ආයුද ටික ප්‍රතිඅපනයනය කරන සීන් එකක් කියන්නේ. ගොඩබිමට ගේන්න තහනම් නිසා මුහුදේ දාලලු. බලමු මොකක්ද ඇත්ත කියලා
මෙන්න පහල තියෙනවා මේකේ තියෙන වැරැද්ද ....
ඔය පක්ෂ විපක්ෂ කාගේත් ඇත්ත එලි වෙයි කවදාහරි .....
වැරැද්ද මේකෙන් යුද හමුදාවට අය වෙන්න තිබිච්ච මුදල් හිටපු ආරක්ෂක ලේබම් ගොටාභය ගසා ගෙන කෑම....
කෝටි ගණන් ගසාකෑ ගෝඨාගේ අවි ගණුදෙනු මෙන්න
හිටපු රාක්ෂක ලේකම්වරයා විසින් නීති විරෝධි ලෙස සිදු කල අවිජාවාරමක් පිළිබද තොරතුරු මේ වන විට හෙළිවී ඇත. විදෙස් රට වලින් මෙරටට පැමිණෙන වෙළද නැව්වල ආරක්ෂාව සදහා ගෙන එන අධිබලැති නාවික අවි ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි විට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව භාරයේ ස්ථානගත කර තබයි.
එවිට එම අවි වල ප්‍රමාණයන්ට සහ අවි ස්ථානගත කර තබා ගන්නා කාලය අනුව ඊට මුදල් ගෙවීම අදාල නැව් සමාගම් මගින් සිදු කරනු ලබයි. මෙය මෙතෙක් ගාල්ල නාවික හමුදා කදවුරට භාරව තිබූ කාර්යයකි. එමගින් කෝටි ගණනක විශාල ආදායමක් නාවික හමුදාවට එක්වෙයි.
නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් “ටග් මහනුවර” නම් වූ පුද්ගලික ටග් යාත්‍රාවක් යොදා ගනිමින් මෙයට අතරමැදියෙකු සේ මැදිහත්වී ලංකාවට පැමිණෙන නෞකාවල අවි මෙම ටග් යාත්‍රාවේ ගබඩා කර තැබීම සහ නාවික හමුදාවෙන් ඊට ආරක්ෂාව සැපයිමත් සිදු කර ඇති අතර, එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් ගෝඨාභය රාජපක්ෂ විසින් තම සාක්කුවට දමාගෙන ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.
ගාල්ල වරායේ මෙම අවි ගබාඩා කිරීම සදහා විශාල ගොඩනැගිල්ලක්ද නාවික හමුදාව විසින් ස්ථාපනය කර ඇති අතර, එය විවෘත කිරීමටත් පෙර මෙලෙස පුද්ගලික නෞකාවක් යොදාගෙන ඊට විශ්‍රාම ගිය නාවික හමුදා නිලධාරියෙකුද යොදාගෙන මුහුදේ සිටම සියළු ගණුදෙණු අහවර කර රටට ලැබිය යුතු විශාල ධනස්කන්ධයක් යටිමඩි ගසාගෙන ඇති බව දැන් හෙළිවෙමින් පවතියි.
ටග් මහනුවර යාත්‍රාව ලෙස අනුමාන කරන යාත්‍රාව
![]()
Last edited:





