අර්හත් භාවයට පුහුණු වන්නා...
අර්හත් භාවයට පුහුණු වන්නා...
එක්තරා අවස්ථාවකදී කපිලවස්තුපුරයේ ශාක්‍යයෝ තමන් විසින් අළුතින් හදපු රැස්වීම් ශාලාවක් විවෘත කරන්න බුදුහාමුදුරුවන්ට ආරාධනා කලා. ඒ වෙද්දි කිසිම ශ්‍රමණයෙක්වත්, බමුණෙක්වත් ඒ ගොඩනැගිල්ල පරිභෝග කර තිබුනේ නෑ. ඒ නිසා ඒ අයට ඕනා වුනා බුදුහාමුදුරුවො ලවා ඒ ගොඩනැගිල්ල පරිභෝග කරවගන්න. එතනදි බුදුහාමුදුරුවො ශාක්යන්ට ධර්ම කථා කියාලා තමන්ට ඇති වූ පිට රුජාවක් හේතුවෙන් ආනන්ද හාමුදුරුවන්ට බාර දුන්නා ශාක්යන්ට ධර්මය දේශනා කරන්න. මහානාම ශාක්‍යයා තමයි ශාක්‍යයන් වෙනුවෙන් කථා කලේ.
ආනන්ද හාමුදුරුවො කථා කලේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන ආකාරය සම්බන්ධයෙන්. ඒ කියන්නේ සේඛ ප්‍රතිපදාව ගැන. මේ දේශනාව සාරාංශයක් විදියට අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්.
මේ ශාසනේ ආර්ය ශ්රාවකයා ශීලයෙන් යුතු වෙනවා. පාතිමොක්ඛයට අනුව වැලකී සිටිනවා. (ගිහියන්ට නම් මේ කියන්නේ වෙන මුකුත් නෙමේ පන්සිල් රකින්න කියන එකයි.) ඔහු ඉන්ද්රිය දොරවල් ආරක්ෂා කර ගන්නවා. ආහාරයේ ප්‍රමාණය දැන ගෙන කෑම ගන්නවා. ඒ කියන්නේ කෑම ගන්නේ බණ භාවනා කටුයුතු කරගන්න හැකි වෙන්න ඇඟ තියා ගන්න. (මෙතනදි ගිහියෙක් ගත්තම එදිනෙදා වැඩ කටයුතු හරියට කර ගන්න ශක්තිය තියෙන ප්‍රමාණය සිහියෙන් සලකලා කෑම ගත්තම හරි) ඒ වගේම ඔහු නින්දේ ප්‍රමාණය දන්නවා. ප්‍රමාණයට නිදා ගන්නවා. (සාමාන්‍යයෙන් අසනීපයක් නැත්නම් භාවනානුයෝගියෙක් පැය 4ක් විතර නිදා ගත්තම ඇති. ගිහියන්ට නම් 5ක් විතර වගේ) ඒ වගේම ආර්ය ශ්රාවකයා සත් ආකාරයක සද්ධර්මයෙන් යුක්ත වෙනවා. (ඒ කියන්නේ 1. ඔහුට බුදුහාමුදුරුවොයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වය ගැනයි නොකැඩෙන අවධානී ශ්‍රද්ධාවක් තියෙනවා, 2. වැරදි කරන්න ලැජ්ජා වෙනවා, 3. පව් කරන්න බය වෙනවා, 4. ධර්මයට ඇහුන් කන් දීලා ඒ ධර්මය දරා ගන්නවා (උගතෙක් වෙනවා), 5. අකුසල් නැති කරන්න වගේම කුසල් කරගන්න වීර්යය තියෙනවා, 6. හොඳ සිහියක් තියෙනවා, 7. විදර්ශනා නුවණ තියෙනවා)
ඒ ආර්ය ශ්රාවකයා මේ ජීවිතයේදිම සැප ඇති කරන ධ්‍යානයන් හතර කිසිම අපහසුවක් නැතිව ඇති කර ගන්නවා.
මේ තත්වයට පත් වුන ආර්ය ශ්රාවකයා තමයි සම්පූර්ණයෙන්ම තමන් ගැන පුහුණුව ඇති තැනැත්තෙක් කියලා කියන්නේ. මෙතනදි විපස්සනා ඥානය ඇති කරගන්නා ආර්ය ශ්‍රාවකයාගේ කෙලෙස් නැති මනසින් අවිද්‍යාව නැති කරලා දානවා. (උදාහරණයක් විදියට කියන්නේ කුණු නොවුන අළුත් බිත්තරයකින් කුකුළු පැටියා කටුව කඩන් එළියට එනවා වගේ කියලා) ඔහු පිරිසිදු සමාධියෙන් සහ අසමසම උපේක්ෂාවෙන් පෙර ජාති දැකීමේ නුවණ ලබා ගන්නවා. පසුව දිවැස් ලබා ගන්නවා. අවසානයේ අර්හත් ඵලය ලබා ගන්නවා.
මේ තමයි ආර්ය ශ්‍රාවකයාගේ ගමන් මග. අපි කොයි තරම් මේ මාර්ගයේ ගිහින්ද, නැත්නම් යනවාද කියාලා අපි හිතලා බලන්න ඕනා. ධර්මය ඉගෙන ගන්න ඕනා. ඒක ලේසි වැඩක් නෙමේ. අද හුඟක් ගුරුවරු ඉන්නවා. බෝසත්වරු ඉන්නවා. මගඵල ලබපු අය ඉන්නවා. ආකාරවතී ශ්රද්ධාවට පත් උත්තමයො ඉන්නවා. මේ අය එක එක දේවල් උගන්වනවා තමන් හොයා ගත්ත කියලා. අනේ මන්දා ඒ ගැන.
අපි ලැබෙන පුළුවන් හැම අවස්ථාවක්ම යොදා ගන්න ඕනා ත්‍රිපිටකය හදාරන්න. සිහියෙන් විමසන්න. හරි දේ හොයා ගන්න. ඉගෙන ගන්න. නැතුව මහලොකුවට බෞද්ධ කියලා පට්ටම බැඳන් ඉඳියට වැඩක් වෙන්නේ නෑ.
සේඛ සූත්‍රය මෙතනින් බලන්න. http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/2Majjhima-Nikaya/Majjhima2/053-sekha-s.html