට තට්ටුව හදල පදිංචි උනා දැන් මාසයක් විතරවෙනවා.. තාම උඩ තට්ටු දෙකේ වැඩ බාගෙට කෙටිල තියෙන්නේ
    වැඩ ඔක්කොම සම්පුර්ණ කරලා නේද COC ගන්න ඕන...
    තව එකක් මචන් තාප්පෙට වෙනම අවසරගන්න ඕනද බන් ගේහදන්න අවසර ගත්ත වගේ..
    මගේ plan එකේ තාප්පේ එනවිදිහ සහ තාප්පේ foundation එකේ විස්තරයකුත් තියෙනවා..
    හැබැයි ප්‍රාදේශීය සභාවෙන් කිව්වා හරිනම් තාප්පෙටත් වෙනම අවසර ගන්න ඕන හැබැයි එහෙම නොකල කියල ප්‍රශ්නයක් නෑ කියල.. මම දැන් තාප්පේ ගහලත් ඉවරයි

    පොතේ හැටියට COC ගන්න එක අනිවාර්යයයි.බෑන්ක් ලෝන් වගේ එහෙම අරගත්තනම් අන්තිම කොටස දෙන්නෙ COC එක බැංකුවට ඉදිරිපත් කලාට පස්සේ.ඒ වගේම උඹ කවද හරි දවසක ගේ බදු දෙනවනම්(බදු ඔප්පුවක් ලියලා),උකස් කරනවනම්,ගේ විකුණනවනම් වගේ අවශ්‍යතාවලදී එක ඕනි වෙනවා.ඒක නිසා ඒක ගන්න එක හොඳයි.

    පල්ලෙහා තට්ටුවට වෙනනම COC ගන්න පුලුවන්.කරන විදිය නම් මම දන්නේ නෑ.TO ගෙන් ඇහුවනම් කියයි.ඒ විදියට කොටසකට නීත්‍යානුකූලව ගත්ත අය ඉන්නවා.

    තාප්පෙට වෙනමම අවසර ගන්න ඕනි.උඹ තාප්පේ ගහනකොට හරි,ඊට පස්සේ හරි කවුරුහරි එකෙක් පෙත්සමක් ගැහුවොත් උඹ හිරවෙනවා.
     
    මම bank Loan එකක් දැම්ම
    commercial bank එකෙන් COC ඕන නෑ කිව්වා දැන් ලෝං එකෙ සල්ලි ඔක්කොම pass කරලා ඉවරයි
    සමහර banks COC දෙනකන් Loan amount එකෙන් 10%ක් තියන් ඉන්නවලු.. මම කොහොමත් හිතන් හිටියේ එක තට්ටුවක වැඩ ඉවර කරලා පදිංචි වෙන්න..
    තාප්පේ ගැන ආයේ ප්‍රාදේශීය සබාවට ගිහින් අහන්න ඕන COC එක ගැන අහන ගමන්ම..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම bank Loan එකක් දැම්ම
    commercial bank එකෙන් COC ඕන නෑ කිව්වා දැන් ලෝං එකෙ සල්ලි ඔක්කොම pass කරලා ඉවරයි
    සමහර banks COC දෙනකන් Loan amount එකෙන් 10%ක් තියන් ඉන්නවලු.. මම කොහොමත් හිතන් හිටියේ එක තට්ටුවක වැඩ ඉවර කරලා පදිංචි වෙන්න..
    තාප්පේ ගැන ආයේ ප්‍රාදේශීය සබාවට ගිහින් අහන්න ඕන COC එක ගැන අහන ගමන්ම..

    සල්ලි සේරම උබ අතට ගත්තද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩොක්ටර් කුලසිංහ මහතාගේ අඩු වියදම් ස්ලැබ් එක ගැන දන්න කෙනෙක් ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :yes:

    ඒක කරන්නෙ කොහොමද?
    ඇත්තටම වියදම අඩුද?
    සාමන්‍ය ක්‍රමෙත් එක්ක සංසන්දනය කරාම වර්ග අඩියකින් කීයක් ඉතුරු කරන්න පුලුවන්ද?
    කල්පැවැත්ම කොහොමද?
    වාසි මොනවද අවාසි මොනවද?
    ඒක එච්චර ලාබදායකනම් අපි දන්න ගොඩක් අය ඒක පාවිච්චි නොකරන්නෙ ඇයි?
    ඒකට අවශ්‍ය කරන පෙර නිමි කොන්ක්‍රීට් ද්‍රව්‍ය කොහෙන්ද හොයා ගන්න පුළුවන්?
    වැඩේ කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් කන්සල්ට් කරන්න ඒ ගැන පළපුරුද්ද තියන කෙනෙක් කොහෙන්ද හොයාගන්නේ?
    කාගේ හරි ළඟ කරපු තැනක එක එක පියවර වල ෆොටෝස් තියනවද? මම කරනවා දැකල තියනවා, ෆොටෝස් නෑ.
    :sorry:

    මේ තියෙන්නෙ කුලසිංහ මහත්තයගෙ ක්‍රමේට දාන ස්ලැබ් එකක්. මේක පිට රටක කරන එකක් උනාට මේක ලංකාවේ තියනවා. මම මේක ලංකාවේ දැක්කෙ මීට අවුරුදු 10 කටත් ඉස්සෙල්ල. වැඩිපුර විස්තර දන්න කෙනෙක් මේ ගැන වැඩි විස්තර දාන්න.

    UpulPDN හරි Shaminda Peiris හරි වෙන දන්න එකෙක් හරි මේක ගැන කියපල්ලකො.
    මට මේක ගැන දැනගන ඇති වැඩක් නෑ මම ගේ හදල ඉවරයි. අලුතෙන් හදන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි.
    යකෝ අලුතෙන් හදන්න ඉන්න එවුන්වත් මේක ගැන දැනගන්න උනන්දුවක් නෑනෙ. මම හිතුව ගෙවල් හදන එවුන්ට සල්ලි ඉතුරුකරගන්න එක වැදගත් කියල. බලාගන යනකොට එහෙම නැද්ද කොහෙද!
    දන්න විදිහට ප්‍රමිතිය හොඳයි, ඉංජිනේරු සංස්ථාව මේක ප්‍රමෝට් කරනවා, යන කොස්ට් එක අඩුයි, කාලය ඉතුරුවෙනවා, ෆවුන්ඩේෂන් කොලම් එහෙමත් නෝමල් ස්ලැබ් එක දාන්න දානවා වගේ ලොකුවට දාන්න ඕන නැතිලු. SME කෙනෙක් මේවා ඇත්තද කියල කියනවනම් වටිනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    පොතේ හැටියට COC ගන්න එක අනිවාර්යයයි.බෑන්ක් ලෝන් වගේ එහෙම අරගත්තනම් අන්තිම කොටස දෙන්නෙ COC එක බැංකුවට ඉදිරිපත් කලාට පස්සේ.ඒ වගේම උඹ කවද හරි දවසක ගේ බදු දෙනවනම්(බදු ඔප්පුවක් ලියලා),උකස් කරනවනම්,ගේ විකුණනවනම් වගේ අවශ්‍යතාවලදී එක ඕනි වෙනවා.ඒක නිසා ඒක ගන්න එක හොඳයි.

    පල්ලෙහා තට්ටුවට වෙනනම COC ගන්න පුලුවන්.කරන විදිය නම් මම දන්නේ නෑ.TO ගෙන් ඇහුවනම් කියයි.ඒ විදියට කොටසකට නීත්‍යානුකූලව ගත්ත අය ඉන්නවා.

    තාප්පෙට වෙනමම අවසර ගන්න ඕනි.උඹ තාප්පේ ගහනකොට හරි,ඊට පස්සේ හරි කවුරුහරි එකෙක් පෙත්සමක් ගැහුවොත් උඹ හිරවෙනවා.

    mage gedara hadanne unit 2k widiyta eliyen padipela daala nisa COC 2k hambenawada?

    mama nan kiyanne machan gaana kiyak giyath kochchara amaru unath wate giyath rajaye anumatha neethiyata giyoth ape depola wala watinakama godak wadi apita kaatawath oluwa namanna oneth na apita kaagenwath kathandara ahanna oneth naha.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    UpulPDN හරි Shaminda Peiris හරි වෙන දන්න එකෙක් හරි මේක ගැන කියපල්ලකො.
    මට මේක ගැන දැනගන ඇති වැඩක් නෑ මම ගේ හදල ඉවරයි. අලුතෙන් හදන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි.
    යකෝ අලුතෙන් හදන්න ඉන්න එවුන්වත් මේක ගැන දැනගන්න උනන්දුවක් නෑනෙ. මම හිතුව ගෙවල් හදන එවුන්ට සල්ලි ඉතුරුකරගන්න එක වැදගත් කියල. බලාගන යනකොට එහෙම නැද්ද කොහෙද!
    දන්න විදිහට ප්‍රමිතිය හොඳයි, ඉංජිනේරු සංස්ථාව මේක ප්‍රමෝට් කරනවා, යන කොස්ට් එක අඩුයි, කාලය ඉතුරුවෙනවා, ෆවුන්ඩේෂන් කොලම් එහෙමත් නෝමල් ස්ලැබ් එක දාන්න දානවා වගේ ලොකුවට දාන්න ඕන නැතිලු. SME කෙනෙක් මේවා ඇත්තද කියල කියනවනම් වටිනවා.

    mewa karanna danna baasla nane ban..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    pre cast, pre stressed කියන්නේ අලුත් දෙයක් නෙවේ ලංකාවට. ගොඩක් පරණ system එකක්, but ලංකාවේ ගෙවල් වලට අදාල කරගන්න ගොඩක් අය බයයි, දැනුම අඩුයි. icc අයගේ යාර්ඩ් එකක්ම තියෙනවා තනිකරම pre cast ඔක්කොම තියෙන. foundation ඉදන් වහලේ beams වෙනකන් ඔක්කොම තියෙනවා.
    pre stressed beams, columns පාවිච්චි කරලා තනි තට්ටුවේ ගෙයක් හදන්න යන්නේ මාසයක් වගේ.

    Video එකේ තියෙනවා පෙර stressed beams හදන හැටි. සරලව කියනවනම් කම්බි එක පැත්තකින් තද කරලා අනික් පැත්තෙන් ඇදලා stress කිරීමකට බාජනය කරනවා. එහෙම තියෙද්දී concrete කරලා හයි උනාට පස්සේ beams වෙන වෙනම ගන්නවා. කෙලින්ම ගිහින් හයි කරන්න තියෙන්නේ. පස්සේ ඒ විදියටම හදපු ස්ලැබ් කෑලි ගෙනල්ල හයි කරන්න තියෙන්නේ.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mewa karanna danna baasla nane ban..
    බිස්නස් ඔපචියුනිටි එකක් තියනවා කියල හිතෙන්නෙ නැද්ද?
    pre cast, pre stressed කියන්නේ අලුත් දෙයක් නෙවේ ලංකාවට. ගොඩක් පරණ system එකක්, but ලංකාවේ ගෙවල් වලට අදාල කරගන්න ගොඩක් අය බයයි, දැනුම අඩුයි. icc අයගේ යාර්ඩ් එකක්ම තියෙනවා තනිකරම pre cast ඔක්කොම තියෙන. foundation ඉදන් වහලේ beams වෙනකන් ඔක්කොම තියෙනවා.
    pre stressed beams, columns පාවිච්චි කරලා තනි තට්ටුවේ ගෙයක් හදන්න යන්නේ මාසයක් වගේ.

    Video එකේ තියෙනවා පෙර stressed beams හදන හැටි. සරලව කියනවනම් කම්බි එක පැත්තකින් තද කරලා අනික් පැත්තෙන් ඇදලා stress කිරීමකට බාජනය කරනවා. එහෙම තියෙද්දී concrete කරලා හයි උනාට පස්සේ beams වෙන වෙනම ගන්නවා. කෙලින්ම ගිහින් හයි කරන්න තියෙන්නේ. පස්සේ ඒ විදියටම හදපු ස්ලැබ් කෑලි ගෙනල්ල හයි කරන්න තියෙන්නේ.

    මේවා දැක්කම තව ගෙයක් හදන්න හිතෙනවා බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    UpulPDN හරි Shaminda Peiris හරි වෙන දන්න එකෙක් හරි මේක ගැන කියපල්ලකො.
    මට මේක ගැන දැනගන ඇති වැඩක් නෑ මම ගේ හදල ඉවරයි. අලුතෙන් හදන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි.
    යකෝ අලුතෙන් හදන්න ඉන්න එවුන්වත් මේක ගැන දැනගන්න උනන්දුවක් නෑනෙ. මම හිතුව ගෙවල් හදන එවුන්ට සල්ලි ඉතුරුකරගන්න එක වැදගත් කියල. බලාගන යනකොට එහෙම නැද්ද කොහෙද!
    දන්න විදිහට ප්‍රමිතිය හොඳයි, ඉංජිනේරු සංස්ථාව මේක ප්‍රමෝට් කරනවා, යන කොස්ට් එක අඩුයි, කාලය ඉතුරුවෙනවා, ෆවුන්ඩේෂන් කොලම් එහෙමත් නෝමල් ස්ලැබ් එක දාන්න දානවා වගේ ලොකුවට දාන්න ඕන නැතිලු. SME කෙනෙක් මේවා ඇත්තද කියල කියනවනම් වටිනවා.
    pre cast, pre stressed කියන්නේ අලුත් දෙයක් නෙවේ ලංකාවට. ගොඩක් පරණ system එකක්, but ලංකාවේ ගෙවල් වලට අදාල කරගන්න ගොඩක් අය බයයි, දැනුම අඩුයි. icc අයගේ යාර්ඩ් එකක්ම තියෙනවා තනිකරම pre cast ඔක්කොම තියෙන. foundation ඉදන් වහලේ beams වෙනකන් ඔක්කොම තියෙනවා.
    pre stressed beams, columns පාවිච්චි කරලා තනි තට්ටුවේ ගෙයක් හදන්න යන්නේ මාසයක් වගේ.

    Video එකේ තියෙනවා පෙර stressed beams හදන හැටි. සරලව කියනවනම් කම්බි එක පැත්තකින් තද කරලා අනික් පැත්තෙන් ඇදලා stress කිරීමකට බාජනය කරනවා. එහෙම තියෙද්දී concrete කරලා හයි උනාට පස්සේ beams වෙන වෙනම ගන්නවා. කෙලින්ම ගිහින් හයි කරන්න තියෙන්නේ. පස්සේ ඒ විදියටම හදපු ස්ලැබ් කෑලි ගෙනල්ල හයි කරන්න තියෙන්නේ.

    ජෑස් හොඳ වීඩියෝ එකක් දාලා තියෙනවා..

    මම ලියලා තියෙන ඒවා රිපීට් කරන්න යන්නේ නෑ
    http://econobuildings.blogspot.com/

    මේ බ්ලොග් එකේ ගොඩක් විස්තර සිංහලෙන් තියෙනවා... ESS , SBS gana liyala tyenawa yatama...

    eet amatara wisthara godak tyenawa.. screenshot widihata meke paste kaloth direct methanadima kattiya kiyawai. shehanta wadak :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මම ලියලා තියෙන ඒවා රිපීට් කරන්න යන්නේ නෑ
    http://econobuildings.blogspot.com/

    මේ බ්ලොග් එකේ ගොඩක් විස්තර සිංහලෙන් තියෙනවා... ESS , SBS gana liyala tyenawa yatama...

    එල ... දන්න බාසාවෙන්ම තියෙනවා..
     
    Last edited: