අර්හත් භාවයට පුහුණු වන්නා...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
අර්හත් භාවයට පුහුණු වන්නා...



අර්හත් භාවයට පුහුණු වන්නා...

එක්තරා අවස්ථාවකදී කපිලවස්තුපුරයේ ශාක්‍යයෝ තමන් විසින් අළුතින් හදපු රැස්වීම් ශාලාවක් විවෘත කරන්න බුදුහාමුදුරුවන්ට ආරාධනා කලා. ඒ වෙද්දි කිසිම ශ්‍රම‍ණයෙක්වත්, බමුණෙක්වත් ඒ ගොඩනැගිල්ල පරිභෝග කර තිබුනේ නෑ. ඒ නිසා ඒ අයට ඕනා වුනා බුදුහාමුදුරුවො ලවා ඒ ගොඩනැගිල්ල පරිභෝග කරවගන්න. එතනදි බුදුහාමුදුරුවො ශාක්‍යන්ට ධර්ම කථා කියාලා තමන්ට ඇති වූ පිට රුජාවක් හේතුවෙන් ආනන්ද හාමුදුරුවන්ට බාර දුන්නා ශාක්‍යන්ට ධර්මය දේශනා කරන්න. මහානාම ශාක්‍යයා තමයි ශාක්‍යයන් වෙනුවෙන් කථා කලේ.

ආනන්ද හාමුදුරුවො කථා කලේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන ආකාරය සම්බන්ධයෙන්. ඒ කියන්නේ සේඛ ප්‍රතිපදාව ගැන. මේ දේශනාව සාරාංශයක් විදියට අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්.

මේ ශාසනේ ආර්ය ශ්‍රාවකයා ශීලයෙන් යුතු වෙනවා. පාතිමොක්ඛයට අනුව වැලකී සිටිනවා. (ගිහියන්ට නම් මේ කියන්නේ වෙන මුකුත් නෙමේ පන්සිල් රකින්න කියන එකයි.) ඔහු ඉන්ද්‍රිය දොරවල් ආරක්ෂා කර ගන්නවා. ආහාරයේ ප්‍රමාණය දැන ගෙන කෑම ගන්නවා. ඒ කියන්නේ කෑම ගන්නේ බණ භාවනා කටුයුතු කරගන්න හැකි වෙන්න ඇඟ තියා ගන්න. (මෙතනදි ගිහියෙක් ගත්තම එදිනෙදා වැඩ කටයුතු හරියට කර ගන්න ශක්තිය තියෙන ප්‍රමාණය සිහියෙන් සලකලා කෑම ගත්තම හරි) ඒ වගේම ඔහු නින්දේ ප්‍රමාණය දන්නවා. ප්‍රමාණයට නිදා ගන්නවා. (සාමාන්‍යයෙන් අසනීපයක් නැත්නම් භාවනානුයෝගියෙක් පැය 4ක් විතර නිදා ගත්තම ඇති. ගිහියන්ට නම් 5ක් විතර වගේ) ඒ ‍වගේම ආර්ය ශ්‍රාවකයා සත් ආකාරයක සද්ධර්මයෙන් යුක්ත වෙනවා. (ඒ කියන්නේ 1. ඔහුට බුදුහාමුදුරුවොයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වය ගැනයි නොකැඩෙන අව‍ධානී ශ්‍රද්ධාවක් තියෙනවා, 2. වැරදි කරන්න ලැජ්ජා වෙනවා, 3. පව් කරන්න බය වෙනවා, 4. ධර්මයට ඇහුන් කන් දීලා ඒ ධර්මය දරා ගන්නවා (උගතෙක් වෙනවා), 5. අකුසල් නැති කරන්න වගේම කුසල් කරගන්න වීර්යය තියෙනවා, 6. හොඳ සිහියක් තියෙනවා, 7. විදර්ශනා නුවණ තියෙනවා)

ඒ ආර්ය ශ්‍රාවකයා මේ ජීවිතයේදිම සැප ඇති කරන ධ්‍යානයන් හතර කිසිම අපහසුවක් නැතිව ඇති කර ගන්නවා.

මේ තත්වයට පත් වුන ආර්ය ශ්‍රාවකයා තමයි සම්පූර්ණයෙන්ම තමන් ගැන පුහුණුව ඇති තැනැත්තෙක් කියලා කියන්නේ. මෙතනදි විපස්සනා ඥානය ඇති කරගන්නා ආර්ය ශ්‍රාවකයාගේ කෙලෙස් නැති මනසින් අවිද්‍යාව නැති කරලා දානවා. (උදාහරණයක් විදියට කියන්නේ කුණු නොවුන අළුත් බිත්තරයකින් කුකුළු පැටියා කටුව කඩන් එළියට එනවා‍ ව‍ගේ කියලා) ඔහු පිරිසිදු සමාධියෙන් සහ අසමසම උපේක්ෂාවෙන් පෙර ජාති දැකීමේ නුවණ ලබා ගන්නවා. පසුව දිවැස් ලබා ගන්නවා. අවසානයේ අර්හත් ඵලය ලබා ගන්නවා.

මේ තමයි ආර්ය ශ්‍රාවකයාගේ ගමන් මග. අපි කොයි තරම් මේ මාර්ගයේ ගිහින්ද, නැත්නම් යනවාද කියාලා අපි හිතලා බලන්න ඕනා. ධර්මය ඉගෙන ගන්න ඕනා. ඒක ලේසි වැඩක් නෙමේ. අද හුඟක් ගුරුවරු ඉන්නවා. බෝසත්වරු ඉන්නවා. මගඵල ලබපු අය ඉන්නවා. ආකාරවතී ශ්‍රද්ධාවට පත් උත්තමයො ඉන්නවා. මේ අය එක එක දේවල් උගන්වනවා තමන් හොයා ගත්ත කියලා. අනේ මන්දා ඒ ගැන.

අපි ලැබෙන පුළුවන් හැම අවස්ථාවක්ම යොදා ගන්න ඕනා ත්‍රිපිටකය හදාරන්න. සිහියෙන් විමසන්න. හරි දේ හොයා ගන්න. ඉගෙන ගන්න. නැතුව මහලොකුවට බෞද්ධ කියලා පට්ටම බැඳන් ඉඳියට වැඩක් වෙන්නේ නෑ.

සේඛ සූත්‍රය මෙතනින් බලන්න. http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/2Majjhima-Nikaya/Majjhima2/053-sekha-s.html
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]බුදුරජාණන්වහන්සේ විසින් මනුෂ්‍යයාට සැනසීමේ මාර්ගය දේශනා කරනු ලැබූ සේක. දුක මුල් කොටගත් සත්ත්වයාගේ විඳවීම අවසන් කිරීමේ මාර්ගය ලෙසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රථම දේශනයේදී පස්වග මහණුන්නට බුදුරජාණන්වහන්සේ දේශනා කරනු ලැබූ අතර එහි ප්‍රතිථල ලක්ෂ සංඛ්‍යාත දෙවි, මිනිසුන් අද දක්වාම බුක්ති විඳී. බුදු දහමේ සෑම ඉගැන්වීමක් ම සෘජුව හෝ වක්‍රව ආර්ය අෂ්ඨාංගික මාර්ගයට සම්බන්ධ වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුදු දහමේ දැක්වෙන ආචාර ධර්මයන් සියල්ලම පාහේ (මෙහිදී අපි ශීලය මතු කොට දක්වන්නෙමු) ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැඳී තිබේ. බුදු දහම තුළ ත්‍රිශික්ෂාව යන්නෙන් ශීලය මුල් කොටගත් යාන්ත්‍රණයක් හඳුන්වා දෙන අතර ඒ ආශ්‍රයෙන් ආර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීමට මිනිසුන් පෙළඹවනු ලැබේ. [/FONT]

[FONT=&quot]ගිහි පින්වතුන් විසින් මෙන්ම පැවිදි පක්ෂය විසින් ද පුහුණු කළ යුතු මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ තුළින් සම්පූර්ණ මාර්ගයම ගිහි පින්වතුන් විසින් සම්පූර්ණ කළ යුතු යැයි අදහස් නොකෙරේ. මාර්ගයේ යම්තාක් දුරක් ගිහි පින්වතුන්ට ගමන් කළ හැකි අතර පැවිද්දන් විසින් ගමන් කළ යුතු මාර්ගය ද මෙයම වේ. ශීලය මුල් කර ගිනිමින් නිවන සඳහා කටයුතු කරන පැවිදි පාර්ශ්වයට ගමන් කළ හැකි වෙනත් කිසිදු මාර්ගයක් මේ හැර නැත. ගිහියන් සහ පැවිද්දන් යන දෙකොටසම ගමන් කළ යුතු මාර්ගය මේ බව බුද්ධ දේශනාවල පැහැදිලිව දක්වනු ලැබ තිබේ. [/FONT]

[FONT=&quot]මේ පිළිබඳව මදක් විමසමු. මාර්ගමේ ගමන් කිරීම ආරම්භ කරන ගිහි පින්වතුනට යම් දුරක් සම්පූර්ණ කිරීමෙන් පසුව තමන්ගේ සිවිල් තත්ත්වය වෙනස් කිරීමට සිදු වේ. එය තවත් ලෙසකින් කියනවානම්, බුදුරජාණන්වහන්සේගේ කාලයේ දී හඳුනාගත හැකි ව්‍යතිරේක අවස්ථා කීපයක දී හැර ගිහි පින්වතෙකුට රහතන්වහන්සේ නමක් වීමට ඇති අවස්ථා ඉතා දුර්ලභය. එම අවස්ථාවලදී ද එය පහසුවෙන් සිදු වූ ක්‍රියාවක් නොවන බව එවැනි අවස්ථා පිළිබඳව විමසීමේ දී පැහැදිලි වේ. මෙලෙසින් කීමට හේතුව නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධයට පත් වීමේ පියවරයන් තුනක් පිළිබඳව දැක්වීමයි. බොහෝ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන්වහන්සේ විසින් ගිහියන්ට දේශනා කරන්නේ මාර්ගය පූර්ණ කර ගැනීමට අවැසිනම් ගිහි ජීවිතය අත්හැරීමට සිදු වන බවයි. [/FONT]

[FONT=&quot]බොහෝ සූත්‍ර දේශනාවල මාර්ග අංග දේශනා කර ඇත. සත්‍යය විමර්ශනයන කරමින් දේශනා කර ඇති මජ්ජිම නිකායේ සච්චවිභංග සූත්‍රයේ දී (http://www.thripitakaya.org/tipitakaya/Index/90?s=240) මාර්ග අංග එකිනෙක හඳුන්වමින් දේශනා කර ඇති අතර නමුත් ඒවා පැහැදිලි කරමින් දක්වන්නේ නැත. එකී හැඳින්වීම කෙරේ යොමුව විමසිමේදී මාර්ගයට පිවිසෙන්නා මාර්ගයේ මධ්‍යයේ දී සහ අවසානයේ දී තමන්ගේ තත්ත්වය වෙනස් කරන බව දක්නට ලැබේ. මෙය එක් ආකාරයකි.
[/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]අනෙක් කාරණාව වන්නේ ශීලය මුල්කරගනිමින් අෂ්ඨාංගික මාර්ගයේ අංග වර්ග තුනකට වෙන් කර දැක්වීමයි. පළමු වර්ගය මුල් අංග දෙකෙන් යුතු වේ. එනම් සම්මා දිට්ඨියෙන් හා සම්මා සංකප්පයෙනි. දෙවැනි අංග තුන තවත් වර්ගයක් ලෙසින් හඳුන්වයි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව ය. අනෙක් වර්ගය සම්පූර්ණ කරන්නේ සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධියයි. සාමාන්‍යෙයන් අපි සලකන්නේ අෂ්ඨාංගික මාර්ගය ත්‍රිශික්ෂාවට දක්වන්නේ මෙලෙසින් බවයි. නමුත් එය වැරදි මතයකි. එය එසේ නොවේ. [/FONT]

[FONT=&quot]මාර්ගය ඇරඹෙන්නේ සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයෙනි. බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති සිය ගණනක් සූත්‍ර දේශනාවන්හි ඒ පිළිවෙල ඇත්තේ එළෙසින්මය. කිසිවිට එය වෙනස් නොවේ. අපි ත්‍රිශික්ෂාවට අනුව අෂ්ඨාංගික මාර්ගයෙ අංගයන් වෙන් කරන්නේනම් සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය යටට යා යුතුය. නමුත් එසේ නොවේ. එසේම මාර්ගයට ඇත්තේ අංග අටකි. ඊට වඩා අංග නැත. එසේම එක අංගයක් හෝ අඩුවන්නේනම් එවිට මාර්ගය සකස් නොවේ. [/FONT]

[FONT=&quot]සම්මා දිට්ඨි [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]කුමක් ද මේ සම්මා දිටිඨි සහ සම්මා සංකප්ප? සම්මා දිට්ඨිය යනු නව දැක්මයි. පුද්ගලයා විසින් තමන්ගේ යහපත වෙනුවෙන් ලෝකය දැකීම දියුණු කර ගනී. සම්මා දිට්ඨියේ කාර්යය මෙයයි. ලෝකය පිළිබඳ දැකීම සම්බන්ධයෙන් ගත් විට ඔබට ඉන් එහාට යා නොහැක්කේ මෙම මට්ටමේ පාදම මෙය වන නිසාවෙනි. පුද්ගලයාට ඔහු විසින් පෙර දැන නොසිටි නව දැක්මක් ඇති වේ. එලෙසින් සම්මා දිට්ඨිය පුද්ගලයකුගේ චර්යාව ආචාරවත් සහ සංවරශීලී ලෙසින් සකස් කරනු ලබයි[/FONT]

[FONT=&quot]සම්මා සංකප්ප [/FONT]

[FONT=&quot]මහාචත්තාරිසක සූත්‍රයට අනුව මාර්ගයේ දෙවැනි කොටසේ දී පුද්ගලයාගේ නව දැක්ම මුල් කර ගනිමින් අභ්‍යන්තරයේ වෙනස් කම් සිදු වෙයි. එය සම්මා සංකප්පයයි. නව දැක්මක් සහ ඒ අනුව ආකල්ප වෙනස්වීමක් මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම අයකුට අවශ්‍යය. මෙය පුද්ගලයකුගේ පදනමයි. සම්මා සංකප්ප මුල් කරගනිමින්, ඔහු මානුෂිකව යහපත් වෙයි. ඔහුට අන්යන්ට වෛර කිරීමට අවැසි නැත. ඔහුට කාම මිථ්‍යාචාරයේ යෙදීමට අවැසි නැත. ඔහුට නුදුන් දේ ගැනීමට අවැසි නැත. ආර්යෂ්ඨාංගික මාර්ගයේ මෙම මුල් අංග දෙක මගින් පුද්ගලයාගේ පදනම ශක්තිමත් කරයි. [/FONT]