අලුත් කාර් එකක්
අලුත් කාර් එකක්
“මං ඔය නඩුවට පෙනී හිටල තමුසෙව කොහොම හරි බේරලා දෙන්නං. හැබැයි පුතෝ තමුසෙ මගෙ ගාස්තුව අඩුවක් නැතුව බේරන්ඩ ඕනෙ. හොඳයි තමුසෙ ළඟ ඒකට සල්ලි තියෙනවද?” නීතිඥයා ඇසුවේ නඩුවක් රැගෙන තමා වෙත පැමිණි ප්‍රේමසිරි අමතමින්.
“සල්ලි නම් නෑ සර්. ඒත් මගෙ ළඟ අලුත් කාරෙකක් තියෙනවා...” ප්‍රේමසිරි පැවසීය.
“ම්... හොඳයි ඒක විකුණලවත් මගෙ ගාස්තුව අය කරගන්න බැරියැ. හොඳයි මොනව හොරකම් කළා කියලද තමුසෙට විරුද්ධව ඔය නඩුව දාලා තියෙන්නෙ” නීතිඥ මහතා ඇසුවේ ය.
“අලුත් කාර් එකක්” ප්‍රේමසිරි පිළිතුරු දුන්නේ හිස කසමිනි.

--------------------------------------------------------------------
මොන දීමක් ද?

පශු වෛද්‍යවරයා එළදෙන හොඳින් පිරික්සා බලා වතුර බේසමෙන් අත සෝදා ගන්නා ගමන් ජේම්ස් ගෙන් මෙසේ ඇසී ය.
“ඈ ජේමිස් උන්නැහේ. මේ එළදෙන කොච්චර විතර කිරි දෙනවද?”
ජේමිස් කරේ තිබූ අමුඩ ලේන්සුව අතට ගනිමින් මෙසේ කීය.
“අනේ දොස්තර මහත්තයො මේ එළදෙන එක බිංදුවක් වත් දෙන්නෙ නැහැ. මට දොවා ගන්ඩයි වෙලා තියෙන්නෙ...”

--------------------------------------------------------------------
දරුණු කවුද?
සේපාල තමා වැඩ කරන ගරාජයට උදේ පැමිණියේ මුහුණේ ද ඇඟ පුරා තවත් කීප තැනක ද ඇලවූ පැලැස්තර ඇතිව ය. මෙය දුටු ඔහුගේ මිතුරෝ ඔහු වටා රොක්ව මෙසේ ඇසූහ.“ඈ ජේමිස් උන්නැහේ. මේ එළදෙන කොච්චර විතර කිරි දෙනවද?”
ජේමිස් කරේ තිබූ අමුඩ ලේන්සුව අතට ගනිමින් මෙසේ කීය.
“අනේ දොස්තර මහත්තයො මේ එළදෙන එක බිංදුවක් වත් දෙන්නෙ නැහැ. මට දොවා ගන්ඩයි වෙලා තියෙන්නෙ...”

--------------------------------------------------------------------
දරුණු කවුද?
“මොකෝ සේපාල මොනවද ඔය වුණේ? වාහනේකවත් හැපුණ ද?”
“නෑ මං මේ කුකුළෙක් අල්ලන්න ගිහින් මේක වුණේ... සේපාල කීවේ වේදනාවෙනි.
“ඈ බං ඔය විදියට තුවාල කරන්න තරම් දරුණු සතෙක් ද කුකුළා?
“කුකුළා නං දරුණු සතෙක් නෙමෙයි. ඒත් කුකුළගෙ අයිතිකාරයා අන්තිම දරුණු මිනිහෙක්...” සේපාල පැවසුවේ මුහුණ

--------------------------------------------------------------------
වෙලාව මදි

කඩිමුඩියේ හෝටලයට ඇතුළුව වේටරයකුට කතා කළ ගුණපාල මෙසේ කීය.
“මට ගේනවා ඉක්මනට බත් එක්ක රෝස් කරපු කුකුළෙක්. බස් එකට තියෙන්නේ හරියටම තව විනාඩි 15 යි.”
වේටර් ගුණපාල දෙස බලා මෙසේ කීය.
“කුකුළෙක් රෝස් කරන්ඩම විනාඩි 15 ක් යනවා. ඒ හින්දා බාගෙට රෝස් කරපු කුකුළෙක් එක්ක බත් ගේන්ඩද?”

--------------------------------------------------------------------
පිස්සෝ ඉන්න තැන

උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී පුවත්පත් වාර්තාකරුවෙක් සහ කැමරා ශිල්පියෙක් ඔවුන් වෙත පැමිණියහ.
“අපි ආවේ පත්තරෙන්... අපිට අවශ්‍ය වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්...” ඔවුන් දෙදෙනා තම අවශ්‍යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් එක් මානසික රෝගියකු මෙසේ කීය.
“ආ... ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. ඒ ගොල්ලො ඔක්කොම ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න.” කියමින් වෛද්‍යවරුන් සඳහා වූ පොදු කාමරය පෙන්වීය.

--------------------------------------------------------------------
“අපි ආවේ පත්තරෙන්... අපිට අවශ්‍ය වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්...” ඔවුන් දෙදෙනා තම අවශ්‍යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් එක් මානසික රෝගියකු මෙසේ කීය.
“ආ... ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. ඒ ගොල්ලො ඔක්කොම ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න.” කියමින් වෛද්‍යවරුන් සඳහා වූ පොදු කාමරය පෙන්වීය.

--------------------------------------------------------------------
උපුටා ගැනීම : සිළුමිණ
Last edited:
-4