අයින්ස්ටයින්ගේ රියදුරා වරක් අයින්ස්ටයින්ට මෙහෙම කිව්වා, "සර්, ඔබ සෑම රැස්වීමකදීම කළ සෑම කථාවක්ම මට හොඳටම කටපාඩම්"
අයින්ස්ටයින් පුදුමයට පත් වුණා! ඔහු රියදුරාට මෙහෙම කිව්වා, "හරි, අපිට තියෙන ඊළඟ රැස්වීමෙ සංවිධායකතුමා මාව දන්නේ නැහැ. ඔයා මගේ තැන අරන් ඒ රැස්වීමෙදි කතාව කරන්න, මම රියදුරු වෙන්නම්."
ඒක එහෙමම වුනා, පහුවදා රැස්වීමෙදි රියදුරා වේදිකාවට නැගලා කතාවක් කියන්න පටන් ගත්තා. එතන හිටපු විද්වතුන් මහ හඬින් අත්පුඩි ගැසුවා. ඒ වෙලාවේ එක්තරා මහාචාර්යවරයෙක් රියදුරාගෙන් ඇහුවා "සර්, සාපේක්ෂතාවාදයේ අර නිර්වචනය නැවත පැහැදිලි කරන්න පුළුවන්ද?" කියලා.
ඇත්ත අයින්ස්ටයින්ට තේරුණා ලොකු අනතුරක් වෙන්න යන්නේ කියලා! මේ පාර නම් බොරු අයින්ස්ටයින් හෙවත් රියදුරා මාට්ටු වෙනවා. ඒත් ඇත්තටම රියදුරා ඒ මහාචාර්යවරයාට දුන් පිළිතුර ඇසීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා.
රියදුරු පිළිතුරු දුන්නේ මෙහෙම, "මෙච්චර සරල දෙයක්වත් ඔබේ ඔලුවට යන්නෙ නැද්ද? මගේ රියදුරුගෙන් ඇහුවා නම් ඒ මනුස්සයත් ඔබට ඕක ලස්සනට පැහැදිලි කරලා දෙයි"
ඔබ ප්රඥාවන්තයන් සමඟ ඇවිද ගියොත්, ඔබ හිතන විදියත් වෙනස් වෙයි!

උපුටාගැනීමකි..