අලුත්_පරණ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අලුත් අවුරුද්දක් ඇවිල්ලා


new-year-background-with-fireworks_23-2147703007.jpg


දැන් ඉතින් අලුත් අවුරුද්දක් ඇවිල්ලා. හැමෝම සුභ පතනවා. ඇස් ඇම් ඇස් වැල වගේ එනවා සුභ පැතුම් එක්ක. එහෙන් pizza hut macdonalds KFC , Keels , Cargils වගේ වෙළඳ සුභපැතුම්. තව පැත්තකින් ෆේස් බුකියෙන් , ස්කයිප් වලින් යාලුවෝ සුභ පතවනවා.

මේ මොන සුභ පැතුම ආවත් පහුගිය අවුරුද්දේ තිබ්බ ප්‍රශ්න කන්දරාවම නව වසරටත් අරං අවා . ඒවා දාලා එන්න බැරි තරම්.

ඔන්න ඉතින් අද ඉඳලා ක්‍රෙඩිට් කාර්ඩ් බිල් ගෙවන්න කියලා බැංකුවෙන් කතා කරනවා. අනෙක් බැංකුවෙන් වාහන ලෝන් එක ගෙවන්න කියයි. ඊට පස්සේ දුරකථන බිල්. ගෙදර රෙන්ට් එක ගෙවන්නත් තියනවනේ.

අලුත් අවුරුද්දක් ලැබුවට පරණ දේවල් ඔක්කොම අපිත් එක්ක ඇවිල්ල පස්සෙන්. අවුරුද්ද විතරයි අලුත්. වෙනසක් නැහැ.
 

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අවුරුද්ද වෙනස් වුනාට අපි වෙනස් වුනේ නැහැනේ.
    අපි අපිමයි.
    අපි හරිවිදිහට වෙනස් වුනොත් ................................