මම නම් කිසිම විටක ඔබේ හෝ ඔබේ විශ්වාසවන්තයෙකුගේ නිරන්තර අවධානය යොමු නොවී ඉදිවූ නව නිවසක් මිළදී ගැනීමට නිර්දේශ කරන්නේ නැත.
1. සාදා ඇති නිවසේ ව්‍යුහාත්මක නිර්මාණය කොතෙක් දුරට නිවැරදි දැයි නොදැනීම
පිට පෙනුමේ සොඳුරු බවට රැවැට්ටීම බහුලය. ආකිටෙක් ඩිසයින් කල ඩ්‍රාෆ්මන් චිත්‍රණය කල කඩදාසියක් මහපොළොවේ නිර්මාණයට අවශ්‍යම උපදෙස් ඉංජිනේරුවකුගෙන් නොගැනීමේ ඵල විපාක දරුණුය.ඒ උපදේශ මහපොලොවේ ක්‍රියාත්මක කරවීමේ දැනුම නැති බාසුන්නැහේ දරුණු බව වැඩිකරයි.
සේවාදායකයාට දර්ශණය වන්නේ
- ලස්සන ගෙදරකි.
- මගේ හිතේ ඇඳුණුම ගෙදරකි...
නමුත් පසුකාලයේ මහා ගැටලු ප්‍රමාණයක් පවුලෙ හිතවතුන් සමග ඔබ තනිවීමේ සම්භාවිතාවයක් නම් ඉඳුරාම පවතී...
නිවස ඉදිකළ අයවලුන් වාස්තු විද්‍යාඥයකුට වියදම් සිදුකිරීමට ලෝභ නොවන්නේ එමගින් ලැබෙන දර්ශණය ඉදිරියේදී නිවස විකිණීමට පහසුවක් වන නිසාය.... BUT THEY MAY IGNORE CONSULT STRUCTURAL ENGINEER
2.නිවස ගොඩනැගීම සඳහා භාවිතා කළ අමුද්‍රව්‍ය පිළිබඳ කිසිදු විස්වාසයක් නොමැතිවීම.
අමුතුවෙන් කීමට අවශ්‍ය නැතැයි සිතමි....
ශීලා ලීලා චම්පා ලෙස සිමෙන්ති කවරවල බහා එන සිමෙන්තියේ ගුණාත්මක බව දෙවියන්ටත් කීම අපහසුවනු ඇත....
වැරගැන්වුමට භාවිතාකළ කම්බිය මොනා දීපංකරේ හැදුවාදැයි දන්නේ කවුද?
කොන්ක්‍රීට් අනුපාතය?
නැහැ.. තවත් කතා නොකරමු ඒ ගැන...ඇස ඉදිරියේ රැවටීම් කරද්දී මෙවනි ව්‍යාපෘති යකඩ මල්ලේ ගුල්ලෝ හිඳිද්දී හාල් ගැන කියවීමකි
අලුතෙන් ගෙයක් මිළදී ගැනීම කෙරෙහි සෘණාත්මක පිළිතුරක් දුන් නිසාම ධනාත්මක පැත්තට අදහස් ටිකක් දෙන්නම් ගේ හදන්න...
ඉඩමක් තෝරාගැනීම
ගෙයක් හදන්නනේ ඉඩමක් හොයන්නේ.
නිවස සම්පූර්ණයෙන් සාදා අවසන් කරගැනීමේ උවමනාවක්ම තිබේ නම් ඔබේ මුලු ආයොජනය දැනටමත් හඳුනාගෙන ඇත.
1. ඉඩම වෙනුවෙන් කළහැකි වියදම තක්සේරු කරගන්න.
2. අවශ්‍යතාවලට සපිරෙන නිවාසයකට අවශ්‍ය වන දළ ඉඩ ප්‍රමාණය පිළිබඳව අදහසක් ගන්න.
වැඩේ ලේසි නෑ නේද![]()
ඔබට ලොකු මිදුලක් එක්ක ඉඩමක් ගන්න ගියාම නිවසේ වැඩ ඉවර කරගන්න බැරි වෙනවනෙ... ඉතින් ඔබේ ඉලක්කය විය යුත්තේ ඔබේ සිහින නිවස ඉඩමේ උපරිම භාවිතාවෙන් නිර්මාණය කරගැනීම,,,,
මේ බජට් එකේ හැටියට පර්චස් 7-8 න් එහාට යන්නත් අමාරුයි...
පර්චස් එකක් = ව.අ. 272.25
පර්චස් 7ක් = ව.අ. 1905.75
ඉඩමෙන් 65%-80 % ක් අතර ප්‍රමාණයක් ගොඩනැගිල්ලෙන් වසා ගන්න හදනවා හිතමු ගෙදර.
හ්ම්ම්.. ව.අඩ්,. 1500 ක් ගෙයක් හදනවා නම් ව. අඩියකට රු. 4000 ක් දැම්මොත්
(අවම කන්ඩිශන් යටතේ නිවසේ පදිංචි වී ඉතිරි වැඩ කරගැනීමේ අදිටනින් )
ලක්ශ 60 ක් යනවා ගේ වැඩවලට. ඉඩම ලක්ෂ 20 කට ගන්න ඕනේ.
ලක්ශ 20/7 ~ පර්ච් එකකට ලක්ශ 3 ක් දක්වා ගෙවන්න පුලුවනි.
ඔව්. කොළඹින් එහෙම ඉඩමක් ගත්තැකි. නුගේගොඩ බොරැල්ල මහරගම එහෙම බලන්න එපා...ගන්න බෑ..
ඉරිදා ලංකාදීප ලහිපිටක් ගත්තානම් කෝල් කරලා යම අදහසක් ගන්න පුලුවන්...
හෝමාගමින් අතුරුගිරිය පැත්තට වෙන්න, පින්හේන හංදිය පැත්තට වෙන්න...
පිළියන්දලින් කොට්ටාව මහරගම පාරවල් පැත්තෙන් බලන්න වෙනවා...
HOUSE PLAN
ආකිටෙක් කෙනෙක් අරන් 7 %-10 % ඉල්ලනවානම් ඩිසයිඩ් කරන්න මේ පහල ක්‍රමෙන් වැඩේ කරගන්න.
1. ඉන්ටර්නෙට් එකේ ඕන තරම් ගෙවල් ඩිසයින් තියෙනවා..
බලපන් ඒවා අදහසක් ගනින්...
එංගලන්තෙ ගෙවල් බලලා හරි සෝක් මාත් හදනවා කියලා නම් හිතන්න එපා...
උඹේ ලෝ බජට් ගෙදර ලස්සන කරගන්න පුලුවන් ආකිටෙක්චරල් ෆීචර්ස් ඇඩ් කරලා.
උඹට තට්ටු දෙකේ වගේ ප්ලෑන් ටිකක් දැක්කම එයි අයිඩියා.. එආවා ලියාගනින්...
කොටු කොටුවත් ඇඳපන්...
හොඳ ඩ්‍රාෆ්මන් කෙනෙක්ට ඉඩම පෙන්නලා උඹෙ අවශ්‍යතායි ස්කෙච් කරපුවයි පෙන්නලා ඇඳගනින් මුලින්ම ඩ්‍රාෆ්ට්මන් ගෙන් ස්කෙච් එකක්...
චිත්ත ර් ruupa මවාගෙන ටොයිලට්, පඩිපෙල් ,බැලකනිය, ගරාජ් එක, ගේට්ටුව, කරන්ට් ගන්න තැන, වතුර බටේ එන තැන, සෙප්ටික් ටෑන්ක් එන තැන, ප්‍රධාන දොර ගැන හිතපන්...
ඔක්කොම හිතලා ඩ්‍රාෆ්මන් ළඟට ගිහින් කියපන් මේක මෙහෙම බැරිද අරව මේවා..
හැබැයි ආයේ පස්සෙ අනේ මෙහෙම කරමු කියලා වෙනස් කරන්න ගියොත් සල්ලි තමා යන්නේ..
ඉන්ජිනියර් කෙන්ක්ව ඩ්‍රාෆ්මන්ට මුන ගැස්සුවනම් පෆෙක්ට්. එයාල කතා කරගන්න කණු එන තැන් පස්න ගැටලු වෙනස්කම් එහෙම...
එතකොට ඩ්‍රාෆ්මන් ඇඳලා එවන්නෙ කණු ගැන හිතලා බිත්ත හරියට ලොකේට් කරලා...
(ඉංජිනියර්ට කලින් ඉඩම පෙන්නලා තිබ්බනම් හොඳයි ඩ්‍රාෆ්මන් මුණගැහෙන්න කලින්)
--
-
-
-
-
-මේ ටික අතෑරියා විස්තර වශයෙන් යාම
(සැලැස්ම අනුමත කරගැනීම, ව්‍යූහාත්මක ප්ලෑන් ලබා ගැනීම, BOQ එකක් බාසට නොතේරුණත් උඹළඟවත් තබාගැනීම(BOQ එකෙන් උඹේ සයිට් එකෙ වියදම් එන පිළිවෙලයි කොලිටි එකයි බලාගත්තැකි..
ඕනේ නම් පස්සෙ ලියන්නම් )
-
-
-
-
ගෙදර හදන කොන්ත්‍රාත්තුව
ගේ හදන එක ගෙඩිය පිටින් කොන්ත්‍රාත් දීලා උඩ බලං ඉන්න ගියොත් සොරි වෙනවා....
දවසේ පඩියට බාස්ලව අරන් උන්ගේ දරුවන්ගේ බඩගිනි කෙසේ වෙතත් බාසගේ මදුපැන් තිබහා නම් ෆීඩ් වෙයි ගේ නොහැදුනත්...
හොඳමදේ යම් විස්වාසයක් කළ හැකි මනුස්සයෙක් ට කොන්ත්‍රාත් දෙන එක...
උඹට නියෝජිතයෙක් ඕනේ පැය 24 සයිට් එකේ තියන්න...
මම කියන විස්වාසයක් තියන්න පුලුවන් කිව්ව කෙනා උඹේ ගමේ එහෙමට ජොබක් නැති කොල්ලෙක් වෙන්නත් පුලුවන් උබේ නෑදෑයෙක් වෙන්න පුලුවන්
පොඩි පොඩි මැශින් තියෙන ගෙවල් හදන බාසුන්නැහේ කෙනෙක්ට වැඩේ භාර දෙන්නයි තියෙන්නේ...
එයට අර BOQ එක නොතේරෙන්න පුලුවනි. උඹේ ඉංග්‍රීසි දැනුම හොඳටම ඇති සාමාන්‍යයෙන් බාසලා ළඟ තියෙන වැඩ විස්තරේයි අර ඹ්OQ එකයි ටැලි කරගෙන කොලිටි එක ගෙනියන්න...
අර ඔයාගේ නියෝජිතයා සයිට් එකේම ඉන්න එකයි ඔයාවයි කොන්ත්‍රාත්කරුයි සන්නිවේදනේට්යි ඉන්නේ..
එතකොට උඹේ මැටීරියල් උස්සන්න බෑ
අහ්..
අමතක උනා.. උඹට වැලි සප්ලයර් ගල් සප්ලයර් ඕනේ වෙනවනේ...
උඹ ළඟ නැතුවනම් කන්ස්ට්‍රක්ශන්ස් වෙන්නේ ඉඩම ළඟ පාත හෝ අවට හාර්ඩ්වෙයාර් කාරයෙක්ව තියාගන්න.
උඹ ඒවා කලින්ම ප්ලෑන් කරගන්න ඕනේ කොන්ත්‍රාත් දෙන්නත් කලින්...
විස්වාසෙ මත උඹට එතකොට බඩු වලට කෙලින්ම හාඩ්වෙයර් එකට සල්ලි දැම්මැකි...
ඌත් උඹේ කෝල් එකට බඩු ගෙනෙයි. උඹේ නියෝජිතය එළ කොල්ලෙක්නම් ඌට පුලුවනි ඔය වැලි ලොරි කාරයෙක්ව ගඩොල් කාරයෙක්ව එහෙම අල්ලන් ඕන වෙනකොට බඩු ඇදගන්න.. වාසියි...
හපෝඅ ඇති.. අත රිදෙනවා...
ප.ලි.
ලක්ශ 50 යි නම් තියෙන්නේ ඉඩමට 20 ගියාම ඉතුරු 30 යි... ෆිනිශින් සම්පූරණයෙන් ඉවර නොකර වගේ ගොඩ දාගත්තැකි... හොඳ ලෑන්ඩ් එකක් තෝරගත්තානම් ලක්ශ 5 ක් වත් සේව් වෙනවා පුරවන්න ෆවුන්ඩේශන් කොස්ට් වගේ බැලුවම... වැඩේ කලෑකි උඹට ඉතින් යටතට්ටුව හොඳ ලස්සනට
ලොකු දෙයක් උබ කිවුව.
දැන්නම් හදන්ඩත් අදහස තියනවා
වැඩි විස්තර සදහා පසුව අමතන්නම්







. Nagarika Komasaris sign karanna onelu. 