මට නම් ඇපල් වල අකමැති ලක්ෂණ ටිකක් තියෙනවා.
1. මෙමරි කාඩ් ස්ලොට් එකක් නැත. ෆෝන් එකට කෙල වුනොත් බැකප් වෙලත් නැත්නම් ඩේටත් හබක්. (අයි ක්ලවුඩ් වලට බැකප් කරන්න කියල කියන්න නම් එපා)
2 බලු ටුත් සහ වයි පයි ඩිරෙක්ට් වැනි ඔප්ෂන් නැත. යාළුවො සෙට් උන තැනකදී එලියට ගත නොහැක.
3 අයි ටියුන්ස් නැතුව සින්දුවක් දමා ගැනීමට බැරිවීම.
4 ගමනක් යනවිට මගදී හෝ බැටරිය බැස්සොත් වෙන බැටරියක් ගෙනියනවා වෙනුවට පවර් බෑන්ක් එකක් ගෙන යාමට සිදු වීම. හා අනුන්ගේ හීනි පින් හෝ මයික්‍රෝ යුඑස්බී චජරයකට ගැසීමට බැරිවීම
5 සැම්සුන් වල odin වලින් වගේ ලේසියෙන් තමන් කැමති OS වර්ෂන් එක දමා ගැනීමට බැරිවීම
තව අර පොස්ට් එක දාපු එකා නොදන්න දේකුත් තියෙනවා.
ඇපල් වල සිංහල අකුරු පෙන්නනවා විතරයි. දැන් එන එල්ජී , නොකිය සැම්සුන් වල මෙනු ලැන්ග්වේජ් එක පවා සිංහලෙන් තියෙනවා.