අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපේ එලකිරියේ Structural Engineers ලා ඉන්නවද? එහෙම නැත්නම් දන්න අඳුරන කෙනෙක් ඉන්නවද?


    ගෙයක ප්ලෑනක් සම්බන්දව උදව්වක් ඕනෙ. ගෙවීමක් එක්ක උනත් කමක් නෑ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ එලකිරියේ Structural Engineers ලා ඉන්නවද? එහෙම නැත්නම් දන්න අඳුරන කෙනෙක් ඉන්නවද?


    ගෙයක ප්ලෑනක් සම්බන්දව උදව්වක් ඕනෙ. ගෙවීමක් එක්ක උනත් කමක් නෑ.


    දන්න කෙනෙක් ඉන්නව. පී.එම්.
     

    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    මම අහම්බෙන් වගේ මේ ත්‍රෙඩ් එක දැක්කේ,

    අනේ මචන්ලා අපේ ගෙදර දෙවෙනි තට්ටුව තාම බාගෙට වැඩ ඉවර වෙලා තියෙන්නේ, ඊට උඩින් තව තට්ටුවක් ගහල තියෙන්නේ ඒකට උඩින් වහලේ මේ ලගදි ගැහුවා, දැන් අවුල තියෙන්නේ දෙවෙනි තට්ටුවේ ස්ලැබ් එකෙන් සහ ස්ලැබ් එකේ හරහට යන බිම් කනුවකින් උඩට එකතු වෙන වතුර කාන්දු වෙනවා,
    මේක කාලයක් තිස්සේ උනා බැරිම තැන තමයි වහලේ ගැහුවේ, එත් තාමත් එහෙමයි දෙපැත්තෙන් එන වැහි පාර තුන්වෙනි තට්ටුවේ ස්ලැබ් එකට වැටුනම ඒ වතුර තමයි කාන්දු වෙන්නේ, බාස් කෙනෙක් කෙමිකල් එකක් ගහලා සිමෙන්ති කැපුවා ඒකත් හරි ගියේ නැ, ඒකටත් ලොකු ගානක් ගියා.

    ස්ලැබ් එක අර අලුත් ක්‍රමයක් දාපු එකක් ගල් දාල බීම් වලට ඊට පස්සේ කොන්ක්‍රීට් අගල් 2 වගේ දාල උඩට,

    මේ වැඩේ නිසා ගෙදර ඉතුරු වැඩ ටික කරගන්න විදිහක් නැ, හිර වෙලා . මෙහෙම තියන්නත් බැ කම්බි දිරල ඉදිමෙනවා,
    ඒ නිසා මේ වැඩේට විසදුමක් ගන්න විදිහක් කියන්න,

    මේ ගැන දන්න විසදුම් ලබා ගත්ත කවුරුහරි ඉන්නවා නම් කියන්න ලොකු උදවුවක්,
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම අහම්බෙන් වගේ මේ ත්‍රෙඩ් එක දැක්කේ,

    අනේ මචන්ලා අපේ ගෙදර දෙවෙනි තට්ටුව තාම බාගෙට වැඩ ඉවර වෙලා තියෙන්නේ, ඊට උඩින් තව තට්ටුවක් ගහල තියෙන්නේ ඒකට උඩින් වහලේ මේ ලගදි ගැහුවා, දැන් අවුල තියෙන්නේ දෙවෙනි තට්ටුවේ ස්ලැබ් එකෙන් සහ ස්ලැබ් එකේ හරහට යන බිම් කනුවකින් උඩට එකතු වෙන වතුර කාන්දු වෙනවා,
    මේක කාලයක් තිස්සේ උනා බැරිම තැන තමයි වහලේ ගැහුවේ, එත් තාමත් එහෙමයි දෙපැත්තෙන් එන වැහි පාර තුන්වෙනි තට්ටුවේ ස්ලැබ් එකට වැටුනම ඒ වතුර තමයි කාන්දු වෙන්නේ, බාස් කෙනෙක් කෙමිකල් එකක් ගහලා සිමෙන්ති කැපුවා ඒකත් හරි ගියේ නැ, ඒකටත් ලොකු ගානක් ගියා.

    ස්ලැබ් එක අර අලුත් ක්‍රමයක් දාපු එකක් ගල් දාල බීම් වලට ඊට පස්සේ කොන්ක්‍රීට් අගල් 2 වගේ දාල උඩට,

    මේ වැඩේ නිසා ගෙදර ඉතුරු වැඩ ටික කරගන්න විදිහක් නැ, හිර වෙලා . මෙහෙම තියන්නත් බැ කම්බි දිරල ඉදිමෙනවා,
    ඒ නිසා මේ වැඩේට විසදුමක් ගන්න විදිහක් කියන්න,

    මේ ගැන දන්න විසදුම් ලබා ගත්ත කවුරුහරි ඉන්නවා නම් කියන්න ලොකු උදවුවක්,


    1. වෝටර් පෲෆින් එකට පුලුවන් ඝන සර්ෆස් එකකින් වතුර කාන්දුව නවත්වන්න. ඉරි තැලීමක් හරි එකිනෙක සම්බන්ධ නොවන මතුපිටක වෝටර් පෲෆින් කරනවනම් මුලින්ම මතුපිට ඉරිතැලීම් නිවැරදි කොට මුලු මතුපිටම එකිනෙක සම්බන්ධව තියෙන්න ඕනේ...

    ඔයාගේ ගැටලුවේදි බාස් බදාම කැපුවනම් කෙමිකල් එක ඇප්ලයි කරන්න කලින්, ඒ වැඩේ හරි.

    2. බදාම කපාද්දි මතුපිටවල් එකිනෙක් හම්බෙන තැන් වල (ස්ලැබ් එක සහ අයිනේ බිත්ති ) සෘජු මතුපිටවල් පවා යම් උසක් (අඩියක් ) කපරාදුව කැපිය යුතුය. අංශක 90ක මුල්ල ෆිලට් එකකින් අවසන් කල යුතුය.

    ඔයාගේ එහෙම තැන්වල ගටලුවක් නෑ වගේ නේද?

    3. නිවැරදි වෝටර් පෲෆින් මෙතඩ් එක භාවිතා කළ යුතුයි.

    දන්නවද මොකක්ද දාපු කෙමිකල් එක කියලා? මතකද එක පාරක් ඇප්ලයි කරලා වේලෙන්න තියලා ආයේ කෙමිකල් ඇප්ලයි කලාද කියලවත් ? (මගේ ත්‍රෙඩ් එකක් ඇති )

    මම සැක කරන්නේ මේක ස්ට්‍රක්චරල් ප්‍රශ්නයක් නිසා 2" ස්ලැබ් එක ඉරි තලලා ඇති කියලා..... ප්‍රී කාස්ට් ස්ලැබ්+බීම් වෙන්වන දාරය දිගේ කොන්ක්‍රීට් එක පුපුරලා ඇති. දැනට ස්ලැබ් එකට බර වැටෙන්නෙත් නැතිව පුපුරලා නම්. ඒක වෙලා තියෙන්නෙ බීම් එකක් දිගේ නිසා 2" කොන්ක්‍රීට් කරද්දි පොඩි කම්බි නෙට් එක බීම් එක උඩදි කඩලා දැම්මද දන්නේ නෑ (කම්බි නෙට් එක ලැප් කරලයි බඳින්න ඔනේ )

    විසඳුම ස්ථීර එකක් කරගන්න නම් ඔයාගේ කොන්ක්‍රීට් එක පුපුරපු හේතුව හොයාගන්න වෙනවා...

    අහ්... ඔය ස්ලැබ් එකේ පැත්තක් ගඩොල් හරි වැලි හරි ගොඩ ගහලා තිබ්බද?
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචං, මමත් ගෙයක් හදාගෙන යනවා. දැන් තියෙන්නේ ලයිට් ‍ෆිටින්ග්ස් අල්ලන්න. මොනවද බං මේ දවස්වල යන අලුත් දෙවල්.. මම හිතගෙන ඉන්නේ මමම වැඩේ කරන්න. බඩු ගන්න හොද තැනුයි, ගන්න ඕන බඩු වර්ගයි කියන්නකෝ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Thawakalikawa gahana maduwata light gattoth meter eka thappeta shift karanna lolu gaanak aye gewanna one da?
    Thappe bandina thaninma meter eka themenne nathi wenna thappa Kaplan bandala ethanata meter eka gahagattanan hondai neda?
    19m usa kanuwak one neda connection eka denna?

    Light & water ganna eka gana wisthara tikak kiyanna
     

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    වානේ සංස්තාවෙ වානේ අඩුවට ගන්න පුලුවන් Hardware තියෙනව කියල අහල තියෙනව අතුරුගිරිය හරියෙ...දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න එ වගෙ Hardware කීපයක්?
     

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    mchn ape gedara water tank eka tiyenne 2floor eke. e unata water pressure na.tank eka empty unoth motor eka dammata tap walin wathura enne na. pare line eka tika welawak arala tibbama hariyanawa. mokakda case eka?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙන්න මේ ප්‍රශ්ණ දෙකටත් දන්න කෙනෙක් උත්තරයක් දෙන්න.

    1 සිමෙන්ති,කම්බි ගන්නවානම් hardware වලින් නැතුව කෙලින්ම agent ගෙන් එකපාර ගොඩක් ගන්න එක ලාභයි කියලා තිබුනා. එහෙම අපිට පුද්ගලිකවම සිමෙන්ති,කම්බි දෙනවාද? එහෙම දෙනවානම් අපි ඒක කරන්න ඕන විදිහ පොඩ්ඩක් පැහැදිළි කරනවාද?

    2 Slab එකකට වාගේ concrete ගොඩක් එකපාර දානකොට ඒකට වඩාත්ම හොද හා ලාභදායිම ක්‍රමය මොකක්ද?
    ඒකියන්නේ අපිම බස්ලා දාලා concrete හදලා දාන එකද, ready mix concrete ගන්න එකද නැත්නම් වෙනත් විදිහක්ද?


    1. මම දන්නා විදිහට ලොකු වෙනසක් නැහැ. හැබැයි ට්‍රාන්ස්පෝර්ට්, අන්ලෝඩින් වලදී කට්ට කන්න වුනොත් අර පොඩි ලාබෙන් වැඩක් නැහැ. ඒජන්ට්ගෙන් නෙවෙයි කෙලින්ම ලංවා එකෙන්ම ගන්න පුළුවන් කම්පැනි එකක ලොකු බිල්ඩිමක් වගේ හදනවනම් සහ ඒ කම්පැනි එකට SVAT තියෙනවනම් SVAT වලට ගත්තොත් VAT එකත් අඩු වෙනවා. අදින්න ලොරි එහෙම තියෙනවනම්, එතකොටනම් ලාබයි. (අපි මේ විදිහට කරලා තියෙනවා)

    2. ස්ලැබ් එකට රෙඩිමික්ස් ගන්න එකයි අපි සිමෙන්ති වැලි මෙටල් අරං කරන එකයි දෙකේම වාසි අවාසි තියෙනවා. මම දකින ප්‍රධානම අවාසිය තමා වැලි.

    රෙඩිමික්ස් වලදී යුස් කරන්නේ වොෂ්ඩ් සෑන්ඩ් එක (ගොඩක් වෙලාවට මුතුරාජවෙලින් ගේන එක) ඒක හොඳට වොෂ් කරනවද, ලුනුගතිය තියෙනවද කියල අපි හරියටම දන්නේ නැහැ.ලුණු ගතිය තිබුනොත් ඇතුලේ කම්බි වලට බලපානවා කොහෙන් හරි කම්බියක් එලියට මතුවෙලා තිබුනොත්.
    එහෙම කියල රෙඩිමික්ස් හොඳ නෑම කියනවා නෙවෙයි. සිටි ඒරියා වල 90% ක විතර යුස් වෙන්නේ රෙඩිමික්ස් තමා.
    ගොඩක් වෙලාවට හයිවේ වගේ ඩිවෙලප්මන්ට් ප්‍රොජෙක්ට් වලට ගන්නේ බැචින් ප්ලාන්ට් හයි කරලා උන්ගේම ලැබ් ඉන්ස්ටෝල් කරලා මැටීරියල් චෙක් කරලා තමා. ඒත් අපි ගන්නකොට රෙඩිමික්ස් ප්ලාන්ට් වල උන් මොනවා දානවද කියල දන්නේ නැහැ. ICC එකේ ඕනෑතරම් ඕවගේ වැඩ වෙලා තියෙනවා. උන් ෆ්ලෝ එක කොන්ක්‍රීට් කරන්න කිවුවොත් අනිවා දෙන්නේ ජරාව. අපේ එහෙම වුනා. කොන්ක්‍රීට් එකේ අම්බානක බොරළු තිබිල මාට්ටු වුනා.
     
    • Like
    Reactions: ossandaruwan

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔයා කියපු කථාව දැනුයි මට හරියටම තේරුනේ. ගල් කුඩුවල powder වගේ ඉතා සිහින් අංශුත් තියනවා තමයි. එත් ඒවා වෙන්කරන්නනම් මන් දන්න තරමින් තවම ක්‍රමයක්නෑ. හැබැයි ඒ ගල් කුඩුවලට වැලි මිශ්‍ර කරලා බ්ලොක් ගල් බදින්න පුළුවන් මම හිතන්නේ. වැලිත් වැටුනහම කොහොමත් මේකේ bond එක හොදට වැටෙනවානෙ. එහෙම කලත් මේ ක්‍රමේ ගොඩක් ලාභයි තනිකරම වැලි බදාමෙන් හදනවාට වැඩිය.

    මම ඉන්නේ කළු ගඟ ලගම තියන ගමක. ඒත් අපිට කළු ගගෙන් ගන්න වැලි කියුබ් එකක් 14 000 විතර වෙනවා. ඒවගේම අපේ කිට්ටුවම ගල් වැඩපොලකුත් තියනවා. අපේ පැත්තේ සමහර අය ඔය වැඩපොලෙන් තමයි ගල් කුඩු ගෙනියන්නේ වැලි හරි ගණන් කියකිය කළු ගග දිහා බලාගෙන.

    කඩුවෙල - කඩවත හයිවේ ප්‍රොජෙක්ට් එකට ගත්තේ ගල් කුඩු තමා මචං. ඒවා කුඩු කරලා ඩස්ට් එක අයින් කරලා වොෂ් කරලා ගත්තේ taisei ලාගේම (ජපන්) ක්රෂර් එකක් හංවැල්ලේ ඉන්ස්ටෝල් කරලා. ඒවගේ ප්‍රොජෙක්ට් වලදී යුස් කරන්නේ quarry dust එක නෙවෙයි. වෙනම ක්‍රෂර් ප්ලාන්ට් තියෙනවා. වැලි වගේම තමයි අවුට්පුට් එක ගන්නේ එක ස්ටෑන්ඩඩ් එකකට. එකපැත්තකින් ගල් දැම්මම ඒවා අවශ්‍ය සයිස් එකට කුඩු වෙලා, හේදිලා එලියට එන්නේ ඩස්ට් එක නැති වැලිකැට ප්‍රමාණයේ ඒවා...... ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා ඒ ක්‍රෂර් එක රදැල්ල හෝල්ඩින්ස්ලා සල්ලිවලට ගත්තා....... දැන් උන් කරනවා ඇති...