ඕනවට වඩා පර්සනල් දේවල් අහන එක නම් එතිකල් නැහැ
හැබැයි ඔය HR එකෙන් අහල තියන ජීවිතේ හොඳම තීරනේ මොකද්ද වගේ ඒව ගොඩක් HR ඉන්ටවීවු වලදි මගෙනුත් අහල තියනවා.
තව ඔය ජොබ් එක නැතුව මාස කීපයක් හිටියා නම් අනිවා හොයනවා, ගොඩක් වෙලාවට එහෙම වෙලා තියන අය ගොඩක්ම හොඳ කෙනෙක් නෙමෙයි නම් ඉන්ටවීවු කරන්නෙ නැහැ.
සාමාන්යෙන් ජොබ් එකකින් අයින් වෙන්නෙ වෙන ජොබ් එකක් හොයාගෙනනේ, එහෙම නැතිව අයින් වෙන්නෙ එක්කො කම්පැනිය එක්ක කේස් එකක් දාගෙන එක්කො ටර්මිනේට් කරලා වගේ හේතුවක් වෙන්න පුලුවන්, එහෙම කෙනෙක් කම්පැනි වලට ගන්න කැමති නැහැ, සමහර වෙලාවට පිටරට ජොබ් වලට එහෙමත් මම දැකල තියනවා contionus work experince තියෙන්න ඕන කියලා තියනවා, අතරමග ගැප් තිබ්බොතින් කේස්.