" සුවද " පත්තරේ දවසක් අරජුණගෙන් අහනවා ප්‍රියතම පානය මොකද්ද කියලා , .
අර්ජුණගේ පිළිතුර ,
" මගේ ප්‍රියතම පානය ඇල්වතුර "
අර්ජුන ඔය ප්‍රකාශය කරන්නේ , මයිකල් ජැක්සන්ට පසු වැඩිම මුදලට පෙප්සි කෝලා වෙතින් සනත් ජයසුරියව මිළදී ගත්තටත් පසු ,
කෝටි ගණනකට පෙප්සි කෝලාවලට විකිණෙන්න පුලුවන් මිනිස්සු හැදුනේ අර්ජුනලගේ ඇසුරේ ,
ඒත් අර්ජුනලා බීවේ ඇල්වතුර ,,
කවුද මේ අර්ජුණ ?
අර්ජුන කියන දේශපාලන චරිතයට අපි ප්‍රිය නෑ ඔව් ඒක ඇත්ත ,
හැබැයි අර්ජුන කියන්නේ මුදලට නම්ම ගන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි ,
කොටින්ම කීවොත් අද මේ ඉන්න ක්‍රිකට් ඔස්තාර්ලා ක්‍රීඩාවෙන් යමක් උපයයි නම් ,
ඒ පදනම දාලා දුන්නේ කොහේවත් ඉන්න බුකීකාරයෝ නම් නෙවෙයි ,
දාඩිය කදුළු හලලා ඒ පසුබිම , ඒ පිලිගැනීම අපිට හදා දුන්නේ අර්ජුනලා ,
අර්ජුනට ක්‍රිකට් ගැන කතාකරන්න අයිතියක් නෑ කියලා කවුරුහරි කියනවා නම් ඌ ක්‍රිකට් බලපු එකෙක් වෙන්න බෑ ,,
99 රංගන හේරත් ගෙනෙල්ලා , මුරලි සෙවනේ රංගනට හැදෙන්න දීපු නිසා අපි අදටත් රංගන ලවා මැච් දිනවනවා ,
රංගනලට ඒ තැන හැදුනේ අර්ජුනලා හිටපු නිසා ,
ඒක තමා ඇත්ත ,,
එහෙව් පතාක යෝධයෙක් මේ තරම් අපහාස විදින්න ඕනද ?
විශ්වාස කරන්න ,
ඉන්දියාව අදටත් ගවස්කාර්ට ගරු කරනවා ,
අර්ජුන ඉන්දියාවට ක්‍රිකට් ගැහුවනම් අද වන විට අර්ජුන ඉන්දියාවේ ගෞරවාන්විත පුරවැසියෙක් ,
අශෝක විද්‍යලයේ සිසුන් පිරිසකට අර්ජුන නිවසේදී පහර දුන්නා කියලා එකවතාවක් පත්තරේ ගියා ,
ඔය කතාව ගිහින් සති කීපයකට පස්සේ කොට්ටාව මත්තෙගොඩ ප්‍රදේශයේ ළමයෙක් ඇක්සිඩන්ට් වෙලා නැති වුනා ,
ඒ ඇක්සිඩන්ට් එකෙන් නැති වුන ළමයා අර ගුටි කාපු ළමයි අතරත් හිටියා ,
ගහපු කතාව පත්තරවල හෙඩ්ලයින් උනාට මේ කතාව පත්තරේ ගියේ නෑ ,
අර්ජුනත් මල්ලිත් , එයාලගේ අම්මත් ඒ මිය ගිය දරුවගේ මළ ගෙදරට ආවා රෑ 11 ට විතර,
අර්ජුන ආවේ රබර් සෙරප්පු දෙක පිටින් ,
මේ කතාව ලියන මම එතකොට ඒ මළගෙදර හිටියා,
ලෝක කුසලානය ගෙනාපු අර්ජුනමද මේ කියලා මට හිතාගන්න බැරි වුනා ,,
ළමයිට ඒ වෙලාවේ කේන්තියට් තරවටු කලත් අර්ජුනත් අම්මත් ඒ සිදුවීම සිහි කරලා දෙමාපියන්ටත් ඥාතීන්ටත් කණගාටුව ප්‍රකාශ කලා ,,
අර්ජුනලා මළගෙදරින් ගියේ පැයකට් විතර පස්සේ ,
එවැනි මනුස්සකම් තියෙන නිහතමානි සරල මිනිහෙක් අර්ජුන කියන්නේ වග කිව යුතුමයි ,,
කුමක් හෝ අහේතුවකට අර්ජුනගෙන් මේ රට වැඩක් ගත්තේ නෑ ....,,
ඒක මේ රටට ආවේණික ගුණාංගයක්....
සටහන නලීන් කුමාර් ගෙන්



මම කතා කරේ අර්ජුන-සංගා ගැන.කෙහෙල්මල් දේශපාලනයක් ගැන නෙමෙයි.
සංගා ජනපතිකමට සුදුසුයි නම් අර්ජුන සංගට වඩා ඒකට සුදුසුයි.මොකද අර්ජුනගේ ලීඩර්ෂිප් එක නිසා 1996 වර්ල්ඩ් කප් එක අපිට ගන්න පුළුවන් උනා..ඉම්රාන් ඛාන්ටත් පාකිස්තානේ මිනිස්සු කැමති එකම හේතුව ඒකනේ.ඒක නිසා 2020 දී අර්ජුනත් ජනපති කරමු.