අරන්තලාව භික්ෂු ඝාතනය 1987 ජූනි 2 වැනිදා සිදුවිය. මහාවාපියේ පිහිටි සිය විහාරස්ථානයේ සිට කැළණිය රජ මහා විහාරයට වන්දනා ගමනක් යාමේ අරමුණින් පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් කිහිපදෙනෙක් සිටි බස් රථයට නුවරතැන්න ගම්මානය අසලදී දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් 20කගෙන් යුතු පිරිසක් සැඟවී සිට පහර දුන්හ. ඔවුන් එහි රියැදුරාට බස් රථය අසල පිහිටි අරන්තලාව වනාන්තරයට ගෙන යන ලෙස අණ දුන්හ. බස් රථය අරන්තලාවේදී නැවතූ වහා ඉමහත් කෝපයෙන් පරුෂ වචනයෙන් බණිමින් කොටි සාමාජිකන් පිරිස වෙඩි තබමින් සහ කඩු පහර දෙමින් භික්ෂූන් වහන්සේලාට පහර දෙන ලදී.[1] [2] [3][4]
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයකට පත්වූවන් අතර කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 30 නමක් ද, ඔවුන්ගේ ගුරු හිමියන් වූ විද්‍යානන්ද මහා පිරිවෙන් අධිපති හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමියන්ද විය. බස් රියේ ගමන් කළ සිවිල් වැසියන් 4 දෙනෙක්ද ප්‍රහාරයෙන් මිය ගියහ.[2] [5] [6]
භික්ෂූන් වහන්සේලා 3 දෙනෙක් ප්‍රහාරයෙන් බේරී පලා ආ අතර දරුණු තුවාල හේතුවෙන් ජීවිත කාලය පුරාම ඔවුන්ට වෛද්‍ය ආධාර අවශ්‍ය වන තත්ත්වයක් පවතී. තවත් භික්ෂූන් වහන්සේ නමක් ස්ථීරවම ආබාධිත තත්ත්වයට පත් විය.[7]